රාජ්‍යෝපාය තනි බැල්මකින්

බෝල්ටික් සම්බන්ධතාව

නිකුතුව 04, 2019

බෝල්ටික් සම්බන්ධතාව

Vinayak Surya Swami |කර්තෘ

නිකුතුව 04, 2019


ඉන්දියානු නියෝජ්‍ය ජනපති එම්. වෙන්කයියා නායිදු, අගෝස්තු17-21 දක්වා ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්ටෝනියාවේ බෝල්ටික් දේශයන්හි තෙදින සංචාරයක් සඳහා ලිතුවේනියාවට ගොඩබැස්සේ ය

ඉන්දියානු නියෝජ්‍ය ජනපති එම්. වෙන්කයියා නායිදු, අගෝස්තු17 වන දින ලිතුවේනියාවට පැමිණි අතර, ඔහුව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිණි. ඔහු ලිතුවේනියානු ජනාධිපති ගීතානාස් නෞසාඩා හමු වී, ඔහු තේරී පත්වීම පිළිබඳ සුබ පැතුවේය. කෘෂිකර්මාන්තය, ආහාර සකස්කරණය, තොරතුරු සහ මූල්‍ය තාක්ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමට දෙපළ විසින් එක වන ලද පුළුල් සාකච්ඡා ජනපති නෞසාඩා සමග ඔහු පැවැත්වූයේය. පසුව ඔහු රාජ්‍ය සභාවේ නිලබලැති සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ලිතුවේනියානු අග්‍රාමාත්‍ය සවුලියස් ස්කවර්නෙලිස් සහ (ලිතුවේනියාවේ ඒක මණ්ඩලික පාර්ලිමේන්තුවේ) කථානායක, වික්ටෝරස් ප්‍රැන්කිටිස් හමු වූයේය. ලිතුවේනියාවේ වසන ඉන්දීය ප්‍රජාව ද ඇමතූ ඔහු, දෙරට අතර ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරන මෙන් ඉල්ලා සිටියේය.

ලැට්වියාව

ඉන්දියානු නියෝජ්‍ය ජනපති ඔහුගේ සංචාරයේ දෙවන අදියර ලෙස අගෝස්තු 19 වන දින බෝල්ටික් ප්‍රදේශයට පැමිණියේය. 1990 වර්ෂය පූර්වයේ දෙරට අතර පිහිටුවන ලද රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලින් පසු උසස් මට්ටමින් සිදු කරන ලද හමුව මෙය වේ. ඔහුව උත්සවාකාරයෙන් පිළිගැනුණු අතර, අනතුරුව ඔහු ලැට්වියාවේ ජනපති ඉග්ලිස් ලෙවිටස්, අග්‍රාමාත්‍ය ක්‍රිස්ජානිස් කරින්ස් සහ සැයිමා (ලැට්වියානු පාර්ලිමේන්තුවේ) සක්‍රීය කථානායක, ඉනිස් ලිබිනා එග්නෙයර් හමු වූයේය.

එස්ටෝනියාව

ස්වකීය සංචාරයේ තෙවන සහ අවසාන අදියර ලෙස, අගෝස්තු 20 වන දින ඉන්දියානු නියෝජ්‍ය ජනපති එස්ටෝනියාවට පැමිණි අතර, එහිදී ඔහු එස්ටෝනියානු ජනපති කර්ස්ටි කල්ජුලෙයිඩ් හමු වී, කලාපීය, බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ ය. නියෝජ්‍ය ජනපතිගේ සංචාරයේ සුවිශේෂී අවස්ථාවන් අතර, වෙළෙඳාම, වාණිජ්‍යය, තොරතුරු තාක්ෂණය, විද්‍යුත් රාජ්‍ය පාලනය, සයිබර් ආරක්ෂාව සහ අධ්‍යාපනය මත සහයෝගීතාව සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡා ද විය. බෝල්ටික් දේශ සඳහා ඔහු සිදු කළ දින පහක සංචාරය නිමා කිරීමට ප්‍රථම, ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීයයුරෝපානු 29 ව්‍යාපාරික සංසඳයට සහභාගී වන මෙන්, ඔහු විසින් එස්ටෝනියාවට ආරාධනා කරන ලදී.

Vinayak Surya Swami

විනයාක් සූරිය ස්වාමි දිල්ලියේ වෙසෙන මාධ්‍යවේදියෙකි. ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ඉන්දීය නාවික හමුදාවේ ආධුනික නැව් තැනුම්කරුවෙකු ලෙස සේවය කර ඇත. නව යොවුන් වියේ සිටම අර්ධකාලීන ලේඛකයෙකු වූ ඔහු ලිවීම හා සංචාරය කිරීම සඳහා වූ දක්ෂතාවය ලුහුබැඳීම සඳහා පුවත්පත් කලාවට යොමු විය.
error: Content is protected !!