ඉවුම් පිහුම්

රිදීතිරයේ උරුමය

නිකුතුව 05, 2019

රිදීතිරයේ උරුමය



සම්භාවනීය ලෝක සිනමාවේ නමක් දිනාගත් ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරුන් කරා ආපසු හැරෙන අහිමිව ගිය භාෂාවෙන් තැබූ හා ප්‍රාදේශීය චිත්‍රපටවලින් සුසැදි ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලෙහි 50වන සංස්කරණය හුදෙක්ම හොඳ සිනමාවක් පිරිනැමුවාටම පමණක් නොව ඊට වැඩි යමක් ලෝකය හමුවේ තැබුවාට සම්මාන දිනා ගති

ඉන්දියාවේ විශිෂ්ටතම අන්තර්ජාතික සිනමා නිෂ්පාදන අතරින් කිහිපයක් ප්‍රදර්ශනය කිරීමට මීට වසර 50ට ප්‍රථම ඇරඹි සිනමා උළෙල, අද වන විට ලොව වඩාත් කීර්තිමත් ම සිනමා ප්‍රදර්ශන උළෙලවල් අතරින් එකක් බවට පත් ව ඇත. අමිතාබ් බච්චන්, රැජ්ණිකාන්ත් වැනි ඉන්දීය විනෝදාශ්වාද කර්මාන්තයේ සුපිරි ප්‍රබලයන් සහභාගී වූ සමාරම්භක තරු පිරි උත්සවයක් සමඟ, ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙල ගෝවාහි පන්ජිම් ප්‍රදේශයේ නොවැම්බර් 20 වන දින, 50 වන වසරටත් එහි තිර එසවීය. ඉන්දියානු රජයේ තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය විසින් මෙන්ම, ගෝවා රජය විසින් සංවිධානය කරන ලද උළෙල ආසියාවේ ප්‍රථම සිනමා උළෙලවල් අතරින් එකක් පමණක් නොව, වඩාත් වැදගත්ම සිනමා උළෙල ලෙස ද කිව හැකිය.

කාන්තාවන් සහ ඔවුන්ගේ සිහින

මෙම අවස්ථාවේ දී රටවල් 76 කින් චිත්‍රපට 200කට අධික ගණනක් තිරගත කෙරිණි. එනමුත් මෙහි ප්‍රධාන අරුත වූයේ අව්‍යාජ චිත්‍රපට ගණනාවක්, එනම් චිත්‍රපට 50ක්, කාන්තාවක් විසින් හෝ කාන්තාව කේන්ද්‍ර කර ගත් ආයතනයකින් පාලනය කරනු ලැබීමයි. මෙම චිත්‍රපට කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ සිහිනවල විශ්මයජනක කතා මතු කොට පෙන්වයි. වඩාත් කැපී පෙනුණු චිත්‍රපට ද්විත්ත්වයට අයත් වූයේ ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන හිකාරිගේ තර්ටි සෙවන් සෙකන්ඩ්ස් සහ ඉරාන ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සමිරා මැක්මැල්බැෆ්ගේ ඇට් ෆයිව් ඉන් ද නූන් (සන්ධ්‍යාවේ සවස 5 ට) චිත්‍රපට ද්විත්වයයි.

සිහින දැකීමට නොබිය වූ කාන්තාවන් පිළිබඳ අවධාරණය යොමු කර තිබූ තවත් චිත්‍රපට කිහිපයකට ශාහ්ගේ හෙලරාවෝ සහ සමීර විද්වාන්ගේ ආනන්දි ගෝපාල් ඇතුළත් විය. 19 වන සියවසේ අගභාගයේදී පෙනිසිල්වේනියාවේ කාන්තා වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඉන්දියාවේ ප්‍රථම කාන්තා වෛද්‍යවරිය වන ආනන්දි ගෝපාල් ජෝශිගේ ජීවිත කතා පුවත මත පදනම්ව ආනන්ද ගෝපාල්ගේ මාරාති චිත්‍රපටය නිර්මාණය වී ඇත.

මට හරිම සතුටුයි මෙම අවස්ථාවට සහභාගි වෙන්න ලැබීම පිළිබඳව. මම ඉන්දියානු රජයටත් ගෝවා රජයටත් මා හට ආරධනය කිරීම සම්බන්ධව ස්තූතිවන්ත වනවා. චිත්‍රපට සැමවිටම මගේ ජීවිතේ දැවැන්ත කොටසක් වෙලා තිබෙනවා. ගෝවා හි පවත්වන වන මෙවැනි පරිමාණයේ උත්සවයකින් ගෝවා හි වෙසෙන ජනතාවට ලෝකයේ සිදු වෙමින් පවතින දේ කුමක්දැයි දැන ගැනීමට මෙන්ම, ඊට නිරාවරණය වීමටත් අවස්ථාව සැලසෙනවා. ඒ වගේම අපිටත් මිනිසුන් හමු වී ඔවුන් සමඟ මුහු වීමට අවස්ථාවක් මෙයින් ලබා දෙනවා

අමිතාබ් බච්චන්
ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක සහ පද්ම විභුෂණ සම්මානලාභී

ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ අරමුණ වන්නේ 2200 වසරකට අධික කලකට පෙර, නාට්‍ය ශාස්ත්‍ර දක්වා මතු කොට දැක්විය හැකි රටක් වන ඉන්දියාවෙන් විනෝදාශ්වාදයේ මූලාරම්භය හට ගන්නා බව පෙන්වා දීමයි.

අමිත් කාරේ ලේකම්,
තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය, ඉන්දියානු රජය

ප්‍රාදේශීය අවධාරිතය

මෙම උත්සවය විසින් සැම විටම ප්‍රාදේශීය ඉන්දියානු චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සඳහා අවධාරණය කරනු ලැබෙන අතර, මෙම වර්ෂයේ එය යළි අවධාරණය කෙරිණි. උළෙලේ ප්‍රාදේශීය සිනමා සංඛ්‍යා අතරින් විශාලතමය බවට පත් කරමින්, ඉන්දියාවේ පරිදර්ශන (විශේෂාංග චිත්‍රපට) අංශයේ දී, මාරාති චිත්‍රපට පහක් තිර ගත කෙරිණි. ප්‍රාදේශීය චිත්‍රපට කිහිපයක අවධාරිතය වූයේ ඉන්දියාවේ ස්වදේශීය උරුමය රැක ගැනීම ය. ඊසානදිග ඉන්දියාවෙන් තිර ගත කරන ලද චිත්‍රපට ත්‍රිත්වයකින් නශ්‍ය වී ගිය භාෂා මතු කර පෙන්වීය. උළෙලේ වඩාත් කතාබහට ලක් වූයේ, සැඟ වී යන පන්ග්චෙන්පා උපභාෂාව භාවිත කරන, ජාතික සම්මාන ලාභී ඇසෑමීය චිත්‍රපට නිමැවුම්කරුවෙකු වන මංජු බෝරාගේ ඉන් ද ලෑන්ඩ් ඔෆ් පොයිසන් විමෙන් නම් චිත්‍රපටය පිළිබඳවය. අසාමාස් චිත්‍රපට නිපැයුම්කරුවකු වන උත්පල් දුත්තාගේ බොහුබ්‍රිතා නම් අද්විතීය කාව්‍ය ශෛලියකින් රූ ගත කොට ඇති චිත්‍රපටය සහ ගාරෝ/ කාසි භාෂාවෙන් නිම කර ඇති, ප්‍රදීප් කුර්බාගේ ලෙව්දූ නම් චිත්‍රපටය ද නිරීක්ෂණයට ලක් විණි.

මගේ ජීවිතයේ බොහෝ අපූරු අවස්ථා තිබෙනවා. ඉන් එකක් තෝරා ගැනීමට අපහසුයි. මම බොහෝ විශිෂ්ට මිනිසුන්, විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් සමඟ වැඩ කර තිබෙනවා… යන්න. ගිහින් චිත්‍රපටි බලන්න. ඒක හොඳ පණිවුඩයක්”

ඉසබෙල් හපර්ට්
ප්‍රංශ රංගන ශිල්පී

අප චිත්‍රපට අනු – නිෂ්පාදනය කිරීමට පුරුදු වී ඇති අතර, විවිධ පුද්ගලයන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීම මනරම් ය. අප දුරින් සිටියත්, චිත්‍රපට අවබෝධ කර ගන්නා අපි, එකම පවුලක් වන්නෙමු.””

ගෝරාන් පස්කල්ජෙවික්
සර්බියානු චිත්‍රපට අධ්‍යක්ෂක, ඩෙස්පයිට් ද ෆොග් (හිම නොතකා)

ආපසු හැරී බලන කල

950 සහ 1970 අග භාගයේ දී, කතාව, නළුතිළියන් සහ අයවැය යනා දී පැතිකඩවලින් වාණිජ චිත්‍රපටවලට පැහැදිලි වෙනසකින් යුත් චිත්‍රපට ඉදිරිපත් කළ නව අධ්‍යක්ෂවරුන්ගේ සංගමයකගේ පිබිදීමත් සමඟ, ඉන්දීය සිනමාව ද පිබිදීමකට ලක් වුණි. ම්‍රිනාල් සෙන්, අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන්, ශ්‍යාම් බෙනිගාල් සහ මානි කවුල් වැනි ප්‍රබල පුද්ගලයින් මෙම කාණ්ඩයට අයත් වේ. ලියුම් කවරය තල්ලු කිරීමට නිර්භය වූ, එවැනි අධ්‍යක්ෂකවරුන් අට දෙනෙකුගේ චිත්‍රපට දොළහක් “ඉන්දියානු සිනමාවේ නව රැල්ල පිළිබඳ අතීතාවර්ජනය” නම් විශේෂ අංශයේ දිස් විණි. ප්‍රථමයන්ගේ හමුවීම් මාලාවක දී, උළෙලෙහි ඉන්දියානු චිත්‍රපට 90ක මංගල දර්ශන ද, ලෝක චිත්‍රපට 6ක මංගල දර්ශන සහ ආසියානු චිත්‍රපට 11ක මංගල දර්ශන ද, සජීවි සංගීතයෙන් කැටුව ගිය නිහඬ චිත්‍රපට ත්‍රිත්වයක් ද තිර ගත කෙරිණි. මෙම වර්ෂයේ දී ද,

2018 ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙහි 50 වන මුහුණුවර සඳහා තිර එසවුමක් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රදර්ශනයක්

“ මිනි මූවි මේනියා කෙටි චිත්‍රපට තරඟය” නම් වූ චිත්‍රපට නිපැයුම් තරඟයක් පැවැත් වුණි. චිත්‍රපට උළෙල සැම විටම හුදෙක් චිත්‍රපට තිර ගත කිරීම සඳහා වේදිකාවක් ම පමණක් නොවූ අතර, නිර්මාණශීලී අදහස් හුවමාරු කර ගැනීමට සහ සාකච්ඡා පැවැත්වීමට ස්වාධීන සංසඳයක් ලෙස ද මෙහෙයවනු ඇත. අන්තර්ජාතික නිර්මාණශීලී සහෝදරත්වයේ ප්‍රබල හඬවල්වල සහභාගීත්වයෙන්, සත්‍යජිත් රේ ගේ “ සිනමාවේ අමුද්‍රව්‍ය යනු ජීවීතයම ය.” නම් වදන් යළි අවධාරණය කරමින්, සමාජයට කැඩපතක් වීමේ සිනමාවේ ප්‍රධානතම අරමුණ සපුරාලීමට අන්තර්ජාතික සිනමා උළෙල ඉඩප්‍රස්තාව සලසා දෙයි.

වම: භු කම්පන සිදු වීමක් සමඟ උත්සාහ දරන ටිබෙට් ජාතික පවුලකගේ කතාව සිනමාගත කළ, පේමා ත්සේඩන්ගේ බෑලූන් නමැති චිත්‍රපටය, 2019 වර්ෂයේ ඉන්දීය අන්තර්ජාතික සිනමා උළලෛහි විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය.දකුණ: බ්ලෙයිස් හැරිසන් විසින් අධ්‍යක්ෂණය කරන ලද, ලෙස් පාර්ටිකියුලස් (හෝ පාටිකල්ස්) නම් චිත්‍රපටය ස්වර්ණ මයුර සම්මානයෙන් පිදුම් ලැබීය.

භූමියේ ආකර්ෂණීය ස්ථාන

අවධාරිතයේ

2019 ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලෙහි “අවධාරිත රට“ වූයේ රුසියාවයි, එම රටින් ලෝක සිනමාවට සිදු කළ මෙහෙය සහ එරටෙහි සිනමා අනර්ඝත්වය පිළිබිඹු කරමින්, චිත්‍රපට අටක් තිර ගත කෙරිණි. මෙම වසරෙහි උත්සවශ්‍රී අවස්ථා අවධාරිත චිත්‍රපට නිමැවුම්කරුවා වූයේ තකාශි මයික් ය. ජපානයට ගෞරවයක් එක් කරන ඔහු, ලොව වඩාත් ඉදිරියෙන් ම සිටින චිත්‍රපට නිමැවුම්කරුවන්ගෙන් අයෙකු ලෙස පිළිගැනෙයි. මයික්ගේ ප්‍රසංග තලය නාට්‍ය ස්වරූපයේ සිට පවුල් – මිත්‍රශීලී චිත්‍රපට දක්වා විහිදෙන අතර, ඒවා උළෙල අතරතුර දී ප්‍රදර්ශනය කෙරිණි.

වචනවලින් තොරව එය පවසන්න

සජීවි සංගීතය සමඟ නිහඩ චිත්‍රපට, මෙම වසරේ උත්සවශ්‍රීයෙහි සුවිශේෂී කාරණයක් වූ අතර, කලක් චිත්‍රපට නැරඹීමේ ක්‍රමවේදයක් ලෙස ප්‍රචලිත වූවකට ප්‍රණාමය පිදීමේ කොටසක් ලෙස එය සිදු කෙරිණි. මෙම අංශයේ දී, ඇල්ෆ්‍රඩ් හිචොක්ගේ බ්ලැක්මේල්, සර්ගෙයි අයින්ස්ටන්ගේ පොටම්කින් සහ ජී.ඩබ්ලිව් පැබ්ස්ට්ගේ පැන්ඩොරාස් බොක්ස් යන සම්භාව්‍ය චිත්‍රපට ත්‍රිත්ත්වය තිර ගත විණි.

වදන් පෙළ ගජනන් ‌කේර්ගම්කර් ගෙනි

ගජානන් කෙර්ගම්කර් යනු ග්‍රන්ථ කර්තෘවරයෙක්, සොලිසිටර්වරයෙක් සහ තින්ක් ටෑන්ක් ඩ්‍රාෆ්ට් ක්‍රාෆ්ට් ඉන්ටනැෂනල් හි වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වේ. ඔහු ද ඩ්‍රාෆ්ට් හි ආරම්භක කර්තෘ වේ. ඔහු නීතිය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දේශසීමා ගැන ලියයි.
error: Content is protected !!