හවුල්කාඟත්වය

යළිත් සාදරයෙන් පිළිගනිමු!

නිකුතුව 03, 2020

යළිත් සාදරයෙන් පිළිගනිමු!

අනිල් වාද්වා |කර්තෘ

නිකුතුව 03, 2020


කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමට දේශය විසින් පොර බදින අවස්ථාවක දී පවා, දැනට පවතින වසංගතය අතරතුර දී, ලෝකය විසින් මෙතෙක් අත්දැක තිබෙන විශාලතම පෙරළා සියරට යැවීමේ ව්යාතයාමවලින් එකක් වන වන්දේ භාරත් මෙහෙයුම සැලසුම් කිරීම සමඟ ඉන්දීය රජය කාර්යබහුල වී සිටියේය. මැයි 7වන දින, ව්යාමයාමයේ පළමු අදියර අබුඩාබි සිට දියත් කෙරිණි. හිටපු තානාපති අනිල් වාද්වා මෙතෙක් දුරට මෙම මෙහෙයුමේ ප්රදගතිය පිළිබඳ ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදු මාර්ගවලින් ඉතා ප්ර්වේශමෙන් සිතා බලමින් මතයක් පිහිටුවයි

කොවිඩ් – 19 වසංගතයේ පැතිරීම සහ පැතිර පැවැත්ම මැඩපැවැත්වීම සඳහා, මාර්තු 24වන දින සිට පටන් ගනිමින් සම්පූර්ණ වශයෙන් රට වසා දැමීමක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජයට බල කෙරිණි. රජයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය, කර්මාන්තය, වාණිජ ආයතන සහ දුම්රිය හා බස්රථ වැනි මහජන උපයෝගීතා මෙන්ම, ගුවන් සේවා මෙහෙයුම් ආදී සියල්ල තදබල ලෙස ඇණහිටිණි. බිලියන 1.3ක් සිටින රටක්, මෙමඟින් කලින් ලකුණු කිසිවක් නොමැතිවම අර්බුදයක් ඉදිරිපත් කෙරිණි. රැකියාව හෝ නිවාඩුවක් සඳහා එතෙර සංචාරයේ යෙදී සිටින ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවට අමතරව, විදේශයන්හි ජීවත් වන, රැකියා කරන සහ ඉගෙනුම ලබන මිලියන 30 ක ශක්තිමත් ඩයස්පෝරාවක් ද ඉන්දියාව සතු වේ. ගුවන් සේවය දැඩි නැවතුමකට ලක් වීමත් සමඟ, ඉන්දියාව ඇතුළු රටවල් ඒවායෙහි දේශ සීමා වසා දැමුවේය. ඒත් සමඟම, බොහෝ ඉන්දීය ජාතිකයන් සහ ඩයස්පෝරා සාමාජිකයෝ විදෙස් භූමිවල අතරමං වූහ. ඉන්දීය ජාතිකයන් යළිත් මාතෘදේශය කරා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම පිළියෙල කිරීමට සිවිල් ගුවන් සේවා සහ ස්වදේශීය කටයුතු වැනි වෙනත් රාජ්‍ය අමාත්‍යාංශ සමඟ එම වගකිව යුතු කාර්යභාරය දැරීමට, මෙමඟින් විදේශ කටයුතු අමාත්‍යාංශයට අභියෝගයක් එල්ල කෙරිණි.

මෙම දැවැන්ත කර්තව්‍යය සඳහා 100කට අධික කාර්ය මණ්ඩලයක් සහ නිලධාරීන් විසින් පිරිස් බල ඇති කොවිඩ් – 19 කෝෂයක් පිහිටුවමින්, යුහුසුලුව ප්‍රතිචාර දැක් වූ විදේශ කටයුතු අමාත්‍යාංශය කෙරෙහි මෙම වගකීමෙන් බහුතරයක් පැවරිණි. නිරෝධායනය සහ වෙනත් පෙරළා සිය රට බලා යැවීමේ ප්‍රයත්නයන් සඳහා විදේශයන්හි සිටින ඩයස්පෝරාව ද සැලකිල්ලට ගනිමින්, පත් කොට ඇති රාජ්‍යයන් සමඟ සම්බන්ධීකරණය කිරීමට අතිරේක ලේකම්වරුන්ගේ මට්ටමින් නිලධාරීන් පත් කෙරිණි. පෙරළා සිය රට යැවීමේ ප්‍රයත්න වේගවත් කිරීම සඳහා පිළියෙල කිරීම් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශන්කර් විසින් පරීක්ෂා කරන ලද අතර, ස්වකීය රට බලා පැමිණීමේ ප්‍රවණතා පිළිබඳ ප්‍රධාන රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ අගමැති නරේන්ද්‍ර සම්බන්ධ වී ක්‍රියා කිරීමට කටයුතු කළේය. මෙහෙයුමෙහි මනා සම්බන්ධීකරණයක් තහවුරු කිරීම සඳහා ප්‍රයත්නවල කොටසක් ලෙස, ප්‍රාන්ත ගණනාවක ප්‍රධාන ලේකම්වරුන් සමඟ විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වූයේය.

විදෙස් ඉන්දීය මෙහෙයුම් ප්රයධානීන් සමඟ මාර්ගගත හමුවීමක් ඔස්සේ වන්දේ භාරත් මෙහෙයුම සඳහා සූදානම් වීම් පරීක්ෂාවට ලක් කරමින් සිටින, ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය ඒස් ජයිශන්කර්.

ජූනි 25 වන දින වන විට, ආසන්න වශයෙන් ලෝකය පුරා රටවල් 100කට ආසන්න ගණනක ඉන්දීය ජාතිකයන් 513,047කට අධික පිරිසක් ඒ වන විටත් ඔවුන්ගේ මව්බිම වන ඉන්දියාව වෙත ඒම සඳහා ලියාපදිංචි වී සිටියහ. ඔවුන් අතරින් බොහොමයක් ශිෂ්‍යයන්, වෘත්තිකයන් සහ සංචාරකයන් වැනි කෙටි කාලීන වීසාපත් දරන්නන් වේ. විශේෂයෙන්ම, වීසා සඳහා පොදු සමාවෙන් ප්‍රතිලාභ ලැබූ ජී සී සී (ගල්ෆ් සහයෝගීතා සභාව) රටවල සිටින ඉන්දීය ජාතිකයෝ ද ලියාපදිංචි වී සිටියහ. රැකියා අහිමිවීම්, කෙටි කාලීන වීසා කල්ඉකුත්වීම්, වෛද්‍ය ආපදාවන්, හෝ පවුල් සාමාජිකයෙකුගේ මරණය හේතුවෙන් යළි මව්බිම කරා පැමිණෙන පුද්ගලයන්, ශිෂ්‍යයන්, ගර්භණී කාන්තාවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි ආපසු පැමිණීමට පොළඹවන හේතු කාරණා සහිත පුද්ගලයන් හට රජය විසින් ප්‍රමුඛත්වය ලබා දී ඇත.

සංඛ්යාූ ලේඛන අගයයන්

  • අදියර තුනෙහි දී, වන්දේ භාරත් මෙහෙයුම යටතේ කාර්යගත කරන ලද ගුවන් වාර 875ක් සමඟ, ආසන්න වශයෙන් 364209ක් ඉන්දියානුවන් සිය මව්රට කරා යළි පැමිණ ඇත.
  • මැයි 7වන දා සිට අරඹමින්, ලොව පුරා රටවල් 12ක වැනි බොහොමයක සිට ගුවන් වාර 64ක් සමඟ, මැයි 16වන තුරු වන්දේ භාරත් මෙහෙයුමේ ප්රලථම අදියර ක්රිපයාත්මක කෙරිණි.
  • දෙවන අදියර මැයි 16වන දින සිට ආරම්භ කෙරුණු අතර, රටවල් 47ක් දක්වා ආවරණය කිරීමට ජූනි 13වන දින දක්වා කාලය දීර්ඝ කෙරිණි.
  • විවිධ රටවල්වලින් ඉන්දීය ජාතිකයන් ආපසු සිය මව්රට කරා ගෙන ඒමේ, මෙහෙයුමේ තෙවන අදියර වර්තමානයේ දී සිදු කෙරෙමින් පවතී.
  • වන්දේ භාරත් මෙහෙයුමේ සිව්වන අදියර ජූලි 3වන දින සිට ආරම්භ කිරීමට නියමිත අතර, අතරමං වූ ඉන්දියානුවන් විශාල සංඛ්යාවවක් සිටින රටවල් එහි දී ඉලක්ක කෙරෙනු ඇත.
  • නාවිකයන් සහ නාවික කාර්ය මණ්ඩලය එම නැව්වලින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විශේෂිත ගුවන් වාර මෙහෙයුම් ක්රිායාත්මක කිරීම ක්රආමයෙන් ඉහළ නංවා ඇත. ජුනි 25වන දිනය වන විට, ආසන්න වශයෙන් 130061ක් පුද්ගලයින් විශේෂිත ගුවන් වාර භාවිත කරමින් ආපසු පැමිණ ඇත.
  • මාලදිවයින, ශ්රී් ලංකාව සහ ඉරානය යන රටවලින් ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දීය ජාතිකයන් ආපසු ගෙන එනු ලබන සමුද්ර් සේතු මෙහෙයුම, සිය මව් රට කරා ඉන්දියානුවන් රැගෙන යාමේ ව්යාකයාමයේ තවත් එක් පැතිකඩක් විය.

සමුද්‍ර සේතු මෙහෙයුම ඔස්සේ ඉන්දීය ගුවන් සේවය සහ ඉන්දීය නාවික හමුදාව සමඟ එක්ව, එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, අලයාන්ස් එයාර් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් මෙහෙයුමේ ප්‍රථම අදියර ආරම්භ කෙරිණි. ස්ථාපිත කොට තිබූ දැඩී සීමා කිරීම්, ගුවන් තොටුපළවල සපයා තිබූ සීමිත පහසුකම් මෙන්ම, සමාජ දුරස්ථභාවීය නීති රීතීවලට අනුකූලව, ප්‍රධාන වශයෙන් ගල්ෆ් සහයෝගීතා සමුළුවේ රටවල්, නිරිත දිග ආසියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින්, විනීත ලෙස ගුවන් වාර 64කින් සහ නාවික නැව්වලින් ඉන්දියානුවන් 16000කට අධික පිරිසක් යළි මව් රටට ගෙන එන ලදී.

අයි එන් එස් ජලශ්වා විසින් අතරමං වූ ඉන්දියානුවන් 700දෙනෙකු කොළඹ සිට යළි ඔවුන්ගේ මව් රට කරා ගෙන යාමට සූදානමින්

වන්දේ භාරත් මෙහෙයුමේ දෙවන අදියර මැයි 16වන දින ආරම්භ කෙරිණි. මෙම අදියර අතරතුර දී, පෙර ගමනාන්තවලට අමතරව, සී අයි එස් (පොදුරාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන රාජ්‍යයන්) රටවල්, යුරෝපය, රුසියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව යන රටවල්වලින් ද ගුවන්වාර ක්‍රියාත්මක කෙරිණි.

වන්දේ භාරත් මෙහෙයුමේ තෙවන අදියර ද ජූනි 12 වන දින සිට ආරම්භ කෙරුණු අතර, වර්තමානයේ දී සිදු වෙමින් පවතියි. මෙම අදියර යටතේ, පෞද්ගලික ගුවන් සේවා සහ ගුවන් වාරවල සුවිශේෂී ලෙස සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ යාමක් සිදු වී ඇත. සිදු කරනු ලබන යළි සිය රටා කරා පැමිණීම් ගණන ද ඉහළ ගොස් ඇති අතර, නිරෝධායන ධාරිතාවේ වඩා කාර්යක්ෂම ඵලප්‍රයෝජනයක් ඉන්දියාව විසින් සිදු කරනු ලබමින් සිටී.

විදේශයන්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාලවලට වන්දේ භාරත් මෙහෙයුමෙහි සිදු කිරීමට ඉතා කේන්ද්‍රීය භූමිකාවක් වෙන් කර තිබුණි. ඔවුන් විසින් කැප වූ, සහය ලබා දීමේ මාර්ග කිහිපයක් සකස් කර තිබූ අතර, ආවරණය කරනු ලබන රටවල අතරමං වූ ඉන්දීය ජාතිකයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා සමාජ මාධ්‍ය කරළියෙහි සක්‍රීයව ක්‍රියා කිරීමට යොමු කොට ඇත. ලොව පුරා පිහිටි ඉන්දීය තානාපති කාර්යාල විසින් අතරමං වූ ඉන්දීය ජාතිකයන් හට නවාතැන් පහසුකම් සහ ආහාර සඳහා සුවිශේෂී ලෙස දායක වී ඇත. ඉන්දීය ජාතිකයන් අතරමං වී සිටින රටවල දී ඔවුන්ගේ නීතිවිරෝධී රැඳී සිටීම වැළැක්වීම සඳහා සහ ඔවුන්ගේ කෙටි ප්‍රවර්තන කාල වීසා දීර්ඝ කිරීම සඳහා සහය ලබා දීමට ද ඉන්දීය මෙහෙයුම් විසින් අනෙකුත් රාජ්‍යයන් සමඟ සම්බන්ධීකරණය තහවුරු කර ඇත. ආපසු පැමිණෙන මඟින්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් සැලසුම් කොට ඇති සම්මත මෙහෙයුම් ක්‍රියාවලිවලට අනුකූලවන බව සහ ඒවා ඔවුනට සන්නිවේදනය කෙරෙන බව තහවුරු කිරීමට ඔවුන් වගකීමෙන් කටයුතු කර ඇත.

ඉන්දියාව විසින් මෑතක කාලයේ දී මහා පරිමාණයෙන් ඉවත් කිරීම් කිහිපයක් සිදු කර ඇත. ඉරාකය සහ ලිබියාවේ සිට සිය දේශය බලා පැමිණීම් මෙන්ම, යේමනයේ සිට රාහත් මෙහෙයුම, කුවේට් සිට ගුවනින් ප්‍රවාහනය මීට ඇතුළත් වේ. කෙසේවෙතත්, වන්දේ භාරත් මෙහෙයුම සහ සමුද්‍ර සේතු මෙහෙයුම සම්පූර්ණ වූ විගස, සමකාලීන ඉතිහාසයේ විශාලතම, වඩාත් පුළුල් සහ ඉතා සාර්ථක මෙහෙයුම බවට ඉන්දියාවේ කොවිඩ් – 19 ඉවත්කිරීම තේරෙනු වනු ඇත.

අනිල් වාද්වා

අනිල් වාද්වා ඉතාලිය, පෝලන්තය, ඕමානය සහ තායිලන්තය යන ඉන්දියානු තානාපති ලෙස සේවය කර ඇත. 1979 ජූලි 1 සිට 2017 මැයි 31 දක්වා ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන වාද්වා හොංකොං, බීජිං, ජිනීවා, වෝර්සෝ, මස්කට්, බැංකොක් සහ රෝමයේ ඉන්දියානු දූත මණ්ඩලවල සේවය කර ඇත. ඔහු දැනට නවදිල්ලියේ විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ජ්‍යෙෂ් F සාමාජික සහ පොකුරු නායකයෙකි.
error: Content is protected !!