දැඩි සෙයින් අවශ්යස වූ පරීක්ෂා කොට ඇතුල් කිරීම
කොවිඩ් - 19 හේතුවෙන් රට වසා දැමීම හමුවේ සංචාරය සීමිත කොට තිබුණ ද, අසරණ පුද්ගලයන් සඳහා ආහාර වේල් සැපයීම වුවත්, නිරෝධායන පහසුකම් ලෙසත් එය දෙගුණ වුව ද, වසංගතයට එරෙහිව සිදු කෙරෙන සටනේ දී ආගන්තුක සත්කාරකත්වය පෙරමුණ ගෙන සිටී. ආර්ති කපූර් සින්ග් සහ දේවාශිෂ් වේඩ් විසින් හෝටල්වල නව කාර්යභාරය පිළිබඳ මෙලෙස ඔවුන්ගේ අදහස් දක්වනු ලැබේ.
අනෙක් පුද්ගලයන් රැක බලා ගැනීම අන් සියලු දෙයට වඩා ඉතා වැදගත් වන බව නව කොරෝනා වෛරසය විසින් ඉස්මතු කොට පෙන්වා දී ඇත. ප්‍රවාහන, සංචාරක සහ ආගන්තුක සත්කාරක අංශය විසින් ප්‍රථම සහ ඇතැම්විට වසංගතයේ ආර්ථික බලපෑමේහි දරුණුතම පහර ඉසිලූ අතර, මාරාන්තික වෛරසයට පවා කර්මාන්තයේ ජීවය එබැවින් අඩපණ කොට තැබීමට නොහැකි වුණි. රට පුරා අතරමං වූ ආගන්තුකයන් සහ ආපදා සේවා සපයන්නන් සඳහා ජාල හෝටල් සහ ස්වාධීන ලෙස පවතින දේපළ යන හෝටල් වර්ග ද්විත්ත්වය ම ඉතා වැදගත් සහයෝගයන් ලෙස ක්‍රියාවෙන්ම සනාත කොට ඇත.
ක්‍රියාකාරීත්වයන් මාරු කිරීම
බොහෝ හෝටල් මඟින් අතරමං වූ සංචාරකයින් හට නවාතැන් පහසුකම් සැපයීමට අමතරව, ඔවුන්ගේ දේපළ නිරෝධායන පහසුකම් බවට හරවමින්, කොවිඩ් – 19 ට එරෙහිව සටන් කිරීමට සහය වෙයි. ඇතැම් හෝටල් විසින් කාමර පවා තනිපුද්ගලයන් සහ ආයතන සඳහා හුදෙකලා කරන ලද සේවා ස්ථාන බවට පවා හරවා ඇත. අයි ටී සී සී/ස ඉන්දීය හෝටල් සමාගම (අයි එච් සී එල්), ද ලැලිට්, ලෙමන් ට්‍රී, සරොවාර් සමූහය, රැඩිසන් හොටෙල්ද්, ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් සමූහය (අයි එච් ජී) වැනි හෝටල් ජාලවලට අයත්, රට පුරා පිහිටි හෝටල් කාමර 50000 ආසන්න ගණනක් සැස සහිත රෝගීන් සහ රෝග ලක්ෂණ සහිත සංචාරකයින් නිරෝධායනයට ලක් කිරීම සඳහා හෝ කොවිඩ් – 19 ව්‍යාප්තිය හා පොරබදන වෛද්‍ය කාර්ය මණ්ඩලයට නවාතැන් පහසුකම් සැපයීම සඳහා පිළියෙල කර තිබුණි.ලොව පුරා සිර වී සිටින තම ඉන්දීය ජාතිකයින් සිය මව් රටට යළි රැගෙන ඒම සඳහා, පෙරළා සිය මව්රටට ගෙන ඒමේ ප්‍රයත්නයක් වන වන්දේ භාරත් මෙහෙයුම ඉන්දියාව විසින් දියත් කිරීමත් සමඟ, එම සංචාරකයන් නිරෝධායනය කිරීම සඳහා පහසුකම් සැලසීමට හෝටල් කිහිපයක් තෝරා ගැනුණි. දිල්ලියෙහි ටාජ් පැලස් හෝටලය, ශැන්ග්‍රි – ලාස් එරෝස් හෝටලය සහ ලෙ මෙරිඩියන් යනාදිය එම දේපළට ඇතුළත් වුණි. රට වසා දමා තිබූ කාලය අතරතුර, ලෙමන් ට්‍රී, ඇකොර් සහ රැඩිසන් වැනි හෝටල් ජාල විසින් ද රෝග ලක්ෂණ සහිත ජනතාව සඳහා නිරෝධායන සේවා සපයා ඇත. ”ඉන්දීය ඒකාබද්ධ හෝටල් සහ ආපනශාලා සංගමයේ උපසභාපති වන ගුර්බාක්සිශ් කෝලි මෙලෙස පැවසීය: “ආගන්තුක සත්කාරකත්ව කර්මාන්තය සහ එහි ව්‍යවසායකයන් විසින් ජනතාවට සහ මධ්‍යම, ප්‍රාන්ත සහ ප්‍රදේශීය බලධාරීන් හට කොවිඩ් – 19 එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ දොරටු විවිර කරමින් සහය පළ කොට ඇත.”

වෛද්‍ය කාර්ය මණ්ඩලය, පොලිස් කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් යනාදී වශයෙන් වසංගතයට එරෙහිව ඉදිරිපෙළට වී සටන් වදින පාර්ශ්වයන් සඳහා හෝටල් ජාල මඟින් ආහාර වේල් ද සපයමින් සිට ඇත. ඒ එස් පාක් හොටෙල්ස් හි කළමනාකරණ අධ්‍යක්ෂ, විජේ දේවාන් ප්‍රජා සේවාව පිළිබඳ කතා කරමින්, “ කල්කටාවල දී, අපි ප්‍රාන්ත රජය හා එක්ව ක්‍රියා කරන අතර, කොවිඩ් – 19 ව්‍යාප්තියට එරෙහිව සටන් වදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට කාමර 20ක් පවරා තිබෙනවා.” යැයි පැවසූවේය. ”අපගේ ඇතැම් හෝටල් ක්‍රියාකාරීත්ව තත්ත්වයෙන් තිබෙන අතර, සියලුදෙනාම සුරක්ෂිතව තැබීමට අපට කළ හැකි කිනම් හෝ වඩාත් හොඳම දේ කිරීමට අපි වගබලා ගන්නෙමු.”
ඉන්ටර්ග්ලෝබ් හොටෙල්ස් හි සංවර්ධන සහ වත්කම් කළමනාකරණයේ උප සභාපති වන ශ්වෙතන්ක් සින්ග් මෙලෙස පැවසීය. “ නව දිල්ලිය තුළ අපි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන් සඳහා සම්පූර්ණ සහයෝගය සහ සහය ලබා දෙමින් සිටිනවා. වර්තමානයේ දී, ජාත්‍යන්තර ගමනාන්තවල සිට ආපසු පැමිණීමෙන් අනතුරුව, බලධාරීන් විසින් ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී ඇති ආගන්තුකයන් සඳහා, ඊට ම කැප කර ඇති මහල් තුනක් මුළුල්ලේ පිහිටා ඇති කාමර 149ක් අපි වෙන්කර තිබෙනවා. ”අපි සැලකිල්ලක් දක්වා තිබෙන තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණ කටයුතු ද පවත්වා ගෙන යන අතර, ඉන්දියාවෙහි අතරමං වී සිටින ජාත්‍යන්තර සංචාරකයන් හට අපගේ සේවාවන් ද සපයන්නෙමු.”
ප්‍රමුඛ පෙළේ සුඛොප්භෝගී සන්නාමයක් ලෙස, මෙවැනි අවධානග්‍රාහී කාලයන් තුළ දී එකිනෙකාට සහය ලබා දීම සඳහා පරිසර පද්ධතියේ කොටසක් වෙමින් ක්‍රියා කිරීම ද ඉතාමත් වැදගත්. ”අසරණ බවට පත්ව ඇති ජනයා හට සුරක්ෂිතව සහ සනීපාරක්ෂිතව ආහාර බෙදා හැරීම සහ ප්‍රජා කාර්යයන් අපි සක්‍රීයව කරමින් සිටින්නෙමු” යැයි රොසීට් හොටෙල්ස් සහ රිසෝට්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කුෂ් කපූර් පැවසුවේය.

අහිතකර බලපෑම
ආගන්තුක සත්කාරකත්ව කර්මාන්තයට මෙම වසංගතය මඟින් දැඩි ලෙස බලපෑම් සිදු කර ඇත. ගෝලීය සංචාර දැඩි ලෙස කෙටි කිරීමත් සමඟ, හෝටල්වල සංචාරකයන් නවාතැන් ගැනීම පහත වැටුණු අතර, කර්මාන්තය සඳහා මුදල් ප්‍රවාහ දැඩි අභියෝගයක් බවට පත් වී ඇත. බොහෝ හෝටල් ජාල යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීමට බලාපොරොත්තුවෙන් පසු වෙයි. කර්මාන්තය වාර්තා 2019 වසරට සාපේක්ෂව ආදායමෙහි සියයට 80 ක පහත වැටීමක් පුරෝකථන කරයි.

නැවතත් ඉලිප්පෙමින් එයි
ගෘහස්ත සහ දේශීය නිෂ්පාදිත සහ සේවා ප්‍රවර්ධනය කිරීමට රජය විසින් මුල්පිරීම් ගෙන ඇති අවස්ථාවක් යටතේ, හෝටල්කරුවන් ගෘහස්ත සංචාරය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු අමුණමින් සිටී. “ආරම්භ කිරීම සඳහා අප දැඩි අවධානයක් තබනු ඇත්තේ දේශීය සහ ගෘහස්ත වෙළෙඳපොළ කෙරෙහිය. වෛරසයෙහි හැසිරීම සීමා කිරීමෙන් අනතුරුව ගෘහස්ත සංචාරකයන්ගේ ඉහළ යාමක් අත් දැකීමට ආගන්තුක සත්කාරකත්ව සහ සංචාරක කාණ්ඩය අපේක්ෂාවෙන් සිටී.” යැයි දේවාන් පැවසුවේය. “අපගේ ආගන්තුකයන් සඳහා සුරක්ෂිත පරිසරයක් තහවුරු කිරීමට සහ දැඩි රැකවරණයක් වර්ධනය කිරීම සඳහා ස්පර්ශ කිරීමෙන් තොරව ආගන්තුක නවාතැන් ගැනීම, ආහාර ගැනීම සහ බෙදාහැරීම් සේවා ගැන සලකා බැලීමේ දී, කිසිවක් නොපිටට නොහැරවෙන සේ තබා යාමට හැකි වන, වැඩි දියුණු කරන ලද ප්‍රමිතිගත මෙහෙයුම් ක්‍රියාවලියක් සහිත වැඩසටහනක් අපි සාර්ථක ලෙස දියත් කළෙමු. හෝටල් ඔවුන්ගේ සාමාන්‍ය දෛනික මෙහෙයුම් යළි ආරම්භ කරන තුරු, වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා නිරෝධායන පහසුකම් සහ සෙවණක් ලෙස එම දේපළ භාවිත කිරීමට හැකි වීම මඟින් ඉන්දියාවේ කොවිඩ් – 19 ව්‍යාප්තිය සීමා කිරීමේ ප්‍රයත්න සඳහා බලධාරීන් හට ඉමහත් සෙයින් සහය ලබා දෙමින් සිටී.