ක්‍රීඩා

ක්රීශඩාව ක්රිුයාත්මකයි.

නිකුතුව 02, 2020

ක්රීශඩාව ක්රිුයාත්මකයි.

අභිශේක් ඩුබේ |කර්තෘ

නිකුතුව 02, 2020


මොළයේ උපක්රසමික ශූරබාවය තියුණු කරවන පුවරු ක්රීයඩාවල සිට මතකය ගොඩනංවන ක්රීකඩා දක්වා ඉන්දීය සාම්ප්රපදායික ක්රීරඩා හුදෙක් විනෝදාශ්වාදය සඳහා පමණක් සිදු කරන ක්රීවඩා නොවේ. නූතන ක්රී්ඩකයන්ගේ පවා අවධානය ඇඳබැඳ ගනිමින්, සමකාලීන මූර්තීන් යළි රැගෙන ඒමට කටයුතු කරන මෙවැනි ක්රීේඩාවලින් කිහිපයක් දෙස අභිශේක් ඩුබේ තම අවධානය යොමු කරයි

විනෝදාශ්වාදජනක ක්‍රීඩාවල විස්තරවලින් බහුල වන ඉන්දීය වීර කාව්‍ය මඟින් එකල්හි දිවි ගෙවූ ජනයා ප්‍රබන්ධාත්මක වුව ද, උපක්‍රමික අභියෝග ඔස්සේ විනෝදයෙහි තැබුවේය. නිදසුනක් ලෙස, අධික ලෙස ජනප්‍රිය පුවරු ක්‍රීඩාවක් වන, වර්තමානයේ අප ලූඩෝ ලෙස හඳුන්වන ක්‍රීඩාවේ මුතුන්මිත්තා ලෙස බොහෝ විට හැඳින්වෙන, චවුසර් නම් ක්‍රීඩාව නිදසුනක් ලෙස සලකා බලන්න. හරස් හැඩැති පුවරුවක් මත ක්‍රීඩකයන් සිව් දෙනෙකු විසින් ක්‍රීඩා කරනු ලබන මෙම ක්‍රීඩාවට, සෑම ක්‍රීඩකයෙකුට ම වෙන් කරන ලද සලකුණුවලින් හතරක උපක්‍රමික චලනය පදනම් ව ක්‍රීඩා කෙරේ. ඉන්දීය වීර කාව්‍යයක් වන මහාභාරතයේ පවා මෙම ක්‍රීඩාව පිළිබඳ සඳහන් වේ. මාර්ගගතව පවත්වනු ලබන දහසකුත් ක්‍රීඩා තිබෙන මාර්ගගත අඩෙවිවල වඩාත් ජනප්‍රිය ලෙස වින්දනයක් ලබන ක්‍රීඩා අතරින් එකක් බවට, මෙම නුතන ප්‍රතිමූර්තිය වන ලූඩෝ පත්ව තිබේ. ඉතිහාසඥයන් පවසන්නේ මීට සමාන දාදු ක්‍රීඩාව ද අතීත යුගයේ දී ඉන්දියාව පුරා ප්‍රකට ව තිබූ බවයි. දිගටි හැඩයේ දාදු කැටවල අවශේෂයන් හරප්පන් යුගයේ භුමිවල කැණීම් කොට සොයා ගෙන ඇත. තවත් ජනප්‍රිය ක්‍රීඩාවක් වන චෙස් ද ඉන්දියාවෙහි දී නිපදවන්නට ඇති බවට විශ්වාස කෙරේ. ප්‍රවීණයන් පවසන්නේ එහි මූලාරම්භක වශයෙන් අශ්ටපාද (කොටු 64ක්) ලෙස හඳුන්වා ඇති බවත්, කොටු සහිත පුවරුවක කළු සහ සුදු කොටු රහිතව, දාදු කැටයක් යොදා ගනිමින් එම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට පුරුදුව සිට ඇති බවත් ය. ඇතැමුන් පවසන්නේ මූලාරම්භක චෙස් ක්‍රීඩාව චතුරංග (චතුර්බින්න) බවයි. සංස්කෘත භාෂාවේ චතුර් යනු සතරකි. අංග යනු හමුදාවේ ශාඛා සතර සංකේතවත් කළ අංගෝපාංග වේ. අතීත කාලයේ තිබූ හමුදාවක මෙන්, මෙම ක්‍රීඩාවේ ද අලියන්, අශ්ව රථ, අශ්වයන් සහ හමුදා භටයින්ගේ හැඩැති කැබලි යොදා ගැණුනු අතර, මෙම ක්‍රීඩාව බොහෝ විට යුද උපක්‍රම තියුණු කිරීම සඳහා ක්‍රීඩා කෙරිණි.

සිංහයන් සහ බැටළුවන් නියෝජනය කරන සලකුණු සමඟ ආඩු පුලි ආට්ටම් නම් පැරණි උපක්රිමික ක්රී ඩාව

වර්තමානයේ දී පවා ක්‍රීඩා කරන තවත් ඊට සමාන සාම්ප්‍රදායික පුවරු ක්‍රීඩාවක් වන්නේ කට්ටාම් විලෛයාට්ටු ය. ටික්-ටැක්-ටෝ ක්‍රීඩාවේ වෙනස් ස්වරූපයක් වන මෙම ක්‍රීඩාව කටු, කාසි හෝ තවත් ගල් සමඟ ක්‍රීඩා කිරීමට පුරුදු වී තිබිණි! මධ්‍යකාලීන යුගයේ දී කාඩ් සෙල්ලම් ද ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වුණි. මෝගල් අංගණයේ දැඩි ලෙස ජනප්‍රියත්වයට පත් වූ ගන්ජිෆා ඉන් එක් නිදසුනකි. ක්‍රි.ව 1300 දී පමණ ඇරඹුණු ඓතිහාසික වාර්තාවල සඳහන් වී ඇති පරිදි, දෑතින් මුද්‍රිත මෙම කාඩ්පත් වර්තමානයේ සෙල්ලම් කරන කාඩ්පත්වලට පෙරනිමිති පහළ කරන්නක් වුණි. මෙම ක්‍රීඩා වැඩිමනක් මොළය සහ කුසලතා තියුණු කරවීමට සංවර්ධනය වුණි. සත්‍ය වශයෙන්ම, මතකය සහ නිරීක්ෂණ කුසලතා ශක්තිමත් කිරීම උදෙසා අරමුණ තබන ලද, තමිල්නාඩුවේ දේශී‍ය ක්‍රීඩා අතරින් කිහිපයක් වන්නේ පල්ලන්කුලි ආට්ටම් සහ ආඩු පුලි ආට්ටම් (කර්ණාටකයේ හුලි ගට්ටා ලෙසත්, ආන්ද්‍රා ප්‍රාදේශ් හි පුලි ජුදාම් ලෙස ද හැඳින්වේ) ය. පළමු ක්‍රීඩාවේ නොගැඹුරු කෝප්ප හතක් සමඟ තීරු දෙකකින් යුත් පුවරු මෙන්ම, කාසිවලට සමාන කළ හැකි වස්තූන් (ගල් කැට, බීජ හෝ කටු) අවශ්‍ය වන අතර, මෙම ක්‍රීඩාව ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ සිව් දෙදෙනකු විසින් ක්‍රීඩා කරනු ලැබේ. දෙවැනි ක්‍රීඩාවේ එළුවන් සහ කොටියන් නියෝජනය කරන කාසි යොදා ගන්නා අතර, එය උද්යෝගිමත් නීතිරීති මාලාවක් සමඟ වර්ණනා වන ක්‍රීඩාවකි.  උද්යෝගශීලී ලෙස, මාර්ගගත ක්‍රීඩා අඩෙවි තුළ, මෙම පැරණි ගෘහස්ත ක්‍රීඩා අතරින් බොහොමයක් යළි ඉපදෙමින් තිබේ.

දේශීය රසය

ඉන්දියාව ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙන එළිමහන් ක්‍රීඩා කිහිපයක නිජබිම ද වේ. අල්ලා විසිකිරීම ලෙස ලොව සෙසු ජනයා විසින් හඳුන්වනු ලබන එම ක්‍රීඩාව, ඇසෑමයේ කාබි ඇන්ලොන් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විසින් හඳුන්වන්නේ දූප් – කේල් ලෙසයි. එනමුත්, දෙපාර්ශ්වය එකිනෙකට සම කරන ප්‍රධාන කාරණය වන්නේ විසිකොට අල්ලා ගනු ලබන වස්තුව රෙදිවලින් සාදන ලද පන්දුවක් වීමයි. ජනශ්‍රැතියේ පැවසෙන පරිදි, මූලාරම්භයේ දී කාන්තාවෝ එළවළු ගෙඩියක් වටා රෙදි ඔතා, එය පන්දුවක් ලෙස භාවිත කිරීමට පුරුදු වී සිටියහ. සාම්ප්‍රදායික ක්‍රිඩා බොහෝවිට දේශීය වශයෙන් සොයා ගත හැකි ද්‍රව්‍යයන් භාවිත කොට ඇති බව පැහැදිලිව පෙනී යන කරුණකි. වර්තමානයේ දී පවා, ග්‍රාමීය ඉන්දියාව පුරා ප්‍රකට ක්‍රීඩාවක් වන ගිල්ලි – දණ්ඩා යනු ඊට මනා නිදසුනකි. කොටු කැබලි දෙකක් සහ රවුම් හැඩැති වස්තුවක් හෝ ගලක් යොදා ගනිමින් ක්‍රීඩා කරනු ලබන මෙම ක්‍රීඩාව ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සමඟ ක්‍රීඩා කළ හැකිය.

මෙම ක්‍රීඩාවල ඇති විචිත්‍රත්වය වන්නේ, පාපන්දු සහ බොක්සින් වැනි නූතන ක්‍රීඩා පැවතිය ද, රට පුරා දෛනික ජීවිතයට සාම්ප්‍රදායික ක්‍රීඩා තවමත් නිසඟයෙන් ම අවශ්‍ය වීමයි. උණබටයක් හෝ ලී රිටක් අල්ලා ගනිමින්, එකිනෙකා තල්ලු කිරීමට ක්‍රීඩකයන් විසින් වෙර දරනු ලබන ක්‍රීඩාවක් වන, මිසෝරාම්හි ඉන්සුක්නාවර් නම් ක්‍රීඩාව නිදසුනක් ලෙස සලකා බලන්න. කුෂ්ටි (පෙහෙල්වානි හෝ මල්ලව පොර); සූර් (උතුරු ඉන්දියාවේ අයෝද්‍යා වටා පෙදෙස්හි ක්‍රීඩා කරන සම්බන්ධකයේ එළිමහන් ක්‍රීඩාව) සහ ස්ක්වේ (කාෂ්මීරයේ හට ගත් සටන් කලා ස්වරූපයක්) වැනි ක්‍රීඩා උතුරු ඉන්දියාවේ දැකිය හැකි එවැනි සාම්ප්‍රදායික ක්‍රීඩා වේ. වර්තමානයේ දී, අපගේ වර්තමානයට විසඳුම් සෙවීමට අපි අතීතය දෙස බලන විට, මෙම සාම්ප්‍රදායික ක්‍රීඩා සහ ඒවායෙහි අදාළතාව ඉතා වැදගත් බවට පත් වේ. මෙම ක්‍රීඩා රැක ගැනීමට රජය සහ පෞද්ගලික සංවිධාන පියවර ගනිමින් සිටී. පුවරු ක්‍රීඩා ඩිජිටල් ආකෘතීන්හි යළි උපදින විට, දරුවන් සිලම්බම්, මල්ලක්කාම්බ් සහ ගැට්කා වැනි පැරණි එළිමහන් ක්‍රීඩාවල නිරත කරවමින්, පුහුණු කරන මෙන් පාසල් ඉල්ලීම් සිදු කොට ඇත.

ලඩාක් හි නුබ්රා නිම්නයේ තුර්තුක් ගම්මානයේ ගිල්ලි – දණ්ඩා හි කොළු ගැටයින් පිරිසක් මෙම සාම්ප්රරදායික ක්රී්ඩාවේ යෙදෙමින් විනෝද වන අයුරු.

අභිශේක් ඩුබේ

මේ වන විට, වසර 15කට අධික කලක පටන් ජාත්යන්තර ක්රීඩා ආවරණය කරන ලද, ඉන්දියාවේ අග්රගණ්ය ක්රීඩා ජනමාධ්යවේදියා වන අභිශේක් ඩුබේ. ඔහු ශාස්ත්රීය වශයෙන් ගෞරවයට පාත්ර වූ ග්රන්ථ තුනක කතුවරයා වන අතර, වර්තමානයේ ඉන්දියාවේ රාජ්ය ප්රචාරකයා වන ප්රසාර් භාරතී ක්රීඩා හි ජාතික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.
error: Content is protected !!