ඡායා රූ

මානවදයාව සඳහා අරගලය

නිකුතුව 03, 2020

මානවදයාව සඳහා අරගලය

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 03, 2020


කොවිඩ් - 19 ඉහළ යාමට සමගාමීව ආසාදිතයන් ගණන වැඩි වීමත් සමඟ, රට පුරා තිබෙන වෛද්යඔ සහ අත්යා්වශ්ය් සේවා දැඩි දුර්වලබාවයකට පත්ව ඇත. කෘතඥපූර්වක දේශයක් ගෝලීය වසංගතයට එරෙහිව ඔවුන්ගේ සටන සිදු කිරීමට ස්වකීය භටයන් හට සහය වන්නේ කෙසේද යන කතාව අලංකාරවත් ලෙස පවසන, ඉන්දියාව මුළුල්ලෙන් ගත් ක්ෂණික දර්ශන කීපයක් මෙන්න

කොරෝනා වයිරසයට එරෙහිව සටන් වදින සටන්කාමීන් දිරිගැන්වීම සඳහා ඔඩිෂාහි නිලනොවන රාජ්‍ය ගීය වන බන්දේ උත්කලා ජනනි ගීතය ගායනා කිරීමට සියලු ජීවන තරාතිරම්වල සිටින ජනයා එක්රොක් වූහ. නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් වදින වෛද්‍ය වෘත්තිකයන් හට ස්තූතිය පුද කිරීමට, එම වෘත්තිකයන් එක්රැස් වීමත් සමඟ, ඉන්දීය ගුවන් සේවයේ චොපරයක් ඔවුන් වෙත ළඟා වී ගුවනින් මල් පෙති වැස්සක් වස්සවයි. මැයි 03 වන දින නව දිල්ලියේ දී, මූලාරම්භය ගෙන සිදු කරන ලද “ කොරෝනාට එරෙහි සටන්කාමීන් හමුදා බලකායන් ආචාර පිරිනමයි” යන වැඩසටහනෙහි කොටසක් ලෙස, ඉන්දීය යුධ හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ නියෝජිතයන් ජාතික පොලිස් අනුස්මරණ ස්ථානයේ දී ප්‍රාණ පරිත්‍යාගීන් හට ප්‍රණාම පුද කරමින්. කොරෝනා වයිරස වසංගතය අතරතුර වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලය සිදු කළ සේවයට හමුදා කාර්යමණ්ඩල ආචාරය පුද කරයි. කොරෝනා වයිරස වසංගතය අතරතුර වෛද්‍ය කාර්යමණ්ඩලය සිදු කළ සේවයට ස්තූතිය පිරිනැමීම සඳහා  2020, මැයි මස 03 වන දින නව දිල්ලියේ දී හමුදා වාද්‍ය කණ්ඩායමක් සංගීතය වාදනය කරයි. කොවිඩ් – 19 පැතිරීමට එරෙහිව සටන් කිරීම සඳහා දීපව්‍යාප්ත ලෙස රට වසා දමා තිබෙන අවධියක, සියලු අවදානම්වලට නිර්භීත ලෙස මුහුණ දෙමින්, පොලිස් බලකායන් විසින් සිදු කරන ලද සේවය උදෙසා කලාකරුවන් විසින් පොලීසියට කැපකරන ලද භූමි බිතු සිතුවමක් සිතුවම් කරන ලදී. මාර්තු 22 වන දින, සෞඛ්‍ය නිලධාරීන් සහ අත්‍යාවශ්‍ය කම්කරුවන් සමඟ සහයෝගීතාව සලකුණු කිරීමට අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් සිදු කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙන් නව දිල්ලියේ සිටින කාන්තාවන් තම ගෙදර දොර භාජන යොදා ගනිමින් මහත් ශබ්දයක් ඇති කරමින්. මුම්බායිහි කොවිඩ් – 19 ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කරන කම්කරුවන් හට ස්තූතිය පුද කිරීමට සිතුවම් කරන ලද බිතු සිතුවමක් පසු කර ගෙන ධාවනය කරන මෝටර් රථ රියදුරෙක්. පන්ජාබයේ අම්රිස්තාර්හි කොවිඩ් – 19 ව්‍යාප්තියට එරෙහිව සටන් වැදීමට නියැළී සිටින පිරිස් සඳහා උපහාරය පුද කිරීමට නිරෝධායන මධ්‍යස්ථානයක දී හමුදා වාද්‍ය කණ්ඩායම විසින් වාදන කරනු ලබන සංගීතයට පෙරට’විත් නර්තනයේ යෙදෙන වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලය. මැයි 30 වන දින, ඔඩිෂා හි භුබානේස්වර් හි දී, කොරෝනා වයිරසයට එරෙහිව සටන් වදින සටන්කාමීන් දිරි ගැන්වීමට පොලිස් කාර්යමණ්ඩලය විසින් දිරිගන්වනසුලු ගීත ඉදිරිපත් කරමින්. අගමැති මෝඩිගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, දීප ව්‍යාප්ත රට වසා දැමීම අතරතුර, අප්‍රේල් 05 වන දින කොරෝනා වයිරසය පැරදවීමට ජනතාව ඔවුන්ගේ නිවෙස්වල විදුලි ආලෝකයන් නිවා දමා, ලාම්පු, ඉටිපන්දම්, ක්ෂණයෙන් නිවෙන දැල්වෙන ජංගම ආලෝකයන් දල්වමින්, දේශයේ සාමූහික ජීවය ප්‍රදර්ශනය කළහ. මැයි 03 වන දින පැවති “ කොරෝනාට එරෙහි සටන්කාමීන් හමුදා බලකායන් ආචාර දක්වයි” යන කර්තව්‍යයයෙහි  කොටසක් ලෙස ඉදිරිපෙළෙහි ක්‍රියා කරන ඉන්දියාවේ කොරෝනාට එරෙහි සටන්කාමීන්ගේ ප්‍රයත්නයන්වලට “ස්තූතියි” යැයි මතුරන ඉන්දීය නාවික හමුදාවේ අයිඑන්එස් ජලශ්වාහි නාවික භටයින් පිරිසක්. මැයි 03 වන දින, කොවිඩ් – 19 ට එරෙහිව සිදු කරන සටනේ දී වෛද්‍ය වෘත්තිකයන්, පොලීසිය සහ සනීපාරක්ෂක කම්කරුවන් ඇතුළු ඉදිරිපෙළෙහි ක්‍රියා කරන සියලු කම්කරුවන් උදෙසා කෘතඥතාව ප්‍රකාශ කිරීමට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානා ත්‍රිත්ත්වයක් ඉන්දියා ගේට් නම් ස්ථානය මතින් පියාසර කරයි. ඉන්දීය නාවික හමුදා හෙළිකොප්ටර යානයක් විසින් ඉදිරිපෙළ වෛද්‍ය කම්කරුවන් හට උපහාර පිදීමට අයිඑන්එච්එස් අස්විනි (ඉන්දීය නාවික රෝහල් නෞකාව) කාර්යමණ්ඩලය මතට රෝස පෙති පතිත කරනු ලබයි. නව දිල්ලියේ යුධ හමුදා මූලික රෝහලේ දී ස්තූතිය පුද කිරීමේ උත්සවයක් අතරතුර ඇගේ සේවාවන් සඳහා පළ කරන සතුට ඇයට හිමි වීමට ප්‍රථම, ජ්‍යෙෂ්ඨ සාමාජිකයයෙකුට ආචාර පුද කරන හමුදා හෙද සේවයේ සාමාජිකාවක්.

error: Content is protected !!