ඔව්, අප සැමට පුළුවනි
නව ව්‍යවසායකයෝ නව අවස්ථා නිර්මාණය කරමින්, ඉන්දියාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරති. එවැනි පුද්ගලයන් තිදෙනෙකු වන පවන් ගෝන්කා, නිතින් පරන්ජ්ජේ සහ අමිතාබ් කාන්ත් සාර්ථකත්වයේ කතා පුවත් අපි ඉස්මතු කොට දක්වන්නෙමු
ඉන්දියාව යනු නිර්භීත චින්තකයින්ගේ භූමියකි. රටේ කුඩාතම ගමේ පවා දැකිය හැකි බලාපොරොත්තුවේ සහ අභිලාෂයෙන් මා පුදුමයට පත් වී ඇත. කටුකත්ව නොතකමින් බලාපොරොත්තුව සහ ධනාත්මක බව ඇත. ඉන් බොහොමයක් රජයේ ප්‍රතිපත්ති සහ වැඩසටහන්වලින් විවෘත කරන ලද නව දීර්ඝ දර්ශනයන්ගෙන් ශක්තිමත් කෙරේ. කෙසේවෙතත්, ධෛර්යමත් කිරීමෙහිලා වඩාත් වැදගත්ම ප්රභවය වන්නේ ඉන්දියානුවන්ගේ හදවත සහ මනස අවබෝධ කර ගන්නා නිරූපකයන් වන ව්‍යාපාර නායකයින්ය. ඔවුන් වැඩ කරන ස්ථානය තුළ පරිවර්තනයක් නිර්මාණය කරන, නම්‍යශීලී සහ විචක්ෂණ පිරිමින් සහ කාන්තාවන් වන මෙම නායකයින් මා හඳුන්වන්නේ නව ව්‍යවසාකයන් යන නමිනි. ව්‍යවසායකයෙකුට දැක්මක් ඇත; නව ව්‍යවසායකයෙකු යනු ව්‍යවසායකයාගේ දැක්ම යතාර්ථයක් බවට පරිවර්තනය කරන පුද්ගලයාය.
මෝටර් මිනිසා

මෙම වර්ෂයේ ප්‍රකට (දෛනික ව්‍යාපාර පුවත්) වාර්තා කොට ඇත්තේ “ මීළඟ තෙවසරක කාල චක්‍රය සඳහා මහින්ද්‍රා විසින් ඉන්දියානු රුපියල් කෝටි 3000 ක ආයෝජන මඟපෙන්වීමක් ඉහළ දමයි.” යනුවෙනි. බොහෝදෙනෙකු මෙය ඉතා දෛනික පුවතක් ලෙස නොසලකා හැරිය ද, කිසියම් හේතුවකට එය මගේ අවධානය ලබා ගත්තේය. 2019 මැයි මාසයේ දී, මහ මැතිවරණය අවසන් වීමත් සමඟ, රථවාහන විකුණුම් කඩා වැටීම පිළිබඳ වාර්තාවලින් රෝස පුවත්පත් පිරී තිබුණි. එමෙන්ම, ඉන්දියානු ආර්ථිකයේ “දුක්මුසුදායී තත්ත්වය” ද එහි විය. එසේනම්, මහින්ද්‍රා ඔටෝ විසින් එහි ධාරිතාව පුළුල් කිරීමට සූදානම් වන්නේ ඇයි ? මෙය අවබෝධ කර ගැනීම සඳහා දශක පහක් වියැති පවුලක් විසින් හිමිකාරීත්වය දරන, මහින්ද්‍රා සහ මහින්ද්රාහි විනීතවත් පර්යේෂණ සහ සංවර්ධන අංශයට එක් වීමට, 1993 දී ඩෙට්රොයිට්හි ජෙනරල් මෝටර්ස් හැර දමා පැමිණි, අයි අයි ටී කාන්පූර් සහ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ආචාර්ය පවන් ගෝන්කගේ කාලයට ආපසු අප යා යුතුය. ආනනද් මහින්ද්‍රා මෙය ලබා ගත් විගස, තරුණ හාවඩ් උපාධිධරයෙකු වන ඔහුට මින් පෙර ඉන්දියානු සමාගම් කිහිපයක් ගමන් කොට ඇති ස්ථානයට නිර්භීතව ළඟා වීමේ දැක්මක් තිබුණි.
ඉටු සිදු කළ නොහැකි දේ අත්පත් කර ගැනීම සඳහා ආචාර්ය පවන් ගෝන්ක විසින් කණ්ඩායම එකට එක් කළ අතර, සිව් වසරක කාල රාමුවක් සහ ඉන්දියානු රුපියල් කෝටි 550ක අයවැයක් (ව්‍යාපෘතියේ විශාලත්වය සඳහා ප්‍රමාණවත් මුදලකි) තුළ ස්කෝපියෝ (වෘශ්චික) නමින් හැඳින්වූ “ ඉන්දියාවේ නිපදවන ලද්දකි” වන SUV රථයක් නිපදවන ලදී. එම කාර් රථය එහි ඇති ශක්තිමත් රීති ප්‍රකාශය, ශක්තිමත් එන්ජිම (ඉන්දියාවේ 100hp හරහා යාමට සමත් වූ ප්‍රථමයා) සහ විශිෂ්ට මිලකරණය හේතුවෙන් ඉහළ ඉල්ලුමකට පාත්‍ර විය. “ස්කෝපියා සඳහා හේතු වූ තවත් එක් සාධකයක් තිබෙන බව මට හැඟෙනවා. ” ගෝන්කා පවසයි. එනම්, මෙය ඉන්දියානු සමාගමක් විසින් සිදු කොට ඇති දෙයක් යන ප්‍රෞඪත්වය ඉන්දියානුවන් අතර තිබීමයි…” යැයි ගෝන්ක පැවසුවේය. SUV විසින් Xylo ලෙස හැඳින් වූ, මහින්ද්‍රා සමාගම විසින් Xylo (ක්සයිලෝ) නම් SUV රථයක් දියත් කළ ද, එහි විකුණුම් ඉලක්කයන් කරා ළඟා වීමට අපොහොසත් විය. එම වසරේ සිව්වැනි කාර්තුවේ දී සමාගම අලාභයක් වාර්තා කළේය. කෙසේවෙතත්, පූනේහි අති නවීන නව බලාගාරයක් සඳහා ඉන්දියානු රුපියල් ක්රෝරේ 5000ක් ආයෝජනය කිරීමේ නිර්භීත යෝජනාව ආචාර්ය ගෝන්ක විසින් මණ්ඩලයට ගෙන එන ලද්දේ මේ කාලයේදී ය. තවත් වසර 10, 20, 30ක් වැනි කාලයක දී පැමිණෙන ඉල්ලුම සපුරාලීමට මින් බලාපොරොත්තු විණි. වර්තමාන මොහොතේ දී ඇතැම් විට පසු බැස්මකට ලක් වී ඇති ව්‍යාපාර ස්වභාවය ද නොතකමින්, මහින්ද්‍රා සමාගම විසින් නොකඩවා ආයෝජනය කරනුයේ ඇයි දැයි යන්නට, එකල්හි සාර්ථකව ගත් අවදානම මැනවින් තතු පහදයි. “ප්‍රධාන විධායක නිලධාරියාගේ රැකියාව වන්නේ තරු නිර්මාණය කිරීම හෝ තරුවක් බවට පත් වීම නොව නමුත්, සාමාන්‍ය කණ්ඩායමක් ගෙන ගොස් අසමාන්‍ය ප්‍රතිඵල අත්පත් කර ගැනීමය. ඒ සියලු දේ දන්නවාක් මෙන් ප්‍රධාන විධායක නිලධාරියා ක්‍රියා කළහොත්, එය සඵල වනු ඇත.” යැයි ගෝන්ක විස්තර කළේය.
චින්තන ගබඩාව
නව ව්‍යවසායකයන් රාජ්‍ය අංශයේ ද සොයා ගත හැකිය. සේවකයන් විසින් ගතිකත්වය, දූරදර්ශීභාවය සහ ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළ යුතු රාජ්‍යයක, නව ඉන්දියාවේ පරිපාලන නිලධාරීන් විපර්යාසයකට ලක් වෙමින් සිටී. නිශ්චිත වශයෙන්ම එම හේතු පදනම් කොට ගෙන, වෘත්තිය දැඩි ලෙස ඝට්ටනකාරී වූ නිලධාරියෙකුට කදිම නිදසුනක් වන්නේ අමිතාබ් කාන්ත් ය. අසූව දශකයේ අග භාගයේ දී, කැලිකට් හි දිස්ත්‍රික් රැස්කරන්නා වූ කාන්ත් විසින් කැලිකට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අරමුදල් සැපයීමට සමාජය පෙරටු කර ගත් ප්රයත්නයක් අරඹන ලදී. පරිශීලක සංවර්ධන ගාස්තුවක් (UDF) අය කළ ප්‍රථම ගුවන් තොටුපළ බවට කැලිකට් ගුවන් තොටුපළ පත් වූ අතර, ආදර්ශකයක් රට පුරා ප්රතිවලනය කෙරිණි. කේරල සංචාරක ක්ෂේත්රයේ ලේකම් ලෙස, ඔහුගේ ධූර කාලය තුළ දී, රාජ්‍ය – පොදු හවුල්කාරීත්වයක් ඔස්සේ සුවිශේෂී ලෙස සංචාරක පැමිණීම් වර්ධනය කිරීමට කාන්ත් හට හැකි වුණි. පෙර නොවූ විරූ ලෙස, රටේ සංචාරක ව්‍යාපාර හැකියාව පිළිබිඹු කළ අද්විතීය ඉන්දියානු ව්‍යාපාරය සමඟ, ඔහු විසින් එම නව්‍යකරණ චින්තනය ජාතික මට්ටමට ගෙන එන ලදී. කාන්ත් විසින් 2001 වර්ෂයේ දී, ඇමරිකාවේ සැප්තැම්බර් 11 වන දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වීමට මද කලකට පෙර, සංචාරක ක්ෂේත්රයේ එකාබද්ධ ලේකම්වරයෙකු ලෙස පත් වන ලදී. මුළු මහත් ලෝකයේම සංචාරක ක්ෂේත්රය බලපෑමට ලක් විය. 2001 වර්ෂයේ දෙසැම්බර් මස, ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන්, සංචාරකයන් තවදුරටත් බියට පත් වුණි. එනමුත්, අද්විතීය ඉන්දියානු ව්‍යාපාරය දියත් කෙරුණේ මෙම කාලයේදීම ය. ප්‍රථම වර්ෂය අවසානයේ දී, රටේ අඩියටම කඩා වැටී තිබූ සංචාරක ව්‍යාපාරය සියයට 16ක නැඟීමක් පෙන්නුම් කිරීමත් සමඟ, බලපෑම දෘශ්‍යමාන විය. වර්තමානයේ දී, කාන්ත් ඉන්දියාවේ ගමන් මඟ සහ මඟ පෙන්වීම සටහන් කරන රජයේ චින්තන ගබඩාව වන, එන් අයි ටී අයි ආයෝග් වෙත හිස ඔසවයි. “ඔබ බොහෝ විරුද්ධතාවලට මුහුණ දෙනු ඇති බැවින්….වෙනස් වීමට පක්ෂපාතීව විරුද්ධ තෙරපුමක් ගොඩ නැඟීමට ඔබ හට හැකි විය යුතුය. ඔබට සාර්ථක විය හැකි එකම මඟ එයයි”, යනුවෙන් කාන්ත් ඔහුගේ මන්ත්‍රය අර්ථකථනය කරයි.
හදවතින්ම
2008 වර්ෂයේ දී හින්දුස්ථාන් යුනිලිවර් සමාගමේ (HUL) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් වූ නිතින් පරන්ජ්ජේ විසින් ද එම උපක්රමයම යොදන ලදී. ගෝලීය ආර්ථික අර්බුදයකට මුහුණ පෑමත් සමඟ ඔහුට ඔහුගේ දෑත් ඔසවා, “මෙම සිදුවීම් මගේ පාලනය කළ නොහැකි සීමාවේ ඇත.” යැයි පැවසීමට හැකියාව තිබුණි. ඒ වෙනුවට, ඔහු එම පසුබැස්ම, අනාගත වර්ධනය සඳහා පදනම් තැබීමට අවස්ථාවක් ලෙස භාවිත කළේය. එම කාලයේ දී, හින්දුස්ථාන් යුනිලිවර් සමාගමට රට පුරා මිලියන එකක පමණ විකුණුම් අලෙවි මධ්‍යස්ථාන සතු වූ අතර, වසරකට විකුණුම් අලෙවි මධ්‍යස්ථාන 10 – 15 දහසක් පමණ එක් කෙරිණි. 2009 දී, මීළඟ වසර තුළ දී සිල්ලර අලෙවි සැල් 500000ක් එක් කිරීමේ ඉලක්කයක් පරන්ජ්පේ විසින් තබන ලදී. ප්‍රථමයෙන්, මිනිසුන් විමතියට පත් ව සිටි නමුදු, පසුව හැල හැප්පීම් සමඟ උද්යෝගයක් ඇති විණි. ඉන්පසු, රාමුවෙන් පිටත සිතීම සහ නව්‍යකරණය යනාදිය අනුගමනය කරන්නට වුණි.
“අප බොහෝදෙනෙකු අවම ඉලක්ක සඳහා ගනුදෙනු කරනුයේ එක් හේතුවක් හෙයිනි: එනම්. පරාජය වේ යන බියයි,” යැයි පරන්ජ්පෙ පවසයි. කෙසේ හෝ එම බිය තුරන් කළ හැකි නම්, මානව හැකියාව මුදවා හැරිය හැකිය. මීළඟ දෙවසරේ දී හින්දුස්ථාන් යුනිලිවර් සමාගම නව සිල්ලර අලෙවි සැල් මිලියනයක් එක් කළ අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමත් සමඟ විකුණුම් ශීඝ්‍රයෙන් ඉහළ නැංවිණි. “මා ඔවුන්ගෙන් (කණ්ඩායම) ඉල්ලා සිටියේ තාර්කිකත්වය පසෙකින් තබා, හදවතින්ම ඉලක්කය වැළඳ ගන්නා ලෙසටය. එනම්, මනස එහි තාර්කිකත්වය සහ හේතුව ඔබ පසෙකින් ඇඳ බැඳ තැබීමට යොදා ගන්නා බැවිනි.” යැයි ඔහු පැවසුවේය.
මෙහි මූලිකාර්ථය වන්නේ සෑම අයෙකුටම ව්‍යවසායකයෙකු විය නොහැකි වනමුත්, අප සෑම දෙනාටම ව්‍යවසායකයෙකු මෙන් සිතීමට සහ ක්‍රියා කිරීමට හැකි බවයි. එමෙන්ම,රැකියාවක විෂය පථය තුළ, විපර්යාස කිරීමේ නියෝජිතයෙකු වන්න. කාලීන අවශ්‍යතාව වන්නේ එයයි. එය දේශයට සහ ලෝකය වෙත අප සතු යුතුකමයි.