සුවිසල් පෙරළිය
ඉන්දියාවේ අපේක්ෂිත රාජ්යර මූලිකත්වයන් ක්රිියාත්මක කරනු දැකීම සැම විට ම ප්රිෙයජනකය. කෙසේවෙතත්, 2014 වර්ෂයේ දී අගමැති නරේන්ද්රා මෝඩි විසින් දියත් කරන ලද ස්වාච් භාරත් මෙහෙයුමේ සාර්ථකත්වය නව මිනුම් ලකුණ වී ඇත. වසර 5ක් වැනි කාලයක් තුළ එය ලොව විශාලතම සනීපාරක්ෂණ මෙහෙයුම බවට හඳුනා ගෙන ඇති බව පරමේශ්වරන් ඉයර් පවසයි
2014 වර්ෂයේ අගෝස්තු 12 වන දින ජාතිය අමතා සිදු කළ තම මංගල කතාවේ දී, අගමැති මෝඩි ඉන්දියාවේ විවෘත අපවිත්‍රකරණ ගැටලුව පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළේ ජාතික වේදිකාවක් මත එලෙස එම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රථම අග්‍රමාත්‍යවරයා බවට පත් වෙමිනි. ඔහුගේ ආමන්ත්‍රණයේ දී, මෙම පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති කුණුකසල දැමීමේ ක්‍රියා කලාපය වසර පහක් වැනි කාලයකින් තුරන් කොට දැමීමට ඔහු තීරණය කළේය. මෙම ඉලක්කය සපුරා ගැනීමට ඔහු 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 2 වන දින අභිලාෂී ස්වාච් භාරත් මෙහෙයුම (එස් බී එම්) දියත් කළේය. අගමැති මෝඩි ඔහුගේ වචන සත්‍ය බවට පත් කරමින්, වසර පහක කාලයක් තුළ දී කෝටි 55කට අධික ඉන්දීය ග්‍රාමීය ජනයා විවෘත අපවිත්‍රකරණ ගැටලුවට තුඩු දුන් ක්‍රියාවලියෙන් මුදවා ගත් අතර, එරටේ ලක්ෂ හයක පමණ ගම්මානවල ගම්වැසියන් විවෘත අපවිත්‍රකරණ ගැටලුවෙන් තොර බව (ඕ ඩී එෆ්) ප්‍රකාශ කොට ඇත. මෙය, මර්දනය කිරීමට නොහැකි යැයි හැඟුණු, වසර ගණනක සිට පැවත ආ පුරුද්දක් වෙනස් කළ බිලියන 1කට අධික ජන ගංගාවක පෙරළියකි. මෙය ලොව විශාලතම සනීපාරක්ෂණ මෙහෙයුම ලෙස හඳුනා ගැනෙමින් පවතී. මෙම ගමන ඕනෑම විශාල පරිණාමන යෝජනා ක්‍රමයකට යෙදිය හැකි පරිදි වැදගත් මඟ පෙන්වීමේ මූලධර්ම හයකින් සීමාංකනය කොට ඇති අතර, මෙය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තිය ABCEDF ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ.
A – පෙළ ගස්වන්න
විවිධ ධූරාවලිවල සිටින පුද්ගලයන් හට තරඟකාරී ප්‍රමුඛතා තිබේ. අගමැති මෝඩි මෙහෙයුම පිළිබඳ නිවේදනය කළ පසු, පානීය ජලය සහ සනීපාරක්ෂණ දෙපාර්තුමේන්තුවට එම ඉලක්කය පරිපාලන පරිසර පද්ධතිය ඔස්සේ අංගසම වන්නේදැයි තහවුරු කිරීමට සිදු විය. (එස් බී එම් කණ්ඩායම – ජී (ග්‍රාමීන්/ ග්‍රාමිය) සෑම ප්‍රාන්තයකටම වාර ගණනාවක් පැමිණි අතර, ඉගෙනීමේ වැඩමුළු, අවිධිමත් රැස්වීම් සහ වට්සැප් කණ්ඩායම් ඔස්සේ දිස්ත්‍රික් කැඳවුම්කරුවන් සමඟ ඍජුව සම්බන්ධ වී, සෑම අයෙකුගේම න්‍යාය පත්‍රයේ සනීපාරක්ෂවට මුල් තැන ලබා දී ඇත්තේ ද යන වග තහවුරු කළේය. පී එම් – සී එම් – ඩී එම් (අගමැතිවරයා – මහ ඇමතිවරයා – දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා) යන ආදර්ශකයේ ස්තර ත්‍රිත්ත්වය මින් පෙර නොවූ විරූ ලෙස මනා බැඳීමකින් ක්‍රියා කෙරිණි.
B –විශ්වාස කරන්න
අසීරු අවස්ථාවකට මුහුණු පෑ විට, සැලසුම් කළ ඉලක්කයක් ළඟා කර ගත හැකි යැයි විශ්වාස නොකරන කණ්ඩායම් තුළ උනන්දුවක් බොහෝ විට හට නොගනී. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුහු අවශ්‍ය පමණ වෙහෙසී ක්‍රියා නොකරති. එස් බී එම් මගින් ප්‍රශස්ත ඵලදායිතාව තහවුරු කිරීමට නැවුම් දර්ශනයකින් සහ අවම පරිපාලන මාර්ගෝපකරණ සමඟ තරුණ වෘත්තිකයන්ගේ අසමසම මිශ්‍රණයකින් සමන්විත අදාළ ප්‍රාන්තවල සහ මධ්‍යයේ මෙන්ම, නිර්මාණාත්මක විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කොට ඇති සහ ඉලක්කය සත්‍ය වශයෙන්ම ළඟා කර ගත හැකි යැයි විශ්වාස කරන, අත්දැකීම් සහිත, මෙහෙයවීමට ලක් වන නිලබලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් නිර්මාණය කරන ලදී.

C – සන්නිවේදනය කරන්න
එහි හරය ගෙන හැර බැලූ කල, එස් බී එම් යනු වර්යාවේ වෙනස්කම් ඇති කරන වැඩසටහනකි. දරිද්‍රතා රේඛාවට ඉහළින් සහ පහළින් මෙන්ම, ප්‍රජා මෙන්ම අන්තර් පෞද්ගලික යන සියලු මට්ටම්වල දී එස් බී එම් සමග සන්නිවේදනය මූලික කරුණක් ලෙස වැදගත් වේ. මූලාරම්භයේ සිට පුහුණු කරන ලද ස්වච්ඡාග්‍රාහීස් නම් 650000කට ආසන්න සනීපාරක්ෂණ නායකයෝ ස්වාච්ටා නැතහොත් සනීපාරක්ෂණයේ පණිවුඩය දොරින් දොරට ගෙන ගියහ. එය අනුගමනය කරමින්, මාධ්‍ය සමඟ දැඩි ලෙස කාර්යයේ නිරත වෙමින්, ජනප්‍රිය සංස්කෘතිය ග්‍රහණය කර ගනිමින් සහ බොලිවුඩයේ කීර්තිමත් පුද්ගලයින්, ක්‍රීඩකයන් සහ වෙනත් බලපෑම්කරුවන් ඇසුරු කරමින්, මෙම කාරණය ප්‍රබල කරවීමට එස් බී එම් මගින් යත්න දැරීය.
ස්වාච්ටා ප්‍රතිඥාව
- පවිත්‍රතාවය වෙනුවෙන් කැපවී සිටින බවටත්, මේ සඳහා කාලය කැප කරන බවටත් අපි මින් ප්‍රතිඥා දෙන්නෙමු.
- මම වසරකට පැය 100ක්, එනම් සතියකට පැය දෙකක් ස්වෙච්ඡාවෙන් පවිත්‍රතාව උදෙසා ක්‍රියා කිරීමට කැප වන්නෙමි.
- මම කුණුකසල නොදමා අපවිත්‍ර නොකරන අතර, අන් අයට කුණුකසල දැමීමට හෝ ඉඩ ලබා නොදෙන්නෙමි.
- මම පවිත්‍ර කිරීම සඳහා මා තුළ තිබෙන දැඩි උනන්දුව මගෙන්, මගේ පවුලෙන්, මගේ ප්‍රදේශයෙන්, මගේ ගමෙන් සහ මගේ වැඩපොළෙන් ආරම්භ කරමි.
- ලෝකයේ පිරිසිඳු ලෙස පවතින රටවල් එසේ පවතින්නේ ඒවායේ පුරවැසියන් රට පුරා කුණු කසල දමා අපවිත්‍ර කිරීමෙහි නියැලී නොසිටීම හෝ එලෙස සිදු වීමට ඉඩ නොතැබීමෙන් බව මම විශ්වාස කරමි.
- මෙම දැඩි විශ්වාසයත් සමඟ ස්වාච් භාරත් මෙහෙයුමේ පණිවුඩය මම ගම් සහ නගර පුරා පතුරුවන්නෙමි.
- අද දින මම මෙම ප්‍රතිඥාව දෙන විට, තවත් පුද්ගලයන් 100කුට මෙම ප්‍රතිඥාව ගැනීමට දිරි ගන්වන්නෙමි.
- පවිත්‍රතාව උදෙසා ඔවුන්ගේ පැය 100 කැප කරනු පිණිස ඔවුන් ඒ වෙත යොමු කිරීමට මම ප්‍රයත්න දරමි.
- පවිත්‍රතාව උදෙසා මා ගනු ලබන සෑම පියවරක්ම මගේ රට පිරිසිදුව තැබීමට උපකාර කරනු ඇතැයි මම විශ්වාස කරමි.
D –ප්‍රජාතන්ත්‍රවාදීකරණය කරන්න
වසර ගණනාවක් මුළුල්ලේ, එස් බී එම්, ජාන් ආන්දෝලන් (මහ පරිමාණයේ පරිණාමයක්) බවට පත්ව ඇති අතර, මෙම කාරණය අගමැතිවරයා බොහෝ අවස්ථාවල යළි යළිත් අවධාරණය කොට ඇත. සෑම පුද්ගලයෙකුම ව්‍යාපාරයේ ඇල්මැති පුද්ගලයෙකු බවට පත් වූ අතර, සනීපාරක්ෂාව සෑම පුද්ගලයෙකුගේම ව්‍යාපාරය බවට පත් වුණි. මිනිස්සු තම තමන්ගේ වැසිකිළි නිර්මාණය කළ අතර, අන් අයව ද ඒ සඳහා දිරිමත් කළහ. එමෙන්ම, ප්‍රජාව ක්‍රියාකාරකම් සැලසුම් කළ අතර, ප්‍රගතිය නියාමනය කළහ. තවද, ගම්මාන තම තමන් විවෘත අපවිත්‍රකරණයෙන් තොර බව ප්‍රකාශයට පත් කළේය. ව්‍යාපාර ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ වෙනත් රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මෙම හේතු කාරණය ආශ්‍රිත මුඛ්‍යධාරාවේ භූමිකාව හෙබවූයේය.

E– සමීක්ෂණය කරන්න
ප්‍රගතිය බලාපොරොත්තු අභිබවා යන විට, බොහෝදෙනෙකු එස් බී එම් හි ප්‍රගතිය දක්වන සංඛ්‍යානවල සත්‍යතාව පිළිබඳ ප්‍රශ්න කළේය. එබැවින්, විශ්වසනීයත්වය වඩා වර්ධනය කිරීම සඳහා තෙවන පාර්ශ්ව නියාමනය කිරීමට දිරි ගැන්වීම සහ ස්වෙච්ඡා සේවකයන්ගේ උනන්දුව එලෙසම පැවැත්වීම වඩාත් වැදගත් කරුණක් බවට පත් විණි. ලෝක බැංකුව, යුනිසෙෆ්, බී එම් ජී එෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන සනීපාරක්ෂණ ආවරණයේ සහ භාවිතය, සාර්ථකත්ව සහ දියුණුවීමේ ප්‍රදේශ මෙන්ම, එස් බී එම් හි සෞඛ්‍ය, ආර්ථික සහ සමාජ බලපෑම් පිළිබඳ විවිධ තක්සේරු සිදු කරමින් ඉන්දියාව සනීපාරක්ෂාව පිළිබඳ ලෝක විද්‍යාගාරයක් බවට පත්විය.

F –අනුගමනය කරන්න
2019 ඔක්තෝම්බර් 2 වන දින විට සියලු ප්‍රාන්ත විවෘත අපවිත්‍රකරණ ගැටලුවෙන් තොර බව ප්‍රකාශ කර සිටිය ද, අගමැතිවරයා සඳහන් කළේ එය එක් සන්ධිස්ථානයක් පමණක් මිස නිමාවේ රේඛාව නොවන බවය. අපවිත්‍රකරණ ගැටලු තොර කිරීමේ චර්යා තවමත් පවත්වා ගෙන යන බවට තහවුරු කිරීමේ දැඩි අවධාරණයක් යොමුව ඇති අතර, කිසිවෙකු මීට ඇතුළත් කර නොගෙන නොසිටින බවට ද මින් තහවුරු කෙරේ. පානීය ජලය සහ සනීපාරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕඩීඑෆ් සිට ඕඩීඑෆ් ප්ලස් දක්වා ඉදිරියට යාමේ ඉදිරි දස වසරක් සඳහා වන සනීපාරක්ෂණ උපාය මාර්ගය වන ඉන්දියාවේ ගම්මානවල මුළු මහත් පවිත්‍රතාව පුළුල් කිරීමේ ඉලක්කය මහජනතාව අමතා නිකුත් කළේය.ඉන්දීය රජය තම පුරවැසියන්ට මූලික සේවා ලබාදීමේ දැඩි අවශ්‍යතාව සපුරාලමින් සිටියි. අගමැතිවරයා ඔහුගේ දෙවන ධූර කාලයේ දී ප්‍රථම නිදහස් දින කතාවේ දී, 2024 වර්ෂය වන විට සියලු නිවාසවලට නළ ජලය ලබා දීමේ තම අභිලාෂක ඉලක්කය පිළිබඳ නිවේදනය කළේ ය. මේ ඉලක්කය අනුව යමින්, ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව, ජාල් ජීවන් මෙහෙයුම පුරවැසියන් හට ලබාදීමට නිර්මාණය කෙරෙමින් තිබේ. බලාපොරොත්තු සහගත ලෙස, එම ඉලක්කය ද සාර්ථකත්වයට පත් වනු ඇත!