පෞරුෂය

පුරෝගාමියෙකුගේ උරුමය

නිකුතුව 03, 2020

පුරෝගාමියෙකුගේ උරුමය



කැපීපෙනෙන අනායාසයක් සමඟ ප්රැයත්න දරන ලද වඩාත් ගතානුගතික නොවන භූමිකා කිහිපයක් සමඟ සම්බන්ධ වූ ඉර්ෆාන් කාන් කීර්තියට පාත්රත වූයේ ඔහු දැක් වූ විශ්මයජනක ඉදිරිපත් කිරීම් සඳහා සතු වූ හැකියාවට පමණක් නොව, එනමුත් ඔහුගේ නිහතමානී හැසිරීම් ලීලාව ද සඳහා ය. ඔහුගේ ක්ෂණික කීර්තියක් ඇති කළ පිබිදීම අකාලයේ ඔහු මිය යාමත් සමඟ කෙටි වූව ද, මෙම පද්ම ශ්රීී ලාභී රංගධරයාගේ වෘත්තීය දෙස අපි යළිත් ගෙන හැර බලමු

ඉර්ෆාන් කාන් දුර්ලභ පිළිකා වර්ගයකින් පීඩා විඳින බව සෑම දෙනාම දැන සිටියත්, ඔහුගේ අවසාන චිත්‍රපටිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු අන්ග්‍රේසි මාධ්‍යයේ වීඩියෝ පණිවුඩයක් යැවූ විට, ඔහු යළිත් රිදී තිරය බබළවන්නට පැමිණෙනු ඇතැයි ඔහුගේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වූහ. එහෙත්, කොවිඩ් – 19 වසංගතය අතරතුර ඔහුගේ මරණයේ පුවත දැන ගන්නට ලැබුණු විට, එය ඉතා අනපේක්ෂිත පුවතක් බවට පත් වුණි. එය සාමූහික සහ ටිකෙන් ටික දුක් දෙමින් තිබූ දොම්නස් රැල්ලක් බාර ගැනීමක් මෙන් විය. කිසිදු ප්‍රදර්ශනය කිරීමක්, මහජන ශෝක වීමක් නොතිබුණු නමුත්, ඒ හිස් බව පැහැදිලි ලෙස ප්‍රකට වුණි.

සඳහටම ප්‍රවණතා සකස් කරන්නෙක්

ඔහුගේ සමකාලීනයන් ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් ආශාවන් හඹා යමින්, ඒවාට යටත්ව කාර්යබහුලව මිලියනයන් ගණන් කරමින් සිටින විට, සාහීබ්සාදේ ඉර්ෆාන් අලී කාන් (ඔහුගේ සත්‍ය නම) ඉන්දියාවේ සහ එතෙර ගතානුගතික නොවන සහ අභියෝගාත්මක භූමිකා රඟ දැක්වීමට තෝරා ගත්තේය. සුපිරි තාරකාවක වන ඇන්ජලීනා ජොලී සමඟ ඔහු රඟ පෑ, වොල් ස්ට්‍රීට් ජ’නලයේ දකුණු ආසියාතික වාර්තාකරු වන ඩැනියල් පර්ල්ගේ මිනීමැරුම මත පදනම්ව නිර්මාණය කළ, මයිකල් වින්ටර්බොටම්ගේ ‘අ මයිටි හාට් (2007) නම් චිත්‍රපටය; මිරා නේර්ගේ ‘ද නේම්සේක්’ (2006) චිත්‍රපටය සහ ඉන්පසු 2008 දී, ඩැනී බොයිලේගේ ස්ලම් ඩෝග් මිලයනඑයර් යනාදී චිත්‍රපට මඟින් ඔහුව හින්දි චිත්‍රපට කර්මාන්තය අභිබවා, වේගයෙන් ඉදිරියට යැවුණු අතර, ඔහු උත්සව ගමන් මඟෙහි ප්‍රණාමයට පාත්‍ර වුණු බවත්, ලෝක වාණිජ සිනමාවේ පිළිගැනීමට ලක් වූ බවත් සහතික කෙරිණි. ඉන්දීය සහ ජාත්‍යන්තර ප්‍රෙක්ෂක ජනතාවට සුප්‍රකට වූ ඔහු, සියුම් දස්කමින් යුත් චරිත ගණනාවක් ඉදිරිපත් කරමින්, තිරය මත නොයෙක් සමර්ථකම් ඇති පුද්ගලයෙකු ලෙස රංගනයෙහි යෙදුණේය.

ඉර්ෆාන් කාන් ( කලින් සඳහන් වන ආගම සහ පෙළපතෙහි සලකුණක් ලෙස රංගධරයා ඔහුගේ පෙළපත් නාමය ඉවත් කරන ලදී) යන “පොදු මිනිසාගේ තරුව” ලෙස පුළුල් ලෙස හඳුනා ගෙන තිබෙන රංගධරයා වසර දෙකකට ආසන්න කලක් පිළිකාව සමඟ සටන් වැද, 2020, අප්රේෙල් 29 දින අභවප්රාවප්ත වූවේය

1987 වර්ෂයේ දී ජාතික නාට්‍ය පාසලෙන් ඔහුගේ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, මුම්බායේ පදිංචියට ගිය කාන්, එහි දී විවිධ රූපවාහිනී කතාමාලාවල රංගනයෙන් දායක වූයේය. ඔහු අරගලයෙහි යෙදෙන දිනවල දී රූපවාහිනියේ සහ කඩින් කඩ පෙනී සිටීමට ඔහු සිදු කළ උත්සාහය ඔහු සිටි තත්ත්වයෙන් ඉහළට ගෙන ඒමට දිරිමත් කළේය. ඇගේ අනාගත බිරිඳ වූ සුටාපා සික්දා ද ඔහු හට මුණ ගැසුණේ නාට්‍ය පාසලේ දී ය“ ඇය මතකයට නගයි. ”ඔහු හැමවිටම අවධාරණයෙන් සිටියා. ඔහු ආපසු එන විට, කෙළින්ම යන්නේ නිදන කාමරයටයි. එහි ගොස් බිම හිඳ ඔහු පොත් කියවනවා. සෙසු අපි සියල්ල වටේට හිඳ ඕපාදූප කතා කරනවා මට මතකයි.” යැයි ඇය මතකය අවදි කරයි.ඔහුගේ පුදුම සහගත බහුශ්‍රැතබාවය සඳහා ප්‍රකට ඉර්ෆාන් හට ශෛලියත් සමඟ රඟ දැක්වීමට නොහැකි වූ කිසිදු එක් චරිතයක් හෝ නොමැත. එහෙත් ඔහු කිසිදිනක වාණිජ සහ සමාන්තර සිනමාව අතර කීර්තියට පත් නොවීය. බොලිවුඩයේ සාර්ථකත්වය ළඟා කර ගෙන තිබුණ ද,එය නොතකමින් ඔහු අභියෝගාත්මක ව්‍යාපෘති සඳහා හොළිවුඩයේ අවදානම ගෙන සිනමා කටයුතුවල නිරත වීමට ඇතැම් විට මෙය හේතුවක් වන්නට ඇත.

ඔහුගේම එකමුතුවක්

ඉර්ෆාන් සිනමා තිරයේ දස්කම් පෑමට දැඩි සේ ඇලුම් කළේය. 1988 වර්ෂයේ දී ගෞරවයෙන් පිළිගන්නා ලද, මීරා නේර්ගේ සලාම් බොම්බේ හි කෙටි විචිත්‍ර රංගනයක් වූ වඩාත් කුඩා චරිතයක ඔහු කළ ඉදිරිපත් කිරීම ඔහුගේ සිනමා වෘත්තියට දැවැන්ත සාර්ථකත්වයක් ඇති කළේය. නීරස චරිත සිය ගණනක් සහ අසාර්ථක චිත්‍රපට ගණනාවක දශකයකට පසුව, හිමාචල් ප්‍රාදේශ් සහ රාජස්තාන්හි රූගත කෙරුණු ‘ද වොරියර්’ (රණශූරයා) යන චිත්‍රපටයේ ලන්ඩනය පදනම් වූ අසීෆ් කපාඩියා ඔහුට පෙරමුණ ලබා දීමත් සමඟ කාරණා වෙනස් වුණි. 2001 වර්ෂයේ දී චිත්‍රපටය තිරගත කෙරුණු අතර, ඉර්ෆාන් කාර් ලොව පුරා සුප්‍රකට මුහුණක් බවට පත් කරමින්, චිත්‍රපට උළෙලවල් කීපයක දී එය ඇඟයීමට පාත්‍ර වුණි.

 ආලෝකමත් මොහොතක් භුක්ති විඳින ඉර්ෆාන් සහ කෙලී මැක්ඩොනල්ඩ්

පරිසමාප්තිය

ඉර්ෆාන්ට අනුව, ජවනිකාව නිමා වීමෙන් අනතුරුව ද ඔහුට යළි යළිත් මතකෙට නැඟෙන, ඔහුව අමතන ආකාරයේ දිගු බලපෑමක් ඇති කර යා හැකි චිත්‍රපට කිරීමට ඔහුට අවශ්‍ය වුණි. ඔහු ප්‍රේක්ෂක ජනයා සමඟ දිගුකාලීන සබඳතාවක් ගොඩ නැඟූ චිත්‍රපට තෝරා ගැනීමට ප්‍රිය කළ බව පැවසුවේය. මෙම අතිදක්ෂ රංගධරයා වරක්, “අනර්ඝත්වය සොයා යන ආත්මයක් ලෙස මම තෘප්තිමත් සහ සතුටට පත් වන අතර, මම ඔහුගේ පැවැත්ම සහ ජීවිතයේ අභිරහස සමඟ සාමයක් තවමත් ඇති කර ගෙන නොමැති” යැයි පැවසුවේය. සෑම චරිතයක්ම සමඟ ඔහුගේ උපරිමය විදහා දැක්වීමට ඉර්ෆාන්ගේ සිනමාරූපී ප්‍රතිභාසම්පන්නබව බොහෝ විට නොකඩවා දිරි ගන්වන ලද්දේ, අනුමාන වශයෙන් මෙම අදහස විය හැකිය.

වදන් පෙළ ආර්තී කපූර් සිං ගෙනි

ආර්තී විවිධ මාධ්‍යවලින් අත්දැකීම් ලබා දශක දෙකකට ආසන්න කාලයක් ස්වාධින රචනයේ යෙදෙන අතර සිනමා අධ්‍යයන ඇසුරින් ආචාර්ය උපාධිය ලබා තිබේ. සිනමාව හා බැඳි අධ්‍යයන අත්කර ගැනීමෙන් පසුවත් ඇය දැන් ලෝකය හඳුනා ගැනීම සඳහා ඇයගේ ආචාර්ය උපාධිය ආරක්ෂා කරමින් ලෝකයට තම දස්කම් ඉදිරිපත් කරයි. ඇය ආහාර, සුඛෝපභෝගීතාව, චිත්‍රපට, සංචාර, යෝග්‍යතාව සහ සැමරිය යුතු දේ සහ පුද්ගලයින් සමරමින් රචනයේ යෙදෙයි.
error: Content is protected !!