උරුමය

වර්තමානය උදෙසා සම්ප්රනදායයන්

නිකුතුව 02, 2020

වර්තමානය උදෙසා සම්ප්රනදායයන්

Vinayak Surya Swami |කර්තෘ

නිකුතුව 02, 2020


කලා කෞශල්යි උරුමයක පිබිදීම යනු හුදෙක් පැරණි කලා ස්වරූපයක් පුරුදු පුහුණු කිරීම පමණක් ම නොවේ. සැබෑ නිර්මාණශීලී නිදහස සමඟ එය සමකාලීන යුගයට අදාළ කරවීම සහ එම ක්රිීයාවලිය තිරසාරාත්මක එකක් ලෙස පවත්වා ගෙන යාම එහි අදහසයි. ඇතැම් සන්නාම මඟින් ග්රාාමීය රාජස්ථානයේ කර්මාන්ත ශිල්පීන් හට පිළිගන්වන්නේ එය යි

පසුගිය වර්ෂයේ දී, සවාන් කා ලෙහාරියා නමින් හැඳින් වූ වර්ණවත් පාපිස්නාවකට 2019 වර්ෂයේ කර්මාන්ත ශිල්පීය මූලාරම්භක මෝස්තරය සඳහා පිරිනමනු ලබන කීර්තිමත් නිෂ්පාදිත මෝස්තර සම්මානය දිනා ගැනීමට හැකි වීමෙන් එය ප්‍රසිද්ධියට පත් වුණි. ලොව පුරා සිදු කරන අද්විතීය නිර්මාණ පරීක්ෂණ පිළිගැනීමට ලක් කරන මෙම සම්මානය ජායිපූර්හි කෙක්රි ගම්මානයේ පාර්වතී සහ භාග්චන්ද් විසින් දිනා ගන්නා ලදී. ප්‍රාන්තයේ සාම්ප්‍රදායික දෑතින් ගොතනු ලබන පා පිස්නා වියන්නන්ගේ සාමාජිකයන් වන මොවුන් දෙපළ ඔවුන්ගේ කාන්තාර ජන්ම බිම වටා ඇති පරිසරයෙන් දිරිය ගෙන, මෙම විචිත්‍රවත් පාපිස්නය නිර්මාණය කළහ. සැබෑ නිර්මාණශීලී නිදහසක් ඔවුනට ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය වූ බවත්, ඔවුන් නිර්මාණය කළ මෝස්තරයකට අතිප්‍රශංසාවක් හිමි වීම හේතුවෙන් ඔවුනට ධෛර්යය ලබා දී ඇති බවත් ඔවුහු දෙදෙනා පැවසූහ.

ඔවුහු ඉන්දියාවේ ආදී යුගයන්ගේ සිට පැවතගෙන එන රෙදිපිළි සම්ප්‍රදායන් සුරැකීමට සම වන, දශක හතරක් පැරණි සන්නාමයක් වන, ජායිපූර් රග්ස් ඉන්දියා (ජේ ආර් අයි) විසින් සහයෝගය දක්වනු ලබන රෙදි වියන්නන්ගේ සමාජයේ සාමාජිකයෝ වෙති. රාජස්ථානයේ විචිත්‍රවත් කලාත්මක සම්ප්‍රදායන් ප්‍රාණවත් ලෙස තබා ගැනීම සහ පවුල්වලට ඒවා පුරුදු පුහුණු කිරීම කෙරෙහි ක්‍රියා කරන තවත් කණ්ඩායමක් වන්නේ නිලා හවුස් (නිලා නිවාසය) ය. “සෑම සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ ප්‍රජාවකටම ඔවුන්ගේ ම ආකාරයේ ජීවිතයක සාඩම්බර හැඟීමක් සහ විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම, අපි ඒ අගයයන් මැදිහත් වීමේ කිනම් හෝ ස්වරූපයකට යොදා ගන්නේ නම්, ඒවා අවස්ථානුරූපී බවක් ගනු ඇති අතර, වෙනස පිළිගනියි” යැයි නිලා හවුස් හි කර්මාන්තශිල්පී සංවර්ධනය උදෙසා සිටින ප්‍රධානියා වන ජුඩි පාණ්ඩේ පවසයි.

එය වඩා පහසු කරවමින්

කර්මාන්ත ශිල්පීන් සඳහා නිර්මාණශීලී නිදහස ලබා දීම ඔස්සේ අද්විතීය ප්‍රතිඵල ලබා දෙන බවට සංවිධාන විසින් වර්තමානයේ දී පිළිගෙන ඇත. කර්මාන්ත ශිල්පියාගේ නිවසට ම හුදෙක් අමු ද්‍රව්‍ය පමණක් නොව, රෙදි වියන උපකරණ, නූල් වැනි අවශ්‍ය උපකරණ සමඟ රෙදි වියන නිවෙස්වල සිටින කාන්තාවන් සඳහා ගුණත්වයෙන් යුත් වෘත්තීය පුහුණුවක් ලබා දෙන ජේ ආර් අයි ආයතනය විසින් සිදු කරන නිවසටම ව්‍යවසායකත්ව වැඩහටහන නිදසුනක් ලෙස සලකා බලන්න. නිම කරන ලද පාපිස්නා රැගෙන ගොස් ලොව පුරා අපනයනය කෙරෙන අතර, අතරමැදියන්ගෙන් තොරව රෙදි වියන්නන් වෙත ඍජුව ඉන් ලැබෙන ප්‍රතිලාභ මාරු කරනු ලැබේ. නිලා හවුස් විසින් ද්වි පාර්ශ්වික ප්‍රවේශයක් අනුගමනය කරනු ලැබේ. කර්මාන්ත ශිල්පීන් සඳහා ව්‍යාපාර ජනනය කරමින්, ඍජු මෝස්තර සංවර්ධනය සහ නිෂ්පාදනය මත ක්‍රියා කිරීම ඉන් එක් කාර්යයකි. තම නිර්මාණ කාර්යයන් ප්‍රදර්ශනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රසිද්ධ කිරීමට ජායිපූරයේ නිලා හවුස් මධ්‍යස්ථානයේ පිහිටා ඇති ප්‍රදර්ශන අවකාශය ඉන් දෙවන කාර්යය වේ.

නිලා නිවසේ සිට සාම්ප්ර දායික ලෙස සායම් කවන ලද ගෘහ භාණ්ඩ ප්රතදර්ශනයක්;

මීළඟ පියවර

අත්කම් නිර්මාණ ශිල්පය සමකාලීන යුගයන්හි ශක්තිමත් වීම සඳහා ඔබින වෙනස්කම් සිදු කිරීම වැදගත් වේ. සුරැකීම සහ තිරසාරත්වය සඳහා මඟ වන්නේ මෙම නිර්මාණ ශිල්පය නූතන ලෝකය උදෙසා පරිවර්තනය කිරීම යි. “ඉවසීම, අවබෝධය, කැපවීම සහ සාම්ප්‍රදායික ස්වරූපයට මෙන්ම ඉන් අපිට වර්තමානයේ ළඟ කරගත හැකි දෑට තිබෙන මහත් ළැදිකම මෙයට අවශ්‍ය වේ.” යැයි නිලා හවුස් හි ප්‍රධානියා වන අනුරාධා සින්ග් පවසයි. අනුවර්තනයට ගෝලීය නිරාවරණය ද ඇතුළත් වේ. සුප්‍රකට ඉතාලියානු මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන මැතියෝ සිබික් ජේ ආර් අයි සමඟ සහයෝගීව යුරෝපානු මෝස්තර සංවේදිතාවන්ට අනුකූලව, ඇවන්ට් – ගාර්ඩ් නම් දෑතින් නිම කළ පාපිස්නා එකතුවක් නිර්මාණය කිරීමට මෝස්තර පරීක්ෂණය සිදු කළේය. ජායිපූර් වුන්ඩර්කැමර් නමින් හැඳින්වෙන, රාජස්ථානි ශෛලියෙන් ගොතනු ලබන පාපිස්නාවලින් ප්‍රාන්තයේ ගෘහනිර්මාණ ශිල්පය සහ සම්ප්‍රදායන් පිළිබිඹු කෙරිණි. “මෙම පා පිස්නා යනු කලාශිල්පයේ නිර්මාණ වේ. සුපෝෂිත දේශයක සංවේදිතාවන් අවබෝධ කර ගැනීම සඳහා මිනිසුන් ඒවා දෙස බලා, ඒවා ප්‍රයෝජනයට ගනු ලබන සැටි දැකීමට මට අවශ්‍ය යි.” සෑම අයෙකුම මෙතරම් පරිපූර්ණ බවින් යුත් පුද්ගලයන් බවට පත් කර ඇති වෙහෙසී වැඩ කිරීම මිනිසුන් විසින් අගයනු දැකීම මට අවශ්‍ය යි.” යැයි සිබික් පවසයි.

නිලා නිවසේ සිට සාම්ප්ර දායික ලෙස සායම් කවන ලද ගෘහ භාණ්ඩ ප්රතදර්ශනයක්;

රාජස්ථානයේ රෙදිපිළි කර්මාන්ත ශිල්පීන් සමඟ දැඩි සෙයින් කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතික, සුඛෝපභෝගී වස්ත්‍ර නිර්මාණ ශිල්පිනී, ඇනා වැලන්ටයින් ද තිරසාරත්වය තහවුරු කිරීමට ක්‍රියා කරන්නීය. “ අපි අපගේ පරිසරය පිළිබඳ වඩවඩාත් අවධානයක් දක්වන විට, අප මිලට ගන්නේ මොනවාද, ඒවා කොහි නිෂ්පාදනය වන්නේ ද යන්න පිළිබඳ පමණක් නොව, එක් රෙදි කැබැල්ලක් කොපමණ වරක් භාවිත කෙරෙන්නේ ද යන්න කෙරෙහි ද වඩාත් අවධානයක් යොමු කිරීමට එය අපව යොමු කරවයි.” යනුවෙන් වැලන්ටයින් පවසන්නී ය. ඇය මෑතක දී රෙදි විවීමේ සාම්ප්‍රදායික ශිල්පක්‍රම සහ ස්වභාවික ඉන්දිගෝ සායම් ප්‍රදර්ශනය කිරීමට, එහි එකතුවක් නිලා හවුස් සමඟ සහයෝගයෙන් ඉදිරිපත් කළ අතර, බැම්ෆර්ඩ් ආර්යාවගේ පදනමෙහි ප්‍රධානී, බැම්ෆර්ඩ් ආර්යාව විසින් රාජස්ථානයේ අත්කම් නිර්මාණ ශිල්පයට එය හඳුන්වා දෙනු ලැබිණි.

හැඩගැසෙමින්

වර්තමානයේ රාජස්තානයේ ග්‍රාමීය අභ්‍යන්තරික පෙදෙස්වල කර්මාන්ත ශිල්පීහු ඔවුන්ගේ දරුවන්ට තම කලා ශිල්පය හැදෑරීමට සහ පුරුදු පුහුණු කිරීමට දිරි ගන්වති. උත්සාහවන්ත කර්මාන්ත ශිල්පීන්, පෝෂිත ජීවනෝපායන් සහ රජය විසින් සහයෝගය දක්වනු ලබන නව්‍යකරණ සහය පද්ධතිය විසින් මෙම අත්කම් නිර්මාණ ව්‍යාප්ත කිරීම සහ ආරක්ෂා කර ගැනීම තහවුරු කෙරේ. ආයතනික පරිශ්‍රමයන් වඩා සමාජීය වගකීම් සහගතව ක්‍රියා කිරීම උදෙසා දැන් විවිධත්වයට පත් ව ඇති අතර, ග්‍රාමීය ආර්ථිකයන් ගොඩ නැංවීම පිළිබඳ ඒවායෙහි අවධාරණයට නතු වී ඇත. ග්‍රාමීය ජනසමාජයන්ට බාහිර ලෝකය සඳහා ඔවුන්ව අවබෝධ කර ගන්නා හඬක් අවශ්‍ය වී ඇති අතර, වත්මන් සංවිධාන අපගේ රට අභ්‍යන්තරික හා බාහිර වශයෙන් සම්බන්ධ කිරීමේ මෙම ක්‍රියාවලියේ පහසුකම් සලස්වන්නන් බවට පත් වෙමින් සිටියි.

Vinayak Surya Swami

විනයාක් සූරිය ස්වාමි දිල්ලියේ වෙසෙන මාධ්‍යවේදියෙකි. ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ඉන්දීය නාවික හමුදාවේ ආධුනික නැව් තැනුම්කරුවෙකු ලෙස සේවය කර ඇත. නව යොවුන් වියේ සිටම අර්ධකාලීන ලේඛකයෙකු වූ ඔහු ලිවීම හා සංචාරය කිරීම සඳහා වූ දක්ෂතාවය ලුහුබැඳීම සඳහා පුවත්පත් කලාවට යොමු විය.
error: Content is protected !!