ඉවුම් පිහුම්

ගෝත්‍රික රසයන්

නිකුතුව 05, 2019

ගෝත්‍රික රසයන්

සංගීත් කන්නා |කර්තෘ

නිකුතුව 05, 2019


ඉන්දියාවේ ගෝත්‍රිකයන්ගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාව පෝෂ්‍යදායී සහ සමතුලිත වන අතර, පරිසරය මත වැඩෙන පීඩන අවම කිරීමට එය සංවර්ධනය කළ හැකිය. සංගීත් කන්නා මෙම ආහාර උරුමයේ සියුම් වෙනස්කම් පිළිබඳ ගැඹුරින් සොයා බලයි.

දවසේ ආහාර වට්ටෝරුව වූ‍යේ පරිප්පු, බත් සහ තුන්ග්‍රිම්බායි ය. ප්‍රථම ආහාර ද්විත්ත්වය සෑම ඉන්දියානු නිවසකම ප්‍රධාන ආහාර වන අතර, තෙවැන්න විසින් මාගේ කුතුහලය හාරා අවුස්සන ලදී. මෙගාලයේ විචිත්‍රවත් අගනුවර වන ශිලොන් අවට ප්‍රදේශයේ සිටි මම, ප්‍රාදේශීය ආහාර අලෙවි සැලක් නැතහොත් කුන්ග් කඩපිළක් අසල දිවා ආහාරය සඳහා නැවතුණෙමි. අලෙවි සැල හසුරුවන කාන්තාව පිරිසිදු පිඟානක් මත පරිප්පු ස්වල්පයක් සමඟ අඳුරු පැහැගත් වෑංජනයක් හා ඇලෙන සුලු බත් බෙදුවාය. “ඒ තුන්ග්‍රිම්බායි. ඒක හරිම රසවත්“යැයි මගේ සංචාරක මඟපෙන්වන්නිය මා දැනුවත් කළා ය. පැසවන ලද සෝයා බෝංචි, සෙමෙන් පිසින ලද තල ඇට, ඌරු මස් සහ තුන්ටැන් හෝ කරවල චට්නි යනාදිය එකතු කොට සාදනු ලබන තලපයක් වන තුන්ග්‍රිම්බායි යනු ප්‍රාන්තයේ කාසි ගෝත්‍රික සාමාජිකයන්ගේ නිවාසවල සුලබ ආහාරයකි. මෙම ආහාර බඳුනට ප්‍රබල සුගන්ධයක් හිමි නමුත්, ආහාර වේල ගැනීමෙන් පසුව ද එහි රසය ඔබ සමඟ දිගු වේල‍ාවක් පවතී.

චාට්ටිස්ගාහි පන්ද්‍රිපානි ගම්මානයේ දුර්වා ගෝත්‍රික වෙළඳපොළේ දේශීය ක්විනෝවා සහ කළු කුරක්කන් විකුණමින්

ජනසමාජයේ භූගෝලය, දේශගුණය, ඉතිහාසය, ආගම සහ ජනප්‍රවාදවග කදිම තේරීමක් පිළිබිඹු කරන, රස රාශියකින් අනූූන වූ සංස්කෘතික උරුමයකට පුරසාරම් දොඩන ගෝත්‍රික ජනසමාජ කිහිපයකට ඉන්දියාව නිවහන වේ. ආදී යුගවල පටන් මෙම ගෝත්‍රික ප්‍රජාව යැපී ඇත්තේ ස්වභාවික හා පෝෂ්‍යදායී, වගා කරන ලද සහ වගා නොකරන ලද කැලෑ ආහාර මතය. අවම කුළුබඩු ගණනකින් පිසින ලද සහ බොහෝ විට අමු, සෙමෙන් පිසින ලද, බදින ලද සහ පැසවන ලද මෙම ගෝත්‍රික ආහාර බඳුන් අඩංගු ද්‍රව්‍යවල රස රැස රැක ගනී.

නිදසුනක් ලෙස, සහල් බහුලව වගා කෙරෙන ඊසාන දිග ඉන්දියාවේ එය ප්‍රධාන ආහාරයක් වන අතර, එහි විවිධ වර්ග ලෙස තම්බන ලද සහල්, (අධික උෂ්ණයෙන් තම්බන ලද) ඉස්ටු ආකාරයේ බත් හෝ උණබට ටියුබ් නම් කළ හැකිය. (මෙම ක්‍රියාවලිය කෝලම් ලෙස හැඳින්වේ.) කෙසේවෙතත්, වඩාත් ජනප්‍රියතම ආහාරය වන්නේ ඇලෙන සුලු කැලෑ බතය. මෙගාලයේ ජනප්‍රිය බත් දීසියක් වන්නේ ජදෝය. ඇසෑමයේ තිබෙන ඔන්ලා වන්ක්‍රායි නම් සහල් කුඩු සහ කුකුළු මස් ඉස්ටු යනු බොඩෝ නිවෙස්වල සුලබ ආහාරයකි. අරුණාචල් ප්‍රාදේශ්හි ඩන්ග් පෝ හෝ තම්බන ලද සහල් කේක් ඉතා සුලබ ය.

ඔඩිශා හි සති පොලෙහි සාප්පු සවාරියේ යෙදෙන බොන්ඩෝ (බොන්ඩා) ගෝත්‍රික කතුන්. චාට්ටිස්ගාර්හි මර්කඩෙඩා පෙදෙසෙහි මහුවා පුෂ්ප එකතු කරක ගොන්ද් කාන්තාවක්

මෙම ප්‍රජාවල සාමාජිකයින් බොහෝ විට වන සතුන් සමඟ වනාන්තර අසල දිවි ගෙවන දඩයක්කරුවන් වූ හෙයින්, ඌරු මස්වලට දැඩි අවධාරණයක් තබමින්, මස්මාංශ ඔවුන්ගේ ඉවුම් පිහුම් කලාවේ දැවැන්ත කොටසක් බවට පත්වුණි. ඊසානදිග ඉවුම් පිහුම් කලාව එළවළු දීසිවලින් සුලබ වූ අතර, එහි කැපීපෙනෙන ආහාර පිසීමේ ක්‍රමවේදයක් වූයේ පැසවීමයි. රාබුවලින් සාදනු ලබන සින්කි නම් පැසවන ලද දීසිය සිකිම්හි ඉතා සුලබය. මෙගාලයේ ගාරෝ ගෝත්‍රික සමාජිකයෝ විශාල ප්‍රමාණයකින් අල සහ නැවුම් කොළ වර්ග හා එළවළු යොදා ගන්නා අතර, ඔවුන් එළවළුවලට දැඩි ඇල්මක් දක්වති. මාළු වර්ගද මෙම ප්‍රදේශයේ ඉතා ප්‍රචලිත ආහාරයක් වන අතර, නැවුම් ලෙස අල්ලා ගනු ලබන මසුන් ප්‍රාන්ත කිහිපයක දී කෙසෙල් කොළ මත කැබලි නොකොට පුළුස්සනු ලැබේ.

උතුරු ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයේ සාම්ප්‍රදායික ග්‍රාමීය ඉවුම් පිහුම් කලාවේ කරල් බෝග සහ තිරිඟු සුලබව දැකිය හැකිවේ. ජවුන්සාරි ප්‍රජාව (උත්තරකාන්ද් හි ගෝත්‍රයකි) නැවුම් දාහි සහ පහදි නමාක් (ලුණු) සමඟ සාදනු ලබන කොප්රොටි (කුරක්කන් රොටි), ගල්ගල් නමැති කඳුකර ලෙමන් සමඟ ආහාරයට ගනු ලබන පෝෂ්‍යගුණයෙන් පූර්ණ ආහාර වේලකි. කෝටු කැබලිවලින් වියලි ශාක පත්‍ර එකට එක් කොට සාදන ලද පිඟන් මතට හෝ කන්සා තාලි (ලෝකඩ පිඟන්) මතට පිළිගන්වනු ලබන මෙම ආහාර වේල්වල රස බලනුයේ බොහෝ විට ලී පොළොවක් මත හිඳ ගෙනය. ඔබ හිමාචල් ප්‍රාදේශ්හි කිනම් හෝ ප්‍රදේශයක සංචාරය කරන්නේ නම් සහ එළිමහනෙහි පවත් වන විශාල භෝජන සංග්‍රහයකට සහභාගී වන්නේ නම්, එම ආහාර නිදහසේ භුක්ති විඳීමට වග බලා ගන්න. ආහාර වට්ටෝරුව මේ සෑම එකකම සමාන වනු ඇති අතර, ඒවා වන්නේ තෙලියා මා (කළු පරිප්පු වෑංජනය), චනේ කා මද්‍රා (කඩල වෑංජනය), මානි (පැණි රස සහ ඇඹුල් රසට පලන ලද කළු පැහැ කොණ්ඩ කඩල වෑංජනය) සහ මිත්තා (කජුවලින් සරසන ලද පැණි රසැති බත්) ය.

චාට්ටිස්ගාර්හි ටොකාපාල් වෙළෙඳපොළෙහි කෙටි ආහාරයක් ලෙස චපුරා (රතු කුඹීන්) විකුණමින්.

සත්‍ය වශයෙන්ම, රට පුරා වෙසෙන මෙම ගෝත්‍රික ප්‍රජා ඔවුන්ගේ මෙම ආහාර දුර්ලභ ලෙස සලකන අතර, ඔවුන් තම ජීවනෝපාය සරි කර ගත්තේ වනාන්තරවලින් වුව ද, ඔවුන්ගේ පූජනීය වන ලැහැබ් සහ සාරවත් වනාන්තර ගෝත්‍රික සංස්කෘතියෙන් රැක ගෙන තිබීමට එම ආකල්පය දායක වී ආකාරය සැබෑ ලෙස විද්‍යමාන වේ./p>

මධ්‍යප්‍රාදේශ් සහ චාට්ටිස්ගාර් වැනි ප්‍රාන්තවලට ද උද්යෝගිමත් ගෝත්‍රික ඉවුම් පිහුම් කලා දක්නට ඇත. බුතියා ශාක පත්‍ර මත වඩන ලද සහ විවෘත වලක් වැනි හැඩයේ උඳුනක පුළුස්සන ලද, ඉරිඟුවලින් සාදන ලද දේශීය පානියා රොටි සමඟ, ගම් කුකුළු මස් වෑංජනයක් හා රතු කූඹි චට්නි ආහාරයට ගැනීම ඉමහත් රසයක් දනවන ආහාර සංයෝජනයක් ගැන ඇලුම් ඇති කරවයි. එවැනි තවත් එක් ආහාර සංයෝජනයක් වන්නේ විවිධ කරල් භෝග වර්ග සහ ගිතෙල් සමඟ අසමසම පැහැයක් ගැනීමට පළමුව තම්බා පසුව පුළුස්සනු ලබන පූර්ණ තිරිඟු ඩම්ප්ලින් ප්‍රභේදයක් වන, බැෆ්ල් ය.

නාගලන්තයේ කිසාමා හි වාර්ෂික අංකෙළි උත්සවයක ආහාර සහ පාන රස විඳින ජනවාර්ගික අනාගාමි ප්‍රජාවෙහි සාමාජිකයෝ.

මධ්‍යම ඉන්දියාව පුරා බොහෝ ඵල දරන අස්වැන්නක් සහිත වනාන්තර අතරින් එකක් වන්නේ මහුවා (නැතහොත් ඉන්දීය බටර් ගස) ය. මහුවා ගසෙහි මල් පැසවූ විට මද්‍යසාරමය පානයක් නිපද වේ. හිරු රශ්මියෙහි දමා වියළන ලද වියළි මිදි වැනි මහුවා පුෂ්පය, අතුරුපස සහ කීර් හා මීති රොටි වැනි කෙටි ආහාර සඳහා පැණි රස ගන්වනයක් ලෙස යොදා ගැනේ. ගොන්ද් හෝ ගොන්ද්වානාස් නම් ඉන්දියාවේ දැනට සුරැකිව පවතින විශාලතම ගෝත්‍රය, සාම්ප්‍රදායික වශයෙන් කැලෑ ආශ්‍රිතව ජීවත්වන්නන් වන අතර, සොබාදහම සමඟ පූර්ණ එකමුතුකමකින් ඔවුහු වන වාසය කරති. ගොන්ද් ආහාර වේලට අස්කොඩෝ සහ කුට්කි යනුවෙන් ප්‍රධාන කුරක්නක් වර්ග දෙකක් ඇත. ප්‍රෝටීන්වලින් අනූන වූ මෙම ආහාර බොහෝ විට පිසිනුයේ තැම්බුම් හොද්දක් ලෙස හෝ එළවළු හා වියළි ධාන්‍ය සමඟ පිළිගැන්වීමෙනි. මහාරාෂ්ට්‍ර සත්ව ආහාරවල මදියා ගෝත්‍රය විසින් සලබ කීටයන් කැලෑ කොළවලින් ඔතන ලද මූලික තෙම්පරාදුවෙන් කර කර ආහාරයට ගනු ලබයි

චාට්ටිස්ගාර් හි දුර්වා නම් ගෝත්‍රික වෙළෙඳපොළෙහි විවිධ කරවල වර්ග විකුණන කාන්තාවක්

මෙම සූප ශාස්ත්‍ර දේශිය අස්වැන්න මත යැපෙන හෙයින්, කෘෂිකාර්මික අංශය කෙරෙහි ඇති කරන පීඩනය අවම කළ හැකි ය. ආහාර ඵලදාවක සෑම කොටසක්ම භාවිත කිරීමට අවධාරණය යොමු කෙරෙන බැවින්, අපතේ යන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ගෝත්‍රික සූප ශාස්ත්‍රයන් වර්තමානයේ නිරන්තරයෙන් කතා බහට ලක් කිරීම සහ රට පුරා පැවැත්වෙන ආහාර උත්සවවල ඒවා ප්‍රවර්ධනය කිරීමට හේතුසාධක වන්නේ ද එබැවිනි. සූපවේදීහු මෙම ගෝත්‍රික සූප ශාස්ත්‍රයන් රැක ගනිමින්, ඒවා නාගරික ආහාර තැටි සඳහා නවීකරණය කිරීමට වෙර දරති.

මධ්‍ය ප්‍රාදේශ් හි ගෝත්‍රික ගම්මානයක ගොවි මහතෙකු වියළීම සඳහා බඩ ඉරිඟු අතුරමින්

ගෝත්‍රික සම්බන්ධය

විවිධ වනාන්තර වෘක්ෂලතා ආදී වර්ගවල දිවි ගෙවන, 5000ක පමණ ගම්මානවල ජීවත් වන ජනවාර්ගික කණ්ඩායම් 227ක් යටතට අයත් වන, විවිධ ජන සමාජ 550කට අයත් මිලියන 53කට අධික ගෝත්‍ර ඉන්දියානු උප මහාද්වීපයේ ජනාවාස ගත වී ඇත. ඖෂධීය වශයෙන්, සත්ත්ව ආහාර වශයෙන්, කෙඳි ලබා ගැනීමට, ඉන්ධන ලෙස, ආහාරයට ගැනීමට, සාරය උකහා ගැනීමට, සංස්කෘතික වශයෙන් හා වෙනත් අරමුණු උදෙසා ඉන්දියානු ගෝත්‍රිකයන් කැලෑ ශාක පැළෑටි 9500කට අධික ප්‍රමාණයක් භාවිත කරති.

සංගීත් කන්නා

සංගීතා කන්නා හට උද්භිද විද්‍යාව සම්බන්ධව විශාරද උපාධියක් තිබෙන අතර, ඇය පුහුණුව ලත් ක්ෂුද්‍ර විද්‍යාඥවරියකි. ඇය ලොව පුරා පෝෂණ පුහුණුකාරියක ලෙස සේවය කොට ඇති අතර, පැරණි පන්නයේ නිවාසවල පිසීමේ කලාව වෙත බොහෝ මිනිසුන් නැවත යොමු කරමින්, ඔවුන්ගේ ජීවන රටාමය රෝග කළමනාකරණය කර ගැනීමට ඇය උපකාර කොට ඇත.
error: Content is protected !!