මිනිසුන් වන අපි
මෑතක දී නිමාව දුටු 2019 මහ මැතිවරණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්දියාව පසුවන මොහොතක, ලොව ප්‍රජාතාන්තවාදය ක්‍රියාත්මක කළ විශාලතම අවස්ථාවක් බවට පත්වූ, වාර්තාගත මිලියන 900ක ඡන්දදායකයන් පිරිසක් නිරීක්ෂණය කළ හැකි වූ අතිවිශාල ඡන්ද ක්‍රියාවලිය දෙස අපගේ අවධානය යොමු කරමු
2019 ඉන්දීය මහ මැතිවරණයේ දී, එක් අතිවිශාල ක්‍රියාවලියක් තුළ මිලියන 900ක ජනතාවක් විසින් ආණ්ඩුවක් තෝරාපත් කොටගෙන ඇති බව සැල වූ විට ලොවපුරා ජනතාව පුදුමයට පත් වූහ. ලොව ප්‍රජාතාන්තවාදය ක්‍රියාත්මක කළ විශාලතම අවස්ථාවක් වූ ඉන්දීය මහ මැතිවරණය, 17වැනි ලෝක් සභා මන්ත්‍රී මණ්ඩලය පත්කර ගැනීම සඳහා වූ අතර එය 2019 අප්‍රේල් මස 11වැනි දින සිට මැයි 19වන දින දක්වා පියවර 7ක් යටතේ පැවත්විය. මෙම වර්ෂයේ ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් රට පුරා ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් පමණ පිහිට වූ අතර එම සංඛ්‍යාව 2014 මැතිවරණයේ තිබූ ප්‍රමාණයට වඩා සියයට 10කින් වැඩි ය. පියවර 7ක් යටතේ දින 39ක් පුරාවට පැවැත් වූ මහ මැතිවරණය, ඡන්ද විමසීම පැවති දින ගණනට සාපේක්ෂව ඉන්දියාවේ පැවති දීර්ඝතම මැතිවරණය මෙය විය. අනුමත කරන ලද හඳුනාගැනීමේ පත් 12න් ඕනෑම එකක් ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ඡන්දහිමියන් හට අවසර හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එකම හඳුනාගැනීමේ ලේඛනය ලෙස ඡන්දහිමියන්ගේ තුණ්ඩු භාවිත නොවුණි. ඡන්ද විමසීම අවලංගු කළ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝරේ හැරුණු විට ඡන්ද කොට්ඨාස 542ක අනුමාන වශයෙන් සියයට 67.11 ක පමණ වූ මෙතෙක් ප්‍රකාශිත විශාලතම ඡන්ද සංඛ්‍යාව, 2019 මහ මැතිවරණයේ දී නිරීක්ෂණය කළ හැකි විය. මෙම වර්ෂයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 2014 වර්ෂයේ ප්‍රතිශතය වූ සියයට 65.95ට වඩා සියයට 1.16කින් වැඩි වී තිබුණි. ලක්ෂද්වීප්හි වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වූ සියයට 84.96ක් වාර්තා වූ අතර ත්‍රිපුර,

නාගලන්තය හා මනිපූර් යන ඊසානදිග ප්‍රාන්තවල ද පිළිවෙලින් සියයට 83.20ක්, 83.09ක් හා 82.69ක් ලෙස ඉහළ අගයන් වාර්තා විය. පෙර මැතිවරණවලට සාපේක්ෂව ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර එය සියයට 9.50ක අගයක් ගත්තේය. මිලියන 10කට අධික මැතිවරණ නිලධාරීහූ පිරිසක්, රට පුරා සාධාරණ හා සුමට ඡන්ද විමසුමක් පැවැත්වීම සම්බන්ධයෙන් සහතික වූහ. එම සංඛ්‍යාව, හංගේරියාව හා අයිස්ලන්තය යන රටවල් දෙකෙහිම මුළු ජන්දදායක ජනගහණයටත් වඩා වැඩි ය. කෙසේවුවද, වඩාත් සිත්ගන්නා සුලු කරුණ නම් එය නොවේ. මන්දයත්, මිලියන 900 සංඛ්‍යාවක් පමණක් වන නිසාවෙනි. වඩාත් විස්මය දනවන කරුණ නම් තමා පාලනය කළ යුතු නායකයින්, මතවාද හා ජනතාවක් වශයෙන් ඔවුන් ගතයුතු සමාජ ආර්ථීක ගමන්පථය තෝරාගත් මිලියන 900ක මානවයන් සතුව පැවති විවිධත්වයයි. වඩාත් විශේෂී කරුණ නම්, මනුෂ්‍ය වර්ගයාගෙන් අටෙන් එකක් පමණ වූ පිරිසක් විසින් අනුගමනය කරනු ලැබූ මෙම අතිවිශාල ප්‍රජාතාන්ත්‍රික පිළිවෙත, ඉතා සෙමෙන් සිදුකෙරූවක් හෝ නොසැලිකිලිමත් යථාතථ්‍යයකින් සිදුකෙරූවක් නොවීමයි. නවතම තාක්ෂණය, නිතිපතා සිදුකරන කාර්ය ප්‍රවාහ කළමනාකරණය, ව්‍යාප්ත වූ ආරක්ෂක ආවරණය සහ බොහෝ කුඩා රාජ්‍යවල වාර්ෂික අයවැය ලේඛනයට වඩා ඉහළ අගයක් ගන්නා ආර්ථික ක්‍රියාවලියක් යනාදිය ඊට අයත් විය.

ඉන්දියානුවන් රැසක්
2019 මාර්තු මස වන විට ඉන්දියාවේ ලියාපදිංචි කළ පක්ෂ ගණන 2293ක් වූ අතර ඉන් 7ක් පිළිගත් දේශීය පක්ෂ වූ අතර 59ක් පිළිගත් ප්‍රාන්ත පක්ෂ වේ. මෙම පක්ෂවල මතවාද, දේශීය අභිලාෂ, ප්‍රතිපත්ති ප්‍රකාශ කොපමණ සංඛ්‍යාවක් තිබිය හැකි ද? වඩාත් ඒකාශ්මික රාජ්‍යවල පුද්ගලයන් හට සත්‍යය සොයාගැනීම අසීරු ය. ඉන්දියාවේ නිල වශයෙන් පිළිගත් රාජ්‍ය භාෂා 22ක් පමණ තිබෙන අතර 2000කට අධික වාර්ගික කණ්ඩායම් එහි සිටිති. මෙහි පැහැපත්, අඳුරු කහ හෝ දුඹුරු පැහැයෙන් යුතු පුද්ගලයන් සිටින අතර, සියලු දෙනා හටම තමා මෙම භූමියේ මුල් පදිංචිකරුවන් බවට නිත්‍යානුකූල ලෙස අයිතිවාසිකම් පෑ හැකි ය. කඳු, තැනිතලා හා දූපත්වලින් පැමිණි පුද්ගලයෝ එහි වෙති. මැතිවරණය, විවිධත්වයේ අධි සංවේදී මට්ටම සැමරීමක් විය. මැතිවරණ තරගය සඳහා සඳහා පාරලිංගික අපේක්ෂකයන් 5 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඡන්දදායකයන් 41292ක් ලැයිස්තුගත කොට තිබුණේ “තෙවන ස්ත්
රී පුරුෂ සමාජභාවය“ යටතේ ය. එම සංඛ්‍යාව, මැතිවරණ කොමිෂන් සභාව විසින් පළමුවරට මෙම කාණ්ඩය ආරම්භ කරන විට එනම් 2014 වර්ෂයේ පැවති සංඛ්‍යවේ සිට සියයට 45ක පමණ වැඩි වීමක් විය. ආසියානු සිංහයින් සඳහා නිවහන වන ගිර් වනාන්තර මධ්‍යයේ, බනේජ් ඡන්ද මධ්‍යස්ථානයේ එක ම ඡන්දදායකයා මහාන්ත් භාරත්දාස් දර්ශන්දාස් විය. තම ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 100කින් වැඩි වූ බවට ඔහු විසින් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන ලදී. 1951 ඉන්දියාවේ පළමු මහ මැතිවරණයේ සිටම ඡන්දය ප්‍රකාශ කළ, හිමාචල් ප්‍රදේශ්හි වසර 101ක් වයසැති විශ්‍රාමලත් පාසල් ගුරුවරයකු වූ ෂ්‍යාම් සාරන් නේගී ඡන්දය ප්‍රකාශ කළ වයස්ගතම පුද්ගලයා විය. අඩි 15256ක් ඉහළින් පිහිටි, හිමාචල් ප්‍රදේශ්හි ටෂිගැන්ග් ලොව උසින් වැඩිම ඡන්ද මධ්‍යස්ථානට බවට පත් විය. අරුණාචල් ප්‍රදේශ්හි තනි ඡන්දදායකයකු වෙත ළඟා වීම සඳහා නිලධාරීහූ දිනයක් පුරාවට කඳුතරණය කළෝ ය. තෙලඟනා හි නිසාමාබාද්, සෑම ඡන්ද මධ්‍යස්ථානයකම විශාල ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර 12ක් භාවිත කළ ප්‍රථම ඡන්ද කොට්ඨාසය බවට පත්විය. එහි දී, අපේක්ෂකයෝ 185කට අධික ප්‍රමාණයක් මැතිවරණය සඳහා තරඟ වැදුණෝය. අනෙත් අතට, මෙම මැතිවරණයේ දී තම ඡන්දය ප්‍රථම වතාවට ලබාදීමට මිලියන 84.3ක ජනතාවක් සුදුසුකම් ලැබුවෝ ය. අවුරුදු 18ත් 19ත් අතර වයසේ පසුවන ඡන්දදායකයෝ මිලියන 15ක් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබුවෝ ය. ඔවුහු නව ඉන්දියාව සම්බන්ධයෙන් හා ලෝකයේ ඉන්දියාවට හිමි ස්ථානය සම්බන්ධයෙන් විශ්වාසය තබන පරමාදර්ශී, කැරලිකාර, තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් වෙති.

තාක්ෂණය සහ වෙනත් දෑ
ඉන්දියාවේ පැවති අතිවිශාල මැතිවරණ ක්‍රියාවලිය තාක්ෂණික වශයෙන් වඩාත් උසස් මැතිවරණයක් ද විය.
2019 ඉන්දීය මහ මැතිවරණයේ දී, මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඉන්දියාව පුරා විහිදුණු ඡන්ද මධ්‍යස්ථාන 1035918ක් සඳහා වීවීපීඒටී ඒකක මිලියන 1.74ක් සහ ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර මිලියන 3.96ක් යොදවන ලදී. ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර සහ තැපැල් ඡන්ද පත්‍රිකා අපේක්ෂකයින්ගේ ඡායාරූප සහ ඔවුන්ගේ පක්ෂවල නම් සහ සලකුණු ප්‍රදර්ශනය කළ ප්‍රථම වතාව ද මෙය විය. ඡන්දදායකයන්ගේ නිරවද්‍යතාව මැන බැලිය හැකි පත්‍ර විගණන මාර්ග ඒකකය හෙවත් වීවීපීඒටී ඒකක ප්‍රථම වතාවට රට පුරා ඉලෙක්ට්‍රොනික් ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍රවල භාවිත කළේ ද මෙම මැතිවරණයේ දී ය. මැතිවරණ දිනයට පෙර ඉලෙක්ට්‍රොනික් ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර හැකි ඉක්මනින් පරීක්ෂා කළ අතර එහි දී, ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් අබියස, සෑම දේශපාලන පක්ෂ නාමිකයකු හටම ඡන්ද නියැදි අගයක් යන්ත්‍රයට ඇතුළත් කරන ලදී. මෙම නියැදි පිරික්සුම අවසානයේ, යන්ත්‍රය නිවැරදි

අන්දමින් ක්‍රියා කරන බව තහවුරු කරගැනීමට, ඡන්ද සංඛ්‍යාව ගණනය කොට, ඇතුළත් කළ නියැදි ඡන්ද සංඛ්‍යාව හා සසඳනු ලැබිණි. සදොස් ප්‍රතිඵල ලබා දුන් යන්ත්‍ර වෙනුවට වෙනත් යන්ත්‍ර යොදවන ලදී. තාක්ෂණයේ උපකාරයෙන්, සමාජ මාධ්‍ය, අංශක 360 සහ ප්‍රචාරණය සඳහා ඩ්‍රෝන කැමරා ආදී බොහෝ දෑ භාවිත කරමින් පුළුල් ලෙස සිදුකරනු ලැබූ විචිත්‍රවත් මැතිවරණ ප්‍රචාරණයක් ද මෙම මැතිවරණයේ දී දක්නට හැකි විය. එස්ටෝනියාවේ වැසියන් මෙන් අන්තර්ජාලය හරහා තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දීය ජාතිකයන් හට තවමත් නොහැකි වුව ද, එය තාක්ෂණික වශයෙන් ලොව ඇති විශාලතම හා වඩාත් දියුණුතම ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වේ. පියවර 7කින් සමන්විත මැතිවරණයේ විවිධ ඡන්ද මධ්‍යස්ථාන සඳහා 270000ක හමුදා කණ්ඩායම් සහ මිලියන 2ක රාජ්‍ය පොලිස් නිලධාරීන් විසින් සංවිධාන සහයෝගය සහ ආරක්ෂාව ලබාදෙන ලදී.
මුදල් වෙන්කිරීම
මෙම මැතිවරණ හා ප්‍රචාරණ වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බවට කළමනාකරණ අධ්‍යයන මධ්‍යස්ථානය විසින් තක්සේරු කරන ලදී. මිලියන 100 පමණ වන වෙනත් නිල හා නිල නොලත් වියදම් ද ඇත. ඩොලර් මිලියන ගණන් වටිනා උපබද්ධ කර්මාන්ත, ඉන්දියාවේ මැතිවරණ හේතුවෙන් ඇති වේ. දැවැන්ත ප්‍රචාරක පුවරු හා දත්ත උපදේශකත්වය සඳහා තාක්ෂණය සපයන ව්‍යාපාර දියුණු වීම සිදු වෙයි. නිදසුනක් වශයෙන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීම සඳහා නොමැකිය හැකි තින්ත බෝතල් මිලියන 2.6ක ප්‍රමාණයක් ඇණවුම් කොට තිබේ. අත්පත්‍රිකා හා වෙනත් ඡන්ද විමසීමේ ද්‍රව්‍ය සඳහා වන පත්‍ර හා මුද්‍රණ පිරිවැය මගින් පමණක්, වර්ෂ ගණනාවක් පවුල් සිය ගණනක් පෝෂණය කළ හැක. ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමාණය මැතිවරණ අතිමහත් විශාල කටයුත්තක් බවට පත් කරයි. එසේ වුව ද, මානව සමූහයේ සැබෑ ආත්මය රැඳී ඇත්තේ ඉන්දියානුවන් තම දේශය ලෙස හඳුන්වනු ලබන, ඒකරාශී වූ සංස්කෘතික අනන්‍යතාවය තුළ පෝෂණය වන විවිධත්වය තුළය.