ඉන්වෙස්ට් ඉන්ඩියා හි බලපෑම
වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති, ලාභ ලැබීමේ අරමුණින් තොර (සුබසාධනය අරමුණු කොට ගත්) ව්‍යාපාරයක් වන ඉන්වෙස්ට් ඉන්ඩියා 2009 දී පිහිටුවා ඇති අතර, ඉන්දියාවේ අනර්ඝතම ආයෝජන කිරීමේ ආයතනවලින් එකක් බවට පත් ව තිබේ
විදේශ ආයෝජන සඳහා කදිම අයුරින් ගැළපෙන යුගයකට දේශය පිවිසෙන අවස්ථාවක,‘නව ඉන්දියාවේ අත්දැකීම’ ත් සමඟ විවිධ බහු ජාතික සංස්ථා ප්‍රීතියෙන් මවිතයට පත්ව ඇත. වැඩසටහන් සහ නව හා යහපත් ඉන්දියාවක් වෙත පරිවර්තනය කිරීමට නායකත්වය ගන්නා, ඇපකැපවී සිටින තරුණ කැල විසින් මෙම ආයෝජන ප්‍රේරණයට සහයෝගය සපයනු ලැබේ. පාලන අධිකාරීවරුන්ගෙන් ලැබෙන පුළුල් සහයෝගයට අමතරව, ආයෝජන ඉහළ නංවන හා ඊට පහසුකම් සලසන විවිධ සංවිධාන කිහිපයක් මෑතකදී ස්ථාපනය කොට ඇත. මේවායෙන් වඩාත් කැපී පෙනෙන කාරණය වන්නේ, 2009දී, වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳාම සංවර්ධනය සඳහා වන දෙපාර්තුමේන්තුව යටතේ ස්ථාපිත මෙම ආයතනය ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් වීමයි. රට තුළ තිබෙන අවස්ථා පිළිබඳ ලොව වටා සිටින විභව ආයෝජකයන් දැනුවත් කිරීමේ ප්‍රයත්නයේ, ඉන්වෙස්ට් ඉන්ඩියා පෙරමුණේ සිටී. ඊට තිරසාර ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීමට අභ්‍යන්තරික කණ්ඩායමක් ද ඇත. තරමක් විශාල ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතන හා බහුපාර්ශ්වික සංවිධාන සමඟ ද ඉන්වෙස්ට් ඉන්ඩියා ආයතනය අත්වැල් බැඳගෙන ඇත.
හුන්ඩායි මෝටර් යනු ඉන්දියාවේ තිබෙන සමාගම් සඳහා අයෝජන පහසුකම් සැපයීමට එක් උදාහරණයකි. 1996 වර්ෂයේදී ස්ථාපිත හුන්ඩායි මෝටර් ඉන්දියා යනු රටවල් 88කට වැඩි ගණනකට අපනයනය කරන, ඉන්දියාවේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයායි. ඉන්වෙස්ට් ඉන්ඩියා මඟින් සහයෝගය ලද මෙම සමාගම, ඉලෙක්ට්‍රොනික වාහන නිෂ්පාදනය සඳහා තමන් සතුව පවතින පහසුකම වර්ධනය කිරීමට,ඉන්දියානු රුපියල් බිලියන 70ක් ආයෝජනය කිරීමට තමිල්නාඩු රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත. දින 60කට වැඩි කලක් තුළදී පියවීමට, ඉන්වෙස්ට් ඉන්ඩියා ඉන්දියානු ප්‍රාන්ත කීපයක නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ සහ ප්‍රවර්ධනය හා පහසුකම් සැපයුම්කරණය, ආයෝජන ඉලක්ක කිරීම සඳහා වඩාත් සුදුසු ගෝලීය ක්‍රියාමාර්ග ගෙන ඒමට සිදු කළ ක්‍රියාකාරී ප්‍රයත්නයන් මඟින්, හරියානා රජය සමඟ තම ඉඩම් අත්පත් කරගැනීමේ ගිවිසුම වේගවත් කර ගැනීමට සමාගමට හැකි විය.
ගෝලීය සබඳතා
ඉන්වෙස්ට් ඉන්ඩියා හි ඉහළ පෙළේ විධායක නිලධාරීන් ද විවිධ විදේශ රටවලට දැඩි සෙයින් සංචාරය කරන අතර, විවිධ රටවල රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයක් සමඟ සබඳතා පවත්වයි. ඉන්දියාවේ සහ එතෙර සහට ගන්නා සංවර්ධනයන්වලට ඔවුන් ක්ෂණයෙන් ප්‍රතිචාර දක්වන අතර, ගෝලීය ආයෝජන දැවැන්තයින් සමඟ සබඳකම් පවත්වමින් ප්‍රතිපත්ති සම්පාදනය කරයි.
2019, අප්‍රේල් මස, රියාද්හි සහ ජෙඩාහි සවුදි අරාබියානු නිලධාරීන් සමඟ පැවති සබඳතා, ඉන්වෙස්ට් ඉන්ඩියා හි වර්ධන වේගය සහ කාර්යක්ෂමතාවට කදිම නිදසුනකි.සවුදියේ කිරුළ හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුල් අසීස් අල් සාවුඩ් නම් වූ, පාලක පැළැන්තියේ කිසිවෙකු විසින් ඉන්දියාවට කළ සංචාරයෙන් මාස දෙකක් ගත වූ පසු, ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එහි සිටින ඉහළ ශ්‍රේණි දරන විධායකයන් සමඟ සාකච්ඡා කිරීමට සවුදි අරාබි රාජධානියට සංචාරය කළේය. ව්‍යාපාර සම්මන්ත්‍රණ නගර දෙකක පැවැත්වුණු අතර, ඒවා ඉන්වෙස්ට් ඉන්ඩියා සහ සවුදි අරාබියානු සාමාන්‍ය ආයෝජන අධිකාරිය (SAGIA) විසින් සංවිධානය කර තිබුණි. ඉන්දියාවේ උසස් නිලධාරීන් විසින් දෙරටෙහි කර්මාන්ත අතර හවුල්කාරීත්වයේ සහයෝගීතා සහ ප්‍රවේශ මාර්ග ගවේෂණය කොට ඇත. සෞදි රාජධානියේ ආයෝජකයන් හට ඉන්දියාව ලබා දුන් පුළුල් අවස්ථා පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.
ක්‍රියාකාරී සහභාගීත්වය
සවුදි අරාබියට අමතරව, සිංගප්පූරුව, තායිලන්තය සහ මැලේසියාව වැනි රටවලට සංචාර කළ අතර, එහිදී ඉන්වෙස්ට් ඉන්ඩියා නිලධාරීහු ඉන්දියාව සහ අදාළ ජාතීන් අතර හවුල්කාරීත්වයේ සහයෝගීතා සහ ප්‍රවේශ මාර්ග ගවේෂණය කළහ. ඉන්දියාවේ තිබෙන අවස්ථා පිළිබඳ සම්මන්ත්‍රණවලට අමතරව, ඔවුන් එම රටවල පරිපාලන නිලධාරීන් සමඟ එකට එකක් විස්තරාත්මක රැස්වීම් ද පැවැත්වූයේය. ස්වයංක්‍රීයත්වය, සෞඛ්‍ය ආරක්ෂාව, සංචාරක ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්තිය සහ ආහාර සකස්කරණය සමඟ යටිතල පහසුකම්, කාර්ය සම්පාදනය, ඉදිකිරීම්, ස්මාර්ට් නගර, පාරිභෝගිකයා, නිෂ්පාදනය සහ මූල්‍ය සේවා යනාදී පුළුල් අවධාරිත ක්ෂේත්‍ර පරාසයක් ආවරණය කරමින්, ගැඹුරු ප්‍රයත්නයන් ද දරන ලදී.ඉන්වෙස්ට් ඉන්ඩියා හි ආයෝජන විශේෂඥයෙකු මෑතකදී පෙන්වා දුන් පරිදි, “ නව්‍යකරණය, නිෂ්පාදිත හෝ ක්‍රියාවලි හෝ සේවා සංවර්ධනය හෝ දියුණු කිරීම උදෙසා ක්‍රියා කරන ව්‍යාපාරයක්, ආදායම් බදු පනත සහ සමාගම් පනත වැනි පවතින රාමු තුල ක්‍රියාත්මක විය යුතු වන අතර පමණක් නොව, ඩ්‍රෝන, විද්‍යුත් ඖෂධ, විද්‍යුත් වාණිජ්‍යය වැනි මෙතෙක් නියාමනය කළ නොහැකි අවකාශයන්ට අවසර ලබා ගත යුතුය.”

ලොව තෙවන විශාලතමය වන, ඉන්දියාවේ පරිසර පද්ධතිය ශීඝ්‍රයෙන් පරිණතබාවයට පත් වන අතර, අනුකරණශීලී විද්‍යුත් වාණිජ සමාගම් විසින් තවදුරටත් ඒවා අභිබවා නොයනු ඇත. සත්‍ය වශයෙන්ම, පසුගිය තෙවසරේදී තාක්ෂණික ඇරඹීම් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් පරාසයක දිවෙන සාකච්ඡා මඟින් බලශක්ති, ආහාර සැකසීම, ඖෂධ, යටිතල පහසුකම්, පතල් කැණීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රය යනාදී අංශ ඔස්සේ, ඒකාබද්ධ සහයෝගීතාව හා තහවුරු කිරීම තුළින් ඇති වන අවස්ථා කෙරෙහි අවධානය යොමු කෙරේ.
යටිතල පහසුකම්හි කථා ප්‍රවෘත්තිය
යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තම අයවැයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දියාව වෙන් කොට ඇත. ගුවන්තොටුපළවල්, මහ නගර, හෝටල්, තොටුපළවල්, මාර්ග, පාලම්, රෝහල් සහ බලාගාර වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා, ඉන්දියාව දරන වියදම ඉහළ ගොස් ඇත. පසුගිය වර්ෂ තුන මුළුල්ලේ, නිදසුනක් ලෙස, අන්ද්‍රා ප්‍රාදේශ් නම් ප්‍රාන්තය එහි යටිතල පහසුකම් ගොඩනැඟීම අතින් දැවැන්ත ආයෝජනයන් සිදු කොට ඇත. ඉදිරි දශකයන් දෙක පුරාවට යටිතල පහසුකම් ක්ෂේත්‍රය උදෙසා ඩොලර් ට්‍රිලියන 1.5ක් ඉක්ම වූ ආයෝජන සිදු කිරිමට ඉන්දියානු රජය සැලසුම් කොට ඇත. 2014 වර්ෂයේ සිට ඉන්දියාව එහි සූර්ය බලශක්තිය ජනනය කිරීමේ ධාරිතාව අට ගුණයකින් ව්‍යාප්ත කොට ඇති අතර, කාර්ය සටහන පරිදි සිව් වසරකට පෙර තම ඉලක්කගත ධාරිතාව වූ 20GW ක ඉලක්කය ළඟා කර ගත්තේය. ඉදිරි දශකය මුළුල්ලේ, පුනර්ජනනීය බලශක්ති සඳහා ඩොලර් බිලියන 200-300ත් අතර නව ආයෝජනයක් උත්ප්‍රේරණය කිරීමට ඉන්දියාව සැලසුම් කරයි.
ක්‍රමයෙන් වෙනස් වීම
මැද පන්තිය ලෙස ප්‍රකටව හැඳින්වෙන ඉන්දියාවේ මධ්‍ය ආර්ථීක කලාපයේ ධනවත්බාවය ඉහළ යාම, ඇතැම් විශාලතම ගෝලීය දස්කම් දක්වන දේශයන් හට ඉතා ඵලදායී ක්ෂේත්‍රයක් බවට පත් ව ඇත. කෙසේවෙතත්, ඉන්දියාවේ ව්‍යාපාර පරිසරය විසින් පාරිභෝගික ආර්ථිකයේ තිබෙන සියලු සමාගම් හට අභියෝග දක්වන බව සත්‍යයකි. එසේ නමුත්, ආර්ථික පිරමීඩයේ මධ්‍යයට වී, දර්ශනීය ලෙස ව්‍යාපාර කටයුතු ඉදිරියට කර ගෙන යාමට හා අභියෝග මෙන්ම බාධක ජය ගැනීමට, යුනිලීවර්, ශියාවොමි, සුසුකි, හුන්ඩායි, හොන්ඩා, එල්.ජී, සැම්සුන් සහ කොල්ගේට් වැනි ඇතැම් ගෝලීය පාරිභෝගික සමාගම්වලට හැකියාව ලැබී ඇත. පැහැදිලිවම, ජාතික සහ අන්තර්ජාතික විශේෂඥයන් විසින් ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ ශිඝ්‍ර ඉහළ යාම, මධ්‍යම හා ප්‍රාන්ත රජයන් විසින් රට පුරා ඇරඹූ, ආර්ථිකයේ එළිපෙහෙළි කිරීමේ විපර්යාසයන්හි ප්‍රතිඵලයක් බව පෙන්නුම් කොට ඇත.
මෑතකදී හටගත් වඩාත් වැදගත් විපර්යාසවලට, ඒකාබද්ධ වක්‍ර බදු නීති පද්ධතියක් හඳුන්වා දීම, අවධාරිත වත්කම් හැරවීමට බුන්වත්බාවය සහ බංකොලොත්බාවයේ සංග්‍රහය හඳුන්වා දීම සහ ආර්ථිකයේ මුදල් ගලනය ඉහළ දැමීම (ප්‍රාථමික වශයෙන් බැංකුකරණය සහ මූල්‍ය ආයතන ඔස්සේ), විදේශ ආයෝජකයන් මත බදු පැනවීමේදී රජයේ දැක්ම ස්ථාවර කිරීම සහ විදෙස් ආයෝජන සඳහා රාමුව ලිහිල් කිරීම යනාදිය ඇතුළත් වේ. මේ සම්බන්ධයෙන් ඉන්වෙස්ට් ඉන්ඩියා හි ඉහළ ප්‍රාඥයන් වෙහෙසී වැඩ කර ඇති අතර, ලොව පුරා වඩාත් කීර්තිමත් ආයතන මඟින් මෙම ප්‍රයත්නයන් හඳුනා ගෙන ඇත. තිරසාර සංවර්ධනයෙහි ආයෝජනය ප්‍රවර්ධනය කිරීම උදෙසා 2018 වසරේ UNCTAD (වෙළෙඳ හා සංවර්ධන ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය) සම්මානය ද, 2016 වසරේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා හවුල්කාරීත්වයේ අනර්ඝත්වය සඳහා පිරිනැමෙන UNCTAD සම්මානය සහ ඉන්දියානු සාගර නිම් වළලු සම්මේලනයෙන් (IORA) පිරිනැමෙන 2016 වසරේ ආයෝජන සම්මානය ද, ඊට ප්‍රදානය කෙරිණි. ඉන්දියානු රජයේ අවධානය ප්‍රතිසංස්කරණ වෙත අඛණ්ඩව දිවෙමින් තිබෙන මොහොතක, ඉදිරි වසරවලදී ඉන්වෙස්ට් ඉන්ඩියා හි විවිධ නව්‍යකරණ මූලිකත්වයන් මඟින් සිත් ළඟන්නා ලාභාංශ ගෙවීමට ඉඩකඩ ඇත.