හරිත වගකීම
නගරයේ ගාලගෝට්ටියෙන් මිදී යාම සඳහා පා ගමනින් යාම යා යුතු ක්‍රියාකාරකමක් බවට පත්වන පරිදි, අනාදිමත් කාලයක සිට අපගේ අවධානය ග්‍රහණය කළ පෞරාණික දුරදසුන් සංරක්ෂණය සඳහා උපකාරී වන හේතුකාරණා කිහිපයක් දෙස අපි බැල්මක් හෙළමු
හිමාචල් ප්‍රාදේශ් හි ස්පිටී නිම්නයේ කනාමෝ මුදුන දක්වා කොන්ක්‍රීට් දමා ඇති, දිගින් දිගට ඇදෙන මාර්ගයේ ඉතා අසීරුවෙන් ඇවිදින මා හට, මීට වසර පහකට පෙර මෙය හිස් භූ දර්ශනයක් ව තිබිය දී මා සිදු කළ චාරිකාව සිහියට නැඟේ. මීට දශකයට පෙර සත්‍ය වශයෙන්ම නොපැවති, සූර්යාලෝකයෙන් දැල්වෙන වීදි ලාම්පු, සතුටින් සිටින පාසල් ළමුන් සහ දියුණු සමාජ ව්‍යුහයක් මම දකිමි. පහසු ප්‍රවේශ වීමේ හැකියාවත් සමඟ පැමිණෙන, කනාමෝ කන්දට සම්බන්ධ කළ හැකි එක් වචනයක් වන්නේ දුෂ්කර දිගු ගමන පහසු කරවීම යන්නයි. ගම්මානයේ කිබ්බර් සහ චිචාම් අන්තර් මාර්ග ඔස්සේ ඇඳෙන විවිධ අඩිපාරවල් ඔස්සේ බහුලව ඍතුමය දෑ සහ හරිත පැහැ ශාඛ ද, ඉන්පසු පෙදෙසෙහි අසීරුවෙන් ඉහළට ගමන් කිරීමේ දී කුරුළු පිහාටු කිහිපයක් හමු විය හැකිය. බොහෝ විට, විශාල අඩිපාරවලින් අදාළ ප්‍රදේශයට අහිතකර බලපෑම් ඇති කරන නමුත්, මා ඉදිරිපිට දකින තත්වය තරමක් ධනාත්මක ය. විදේශිකයන් සහ ස්වදේශිකයන් සඳහා නම් කළ හැකි සීමාංකනය කරන ලද අඩිපාරවල්, උණුසුම් කණු සහ ස්ථාවර සමාජීය යටිතල පහසුකම් පැහැදිලිවම මාගේ අවධානයට ලක් වේ. නගර ක්‍රියාකාරිත්වය සමඟ බැඳී පවතින අතර, සෘතුමය පසුබැසීම් හේතුවෙන් ප්‍රවේශවීමේ හැකියාව තීරණාත්මක සාධකයක් බවට පත්වීමත් සමඟ, උනන්දුවක් දක්වන සංචාරකයින් සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා උද්යෝගිමත් පුද්ගලයන් අතර ඇති තුනී රේඛාව බොඳ වී ඇත. වෙන කවරදාකටත් වඩා, ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ සීමා කරන ලද පහසුව අභිබවා යමින්, ස්වභාව ධර්මය එහි සුපිරිසිදු තත්ත්වයෙන් උපරිමයෙන් අත්විඳීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස කඳුකර ප්‍රදේශවලට කඳු නැගීමට ඇති උනන්දුව පුළුල් වේ.නමුත් මෙම ක්‍රමික වෙනස්වීම මිල කෙරිණි. මිනිසුන් නිතර ගමන් කරන මාර්ගවලින් ඉවත් වී, මෙතෙක් ගවේෂණය නොකළ ඉඩම් දෙසට ආකර්ශනය වන විට, කඳු නගින්නට පැමිණෙන විශාල ජන කණ්ඩායම් විසින් දමා යන කැළිකසල හේතුවෙන් රට පුරා පරිසර පද්ධති අපද්‍රව්‍ය සමඟ කටයුතු කිරීමේ දුෂ්කරතාවයට පත්විය.
සුවිසල් හිමාලය කඳු වැටියේ දුරස්ථ පිවිසුම් වුව ද, බටහිර ගාට්හි සුරක්ෂිත බලකොටු හෝ ඊසාන දිග දේශ සීමාවේ පිහිටි සරුසාර හරිත පැහැ කඳු වැටි වුව ද, ඒවායෙහි ඇති අඩිපාරවල තිබෙන සංචාරක තදබදය දැඩි ලෙස වර්ධනය වී ඇති බව පසු ගිය දශකය පුරා විසඳුම සොයමින් සිටින විට පැහැදිලි විය.වැඩි වූ අඩිපාර සහ බහු ට්‍රේක් ක්‍රියාකරුවන් සමඟ, වඩාත් සංවේදී පරිසර පද්ධති කිහිපයකට සිදු වූ හානිය හේතුවෙන්, එය පරතරයෙන් යුත් සිදුරක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. වත්මන් යුගයේ දී, හිමාලය කඳු පන්තියට උරුම වූ පාරිසරික කලාප්‍වල අලංකාරත්වය සහ පවිත්‍රතාව රැක ගැනීම අප නොවළක්වා සිදු කළ යුතු අතර, මෙම ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව සඳහා විසඳුමක් සෙවීමේ වගකීම භාර ගත් වගකිව යුතු නියෝජිත ආයතන ඇත්තේ කිහිපයකි. වසර ගණනාවක් මුළුල්ලේ, ග්‍රාමීය, නාගරික සහ ආරක්ෂිත ප්‍රදේශවල ප්‍රායෝගික සහ ප්‍රජාව විසින් මෙහෙය වනු ලබන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ (SWM) මූලිකත්වයන් සඳහා උත්ප්‍රේරක බවට පත්වීමට වෙහෙස නොබලා මෙම සංවිධාන ක්‍රියා කොට ඇත.
පසු ගිය තෙවර්ෂය පුරාවට, රැස් කරන ලද කසලවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ ඉහළ චක්‍රීකරණය කිරීම මඟින්, පුරවා ඇති ඉඩම්වලින් පිටතකට යොමු කොට ඇත.
අවශ්‍යතාව පැන නැගුණු හෝරාවේ විවිධ චර්යාත්මක වෙනස්කම් සිදු වූයේ උදාසීන බව පිළිබඳ සහ දැනුවත්බාවයේ මඳ තිබූ සාමාන්‍ය හැඟීම හේතුවෙනි. එලෙස එම දිශාවට සකසන ලද සැලැස්මක් සාර්ථකව වන්නට නම්, කඳු නඟින්නන්, කඳු නැඟීමේ හෝ සංචාරක ක්ෂේත්‍රමය සංවිධාන, ගම්මාන, රාජ්‍ය නොවන සංවිධාන සහ රජය වැනි සියලුම ඇල්මැති පාර්ශ්වයන්හි සහයෝගය ඇතිව ක්‍රියා කළ යුතුය. හරිත ගමන් මඟ නම් වූ මූලික කර්තව්‍යයේ හැඩයත් සමඟ, අපගේ පුරාතන කඳුවැටි මනා හැඩයෙන් යුතුව තැබීමේ දැක්ම විධිමත් කෙරිණි. ලංකාරත්වයෙන් ගහණය වූ, නමුත් සදා ඉහළ යන අපද්‍රව්‍ය උත්පාදනයට විසඳුම් සෙවීමට නිසි ක්‍රමවේදයක් නොතිබුණු පාරිසරික කලාපවල සංචාරය සෑම පැතිකඩකින්ම ඒකාබද්ධ කිරීමේ වගකීම මින් අදහස් කෙරේ.

මඳ ලෙස ගමන් ගත් මාවත්
එහි ආරම්භයේ පටන්ම, කැළිකසල සටන්කරුවන්ගෙන් විවිධ මූලිකත්වයන් කිහිපයක් පරිණාමයට ලක් ව ඇත. කාබනික සහ ඝන අපද්‍රව්‍ය සඳහා නව්‍යකරණ විසඳුම්වලින් ඇරඹීමත් සමඟ, මෙම වැඩසටහන් ඔස්සේ අපද්‍රව්‍ය වෙන් කිරීමේ ගැටළුව සරල කරවන ආකාරයේ ක්‍රම රැසක් ක්‍රියාවට නංවා ඇත. එනම්, සමස්ත ප්‍රදේශයම ශුද්ධ පවිත්‍ර කිරීම, සතිපතා පිරිසිදු කිරීම, කැළිකසල බඳුන් සහ අපද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථාන කිහිපයක් සෑදීම යනාදිය වේ. නිදසුනක් ලෙස, ඔවුන් විසින් ධර්මසාලා නම් ප්‍රදේශයේ භග්සු නම් ප්‍රකට දිය ඇල්ල අවට ශූනය–අපද්‍රව්‍ය ප්‍රතිපත්තියක් කරා ළඟා වීමට ගන්නා ලද දැවැන්ත ක්‍රියාමාර්ගය සලකා බලන්න. භූමිය මතුපිට සහ භූගත යන ද්විත්ත්ව කොටස්වල සම්පත් උග්‍ර ලෙස විෂ වීමට පාදක වන ඉඩම් පිරවීමෙන් කැළි කසල පිටතට යොමු කිරීම, ඉන්දියානු කඳු නඟින්නන් (ඉන්දියා හයික්ස්) විසින් ඒකාබද්ධව සිදු කළ තවත් සුවිශේෂී පියවරකි. පසු ගිය වර්ෂ තුන පුරාවට, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ ඉහළ චක්‍රීකරණය කිරීම මඟින්, පුරවා ඇති ඉඩම්වල එහි එකතු වී තිබූ කුණු කසල ප්‍රමාණයෙන් සියයට කට ආසන්න ප්‍රමාණයක් වෙනතකට යොමු කෙරිණි. ඉන්දියා හයික්ස් විසින් ඔවුන්ගේ ගමන් මඟ තුළ මහත්මා ගාන්ධිතුමන්ගේ දර්ශනය වන: “ලෝකයේ ඔබට දැකීමට අවශ්‍ය වන වෙනස ඔබ විය යුතුය” යන්න අනුගමනය කොට ඇත “අප උත්පාදනය කරන කැළිකසල සංවිධානයක් ලෙස හඳුනා ගැනීමට අපි ආරම්භ කොට, එය වළක්වා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කළෙමු. අපගේ වට්ටෝරුව නැවත සැලසුම් කිරීම සඳහා අපි ඇසුරුම් කළ භාණ්ඩ ද ඉවත් කළෙමු. කඳු තරණය කිරීමේ දී, අපි දබාස් සමඟ අත්වැල් බැඳ ගනිමින්, ප්‍රභවයේ දීම ඔවුන්ගේ කාබනික අපද්‍රව්‍ය වෙන් කිරීම සහ දිරාපත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කළෙමු. ඔවුනට ක්‍රමානුකූල පදනමක් මත ඔවුන්ගේ අපද්‍රව්‍ය ගෙන ඒමට අපි උපකාර කළෙමු. සකස් කරන ලද ආහාර වෙනුවට දේශීය ආහාර ඇතුළත් කිරීම සඳහා බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආහාර භෝජන වට්ටෝරුව වෙනස් කළහ.” යැයි හරිත මාවත් මූලික කර්තව්‍යයේ නියමුවරිය වන, ලක්ෂ්මී පවසන්නීය.

ඵලදායී ජංගමකරණය
මෙම මූලික කර්තව්‍යයේ සාමාජිකයෝ සියලු ක්ෂේත්‍රවල නව්‍යකරණයන් සිදු කරමින් සිටිති. බලශක්ති කළමනාකරණය සහ සංරක්ෂණය සඳහා උප ශුන්‍ය උෂ්ණත්වයෙන් ක්‍රියා කරන පාරිසරික වැසිකිළිවල පටන් ඔවුහු නිර්මාණය කළහ. ඉන්දියා හයික්ස් විසින් මෙහෙයවනු ලබන ඕනෑම කණ්ඩායමක් විසින් අනිවාර්යයෙන් භාවිත කළ යුත්තක් බවට පත්ව ඇති පාරිසරික ගමන් මළු ඔස්සේ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍යවලින් කාබන් පා සටහනක් තැබීම උදෙසා ද ඔවුහු ක්‍රියා කරමින් සිටිති. එමෙන්ම, එහි ප්‍රතිඵල ද දැකිය හැකිය. සන්දාක්පු (ඉන්දියා–නේපාල තීරයේ පිහිටා ඇති උසම කඳු වැටිවලින් එකකි) සහ ලොහාජුන් (රූප්කුන්ද් විල වෙත ගෙන කඳු නඟින්නන් ගෙන යන මූලික කඳවුර ) දක්වා ඇඳෙන අඩිපාර මත, අපද්‍රව්‍ය වෙන් කිරීමේ සහ ඉහළ චක්‍රීකරණය කිරීමේ මෙම සරල ක්‍රමවේද මඟින් ‘දැවැන්ත පාරිසරික ප්‍රතිස්ථාපනය’ යැයි පමණක් හැඳින්විය හැකි මහඟු කර්තව්‍යයක් සිදු වේ. එහි මූලාරම්භයේ පටන්, එක් රැස් කර ගත් කුණු කසල ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 54,000 ට අධික අගයක් ගනී. ප්‍ලාස්ටික් මළු භාවිතය කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. මානව අපද්‍රව්‍ය විසින් ජල මූලාශ්‍ර අපවිත්‍ර නොකරන බවට වියළි දිරාපත් වන වැසිකිළි මඟින් තහවුරු කෙරෙන අතර, ඒවා මාස 6ක් ගත වීමෙන් පසු පස සඳහා සාරවත් පොහොරක් බවට පත් වේ. කිසිදු ජලාශයක් අසල සේදීමේ කටයුතු කිසිවක් නොකිරීමේ ප්‍රතිපත්ති මඟින් ප්‍රධාන ජල ධාරාව කරා ළඟා වන සේදීමේ අපද්‍රව්‍ය ගලා ඒම අවම කර ගැනීමට උපකාරී වී ඇත.
දැක්ම යතාර්ථවත් කරමින්
හරිත මඟට අවධානය ලැබීමත් සමඟ, ඉන්දියා හයික්ස් හි ආරම්භක සාමාජිකයන් හට දෘෂ්ටිකෝණයෙහි සහ චින්තනයෙහි පෙරළියක් නිර්මාණය කිරීමට තිබෙන අවශ්‍යතාව අවබෝධ විය. බාහිර පරිසරයේ සිටීමේ දැඩි වටිනාකම සහ එමඟින් ස්වභාව ධර්මයට සිදු වන බලපෑම අවම කිරීම සඳහා කළමනාකරණය කිරීම යනාදිය මහත් වැදගත්කමකින් යුත් කරුණු විය. කඳු නඟින අඩිපාරවල දමා ඇති කැළි කසල පිළිබඳ ගැටළුව සම්බන්ධව අවදානය ඉහළ යමින් පැවතිණි. හරිත මඟ විසින් හිමාලයෙහි බොහෝ කඳු නැඟීමේ මාර්ගවල මූලික තිරසාර ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය කිරීමට කළමනාකරණය කොට ඇත.
