හවුල්කාඟත්වය

කොරෝනා වෛරසයට එරෙහිව කුරුස යුද්ධය

නිකුතුව 02, 2020

කොරෝනා වෛරසයට එරෙහිව කුරුස යුද්ධය

අනිල් වාද්වා |කර්තෘ

නිකුතුව 02, 2020


කොවිඩ් - 19ට එරෙහිව සිදු කෙරෙන ගෝලීය සටනේදී ඉන්දියාව සක්රීපය කාර්යභාරයක් සිදු කරමින් සිටින අතර, සාර්ක් නායකයන් සියල්ලට එක්ව වීඩියෝ සම්මන්ත්ර ණ හමුවක් පැවැත්වීමට අගමැති නරේන්ද්ර මෝඩි කළ ඇරයුම එම දිශාවෙහි ගත් කැපීපෙනෙන පියවරක් විණි. අගමැතිවරයාගේ මඟපෙන්වීම යටතේ, අප මෙම සටන ජයග්රපහණය කිරීම තහවුරු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්යිවරයා පියවර කිහිපයක් ගනිමින් සිටී

මාර්තු මස මැද දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා විසින් නව කොරෝනා වයිරස (කොවිඩ් -19) වසංගත අභියෝගය සඳහා එක්ව මුහුණ දී, එම අභියෝගයට එරෙහිව සටන් කිරීම සඳහා මාර්ග සැලැස්මක් සංවර්ධනය කිරීම පිණිස කලාපීය සහයෝගිතාව සඳහා දකුණු ආසියානු සංගමයේ (සාක්) නායකයන් හට වීඩියෝ සම්මන්ත්‍රණ සමුළුවක් පැවැත්වීම සඳහා කැඳවනු ලැබීම මඟින් ජාත්‍යන්තර රාජ්‍යතන්ත්‍රයට අලුත් පූර්වාදර්ශයක් තබා ඇත. වීඩියෝ සම්මන්ත්‍රණය වයිරසයට එරෙහිව සටනේ දී ඉමහත් සාර්ථකත්වයක් ලබා දීම පමණක් නොව, එනමුත්, උසස් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල අනාගතය උදෙසා මඟහසර ද සකස් කරනු ඇත.

අග්‍රාමාත්‍ය මෝඩිගේ මෙම මූලිකත්වය ගෙන සිදු කළ කර්තව්‍යය මඟින් කලාපීය සහයෝගිතාව සඳහා දකුණු ආසියානු සංගමයෙහි දී ඉන්දියාව විසින් ඉටු සිදු කරනු ලබන නායකත්ව භූමිකාව යළිත් වරක් අවධාරණ කෙරිණි. නේපාලය, භූතානය, බංග්ලාදේශය, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය වැනි ඉන්දියාවේ දේශසීමාවලට යාබද රටවල මිනිසුන් සහ සංස්කෘතීන් සංකලනය කරමින් සිදු කළ මෙම කර්තව්‍යය ප්‍රායෝගික රාජ්‍යතාන්ත්‍රික පියවරක් විය. එතැන් පටන්, අගමැති මෝඩිගේ මෙම මූලිකත්වය මඟින් සාර්ක්  සංගමයට බාහිර සහ අභ්‍යන්තරික වශයෙන් වයිරසයේ පැතිරීම සමඟ සටන් කිරීමට සහ ආසාදිතයන්ට උපකාර කිරීම සඳහා උනන්දු කොට ඇත.  සාමාජික රටවල සෞඛ්‍ය බලධාරීන් අතර ස්ථාවර තොරතුරු හුවමාරුව සහ සහයෝගීතාවට මෙන්ම, අනෙකුත් සාර්ක් රටවලට හානියක් සිදු කරන ඒකපාර්ශ්වික පියවර වළක්වාලීම සඳහා එම කර්තව්‍යය මඟින් මඟපාදා ඇත.

විදෙස් කටයුතු පිළිබඳ අමාත්ය ආචාර්ය එස් ජයිශන්කර් සහ සීශෙල්ස් රාජ්ය යේ ලේකම්, බැරී ෆෝර් නව දිල්ලියේ දී එකිනෙකාට සුබ පැතීම සඳහා සාම්ප්රයදායික අතට අත දීම වෙනුවට, නැමුණු අත්වලින් ආචාර කරමින්

ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම

එහි ප්‍රතිඵලයක් ලෙස, කොව්ඩ් – 19  වෛරසය හඳුනා ගැනීමට, දරා ගැනීමට සහ එහි ව්‍යාප්තිය වළක්වා ගැනීමට ඉන්දීය රජය විසින් කාලීන සහ පූර්ව ක්‍රියාකාරී පියවර ගණනාවක් ගන්නා ලදී. මාර්තු 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, තෝරාගත් කාණ්ඩ හැර, අප්‍රේල් 15 වන දා තෙක් සියලු වීසා අත්හිටු වීමට ඉන්දීය රජය තීරණය කළේය.  ඵලදායීව ඉන්දියාවේ දේශ සීමා වසා දමමින්, මාර්තු 22 වන දින, ග්‍රින්විච් මධය්‍යන පැය 0001න් පසු කිසිදු නියමිත ජාත්‍යන්තර වාණිජ මඟී ගුවන්යානයකට කිසිදු විදේශ ගුවන් තොටුපළක සිට ඉන්දියාවේ කිසිදු ගුවන්තොටුපළක් බලා පියාසර කිරීමට නොහැකි බව දැනුම් දෙමින් උපදෙසක් ද නිකුත් කර ඇත. මින් අනතුරුව, අගමැති මෝඩිගේ දින 21ක් රට වසා තැබීමේ නිවේදනය අනුගමනය කෙරුණු අතර, එතැන් පටන් මැයි 3 දක්වා එය දීර්ඝ කෙරිණි. වයිරසය සම්ප්‍රේෂණය වීමේ දාමය කඩා බිඳ හෙළීමට මෙන්ම, බෝවීමේ වක්‍රය සමතලා කිරීමට මෙය සිදු කෙරිණි. මාර්තු 19 වන දින අගමැති මෝඩි ජාතිය අමතා පළමු වරට එක් දින “ජනතා ඇඳිරි නීතිය” පනවන බව දැනුම් දුන් දා පටන්, කොවිඩ් 19 ව්‍යාප්තිය දරා ගනිමින්, ඊට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනතාව මැදිහත් කර ගැනීමට ඔහු නොකඩවා ක්‍රියා කළේය.

බහුපාර්ශ්වික කර්තව්‍යයන්

අගමැති මෝඩි කොවිඩ්- 19 අර්බුදය පිළිබඳව සාමාජික රටවල සාමාජිකයන් අතර අතාත්වික නොවූව ද, ප්‍රායෝගික සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම සඳහා, ජී 20 (රටවල් 19ක් සහ යුරෝපානු සංගමයන් සැදුම්ලත් කණ්ඩායමක්) සංගමයේ වත්මන් සභාපති වන සවුදි අරාබියේ සල්මන් රජු ද සම්බන්ධ කර ගත්තේ ය. ජී 20 සංගමය මාර්තු අග පැවැත් වූ අතාත්වික හමුවක දී, වසර අග තෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මූලික සහ පොළී ගෙවීම් අත්හිටු වීමට එකඟත්වය පළ කළේය.  මෙමඟින් එවැනි රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 20ක් දක්වා සහනයක් ලැබිය හැකි අතර, එම මුදල ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධති දියුණු කර ගැනීමටත්, වසංගතය සමඟ සටන් කිරීමටත් වියපැහැදැම් කිරීමට ඉඩ සැලසෙයි. මින් අනතුරුව, ජී 20 දේශයන්හි මූල්‍ය, වෙළෙඳ, සේවා නියුක්තිය, සංචාරක කර්මාන්තය සහ සෞඛ්‍ය යන විෂයයන් පිළිබඳ අමාත්‍යවරුන් ද හමුවී ඇත.

 නව දිල්ලියේ සිට චීනයේ වූහාන් නගරය වෙත පිටත් වීමට ප්ර,ථම, ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් ගමනකට අයත් ගුවන් කාර්ය මණ්ඩලය, වෛද්යත කණ්ඩායම සහ සහය කාර්ය මණ්ඩලය

රටවල් 100කට අධික ප්‍රමාණයක කොවිඩ් – 19 රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ පැරසිටමෝල් වැනි ඖෂධ අපනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා ද ඉන්දීය රජය විසින් ඉවත් කරන ලදී.  ඇමරිකාව, රුසියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, ජෝර්දානය, ඊජිප්තුව සහ සාර්ක්, බිම්ස්ටෙක් (බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්කෙහි මූලිකත්වය) යන හවුල්කාර දේශයන්, ජීසීසී, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව යන රටවල් මීට ඇතුළත් වේ. අගමැතිවරයා සෑම දිනකම ලොව පුරා රාජ්‍යයන්හි ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර, උසස් මට්ටමේ හුවමාරුවන් කිහිපයක් ද සිදු ව ඇත.

ස්විස්ටර්ලන්තයේ සර්මැට් හි මැටර්හෝන් කන්දෙහි ඔසවන ලද ඉන්දීය ධජය එක්සත්බවේ සංකේතයක් ලෙස

විසඳුමක් සොයමින්

වසංගතය සමඟ සටන් වැදීමේ දී හට ගත හැකි බහුපාර්ශ්වීය සහයෝගීතාව අවධාරණය කරමින්, අප්‍රේල් 7 වන විට අගමැති මෝඩි මැතිතුමා සියලු ගල්ෆ් සහයෝගීතා සභාවේ රටවල් සමඟ උප‍දේශන වටයක් සම්පූර්ණ කොට තිබුණි.  2019 වර්ෂයේ දී ජර්මනිය විසින් ආරම්භ කරන ලද, රටවල් දුසිම් කිහිපයක් ඇතුළත්, බහුපාර්ශිකත්වය සඳහා සන්ධානය ප්‍රාණවත් කිරීමට, ඉන්දියාව ජර්මනිය සමඟ නිතිපතා සබඳතා පවත්වා තිබේ. මාර්තු 21 වන දින, රෝගය සමඟ සටන් වැදීම සඳහා උපක්‍රම සාකච්ඡා කිරීමට සහ ඒකාබද්ධ සහයෝගීතාව, අන්‍යෝන්‍ය සහය මෙන්ම ආර්ථිකයන් යළි පණ ගැන්වීමට, ඉන්දියාවට අමතරව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තය යන ඉන්දු – පැසිෆික් රටවල් හතක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් සංවිධානය කරන ලද වීඩියෝ සම්මන්ත්‍රණයට ද ඉන්දියාව සහභාගී වූයේය.

තම පුරවැසියන් උදෙසා ඉන්දියාව

වසන්ගතයේ පෙර කේන්ද්‍රස්ථානයන් බවට පත් ව සිටි ඉරානය සහ ඉතාලියේ දී සිදු කළ ඉන්දීය මෙහෙයුම් මඟින් එම රටවල ඉන්දීය ජාතිකයන් සමඟ නිතිපතා සබඳතා පවත්වා ගනිමින්, වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ සියලු සෞඛ්‍ය ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීමට නොකඩවා උපදේශනය සපයමින් සිටී. වයිරසය සඳහා දෙරටෙහිම දිවි ගෙවන ඉන්දීය ජාතිකයන් පරීක්ෂා කිරීමට වෛද්‍ය කණ්ඩායම් ද පිටත් කොට යවන ලදී.  ඉරානයේ සිදු කළ ඉන්දීය මෙහෙයුම් මඟින් හිස් කිරීමට සහය සැපයීම පමණක් නොව, නිරෝධායන පහසුකම ස්ථාපනය කිරීමට ද උපකාර වුණි. මාර්තු 9 වන දින විදෙස් කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශන්කර් ශ්‍රී නගර් වෙත ගොස්, ඉරානයේ සිටින ඉන්දීය පවුල් හමුවී, ඔවුන්ගේ ගැටලුවලට සවන් දී, ඔවුන්ගේ සුබසාධනය උදෙසා ඉන්දීය රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන් කෙටි කොට ඔවුනට පහදා දුන්නේය.

යළි දියුණුව කරා ඇදෙමින්

සමකාලීන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඔස්සේ පමණක් කොරෝනා වෛරස වසංගතය හැසිරවිය හැකි බව ඉන්දීය රජය විසින් නිවැරදිව හඳුනා ගෙන ඇත. ඉන්දියාවේ කොරෝනා වෛරස අභියෝගය සමඟ සටන් කිරීම යන ගැටලුවට අදාළ වෛද්‍ය පර්යේෂණයන්හි ඉන්දීය සභාව විසින් සංවර්ධනය කරන ලද සම්මත මෙහෙයුම්කරණ ක්‍රියාවලි මෙන්ම, යහපත් වෛද්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, වසංගතයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියලු ප්‍රයත්නයන් සිදු කරමින් පවතියි. විදේශ කටයුතු පිළිබඳ ඉන්දීය අමාත්‍යාංශය පෙර නොවූ විරූ මෙම තර්ජනය සමඟ සටන් කිරීමට මහත් උනන්දුවක් ඇති පොදු පෙරමුණක් සෑදීමට සාර්ක්, බිම්ස්ටෙක් සහ ජී 20 වැනි ගෝලීය සංවිධානවල ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා සහය ලබා දීමටත්, වසංගතය පවතින තෙක් එම ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන් සමඟ නිති සබඳතා පවත් ගැනීමටත්, අවශ්‍ය විට තවදුරටත් ඉවත් කිරීම් සිදු කිරීමටත් අඛණ්ඩව ක්‍රියා කරනු ඇත.

අනිල් වාද්වා

අනිල් වාද්වා ඉතාලිය, පෝලන්තය, ඕමානය සහ තායිලන්තය යන ඉන්දියානු තානාපති ලෙස සේවය කර ඇත. 1979 ජූලි 1 සිට 2017 මැයි 31 දක්වා ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන වාද්වා හොංකොං, බීජිං, ජිනීවා, වෝර්සෝ, මස්කට්, බැංකොක් සහ රෝමයේ ඉන්දියානු දූත මණ්ඩලවල සේවය කර ඇත. ඔහු දැනට නවදිල්ලියේ විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ජ්‍යෙෂ් F සාමාජික සහ පොකුරු නායකයෙකි.
error: Content is protected !!