ඡන්දහිමියාගේ කැමැත්ත
ලියාපදිංචි වූ ඡන්ද දායකයන් මිලියන 900ක් සමඟ, ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලිය වඩාත් නිශ්චිත වශයෙන්ම අති දුෂ්කර කර්තව්‍යයකි. නව ඉන්දියාවක් උදෙසා රජයේ දැක්ම තුළ ඡන්දදායක කොට්ඨාසය විසින් ප්‍රදර්ශනය කරනු ලබන විශ්වාසයට අනුනාදී ජයග්‍රහණ ලකුණු පෙන්නුම් කෙරේ
2019 මැයි මාසය, ඉන්දියානු දේශපාලන ඉතිහාසයේ දිය කඩිත්තක් ගලා යාමේ මොහොතක් මෙන් මතකයේ රැඳෙන බවට කිසිදු සැකයක් නොමැත. ඉන්දියාවේ මැතිවරණ ඉතිහාසයේ, දේශපාලන පක්ෂයක් විසින් අනුගාමී වාර දෙකකදී, පූර්ණ බහුතරයක් සමඟ සාර්ථකව ජයග්‍රහණය කරනු ලැබ ඇති තෙවන වාරය වන්නේ මෙයයි. ධුර කාලය තුළ දී අනුගාමී වාර දෙකක් ජයග්‍රහණය කළ, ඉන්දියාවේ නිදහසෙන් පසු උපත ලද, ප්‍රථම සහ එකම අග්‍රමාත්‍යවරයා බවට මෙමඟින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පත් වේ. මැතිවරණ ව්‍යාපාරය තුළ දී, ස්වකීය රජයේ දැක්ම, ජයග්‍රහණ සහ එහි ප්‍රතිපත්ති පිළිබඳ කතා කරමින්, අග්‍රාමාත්‍යවරයා ඉදිරියෙන් සිටියේය. ඉන්දියාව සඳහා ආඛ්‍යාන දැක්මක් ලෙස, කුලය, ස්ත්‍රී පුරුෂභාවය සහ ආගම මත බෙදීම් හරහා යමින්, ඉන්දියාවේ තුරුණු බවින් පිරුණු සහ අභිලාෂාත්මක රැකියා සමඟ අනුනාද වන, නැඟී එන ශක්තිමත් සහ සුපිරි බලයක් මෙන්ම, සුපිරිසිදු හා වෙහෙස වී වැඩ කරන ප්‍රතිරූපයක්, ත්‍රස්තවාදය සඳහා ස්ථාවර කලහකාරී ප්‍රතිපත්තියක් මත මෙම ව්‍යාපාරය අවධාරණය කෙරිණි.
නමුත් මේවා හුදෙක්ම පැරණි කරුණු ය. වීදියේ සිටින මිනිසාට අවශ්‍ය වන්නේ යහපත් පාලනයක්, උත්ප්ලාවක ආර්ථිකයක් සහ යහපත් අනාගතයකි.

වර්තමානයේ, ශක්තිමත් නායකයෙකු විසින් පෙරමුණ ගෙන, බහුතර රජයක සහයෝගය සහිතව, නව ගමනක් සඳහා ඉන්දියාව ගමන් ඇරඹීමට සූදානම්ව සිටී. ස්ථාවර රජයක්, ශීඝ්‍රයෙන් වැඩෙන ආර්ථිකයක් සමඟ, තුරුණු ජනවිකාශනයක් (17 වන ලෝක් සභාව ස්ථාපනය කිරීමට මහ මැතිවරණයට සහභාගී වූ ඡන්දදායකයන් මිලියන 15 වූයේ වයස අවුරුදු 18-19 ත් අතර පුද්ගලයන්ය) එක්ව, “නව ඉන්දියාව” වේගයෙන් ඉදිරියට ගමන් කිරීමේ එළිපත්ත මත සිටී.
ස්ථායීතාව සහ ආර්ථිකය
මෑතක දී නිමා වූ මහමැතිවරණයේ දී ඡන්ද විමසීමකට ඉන්දියාව යාමත් සමඟ, මූල්‍ය ප්‍රතිපත්ති උපදේශකයන් විසින් ශක්තිමත් ඒක පාර්ශ්වික රජයක් උදෙසා යදිමින් සිටින ලදී. පූර්වයෙහි ද සනාථ කොට ඇති පරිදි, ඒක පාර්ශ්වික රජයක් විසින් රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය වේගවත් කරනු ලැබේ. පරිපාලන වෙනස්කම්වල සිට යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ද, ආරක්ෂාවේ සිට මුදල් පාලනය දක්වා ද, ශක්තිමත් නායකත්වයක් මඟින්, ක්ෂේත්‍ර හරහා තීරණ ගැනීමේ ක්‍රියාවලිය සරල කරවයි.
ඉන්දියාවේ ආර්ථික අභියෝග සඳහා අග්‍රාමාත්‍ය මෝඩිගේ මෙම විජයග්‍රහණය එක් රැයකින් සියලු ගැටළුවලට විසඳුම් ලබා නොදෙන නමුදු, එමඟින් රටේ ආර්ථිකය මන්දගාමී කිරීමට බල පෑ සිදුරු ස්ථීර වශයෙන්ම වසා දමනු ඇතැයි විශේෂඥයෝ පවසති. මෙම ප්‍රතිඵල දැනටමත් දැක බලා ගැනීමට හැකි වී ඇත. නව රජය දිවුරුම් දීමෙන් මසක් ඇතුළත, තම ව්‍යාපාර කටයුතු තාවකාලිකව නවතා සිටි ජාත්‍යන්තර සමාගම් කිහිපයක් සහ ආයෝජකයන් කිහිපදෙනෙකු රටේ ආයෝජන ක්‍රියාවලිය අරඹා තිබේ. ස්ථායී ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා ඉදිරිපත් කිරීම ඔස්සේ ශක්තිමත් වූ රුපියල ස්ථාවර භාවයට පත් වෙමින්, විශිෂ්ට ආර්ථික කටයුතු කළතමින් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා නියුක්තිය සඳහා අවස්ථා බොහොමයක් නිර්මාණ කරමින් සිටී. ඒකාබද්ධ මූල්‍ය අමාත්‍ය නිර්මලා සිදර්මන් විසින් ඉදිරිපත් කරන ලද, ඒකාබද්ධ අයවැය අප දුටු පරිදි, ප්‍රතිසංවිධාන දියත් කිරීම සඳහා සුදුසු පරිසරයක් ගොඩනැඟීමේ අරමුණු සිතැතිව, ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා ඉදිරිපත් කොට ඇත.

රාජ්‍ය මූල්‍ය ශික්ෂණයට අවනත වීමෙන්, ප්‍රසිද්ධියට පත්වීමේ මානසිකත්වය පොළඹවන තීරණ ගැනීම් වළකාලමින් දූෂණ පද්ධති මුලිනුපුටා දැමීමෙන්, රජයේ තිරසාර සහ සියල්ල ඇතුළත් වූ වර්ධන සැලසුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අරමුණ, අයවැය මඟින් ප්‍රත්‍යක්ෂ වේ. යටිතල පහසුකම්—මංමාවත්, විදුලිය, ජල සැපයුම යනාදී වැදගත් අංශ කෙරෙහි අවධාරණය තබමින්, අයවැය විසින් අනෙකුත් ඒවා අතර, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, මාර්ගගත යටිතල පහසුකම් සහ තාක්ෂණය, ඩිජිටල් ගෙවීම් සහ ව්‍යාපාර පහසුව වැනි මූලික ක්ෂේත්‍ර සඳහා ද, එහි උන්නතිය වෙනුවෙන් දැඩි තෙරපුමක් එල්ල කරනු ලබයි.
කාන්තා බලයේ නැඟී සිටීම
සෑම දෙනාටම සමාන තත්ත්වයක් ලබා දීම අවධාරණය කරමින්, ස්ත්‍රී පුරුෂභාවය සඳහා මධ්‍යස්ථ සමාජයක් බිහි කිරීමේ අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමාගේ දැක්ම ද නව රජය නියෝජනය කරනු ලබයි. කාන්තා නාම යෝජනා 716කින් කාන්තා පාර්ලිමේන්තු සාමාජිකාවන් 78 දෙනෙකු සමඟ, මෙතෙක් ලෝක් සභාවෙහි වාර්තා වී ඇති ඉහළතම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව සමඟ, කාන්තා දිරිබල ගැන්වීම, කැමැත්ත, සැකයෙන් තොරවම අලුතින් පත් කරන ලද රජයේ ප්‍රතිපත්ති යටතේ, මධ්‍ය කේන්ද්‍රීය වනු ඇත. අග්‍රාමාත්‍යවරයා විසින් ද පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාවේ දී පැවති ඔහුගේ විජයග්‍රහණ කතාවේ දී “මෙම මැතිවරණයේ දී කාන්තාව සමානව හොඳින්, නැතහොත් ඉතා හොඳින් ක්‍රියා කොට ඇත.” යැයි පැවසීමෙන් එය සනාථ කරන ලදී. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් කාන්තා බලය “රාක්ෂ කාවාච්” ( ආරක්ෂාකාරී කඤ්චුකයක්) ට සමාන කරමින්, එය තවදුරටත් වර්ණනා කරන ලදී. නිර්මලා සීතාරාමන් මුදල් අමාත්‍යවරිය ලෙස ද, අමාත්‍ය ස්ම්‍රිති ඉරානි කාන්තා හා ළමා සංවර්ධන කටයුතු සහ රෙදිපිළි සඳහා අමාත්‍යවරිය ලෙස ද, ආහාර සකස් කිරීමේ අමාත්‍යවරිය ලෙස හසිම්රාත් කවුර් ද යනාදී වශයෙන්, අග්‍රාමාත්‍ය මෝඩිගේ රජයේ වැදගත් අමාත්‍ය ධූර කිහිපයක් කාන්තා නායිකාවෝ විසින් හොබවනු ලබති.

විශ්වාසය දිරිමත් කිරීම
මින් පෙර 2014 දී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ධූර කාලයේ දී, ඔහුගේ රජය විසින් දියත් කරන ලද වැඩපිළිවෙල ක්‍රියාත්ම කිරීම ඔස්සේ, ඔහු නැවත වරක් 2019 දී අග්‍රාමාත්‍යවරයා ලෙස පිහිටුවීම සඳහා වැදගත් භුමිකාවක් එමඟින් ඉටු කෙරිණි. මිනිසුන්ගේ චින්තනයේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම සඳහා මෙහෙය වන ලද ස්වාච් භාරත් මෙහෙයුම සහ බෙටි බචෝ බෙටි පාදෝ වැනි සමාජය ඉහළ නැංවීමේ සුවිශේෂී වැඩසටහන් කරා ඉන්දියානු භූමිභාගයේ සියලු කොණින් දැවැන්ත සහයක් හිමි වුණි. ආයුෂ්මන් භාරත් (සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙල) සිට PM-AWAS (සාමාන්‍ය නිවාසකරණ වැඩපිළිවෙල) යෝජනා දක්වා ද, PM-KISAN (කුඩා පරිමාණ ගොවීන් සඳහා ආර්ථික සහයෝගය) යෝජනා ආදී වශයෙන් මෙම වැඩසටහන් සමාජයේ සෑම අංශයක්ම ඉලක්ක කරනු ලැබූ අතර, රජයේ එකාබද්ධ හා ධනාත්මක ප්‍රතිරූපයක් පිහිටුවීමට ඉන් සමත් වුණි. සමාජයේ දුර්වල ආර්ථික අංශ සඳහා ආසන්න වශයෙන් වාරික නොමැති රක්ෂණ වැඩපිළිවෙලවල් ලබා දීම මඟින්, රජයේ ආදර්ශ පාඨය වන “සබ්කා විකාස්” (සියල්ල උදෙසා වර්ධනය) යන්න යථාර්තයක් කෙරිණි.

සත්‍ය වශයෙන්ම, ගොවීන් සඳහා ආදායම සහතික කිරීමට පොරොන්දු වන, අග්‍රාමාත්‍ය කිසාන් සම්මාන් නිධි යෝජනා යන රජයේ ප්‍රධාන යෝජනා ක්‍රමයට මෑතක දී ලෝක වෙළෙඳ සංවිධානයේ දී ඕස්ට්‍රේලියාවෙන් සහ යුරෝපානු සංගමයෙන් ප්‍රශංසා හිමි විය. ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමය යන ද්විත්වයම පැවසූයේ එවැනි වැඩපිළිවෙලවල් බොහෝ නිෂ්පාදිත ආවරණය කිරීම සඳහා ඉන්දියාවේ ව්‍යාප්ත කළ යුතු බවයි.

නාගරික පරිසරය සම්බන්ධව අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා සැම විටම පවසා ඇත්තේ PM අවාස් යෝජනා සහ ස්මාට් නගර වැනි මූලිකත්වයන් විසින් ඉන්දියානු භූමිදර්ශනය පරිවර්තනය කොට ඇති බවයි. BJP ප්‍රමුඛ කොට ගත් මෝඩි රජය විසින් සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ඔස්සේ, ඉන්දියාවේ නාගරික සංවර්ධනයෙහි ආදර්ශමත් පෙරළියක ප්‍රතිඵල එහි ප්‍රථම ධූර කාලයේ දී අත්පත් කර ගත් බව අගමැති මෝඩි තහවුරු කළේය. එම මූලික කර්තව්‍ය මඟින් වාර්තාගත ආයෝජනයක්, වේගයක්, තාක්ෂණයේ භාවිතය සහ මහජන සහභාගීත්වය අත්දුටු බව ඔහු ඊට එක් කළේය. “නාගරික යටිතල පහසුකම් තවදුරටත් දියුණු කිරීමට අපි කැපවී සිටින්නෙමු. අපේක්ෂාවන් මිලියනයකට අත්තටු ලබා දෙන, සැමට නිවසක් සැපයීමේ සිහිනය සාක්ෂාත් කර ගැනීම පිණිස, කිසිදු ගල් කැටයක් නොහරවා තිබීමට ඉඩ නොතබමි.” යැයි අගමැති මෝඩි මැතිතුමා පැවසුවේය. 2014 දී, ස්වාච් භාරත් (පිරිසිදු ඉන්දියාවක්) සහ ග්‍රාමීය ඉන්දියාවේ ජන ජීවිතය නඟා සිටු වීම අවධාරණය වූයේ නම්, මෙම පෙරගමනට නොකඩවා බාධාවක් එල්ල නොවන්නට ඉඩ තිබුණි. සමාජ වෙළෙඳ ව්‍යාපාර සහ ස්වෙච්ඡා සංවිධාන සඳහා උපකාර කිරීමට අපේක්ෂා කරන ඉලෙක්ට්‍රොනික අරමුදල් රැස් කිරීමේ කරළියක් ඔස්සේ සිදු කරන සමාජ කොටස් හුවමාරුව සහ “ගෝන්, ගරීබ් සහ කිසාන්” (ගම, දිළිඳුකම සහ ගොවියා) වැඩසටහන ඇතුළු නව සුභසාධන වැඩපිළිවෙලවල් කිහිපයක් අයවැය මඟින් යෝජනා කෙරිණි. මේ රේඛාවේ යමින්, 2022 වන විට සෑම නිවසකටම ගෑස් සම්බන්ධතා සහ බලශක්ති සැපයුම, පිළිවෙලින් උජ්වල වැඩසටහන සහ ප්‍රධාන් මන්ත්‍රී සහාජ් බිජ්ලි ගාර් යෝජනා වැඩසටහන ඔස්සේ ලබා දීම අයවැයේ අරමුණ වේ. එම වසරේදීම, ග්‍රාමීය ඉන්දියාවේ මිලියන 19.5 ක නිවාස ඉදි කිරීමට සහ බෙදා හැරීමට ද රජය විසින් ඉලක්ක කොට ඇත. කෙසේවෙතත්, බෙහෙවින් කතා බහට ලක් ව ඇති වැඩපිළිවෙල, “වාර් ගාර් ජාල්” ( සෑම නිවසකටම ජලය) මත අවධාරණය කර ඇති, ජාල් ශක්ති අභියාන් වන අතර, මේ සඳහා ජලය තීරණාත්මක වී ඇති, දිස්ත්‍රික්ක 256ක තට්ටු නිවාස 1592ක්, දැනටමත් රජය විසින් හඳුනා ගෙන ඇත.

ඉදිරි මඟ
ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම, පරිභෝජනය වර්ධනය කිරීම සහ ඵලදායීතාව ඉහළ නැංවීම මඟින්, වසර පහක් තුළ දී ඉන්දියානු ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක් දක්වා ආසන්න වශයෙන් දෙගුණයකින් ඉහළ නැංවීමේ ස්වකීය දැක්ම, අගමැති මෝදි විසින් මෑතකදී නිවේදනය කිරීමත් සමඟ, අවිශ්වාසීහු තම දෙබැම ඉහළ දැමූහ. නමුත් ඔහු විස්තර කරන පරිදි, අධිෂ්ඨානය සහ වෙහෙසී වැඩ කිරීම ඔස්සේ, මෙය සාක්ෂාත් කර ගත නොහැකි ක්‍රියාවක් නොවේ.
පෙරදක්නා අනාගතයෙහි ඇති විය හැකි ශක්තිමත් සැඩපහර වළක්වාලීමට සහ නිර්භිතව කටයුතු කිරීමට රජයට සිදු වන බැවින්, රජයේ දැක්මට කිසිදු සැකයකින් තොරව සැලකිය යුතු මට්ටමින් ප්‍රතිසංවිධාන අවශ්‍ය වනු ඇත. බැංකුකරණ ක්ෂේත්‍රයේ අක්‍රීය වත්කම් වර්ධනයට සොයා බැලීම, අපනයන ඉහළ නැංවීම, ඕනෑම ආකාරයක කෘෂිකර්ම අර්බුදයක් කළමනාකරණය කිරීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රඥාව කැප කිරීමකින් තොරව,රාජ්‍ය ආයෝජන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය ඉහළ නැංවීම යනාදි කරුණු සඳහා ස්ථාවර පියවර ගැනීමට රජය සැලසුම් කරයි. ව්‍යාපාර කටයුතු පහසු කිරීම සඳහා බදු ව්‍යුහය නිරවුල් කිරීම සහ පුළුල් බදු දැලක් තහවුරු කිරීම, වර්තමානයේ අනුමත කරන ලද GST (භාණ්ඩ හා සේවා) කෙටුම්පත සමඟ යෝජනාවට දැනටමත් සකස් කොට ඇති සැලසුම් මීට අවශ්‍ය වනු ඇත.

ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන මිලියනයක්, රහස් ඡන්ද විමසීමේ ඒකක මිලියන 2.33ක්, පාලන ඒකක මිලියන 1.63ක්, VVPAT මිලියන 1.74ක් (ඡන්දදායකයන් සත්‍යාපනය කළ හැකි ලේඛන විගණන මංපෙත්), ඡන්ද විමසීමේ කාර්ය මණ්ඩල මිලියන 11ක් සහ ආසන්න වශයෙන් කාන්තා ඡන්දදායිකාවන් මිලියන 729ක් සමඟ, 2019 ඉන්දියානු මහ මැතිවරණය ලෝකයේ මෙතෙක් කල් පවත්වා ඇති විශාලතම මැතිවරණ කර්තව්‍යය ලෙස හැඳින්විය හැකිය. ඡන්ද දායකයන් දක්වන කැමැත්ත අර්ථකථනය කෙරෙන යුගයක් අග්‍රාමාත්‍ය මෝඩි හට පිරිනමා තිබේ. නමුත්, ඔසාකා G20 සමුළුවේ දී ඉන්දියාවේ ධනාත්මක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සිට ගැන්ම සමඟ දෙගුණ වූ, මෑතක දී නිවේදනය කරන ලද මූල්‍ය සහ සුභසාධන ප්‍රතිපත්ති මඟින් අනාවරණය වන්නේ, ඉන්දියාව නිදහස් රාජ්‍යයක් ලෙස 75 වැනි වසරට පා තැබීමත් සමඟ, නව ඉන්දියාවක් නිර්මාණය කිරීම උදෙසා රජය දැනටමත් නිවැරදි මඟක ගමන් ගන්නා බවයි.