ඉවුම් පිහුම්

ගත සිසිල් කරන ආහාර

නිකුතුව 03, 2020

ගත සිසිල් කරන ආහාර

කවිතා දේව්ගන් |කර්තෘ

නිකුතුව 03, 2020


ගිම්හානය ඉතාමත් බෙලහීන කරන ඍතුවක් විය හැකියි. උෂ්ණත්වය ඉහළ යාමට පටන් ගන්නා විට, අපගේ ශරීරය ඇතුළතින් සිසිල්ව තබා ගැනීම වැදගත් වේ. කවිතා දේව්ගන් කතුවරිය විසින් ගිම්හානයේ උණුසුම මැඩපැවැත්වීමට සහ ශරීර උෂ්ණත්ව පාලනය කිරීමට සත්යර වශයෙන්ම උපකාර විය හැකි, දේශය පුරා තිබෙන සාම්ප්රමදායික ඉන්දීය පිළියෙල කිරීම් විස්තර කරනු ලැබේ

ගිම්හාන ඍතුව අතරතුර උණුසුම මැඩපැවැත්වීමට බොහෝ දෙනෙකු සාදනුයේ හිම කිරමක් නැතහොත් සීත කළ පානයකි. එනමුත් මේ ආහාර අයිතම අපගේ ශරීර උෂ්ණත්වය පහත හෙළීමෙහිලා සෞඛ්‍යදායී විසඳුමක් වන්නේද? ඔවුන්ගේ ආරම්භයේ දී ඇති වන සිසිල් කරන බලපෑම, ඒවා ජීර්ණය කිරීමට ශරීරයෙන් ජනනය කරන උණුසුම මඟින් ඉක්මනින් ප්‍රතිස්ථාපනය වේ. ඒ වෙනුවට, සාම්ප්‍රදායික ඉන්දීය භෝජන පිළිවෙත්වලට අනුව කෙසෙල් ගෙඩියක් හෝ කොමඩු ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ජීර්ණය අතරතුර අපගේ ශරීර උෂ්ණත්වය පහත හෙළන අතර, උද්යෝගිමත් ලෙස ශීත කරන ලද මිශ්‍රණවලට වඩා සෞඛ්‍යදායී විකල්පයක් ලබා දෙයි. සාම්ප්‍රදායික ඉන්දීය සූපවේද ශාස්ත්‍රයේ සම්මතවලට අනුව, ගිම්හාන ඍතුවේ දී, ගිම්හාන උණුසුම මැඩපැවැත්වීමට වඩාත් සෞඛ්‍යදායී විසඳුම් සැපයීමත් සමඟම, උග්‍ර විජලනය හා සටන් කිරීමට ඇල්කලයින් පදාර්ථවලින් අනූන වූ සහ ජලයෙන් අසුරන ලද ආහාර පරිභෝජනය කිරීම යෝග්‍ය වේ.

සියුම් රසකාරක

ගුල්කාන්ද් (රෝස පෙතිවලින් සාදන ලද දෝසි වර්ගයක්) පුරාණ පර්සියාවෙන් ඉන්දියාවට පැමිණ ඇතැයි සැලකෙන අතර, වර්තමානයේ දී එය අපගේ සාම්ප්‍රදායික ආහාර පුරුදුවල නිසඟයෙන් ම වැදගත් කොටසක් බවට පත්ව තිබේ. ඊට සිසිල්කරණ ගුණයන් සතු බැවින්, ගිම්හාන උණුසුම මැඩපැවැත්වීමට එය කදිම අඩංගු ද්‍රව්‍යයක් ලෙස සැලකෙයි.  සුවඳවත් රෝස පෙති සහ සීනිවලින් සාදන ලද ගුල්කන්ද් ශරීරය සිසිල්ව තැබීමට පමණක් නොව, තෙහෙට්ටුව, රිදීම් සහ වේදනාවන් වැනි උණුසුම ආශ්‍රිත ගැටලු සමනය කිරීමට ද එය උපකාරී වේ. උදරයේ උණුසුම සහ ආම්ලිකතාව අවම කරමින්, ජීර්ණයට සහය වෙමින්, එය විශිෂ්ට ශක්තිජනක ඖෂධයක් ලෙස ද ක්‍රියා කරයි. එමඟින් රුධිරය ද පිරිසිදු කෙරෙන අතර, ගිම්හාන ඍතුවේ දී සුලභ ගැටලු දෙකක් වන අධික දහඩිය දැමීම සහ ශරීරයෙන් අතිශයින් අපිරිසිදු ගඳක් වහනයවීම අවම කිරීමට අමතරව, ශරීරයෙන් විෂබීජ ඉවත් කිරීමට උපකාර කරයි.

ඉන්දියාවේ ප්ර්කට, රෝස පෙතිවලින් සාදන ලද දෝසි වර්ගයක් වන ගුල්කන්ද් මගින් ශරීර උෂ්ණත්වය පහත අගයක පවත්වා ගෙන යාමට උපකාරී කරනු ලැබේ

එළවළු සහ පළතුරු

බොහෝ එළවළු මඟින් ශරීර උෂ්ණත්වය පහත හෙළා තබන නමුත්, ඇතැම් එළවළු ජලයෙන් අනූන බැවින් වඩාත් ඵලදායී වේ. පිපිඤ්ඤා, රාබු, සලාද, දියලබු සහ නිවිති ගිම්හාන ඍතුව සඳහා කදිම වන අතර, ආහාර වේල් සඳහා පහසුවෙන්  ගැලපී යයි. පිපිඤ්ඤා විවිධ ප්‍රයෝජන සඳහා ගත හැකි එළවළුවක් වන අතර, එය සලාදයක් සාදා ගැනීමට නැතහොත් පානීය ජලය සමග මුසුකොට භාවිත කළ හැකියි. පළතුරු මඟින් පිත සමනය කෙරෙන අතර, පොල්, රටඉඳි, දෙහි, අඹ, කොමඩු, පැණි දොඩම් සහ අන්නාසි වැනි ගිම්හාන ඍතුවේ ඵලදාව ක්‍රමානුකූල ආහාර සැලැස්මක ඇතුළත් කළ යුතුය. ගල් ඇපල් ලෙස ද හැඳින්වෙන ඉන්දීය බේල්වලින් ද උණුසුම් කම්පන සුව කළ හැකි අතර, විජලනය ඇති කරන ගිම්හාන සූර්යයාගේ අයහපත් බලපෑම් ඊට වළක්වාලිය හැකිය. වියළි බේල් පෙති කාවද්දන ලද උණුසුම් තේ එකක් ලෙස නැත්නම් සරුවත් පානයක් ලෙස සාමාන්‍යයෙන් එය භුක්ති විඳිනු ලැබේ. ආම් පාන නම් තම්බා ගන්නා ලද, නොඉඳිණු අඹ ලොඳ නැතහොත් කොකුම් යුෂ වීදුරුවකින් ද (ගාසීනියා ඉන්දිකා) ඒ හා සමාන ප්‍රතිඵල අත්කර ගත හැකිය. ඩෙකෑන් සානුවේ දේශීය පළතුරක් වන දෙවැන්න, ස්වභාවික සීනි සමඟ සීත කොට පිළිගන්වනු ලැබූ විට,  සඵලදායී ගිම්හාන පානයක් බවට පත් වේ.

සාර්ථකත්වය උර දෙමින්

ඔබ පැය තුනත් හතරත් අතර කාලයක් ආහාර ගෙන නොමැති නම්, ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම් අනුමාන වශයෙන් ගිල්වෙමින් තිබිය හැකි අතර, පෝෂ්යො පදාර්ථවලින් අනූන ආහාරයකින් කුඩා ප්රවමාණයක් අනුභව කිරීමෙන් පවා, එය ඔබේ මොළයට සහ සිරුරට අවශ්ය‍ ජවය ලබා දෙනු ඇත.

නිවැරදිව බොන්න

ඔබ සෑම දිනකදීම ජලය වීදුරු 7-8ක් පමණ පානය කරන බවට වග බලා ගන්න. එමෙන්ම, ජලය වීදුරුවක් පානය නොකර, උණුසුම් වාතාවරණයකදී කිසිදිනක පිටතට නොයන්න. ජලය සිසිල්ව තැබීමට අමතරව, ජලයේ අපවිත්‍රතාවන් ඉවත් කිරීමට උපකාර කිරීම සහ පසෙන් අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ එකතු කරන බැවින්, මත්කෙ කා පැනි (මැටි බඳුනකින් ජ‍ලය) යනු හොඳ අදහසකි. ඔබේ මනස උත්තේජනය කිරීමට (ඔව්, තඹ අපේ මනසටත් ප්‍රතිලාභදායී වේ) සහ ඔබේ සිරුරේ විෂහරණය කිරීමට උපකාර කරන බැවින්, ජලය සිසිල්වද තබන, තඹ මත්ක එකක් පවා ඔබට භාවිත කළ හැකියි. මින්ට් ශාක පත්‍ර බොහොමයකින් සාදා ඇති ජල්ජීරා (දුරු ඇටවල යහගුණය කාවද්දන ලද පානයක්) ද ගිම්හාන ඍතුව සිසිල්ව තැබීමට ඉතා සඵලදායී පානයකි.

සාම්ප්‍රදායික ඉන්දීය සූප ශාස්ත්‍රයට ආයුර්වේද මූලධර්ම කිහිපයක් ඇතුළත් වන බැවින්, ගිම්හාන ඍතුවටම විශේෂ ආහාර බඳුන් කීපයක් ස්වභාවිකවම සිසිල්කරණ ආහාර වේ. පුරාණ විද්‍යාවේ වෙනත් නියැසියන් වන, ඉරබැස යන අතරතුර දවසේ අවසාන ආහාර වේල අනුභව කිරීම, තෙල් සහ අධික ලෙස රසගන්වනයන් යොදන ලද ආහාර අයිතමවලින් සහ කැෆේන්වලින් වැළකීම යනාදී කාරණා සමඟ සංයෝග වූ විට, අපට ගිම්හාන ඍතුව සමඟ ගනුදෙනු කිරීමට ඒවා අපට උපකාර වනවා පමණක් නොව, අපව සෞඛ්‍යදායී ලෙස තැබීමට ද සහය ලබා දෙයි.

ගාර්නීසියා ඉන්දිකා නැතහොත් කොකුම්, එහි තිබෙන බොහෝ ප්රකතිලාභවලට සහ සිරුර සිසිල්ව තබා ගැනීම සඳහා පුළුල් ලෙස ඉන්දියාවේ භාවිත කෙරේ

කවිතා දේව්ගන්

කවිතා දේව්ගන් යනු දිල්ලිය පදිංචිය කොටගත් සෞඛ්යාුරක්ෂණ ලේඛිකාවක්, ශරීරයේ බර කළමනාකරණය කරන උපදේශිකාවක් සහ පෝෂණවේදිනියක් වේ. සෞඛ්යේදායී, වඩාත් සාකල්යරවාදී ජීවන රටාවක් කරා මෙහෙය වන සරල ආහාර ගැනීමේ ජීවන උපදෙස් කීපයක් ඉස්මතු කර පෙන්වමින්, ඇය ග්රටන්ථ කීපයක් රචනා කොට ඇත. මෑතක දී ඇය විසින් රචනා කරන ලද ෆික්ස් ඉට් විත් ෆුඩ් (ආහාරවලින් එය විසඳා ගන්න) මඟින් සුපිරි ආහාරවල ප්රනතිලාභ පිළිබඳ දැඩි වශයෙන් කතාබහට ලක් කෙරේ
error: Content is protected !!