ප්‍රගතිය

විශිෂ්ට හිමාලයානු ජයග්‍රහණය

නිකුතුව 06, 2020

විශිෂ්ට හිමාලයානු ජයග්‍රහණය

වදන් පෙළ සමීර් පටිල් විසිනි |කර්තෘ

නිකුතුව 06, 2020


ලෝකයේ ඉහළ උසකින් යුත් දීර්ඝතම උමං මාර්ගය වන අතල් උමං මාර්ගය ඉංජිනේරු ආශ්චර්යයක් වන අතර, එය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් මෑතක දී නිරාවරණය කළේය. මෙම උමං මඟෙහි උපක්‍රමික වැදගත්කම පිළිබඳ අපි දැන් ගැඹුරින් සොයා බලමු

මනාලි නම් කඳුකර නගරයේ සිට ලහාවුල් ස්පිටි නිම්නය දක්වා සියලු කාලගුණ සබඳතාව සපයන හිමාචල් ප්‍රදේශ් හි රෝහතාන් කපොල්ල අසල, ලෝකයේ ඉහළතම උසක් ඇති උමං මාර්ගයක් වන අතල් උමං මාර්ගය 2020, ඔක්තෝබර් 3 වන දින, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් සමාරම්භ කරන ලදී. ඉංජිනේරු ආශ්චර්යයක් වන මෙම උමඟ, හිමාලයෙහි ඉන්දීය පර්යන්ත යටිතලපහසුකම්වල වැදගත් කොටසකිඑය ලඬාක්හි එක්සත් දේශ සීමාවේ අගනුවර වන, ලේ හි සියලු කාලගුණ සබඳතාවයේ අභිමතාර්ථයට පියවරක් සමීප වන අතර, අනෙකුත් ඉදිරි ප්‍රදේශ දේශයේ ආරක්ෂාව උදෙසා අතිශයෙන්ම වැදගත් වේ.

විශ්මය දනවන ඉලක්කම්

කි.මී 9.02 ක් දිගු වූ මෙම උමං මාර්ගය ලේමනාලි අධිවේගී මාර්ගයේ නැඟෙනහිර පර් පන්ජාල් නම් හිමාලය කඳු පන්තිය තුළ මීටර 3000ක උසින් පිහිටා තිබේ. එය දර්ශනීය ලහාවුල් ප්‍රදේශයේ උතුරු කේලොන් හි ඩාර්චා තෙක් සබඳතාව සපයයි. උමං මාර්ගය ක්‍රියාත්මක කිරීමට පෙර, රෝතාන් කපොල්ල නොවැම්බර් සහ මැයි මස යන කාලය අතර ආසන්න වශයෙන් මාස හයක් පුරාවට හිමෙන් වැසී ගොස් තිබූ හෙයින්, එම ප්‍රදේශය හුදෙකලා විය. සෑම වර්ෂයකදී ම, මාර්ගය නිශ්චය කිරීමට සහ ගමනාගමනය යළි ඇරඹීම සඳහා බලධාරීන් හට ප්‍රවේශම් සහගත ලෙස හිම ඉවත් කිරීමට සිදු වේ. සියලු කාලගුණ සබඳතාව සමඟින්, රෝතාන් කපොල්ලෙන් එතෙර වීමට ගත වන පැය දෙකකුත් විනාඩි 15 ක යන කාලය ප්‍රබල ලෙස අවම කරමින්, උමං මාර්ගය මඟින් මනාලි සහ ලේ යන ප්‍රදේශයන් අතර පවතින කි.මී 472 ක දුර කි.මී 46 කින් කෙටි ද කෙරේ. මෙම ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යන්ත මාර්ග සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද්දකි. කාර්ය මණ්ඩලයට අමතරව, ඔස්ට්‍රියාව, ක්‍රෝෂියාව, තුර්කිය, හන්ගේරියාව සහ පිලිපීනය යන රටවල් ඇතුළු ලොව පුරා සිටින විශේෂඥයන්ගෙන් මෙම අතල් උමං මාර්ග ව්‍යාපෘතිය සමන්විත වේ.

2020, සැප්තැම්බර් 1 දින ඡායාරූපගත කරන ලද අතල් උමඟෙහි උතුරු ද්වාරය.

අභියෝග

මෙම උමඟ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායීගේ නාමයෙක් නම් කිරීමට හේතු වූයේ ඔහුගේ පරිපාලනය විසින් 2000 වර්ෂයේ දී මෙම ව්‍යාපෘතිය ප්‍රත්‍යක්ෂ කොට තිබීම ය. අතාල් බිහාරි වජ්පායි රජය විසින් 2000 වර්ෂයේ ජූනි මාසයේ දී මෙම උමං මඟ ඉදි කිරීමට තීරණය කර ඇති අතර, උමඟෙහි දකුණු ද්වාරය වෙත පිවිසුම් මාර්ගය සඳහා 2002, මැයි මස මුල් ගල තැබිණි. කෙසේවෙතත්, ඉංජිනේරුවන්ට මාර්ග අවහිරතා කිහිපයකට මුහුණ දීමට සිදු වූ හෙයින්, ව්‍යාපෘතියේ ප්‍රගතිය වඩාත් මන්දගාමී ආකාරයෙන් සිදු වුණි. ඉහළ උස සහ අධික කාලගුණික තත්ත්වයන් යන ද්විත්ත්ව අභියෝගයන් හමුවේ, විශේෂයෙන්ම වඩා සීතල මාසවල දී, එය ඉතා අවදානම්සහගත විය. අධික හිමපතනය සහ ශීත ඍතුව අතරතුර පැමිණි හිමකුණාටු හේතුවෙන් උමඟෙහි උතුරු ද්වාරයට පිවිසීමට නොහැකි වූ අතර, එය සැලකිය යුතු අයුරින් ව්‍යාපෘතියේ වේගය කඩා බිඳ දැමුවේය. ඉංජිනේරුවරයන් හට උමඟෙහි කැණීම් කටයුතු කිරීමට හැකි වූයේ දකුණු ද්වාරයේ සිට පමණි. වඩාත් පසුබට කරවනසුලු කරුණ වූයේ නාය යාම් සහ හිමධාවයන් ක්‍රියාරම්භක කළ හිමාලයෙහි අස්ථාවර භූගෝලීය තත්ත්වය සහ ආශ්‍රිත භුමිකම්පා හට ගැනීම් ය. උමඟට තිබෙන ප්‍රවේශයෙහි හිමධාව ස්ථාන 46කට අධික ගණනක් විය. මෙය මඟහැරවීමට, ඉංජිනේරුවරයන් විසින් හිමාලයෙහි උමං කැණීම සඳහා සුදුසු, අති දියුණු තාක්ෂණයක් වන, ඉදිකිරීම් සඳහා නව ඔස්ට්‍රියානු උමං කැණීමේ ක්‍රමවේදය භාවිත කරන ලදී. වර්ෂ හතක කැණීම් සිදු කිරීමෙන් අනතුරුව, 2017 ඔක්තෝබර් මාසයේ දී සීමාන්තයන් දෙකෙන්ම අවහිර බිඳුමක් අත්පත් කර ගැනීමට හැකි විය. ප්‍රධාන උමඟ තුළට ඉදිකොට ඇති හදිසි අවස්ථාවක දී පිටවීමේ උමඟක් මෙන්ම, හිමධාව ආරක්ෂණ ව්‍යුහයන් 18 ක් ද මෙම ඉදිකිරීමට ඇතුළත් වේ. උමඟේ වැඩකටයුතු 2020 මැයි මස වන විට සම්පූර්ණ කිරීමට කාර්යසටහන් ගත කොට තිබුණ ද, කෝවිඩ් – 19 වසංගතය සහ ඉන් අනතුරුව හටගත් රට වසා තැබීම් හේතුවෙන් එය සම්පුර්ණ කිරීමට සැප්තැම්බර් වන තෙක් කල් ගත වුණි.

වඩාත් ආරක්ෂක දේශසීමාවක්

අතල් උමං මාර්ගය යනු පසු ගිය වර්ෂ කිහිපය තුළ දී පර්යන්ත යටිතල පහසුකම් සඳහා ඉන්දියාව සිදු කළ පුළුල් තෙරපුමෙහි වැදගත් කොටසකි. මහාමාර්ග, දුම්රිය මාර්ග සහ ගුවන් තොට ඇතුළු යනාදී සියලු සම්බන්ධතා විකල්ප ඉන් ආවරණය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියෙහි නිර්ණයෙහි නිරූපණ බලපෑම සහ ඉංජිනේරුකරණය, ඉන්දියාවේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා වෙනත් අපේක්ෂාසහගත යටිතලපහසුකම් සැලසුම් පිළිබඳ ධනාත්මකව හැඟෙනු ඇත. මෙම උපක්‍රමික වශයෙන් වැදගත්කමක් ඇති උමං මාර්ගය මඟින් අත්‍යාවශ්‍ය වියළි ආහාර, ආයුධ සහ වෙනත් කාර්ය සම්පාදනයන් ලඬාක් හි ස්ථානගත කර ඇති කණ්ඩායම්වලට වර්ෂය මුළුල්ලේ වේගවත් සහ කඩිනමින් ප්‍රවාහනය කිරීම තහවුරු කරනු ඇත. කාර්යමණ්ඩලය යෙදවීම වේගවත් කිරීමට ද එය උපකාර වනු ඇත.

දේශීය ජනයා හට උපකාර කරමින්

මෙම නව මාර්ගය මඟින් වඩා විශාල වෙළෙඳපොළවල් සහ වෛද්‍ය පහසුකම් කරා දේශීය ජනයා වඩාත් සමීප කරමින්, ජීවනෝපාය සහ සෞඛ්‍යය සඳහා නව අවස්ථාවක් ඔවුනට පිරිනැමෙනු ඇත. ලහවුල් සහ ස්පිටි නිම්නවල නේවාසිකයන් හට අධික හිමපතනය හේතුවෙන් ආසන්න වශයෙන් මාස හයක් වන තුරු රටේ සෙසු ප්‍රදේශවලින් වෙන්ව රැඳී සිටීමට සිදු වේ. මෙම උමං මාර්ගය විසින් ලහවුල් නිම්නය සහ ලඬාක් සඳහා සංචාරක අවස්ථා වර්ධනය කරනු ඇත. හිමාචල් ප්‍රාදේශ් රජය හට අවට දර්ශනපථය හොඳින් දිස්වෙන විද්‍යුත් බස් රථ සහ උමං මාර්ගය දෙපස අවන්හල් ඉදිකිරීම වැනි නව සංචාරක ආකර්ෂණය සඳහා දැනටමත් සැලසුම් ඇත. ලහවුල්ස්පිටි නිම්නයේ ශීත ඍතුවේ දී ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට ද සැලසුම් ඇත. මෙම උමඟෙහි සමාරම්භයත් සමඟ දින කිහිපයක් තුළ දී මෙම ඉංජිනේරු වික්‍රමය අත්දැකීමට තෙරපෙමින් පැමිණි සංචාරක ජන සමූහයෙන් අනුමාන කළ හැකි වන්නේ මෙම උමඟ සංචාරක ආකර්ෂණය සතු ස්ථානයක් වනු ඇති බවයි.

ස්පිටි නිම්නයේ විචිත්‍රවත් කී ආරාමය.

වදන් පෙළ සමීර් පටිල් විසිනි

සමීර් පටිල් යනු ගේට්වේ හවුස් හි (විදෙස් ප්‍රතිපත්ති සහිත බුද්ධි මණ්ඩලයකි) ජාත්‍යන්තර ආරක්ෂණ අධ්‍යනන වැඩසටහනේ අධිසාමාජිකයෙකි. ඔහු නව දිල්ලියෙහි අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි ජාත්‍යන්තර ආරක්ෂණ සභා ලේකම් කාර්යාලයේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයා වූ අතර, එහි දී ඔහු කලාපීය ආරක්ෂණ කටයුතු හැසිරවූයේය
error: Content is protected !!