හවුල්කාඟත්වය

බිම්ස්ටෙක් විභවතාව

නිකුතුව02, 2019

බිම්ස්ටෙක් විභවතාව

අනිල් වාද්වා |කර්තෘ

නිකුතුව02, 2019


බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව (බිම්ස්ටෙක්* සඳහා බෙංගාල බොක්කෙහි මූලිකත්වය යනු බංගලාදේශය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, තායිලන්තය, මියැන්මාරය, භූතානය සහ නේපාලය යන රටවල් එකට එක් කරන සංවිධානයකි. මෙම කලාපීය සංවිධානයේ අරමුණ වන්නේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාප අතර හිඩැස නැති කොට ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමටත් සහ කලාපීය සම්පත් සහ භූගෝලීය වාසි ප‍්‍රයෝජනයට ගනිමිනුත් ගෝලීයකරණයේ බලපෑම් අවම කරමිනුත් සාමාජික රටවල හැකියාව වර්ධනය කිරීමටත්ය. පසුගිය දශක දෙකෙහි සිට බිම්ස්ටෙක් සංවිධානය විසින් කලාපීය සහයෝගීතාව ක‍්‍රියාකාරීව වර්ධනය කරමින් තිබෙන අතර, සත්‍ය වශයෙන්ම 2014 අගෝස්තු මස සිට සංවිධානය සඳහා වන ස්ථීර මහලේකම් කාර්යාලයක් ඩකා නුවර සිට ක‍්‍රියාත්මක කරමින් සිටී. පසුගිය වර්ෂ ගණනක් පුරාවට අවහිරතා කිහිපයකට මුහුණ දුන් සාක් සංවිධානයට වඩා ඉහළ යන විකල්පයක් ලෙසට බිම්ස්ටෙක් ක‍්‍රියා කරයි. බිම්ස්ටෙක් යනු අංශ කිහිපයකින් ක‍්‍රියාකාරිත්වය කරා එළඹෙන සංවිධානයක් වන අතර 2008 වන විට එමඟින් සහයෝගීතාවේ ඉලක්කගත ප‍්‍රදේශ ලෙසත් වෙළඳ හා ආයෝජන, වෛද්‍ය සහ බෞද්ධ සංචාරක ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම, තාක්ෂණය, බලශක්තිය, ප‍්‍රවාහනය සහ සන්නිවේදනය, සංචාරක ක්ෂේත‍්‍රය, ධීවර ක්ෂේත‍්‍රය, කෘෂිකර්මය, මහජන සෞඛ්‍යය, දරිද්‍රතාව අවම කිරීම, ප‍්‍රතිත‍්‍රස්තවාදය සහ පාරජාතික අපරාධ, පාරිසරික සහ ආපදා කළමනාකරණය, සංස්කෘතික සහයෝගීතාව, මිනිසාගෙන් මිනිසාට තිබෙන සබඳතා සහ දේශගුණික විපර්යාස යනාදී වශයෙන් අංශ 15ක් එක් කරමින් නිර්මාණය කොට ඇත.

ඉහළ: 2018 අගෝස්තු මස, නේපාලයේ කත්මන්ඩු නුවර පැවති සිව්වන බිම්ස්ටෙක් සමුළුවේදී අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා තම දේශනය කරන

2016 දී පැවති නායකයන්ගේ පසුබැසීමෙන් සහ පැවැත්වුණු සමුළු 4ක ප‍්‍රතිඵලයක් ලෙස, 1997 බැංකොක් ප‍්‍රකාශය මත පදනම්ව මෙතෙක් කල් ක‍්‍රියාත්මක වූ බිම්ස්ටෙක් සංවිධානයේ ක‍්‍රියාකාරකම් සඳහා නව ප‍්‍රඥප්තියක් මත පදනම්ව වැඩ කිරීමේ ක‍්‍රියාත්මක වීම සිදුවෙමින් තිබේ. මෙමඟින් 2019 වර්ෂය සංවිධානයට ඉතා තීරණාත්මකව වැදගත් වර්ෂයක් බවට පත් වෙමින් තිබේ. 2018 අගෝස්තුවේදී පැවති සිව්වන සමුළුව මඟින් අභ්‍යන්තර සමුළු වකවානුවලදී මඟපෙන්වීම සැපයීමට ස්ථීර ක‍්‍රියාකාරී කමිටුවක් සැකසීම හා කාර්ය පටිපාටියේ නීති රීති සැකසීම ඇතුළු ඇතැම් වැදගත් තීරණ ගනු ලැබිණි. මහලේකම් කාර්යාලයට අවධානය යොමු කිරීමේ වෙනසක් දිස්වන අතර වඩාත් මූල්‍යනය සහ මානව සම්පත් සැපයීමට මෙන්ම, සංවිධානයේ ක‍්‍රියාකාරකම්වල සම්බන්ධීකාරක, අධීක්ෂක සහ ක‍්‍රියාකාරී නිලධාරී ලෙස තම කාර්යභාරය ඉහළ නැංවීමට ද ඔවුන් විසින් පොරොන්දු වී ඇත.

සංවිධානයට ප‍්‍රතිලාභ ලැබීම සඳහා වෙළඳාම සහ ආයෝජන, පුද්ගල පුද්ගල සම්බන්ධතා, ආරක්ෂාව සහ විද්‍යාව හා තාක්ෂණය යනාදී සබඳතාවේ ප‍්‍රාථමික ක්ෂේත‍්‍ර 5ක් ඉලක්ක ඇතිව වැඩ කිරීමට තායිලන්තයෙන් ඉදිරිපත් කරන යෝජනාවක් ද සාමාජික රටවල් විසින් සලකා බලනු ඇත. අවසන් වරට පැවැත් වූ සමුළුවේදී ජාලක අන්තර් සබඳතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇති අතර, පසුගිය වර්ෂ 14 පුරාවට නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සංවිධානය විසින් සාකච්ඡා කරමින් පසුවෙයි. එමෙන්ම, 2009 දී එකඟතාවට ළඟා වීම නොතකමින් සංවිධානයට බිම්ස්ටෙක් බලශක්ති මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද තිබේ.

මුහුණත පිටුව ඉහළ: 2018 අගෝස්තු මස, නේපාලයේ කත්මන්ඩු නුවර පැවති සිව්වන බිම්ස්ටෙක් සමුළුවේදී බිම්ස්ටෙක් රටවල රාජ්‍ය නායකවරුන් සමඟ අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා

මෝටර් රථ වාහන ගිවිසුම සහ වෙරළබඩ නාවික කටයුතු පිළිබඳ ගිවිසුම තවමත් සලකා බලමින් තිබෙන අතර, එම ගිවිසුම් ද්විත්වයම සබඳතාව සඳහා වැදගත් වේ. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමෙහිලා සංවිධානය විසින් සාර්ථකව කටයුතු කොට ඇති අතර, ජාතික ආරක්ෂක උපදේශකවරුන් හා හමුදා ප‍්‍රධානීන්ගේ වාර්ෂික රැස්වීම් පැවැත්වේ. එමෙන්ම, අනාගතයේදී දේශීය අමාත්‍යවරුන් ද රැස්වීමට සහභාගි වෙනු ඇත. ව්‍යාපාරික සහ ආර්ථික සංසද යළි පුබුදුවාලීම සහ විශ්වවිද්‍යාලවල, සංස්කෘතික සංවිධානවල, මධ්‍ය සහ මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ගේ රැස්වීම් ද පැවැත්වීමට නියමිතය. සංවිධානයේ සාමාජිකයන් වන, බෙංගාල බොක්කේ සමුද්‍රාශ‍්‍රිත ප‍්‍රදේශවල ඔවුන්ටම අනන්‍ය වූ විශාල ආර්ථික කලාප සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සාපේක්ෂව දුර්වල නාවික හැකියාවන් ඇත. ශක්තිමත් කලාපීය සංවිධානයක් ලෙස ඉස්මතු වීමට නම්, සාමාජික රටවලට වෙළඳ පහසුකම් සැපයීමේ පියවර හඳුන්වා දීම, ඔවුන්ගේ ජාතික තාක්ෂණික ක්‍රමවේදයන් සමගි කිරීම, දකුණු හා අග්නිදිග ආසියාව සම්බන්ධ කිරීමෙන් කලාපීය වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සහ කලාපයේ රටවල් විසින් ආයෝජන සඳහා කාර්මික උද්‍යාන පිහිටුවීම අවශ්‍ය වේ.

ඉහළ: 2017 ඔක්තෝබර් මස, බංගලාදේශයේ ධකා නුවරදී පැවති බිමිස්ටෙක් සමුළුවේ මහ ලේකම් වූ එම්. ශහිදුල් ඉස්ලාම් සමඟ ඉන්දීය විදෙස් කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් නායක දෙදෙන

සංවිධානයේ රටවල් අතර මුහුදු වෙළඳාම සහ වෙරළබඩ නැව්ගත කිරීම ශක්‍ය කළ යුතු අතර, ඊසානදිග ඉන්දියාව සංවර්ධනය කර කලාපයේ සෙසු ප්‍රදේශ සමඟ සම්බන්ධ වී ඇත, බහුමාධ්‍ය ප්‍රවාහන ආකෘති වඩාත් ප්‍රචලිත වී ඇති අතර වෙරළ සහ දේශසීමා ආර්ථික කලාප සංවර්ධනය විය. ඉන්දියාව මියන්මාරය හරහා තායිලන්තයට සම්බන්ධ කරන ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගය සහ ඊසානදිග ඉන්දියාවේ ප්‍රාන්ත මියන්මාරය හා සම්බන්ධ කරන කලදාන් බහුමාධ්‍ය ව්‍යාපෘතිය වැනි කලාපය තුළ ඉන්දියාව විසින් සිදු කර ඇති භෞතික සම්බන්ධතා ව්‍යාපෘති සම්පූර්ණ කළ යුතුය. කලාපයේ ජලවිදුලි විභවය සහ මියන්මාරය, බංග්ලාදේශය වැනි රටවල ගෑස් හා ඛනිජ තෙල් පවතින බැවින් සංවිධානයේ සාමාජිකයින් දේශසීමා බලශක්ති වෙළඳාම, බිම්ස්ටෙක් බලශක්ති ජාලයක් සහ කලාපීය පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව සඳහා යොමු විය යුතුය.

අගමැති නරේන්ද්‍ර මෝදි කත්මණ්ඩු නුවරදී පැවසූ පරිදි, දකුණු ආසියාවේ කලාපීය ඒකාබද්ධතාවය “සාර්ක් හරහා හෝ ඉන් පිටතදී, අප සියල්ලන් හෝ අපගෙන් සමහරක් අතර” ඉදිරියට යනු ඇත – බිම්ස්ටෙක් එහි සාමාජිකයන් අතර සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කරයි. සංවිධානයේ ප්‍රධාන දායකයෙකු ලෙස ඉන්දියාව එහි පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, එහි දේශපාලන තෙරපුම මඟහරවා ගැනීමටත්, මූල්‍ය සම්පත් ලබා ගැනීම සහතික කිරීමටත්, බිහිවී ඇති මෙම සංවිධානයේ ක්‍රියාකාරිත්වයට ව්‍යාපාරික හා සිවිල් සමාජයේ සහභාගීත්වය සහතික කිරීමටත් අවශ්‍ය වනු ඇත. කලාපීය සහයෝගීතාව සඳහා නව එන්ජිමක් ලෙස.

අනිල් වාද්වා

අනිල් වාද්වා ඉතාලිය, පෝලන්තය, ඕමානය සහ තායිලන්තය යන ඉන්දියානු තානාපති ලෙස සේවය කර ඇත. 1979 ජූලි 1 සිට 2017 මැයි 31 දක්වා ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන වාද්වා හොංකොං, බීජිං, ජිනීවා, වෝර්සෝ, මස්කට්, බැංකොක් සහ රෝමයේ ඉන්දියානු දූත මණ්ඩලවල සේවය කර ඇත. ඔහු දැනට නවදිල්ලියේ විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ජ්‍යෙෂ් F සාමාජික සහ පොකුරු නායකයෙකි.
error: Content is protected !!