හවුල්කාඟත්වය

මිත්‍රතත්වයන් උත්තරීතරත්වයට පත් කරමින්

නිකුතුව 04, 2019

මිත්‍රතත්වයන් උත්තරීතරත්වයට පත් කරමින්

පතංජලී පණ්ඩිත් |කර්තෘ

නිකුතුව 04, 2019


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ජාත්‍යන්තර සංචාර මඟින් අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභදායී ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රජයේ ස්ථාවරත්වය යළි තහවුරු කොට ඇත. මෑතක දී ඔහු සහභාගි වූ සංචාර කිහිපයක සුවිශේෂතා දෙස අපි දැන් බලමු

ඉන්දු – භූතාන සබඳතා- වරප්‍රසාදලත් මිතුදමක් තවදුරටත් ඉහළ නංවමින්

මහා මැතිවරණයෙන් ලද තීරණාත්මක ජයග්‍රහණය සහ මැයි 16 වන දින රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි භූතාන සගයා වන ආචාර්ය ලොටේ ශෙරින්ගේ ආරාධනයෙන්, අගෝස්තු 17-18 යන දිනවල භූතානයේ නිල සංචාරයක නිරත වූයේය. පාරෝහි පැවති උත්සවාකාර ගරු බුහුමන් මැද, භූතාන අගමැතිඳුන් තම අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් සමඟ ඉන්දීය අගමැතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන්දීය අගමැතිවරයාට ගෞරව පිදීමක් ලෙස භූතාන රජු සහ රැජිනිය දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත් වූහ.

සුවිශේෂී අවස්ථා

මංඩෙච්චු නම් මෙගා වොට් 720ක් ජනනය කරන ජලවිදුලි බලාගාරය සමාරම්භ කිරීමත් සමඟ, භූතානයේ ජනනය කිරීමේ ධාරිතාව මෙගා වොට් 2000 දක්වා ගෙන ඒමට, ඉන් එක් කෙරෙන බලශක්ති ප්‍රමාණයට ඒකාබද්ධ හැකියාවක් තිබේ.

භූතාන ආර්ථිකය ශක්තිමත් කිරීමට අමතරව, සංචාරකයන් මඟින් මුදල් රැගෙන යාමේ අවශ්‍යතාව පහසු කරමින් ඉන්දියන් RuPay කාඩ්පත් දියත් කිරීම. මීළඟ අදියරේ දී, ඉන්දියානු සහ භූතාන ආර්ථික දේහ තවදුරටත් ඒකාබද්ධ කිරීමට මෙන්ම, මුදල් රහිත ගනුදෙනු සඳහා BHIM ( මුදල් සඳහා භාරතීය අතුරු මුහුණත) යෙදවුමට විශේෂ ක්‍රයශක්ති අධ්‍යනනයක් සිදු කිරීම පිණිස භූතාන බැංකු විසින් RuPay කාඩ්පත් නිකුත් කරනු ලබනු ඇත. අනෙකුත් ඒවා අතර, දැනුම ජාල, අධ්‍යාපනික සහ අධිකරණ ආයතන ඇතුළු විවිධ අංශවලින් අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.

ISRO විසින් දෙන ලද සහයෝගයත් සමඟ භූතානයේ ඉදිකරන ලද SAS (දකුණු ආසියා චන්ද්‍රිකාව) සඳහා භූමි පෘථිවි ස්ථානය සමාරම්භ කිරීමේ අවස්ථාවේ දී, අගමැති මෝඩි විසින් භූතානයට පුළුල් අතිරේක කලාප අවශ්‍යතා සලසා දුන් අතර, එමඟින් භූතානයේ සමස්ත වර්ධනය උදෙසා ඉන්දීය ප්‍රජාවගේ කැපවීම ඉන් යළි තහවුරු විණි.

ත්‍රිත්ව දේශ සංචාරය

ප්‍රංශය

අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා අගෝස්තු 22-23 දිනවලදී ප්‍රංශයේ පැවති ද්විපාර්ශ්වික සමුළුවට සහ අගෝස්තු 25-26 දිනවල බයරිට්ස්හි පැවති G7 සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ නිල සංචාරයක් සිදු කළේය. G7 සමුළුව අතරතුර, අගමැතිවරයා පරිසරය, දේශගුණය සහ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධව පැවති සැසිවාර තුළ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, සහභාගී වන වෙනත් දේශයන් සමඟ විවිධ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වූයේය. ඔහුගේ ද්විපාර්ශ්වික සංචාරය අතරතුර, අගමැති මෝඩි මැතිතුමා ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන් සහ ප්‍රංශ අගමැති එඩ්වඩ් පිලිප් මැතිතුමන්ලා සමඟ සාකච්ඡා පැවැත්වූයේය. ජනපති මැක්‍රොන් සමඟ පැය එකහමාරක් පමණ පැවති සාකච්ඡාවක දී, ඉන්දු – ශාන්තිකර කලාපය තුළ ඉන්දු – ප්‍රංශ සහයෝගීතාව, සයිබර් – ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, ජාතික ආරක්ෂාව සහ සිවිල් න්‍යෂ්ටික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කාරණා ගණනාවක් පිළිබඳ සාකච්ඡා කෙරිණි. අගමැති මෝඩි තම සංචාරයේ දෙවන අදියර සඳහා පිටත් වීමට ප්‍රථම, නීද් ඩි ඒගල් හි දී එයාර් ඉන්දියා බිහිසුණු අනතුරට ගොදුරු වූ ඉන්දීය ජනයා සඳහා ස්මාරකයක් ද විවෘත කළේය.

ඉන්දීය අගමැති අගොස්තු 22 වන දින ඔහුගේ ප්‍රංශ සංචාරයේ දී, ප්‍රංශ ජනපති ඉමෑනුවෙල් මැක්‍රොන් සමඟ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

අගමැති මෝඩි මැතිතුමා ඔහුගේ ත්‍රිත්ව දේශ සංචාරයේ දෙවන අදියර සඳහා අගෝස්තු 23 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සපැමිණියේය. අගමැති මෝඩි පෙර අවස්ථාවේ දී තමාට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් රජ මාළිගයේ දී, අබුඩාබියේ ඔටුනු පළන් කුමරු, ශෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් – නහ්යන් සමඟ සාකච්ඡා පැවැත්වූයේය. ඉන්දීය අගමැතිවරයා විසින් මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රථම වරට, උත්සවාකාරයෙන් RuPay කාඩ්පත දියත් කරන ලදී. එමීර් රාජ්‍යයට ඔහු කළ සංචාරය අතරතුර, “දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා විශාල වශයෙන් වර්ධනය කිරීමට කැපීපෙනෙන නායකත්වයක් ලබා දීම අගයනු පිණිස“ සයිඩ්ගේ නියෝගය (Order of Zayed ) නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළතම සිවිල් ඇගයුම් සම්මානයෙන් අගමැති මෝඩි පිදුම් ලැබීය.

අගමැති මෝඩි අගෝසතු 24 වන දින බහරේනයේ මනාමා හි අල් ගුඩායිබියා මාළිඟයේ දී, බහරේන රජු සමාද් බින් ඉසා අල් කලීෆා හමු වෙයි.

බහරේනය

අගමැති මෝඩි මැතිතුමා සිය ත්‍රිත්ව දේශ සංචාරයේ කොටසක් ලෙස අගෝස්තු 25 වන දින බහරේනයට පැමිණි අතර, ඒ අනුව බහරේන රාජධානියට පැමිණි ප්‍රථම ඉන්දීය අගමැතිවරයා බවට ඔහු පත්වූයේය. ඉන්දීය අගමැතිවරයා හට උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, ඔහුගේ සගයා වන කලීෆා බින් සල්මන් අල් කාලීෆා සමඟ ඔහු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සබඳතා රැස්වීම් පැවැත්වූයේය.සංචාරය අතරතුර දී, කියුබ්සැට් ගොඩනැඟීමට සහාය දීම සඳහා, බිම් ස්ථානයක් පිහිටු වීම, දත්ත බෙදා ගැනීම සහ පුහුණුව’ යනාදී කාරණා සඳහා ISRO සහ බහරේන සගයා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

ව්ලාඩිවොස්ටොක් හි බෝට්ටු සවාරියක්

පෙරදිග ආර්ථික සංසදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති මෝඩි පැය 36ක සංචාරයක් සඳහා සැප්තැම්බර් 4 වන දින උදෑසන රුසියාවට පැමිණි අතර, 20 වන වාර්ෂික ඉන්දීය – රුසියානු සමුළුවට ඔහු සහභාගී වූයේය. ව්ලැඩිවොස්ටොක් වෙත ගොඩබසින ලද ඔහු, රුසියාවේ ඈත පෙරදිග ෆෙඩරල් දිස්ත්‍රික්කයකයේ පරිපාලන මධ්‍යස්ථානය සංචාරය කිරීමට පැමිණි ප්‍රථම ඉන්දීය අගමැතිවරයා බවට පත් වූයේය. රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් විශේෂ අභිනයකින් යුතුව, අගමැති මෝඩි ස්වෙස්ඩාහි නව නැව් අංගනයට බෝට්ටුවකින් කැටුව ගියේය. ඊසානදිග ආසියානු කලාපයට උල්පතක් ලෙස රුසියානු -පෙරදිග බැඳීම් ඉහළ නංවාලීමට ඉන්දියාව දක්වන කැපවීම සහ ද්විපාර්ශ්වික ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීමට නායකයෝ දෙපළ පැය දෙකකට අධික කාලයක් ගත කළහ. 5 වන පෙරදිග ආර්ථික සංසදයේ පූර්ණ සැසිවාරය ඇමතීමට ප්‍රථම, ඉන්දීය අගමැති මෝඩි ජපාන අගමැති, මොංගෝලියාවේ ජනපති සහ මැලේසියාවේ අගමැති යන ත්‍රිත්ව රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද

අගමැති මෝඩි සැප්තැම්බරයේ සිදු කළ තම ව්ලැඩිවොස්ටොක් සංචාරයේ දී, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ ස්වෙස්ඩා හි නැව් ඉදිකිරීමේ කර්මාන්තශාලාවේ දී විනෝද වන සැහැල්ලු මොහොතක්

පැවැත්වූයේය. ව්ලැඩිවොස්ටොක් සංචාරය ඉන්දු – රුසියානු සබඳතාව විශ්වාසය සහ හවුල්කාරීත්වය ඔස්සේ නව සහයෝගීතා මට්ටමකට ළඟා වීමට සාක්ෂි දරන වැදගත්කමක් හොබවයි. අගමැතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරුණු අතර, ඊට ආර්ථික අංශය දියුණු කිරීමේ අවබෝධතා ගිවිසුම් 5ක් ද, බලශක්ති අංශයේ ගිවිසුම් හතරක් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ගිවිසුම් දෙකක් ඇතුළත් විය. අතිරේක වශයෙන්, ජාතික ආරක්ෂාව මෙන්ම, සංස්කෘතික සබඳතා දියුණු කිරීමට රාජ්‍යයන් ද්විත්ත්වය අතර එක් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරිණි.

පතංජලී පණ්ඩිත්

පාටාන්ජලී පන්ඩිත් යනු කොළොම්බියා විශ්වවිද්‍යාලයේ සහ ලන්ඩන් ආර්ථික පාසලේ උපාධිධරයෙකි. ඔහු වර්තමානයේ දී ආරාක්ෂාව සහ යටිතල පහසුකම් කර්මාන්ත අංශවල දේවය කරන අතර, විවිධ ප‍්‍රකාශන සඳහා නිරතුරුවම තම දායකත්වය ලබා දෙයි.
error: Content is protected !!