වාසිදායක අතට හරවමින්
ඉන්දීය දේශය විසින් කොවිඩ් - 19 ව්යාවප්තිය කළමනාකරණය කිරීමත් සමඟ, පියවර සහ ආර්ථික සහන පැකේජ මාලාවක් ඔස්සේ ඉන්දියාව ස්වයං - විශ්වාස ඇති දේශයක් බවට පත් කිරීම සඳහා අග්රාමමාත්යර නරේන්ද්‍රල මෝඩි මැතිතුමා විසින් එම කාර්යය වෙනුවෙන් පෙනී සිටිමින්, ඊට උර දෙමින් ක්රිියා කොට ඇත
නව කොරෝනා වෛරස වසංගතය පැමිණීමත් සමඟ, නව ලෝක ආර්ථික පිළිවෙල හට ගන්නා අතර, නෙක රටවල් ඊට අදාළව ගිවිසුම්වලට අවතීර්ණ වෙමින් සිටී. අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා මෙම වටහා ගැනීමේ දී කඩිනම්ව ක්‍රියා කළ අතර, ඒ අනුව දැනට පවතින ප්‍රතිපත්ති වෙනස් කරමින්, ඉන්දියාව උදෙසා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක ආර්ථිකයක් සඳහා දැක්ම යථාවත් කිරීමට බහු ආංශික මුලිපිරීම් හඳුන්වා දුන්නේය. ඔහුගේ විශ්වාස යළි තහවුරු කරමින්, මෑතක දී සිදු කළ ආමන්ත්‍රණයක දී, “ඉන්දියාව වැළපෙමින් සිටීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන රාජ්‍යයක් නොවන අතර, මෙම අර්බුදයේ (කොවිඩ් – 19) මුහුණුවරට සක්‍රීය ලෙස ගැලපුම් කරමින් සිටිනවා” යැයි ඔහු පැවසුවේය. ඉන්දියාව “ආත්මා නිර්බාර්” හෝ ස්වයං විශ්වාසදායී බවකට පත් කිරීම සඳහා අර්බුදය අවස්ථාවකට හැරවීමෙහිලා සහයෝගය දක්වන මෙන් ඔහු ඊළඟට දේශයෙන් ඉල්ලා සිටියේය. ගෝලීය සැපයුම් දාමයේ අසීරු තරඟකාරීත්වයට එරෙහිව දේශය ස්වාධීනබවට පත් කිරීමේ අරමුණැතිව, ඔහු ඉන්දියානු රුපියල් ට්‍රිලියන 20 ක (ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 10කට සමාන) සහන පැකේජයක් ද නිවේදනය කළේය. ස්වයං – විශ්වසනීයත්වය සඳහා ඉන්දියාවේ සැලැස්ම දෙපසින්ම ගනු ලබන පෙරළියක් වනු ඇතැයි අදහස් කෙරේ. ද්‍රවශීලතා ආසේචනය සහ සංක්‍රමණික කම්කරුවන් හට ඍජු මුදල් මාරු කිරීම් මෙන්ම, දෛනික වේතන උපයා ගන්නන් වැනි අය උදෙසා තාවකාලික පියවර ගැනීම පළමු පෙරළියයි. දෙවන පෙරළියේ දී, වර්ධනය ඉතා වැදගත් වන අංශවල දිගු කාලීන ප්රතිසංධාන මඟින් ඒවා ගෝලීය වශයෙන් තරඟකාරී සහ ආකර්ශෂණාත්මක බවට පත් කරනු ඇත.

නිවැරදිව අරඹමින්
අගමැති මෝඩිගේ හැකියාව ඇති, කාර්යක්ෂම සහ ස්වයං – විශ්වාසදායී දේශයක දැක්ම ඉතා ඉක්මනින් යථාර්තවත් කර ගෙන තිබෙන අතර, එය ආත්මානිර්භාර් භාරත් (ස්වයං – විශ්වාසදායී ඉන්දියාව) මූලිකත්වය ලෙස හඳුන්වා දී තිබේ. ඉහළ පරිමාණයේ නිෂ්පාදනය සහ කුටුම්භ ශක්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ආසන්තම ප්රතිසංධාන, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ තීරණවලට දැන් හේතු සාධක වෙමින් තිබේ.ආත්මානිර්භාර් භාරත් අභියාන් යන කර්තව්‍යය දේශීය නිෂ්පාදකයින් හට බාහිර සහයකින් තොරව දියුණු වීමට සහ ආනයන සඳහා අවශ්‍යතාව අවම කිරීමට හැකි වන පරිදි දේශීය නිෂ්පාදිතයන් සඳහා සමස්ත අගය දාමයන් ගොඩනැඟීම කරා අරමුණු කොට තිබේ.
ආර්ථික පුනර්ජීවය සහ නිපුණතාව සඳහා රැකියා නියුක්ති අනුපාතිකය සහ අපනයන මෙන්ම, දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉන් ලැබෙන සුවිශේෂී දායකත්වය සමඟින්, අභියාන් විසින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය අංශය ද හඳුනා ගෙන ඇත.
ව්‍යවසාය අංශය සඳහා භාරදූර ප්රතිසංධාන සමඟින්, යළි තම දෙපයින් නැඟී සිටීමට සහ මෙහෙයුම් යළි ක්‍රියාත්මක කිරීමට මිලියන 500කට අධික ස්වාධීන ව්‍යාපාර ඒකක සවිබල ගන්වා ඇත. ඇප රහිත ණය හඳුන්වා දීම (ඉන්දීය රුපියල් බිලියන 3000ක මුළු අගයක්), ව්‍යාපාර යළි පුනර්ජනනය කිරීම සඳහා අප්‍රධාන ණය උදෙසා ඉන්දීය රුපියල් බිලියන 200ක අගයක් සහ නව අරමුදල් ගොඩ නැංවීම ඔස්සේ ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 500 ක අගයක කැපී පෙනෙන ආයෝජනයක් එම අංශයට කරා යෙදවීම මීට ඇතුළත් වේ.
සමාන අවස්ථා
දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම සහ මනා තත්ත්වයෙන් යුත් අපනයන පුළුල් කිරීමේ අරමුණින්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අපනයනය කිරීමේ භාණ්ඩ සමඟ සම්බන්ධ පිරිවැය සහ යටිතලපහසුකම්වල පවතින අකාර්යක්ෂමතා හිලව් කර ගැනීමට (ඉන්දියාවේ සිට වාණිජ අපනයන) යෝජනා ක්‍රමය, අපනයන යෝජනා ක්‍රමය මත තීරුබදු සහ බදු බලනොපවත්වා නැවතීමට සමතුලිත කෙරේ. රැකියා නියුක්තිය ද උත්පාදනය කිරීමේ හැකියාව සමඟ, රජය විසින් මෙම ප්රතිලාභ ස්වාධීන ව්‍යාපාර ඒකක කරා ව්‍යාප්ත කිරීමට අරමුණු කරනු ලබයි.

නව දැක්ම
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයෙහි ප්රමුඛ යටිතලපහසුකම් සහ පහසුකම්වල, ඉන්දියාවේ රජය විසින් පවත්වා ගෙන යනු ලබන අභ්‍යවකාශ නියෝජිත ආයතනයේ ඍජු ප්රතිලාභියෙකු ලෙස ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ ආරම්භක කාණ්ඩය එක් කොට තිබේ. ඉන්දීය කර්මාන්තයේ යහපත උදෙසා පෞද්ගලික සහ රජයට අයත් ස්වාධීන ව්‍යාපාර ඒකකවලට නව යුගයේ තාක්ෂණය සපයන මුලපිරීමක් වන අයි එස් ආර් ඕ සංවිධානයෙහි “තාක්ෂණික මාරුව” අමතර කාර්යයක් ලෙස එම පෙරළිය සිදු කර ඇත.
එමෙන්ම, අභ්‍යවකාශ ආරම්භ කිරීම් සමඟ ධනාත්මක ව්‍යාප්තියක් සඳහා නෝඩල් අධිකාරියක් බවට පත් වීමට, මෙම පෙරළිය මඟින් ඉන්දියාවේ නව ආරක්ෂක මුළුවලින් හට ගත් අභ්‍යවකාශ නියෝජිත ආයතනය වන ආරක්ෂණ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහා අවස්ථාවක් ලබා දෙනු ඇත.
උදාසීන ආරක්ෂාව
දැවැන්ත ඉස්මතු කිරීමක දී, අභියාන් සංධානයද ඉන්දියාවේ ආරක්ෂණ අංශය කරා ව්‍යාප්ත කර ඇත. ඍජු විදේශ ආයෝජනය, පවතින 49% ක අගයේ සිට 74% ක් දක්වා ආවරණය ඉහළ නංවා ඇත. මෙමඟින් බොහෝ සෙයින් අවශ්‍ය වන නව්‍යකරණයේ දී සහ නිෂ්පාදන ක්‍රියාවලිය නිවැරදිව හැඩ ගැස්වීමට උපකාර වනු ඇති, ඉතා වැදගත් තාක්ෂණ ප්‍රභවයන් ලෙස සැපයීමට සහ ඒවා උපයෝජනය කිරීමට දේශීය නිෂ්පාදකයින් හට හැකියාව ලබා දෙයි.
වසර 200ක් පමණ පැරණි සංවිධානයක් වන ව්‍යවස්ථාපිත සමාරම්භක මණ්ඩලය විසින් ස්වායත්ත නිෂ්පාදනය කිරීමක් ඇති කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වගවීම ඇති කිරීමට සංගතකරණය යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත.

බලයේ සිටින රජය විසින් අභියාන් සන්ධානය යටතේ ඉන්දියාව මුළුල්ලේ සිටින ගොවියන් සවිබල ගැන්වීම අරමුණු කර ගත්, පුරෝගාමී ප්රතිසංවිධාන සමූහයක් නිවේදනය කොට ඇති අතර, ආරම්භයේ දී එම අංශය ඉන්දියාවේ කර්මාන්තවලට සමාන මට්ටමින් වරප්‍රසාද සලසා තිබේ.
මෙම පරීක්ෂණ කාල තුළ දී නිෂ්පාදනය ස්ථාවර කිරීමට ගොවීන් මිලියන ගණනකට අතිරේක ආපදා කාරක ප්රාග්ධනය ලෙස ඉන්දීය රුපියල් බිලියන 300ක ප්‍රතිලාභයක් ඍජුව හිමි වනු ඇත. ෆසායි සම්මතවලට අනුව ගුණත්වය සහ නිෂ්පාදනය කරා, ඉන්දීය රුපියල් බිලියන 100 ක ප්‍රාග්ධන ආසේචනයක් සමඟ, මයික්‍රෝ ෆුඩ් එන්ටප්‍රයිසස් හට තාක්ෂණික වරප්‍රසාද සමූහ වශයෙන් (උත්තර් ප්‍රදේශ්හි අඹ, ජම්මු හා ක්ශ්මීර් හි කුංකුම, ඊසාන දිගෙහි උණබට, අන්ද්‍රා ප්‍රදේශ්හි මිරිස්) සැපයෙනු ඇත.
හිඟයක් හට ගන්නා කාලවල දී ප්‍රමාණවත් සැපයුමක් සහතික කිරීමට අත්‍යාවශ්‍ය වෙළෙඳ භාණ්ඩ පනතට සිදු කරන ලද සංශෝධන සමඟ කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩවල අතිරික්තය ආයෝජනය කිරීම උදෙසා ද ප්රතිසංධාන ලැයිස්තු අරමුණු කර ඇත. අතිරික්තය උපයෝජනය කිරීමෙන් සහ අඩුලුහුඬු වෙළෙඳපොළවල් සඳහා ආදේශක භාණ්ඩ සැපයීම ඔස්සේ, මෙම සංශෝධන මඟින් ආරක්ෂාකාරී සැපයුම් / ඉල්ලුම් දාමයක් නිර්මාණය කරනු ඇති අතර, ඉන්දීය ගොවීන්ගේ උද්යෝගය රැක ගැනීමට එය ක්‍රියා කරනු ඇත.
“නිහඬ දේශිය ජනයා උදෙසා හඬ අවදි කිරීම” යන ඔහුගේ අදහස යථාවත් කරමින්, අගමැති මෝඩි මැතිතුමා විසින් මෑතක දී ස්වාමි විවේකානන්ද උපුටා දක්වා ඇති අතර, දේශීය නිෂ්පාදිත භාවිත කරන ලෙසත්, ගෝලීය වෙළෙඳපොළෙහි දී ඉන්දීය නිෂ්පාදිත ප්‍රවර්ධනය කරන ලෙසත් ඔහු විසින් ඉන්දීය ජනයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
වර්තමානයේ හට ගන්නා ලෝක අනුක්‍රමයට අනුව, ඉන්දියාව උදෙසා වෙළෙඳ අවකාශයක් නිර්මාණය කිරීමට, ඉන්දියාවට සැබෑ අපනයන ඒත් සමඟම වර්ධනය කිරීමට අවශ්‍ය වේ. එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක ආර්ථිකයක් වෙත ශීඝ්‍රයෙන් මං පෑදීමේ ප්රයත්නයක් පමණක් නොව, එනමුත් එමඟින් පැමිණෙන වර්ෂවල දී ඉන්දීය උද්යෝගයන් රැක ගෙන ඇති බවට ද තහවුරු කෙෙරනු ඇත.
