පදාර්ථයේ කලාව
58 වන වැනීසියේ බයිනාලයේ පිහිටි ඉන්දියානු මණ්ඩපය, සමකාලීන නිර්මාණාත්මක ක්‍ෂේත්‍රය තුළ සලකනු ලබන ජාත්‍යන්තර බලවේගයක් ලෙස රට සුපෝෂිත කරමින්, හොඳම නිර්මාණකරුවන් 10 දෙනා අතරට පැමිණ ඇත
මහත්මා ගාන්ධි කිසි දිනක වැනීසියට සංචාරය නොකළේය. ගාන්ධිතුමන්ගේ සාමයේ සහ අවිහිංසාවේ දර්ශනයෙන් ප්‍රබෝධයට පත් නිර්මාණ සමඟ, 2019 දී ඉන්දියානු කලාකරුවෝ සදාකාලික ආදරණීය වූ ඉතාලි නගරයට සංචාරය කළහ. මෙම වර්ෂයේ දී, වසර 8ක හිඩැසකින් පසු, වැනීසියේ බයිනාලයේ පැවති ලොව විශාලතම සහ වඩාත් කීර්තිමත්ම කලා අත්‍යුත්කර්ෂකය, එහි තිබෙන නිර්මාණශීලී අදහස් සඳහා පමණක් නොව, ගාන්ධිතුමන්ගේ දර්ශනය මත තේමා වී තිබීම මත ගෞරවාදරයට පත් වේ. Financial Times සහ ප්‍රමුඛ කලා වෙබ් අඩවියක් වන artsy.net මඟින්, රටවල් 90ක සමස්තයකින් හොඳම රටවල් 10 අතරේ මෙය ලැයිස්තු ගත කොට තිබූ අතර, එක් පසෙකින් ගාන්ධිතුමන්ගේ චින්තනයෙන් දිරිමත් වූ අපගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, පෝලන්තය සහ මුල් වරට ඉදිරිපත් වූ රටක් වන ඝානාව ගැන සාකච්ඡා කරයි.
58 වන වැනීසියේ බයිනාලයේ දී (නොවැම්බර් 24 දක්වා), නිල ඉන්දියානු මණ්ඩපයේ දී, නන්දලාල් බෝස්, එම් එෆ් හුසේන්, ජිතිෂ් කලාත් සහ අතුල් ඩොදියා වැනි ඉන්දියානු කලාකරුවන් අට දෙනෙකු ශිල්ප දක්වනු ඇත. ඔවුනට අමතරව, මෙම උත්සවයේ 2019 එළිදැක්ම පිටුපස සිටින මිනිසා සහ ඇමෙරිකානු කලා උපදේශකවරයෙකු වන, රල්ෆ් රුගොෆ් විසින් නිර්මාණය කරන ලද, බයිනාලේ හි ප්‍රධාන ප්‍රදර්ශනයේ කොටසක් ලෙස, ස්වකීය නිර්මාණ සඳහා ගෝලීය විචාරශීලී සම්මාන දිනා ගත්, ගවුරි ගිල්, ශිල්ප ගුප්තා සහ සෝහම් ගුප්තා වැනි සමකාලීන කලාකරුවන් ද ඔවුන්ගේ නිර්මාණ සමඟ නියෝජනය කෙරිණි. මෙම උත්සවය ප්‍රථම වරට ඇරඹී, ආසන්න වශයෙන් වසර 116ක් ගත වීමෙන් පසු, 2011 දී ජාතික මණ්ඩපයක් සමඟ, බයිනාලේහි දී පැවති උළෙලට ඉන්දියානු සම්ප්‍රාප්තිය සිදු විය. 1931 දී, ගාන්ධිතුමන් රෝමයේ සංචාරයක් කරන ලද අතර, ඔහුට ගැටළු ප්‍රකාශයක දී මුසලිනී (ඉතාලි අග්‍රාමාත්‍ය බෙනිටෝ මුසලිනී) හමු වූ බව මිතුරෙකුට ලිපියකින් දන්වා ඇත. ගාන්ධිතුමා ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව ද ලිපියක් ලියා ඇත. වැනීසියේ බයිනාලයෙහි ප්‍රධාන ප්‍රදර්ශන අංගවලින් එකක් වන, කලාකරු ජිතිෂ් කලාත් විසින් ඔහුගේ ත්‍රිමාන පිළිබිඹුවකින් දක්වන ආවරණ ලිපියෙන් ජීවයට ගෙන එන්නේ මෙම ඓතිහාසික ලිපියයි. මෙම දිග හරින ලද ලිපිය අපහැදිලි තිරයක් මතට ප්‍රක්ෂේපණය කෙරෙන අතර, ගාන්ධිතුමන්ගේ වචන සහ අත්සන කුරුටු ගා ඇති ආකාරය දිස් වීමෙන්, නරඹන්නා හට ඓතිහාසික සිදුවීමක් පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව සලසයි.

හවුල්කරුවන් ලෙස ඉන්දියානු කර්මාන්ත රාජ්‍ය සංගමය (CII) සමඟ ඉන්දියානු රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ කොමසාරිස්වරයා ලෙස ක්‍රියාකරන නූතන කලාවේ ජාතික චිත්‍ර ශාලාවේ ඒකාබද්ධ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු මණ්ඩපය බිහි වී ඇත. කිරාන් නාඩාර් කලා කෞතුකාගාරයේ ප්‍රධාන උපදේශකවරයා වන රූබිනා කැරෝඩ් විසින් එය මෙහෙයවා ඇත. “ගාන්ධිතුමන්ව ලේඛන ගත ව්‍යුහයකින් සාහිත්‍යමය නිරූපණයක් සිදු කිරීම හෝ ලේඛනාගාරයෙන් ඔහුට යළි පණ පෙවීමක් වශයෙන් මම මෙම ප්‍රදර්ශනය නොදකිමි” යැයි කරෝඩ් පවසයි. එමෙන්ම, “ගාන්ධිතුමන්ගේ ඡායාව, ඔහු අමරණීයව සිටින බව කාලයේ සහ අවකාශයේ ස්ථාවර කොට නොමැත.” ව්‍යසන කාලයේ දී හෝ බලාපොරොත්තු සුන් වූ සමයේ දී ඔහු සැම විටම මහජනයාගේ හෘදසාක්ෂිය වෙත පෙරළා පැමිණියේය. ඔහු මනෝභාවය හෝ සාංකාවෙහි පමණක් එල්බ සිටින පුද්ගලයෙකු නොවීය. සැබවින්ම, ඔහු සමකාලීන ප්‍රතිබිම්බයේ විෂයය විය. මම ඔහුගේ ක්‍රියාකලාපයේ පැතිකඩ දෙස බැලීමට නැඹුරු වූවෙමි. ”ශිල්පය, ශ්‍රමයේ ගෞරවය සහ ස්වයං යැපීම මත අවධාරණය පිළිබඳ ඔහු දරන ලද අදහස් කෙරෙහි ද මා අවධානය යොමු කළෙමි.” යි ඔහු පවසයි.

මෙම වර්ෂයෙහි ඉන්දියාව බයිනාලයෙහි සහභාගී වීම මඟින් මූලික සහනයක් ලබා දෙන අතර, ගෝලීය කලා උළෙලවල ඉන්දියාව දැක්වූ කඩින් කඩ සහභාගීත්වය සඳහා ඇති වූ දිගු කාලීන වැළපීම නිමා කරමින්, ඉන්දියානු කලා සහෝදරත්වයට උද්වේගයක් ලෙස මෙය ක්‍රියා කරනු ඇත. “නිව්යෝක් නුවර පුරවර කලා කෞතුකාගාරයේ දකුණු ආසියානු කලා අංශය භාර, සහකාර උපදේශක වන ශනේ ජවේරි නිරීක්ෂණය කරමින් පවසන්නේ, නිව්යෝක් හි මෙට් බ්‍රියෝ (MET Breuer) වැනි ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනයන්හි නියෝජනයට ලක් වන ඉන්දියාවට මහඟු කාලයක් උදා වන බවයි. ඔහු පවසන්නේ, නිදසුනක් ලෙස ජර්මනියේ කසෙල් හි සෑම වර්ෂ පහකට වරක් පවත්වනු ලබන සමකාලීන කලා ප්‍රදර්ශනයක් වන ඩොකියුමෙන්ටා (Documenta) මෙන් වර්තමානයේ වැනීසියේ බයිනාලය ද ඔහු හඳුනා ගන්නා බවයි. ජවේරි විසින් ඉන්දීය කලාකරුවන් ප්‍රවර්ධනය කරනු ලැබ සිට ඇති අතර, අභාවප්‍රාප්ත ඉන්දීය කලාකරු නස්රීන් මොහොමදිගේ ප්‍රත්‍යාවේක්ෂණයක් MET හිදී පවත්වන ලදී. තවද, එමඟින් වර්තමානයේ දී නිර්මාණ ශිල්පී ම්‍රිනාලිනී මුකර්ජිගේ ඒක පුද්ගල ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

ඉන්දියානු මණ්ඩපය මින් පෙර එක් වරක් පමණක් පවත්වා ඇති බැවින්, වර්ග මීටර 530ක් වැනි බිම් ප්‍රමාණයක, සැලකිය යුතු ප්‍රමාණයේ කලාකරුවන් අට දෙනෙකුගේ නියෝජනයෙන් යුතුව කලා උපදේශක මඬුල්ල සාකච්ඡා පවත්වා ඇත. “අවකාශය ගලායන ලෙස තිබීමටත්, ප්‍රදර්ශනය කරන ලද නිර්මාණවලින් අනුනාද හට ගැනීමටත්, නැවැත්වීමට සහ පරාවර්තනය වීමට මණ්ඩපය සමනය කරමින්, මනස් ප්‍රකෘතිය තැබීමටත් සුදුසු පරිදි අපි ස්ථානෝචිතව කටයුතු කොට ඇත්තෙමු. අවකාශයේ සමමිතික මෝස්තරයක් නොසෑදෙන පරිදි, අසාමාන්‍ය දාර සහ සිදුවීම් අපේක්ෂා කරමින් මම එය තෝරා ගත්තෙමි.” යි කරෝද් පැවසුවේය.
ජිතිශ් කලාත් ඔහුගේ ආවරණ ලිපිය පිටුපස ඇති කලා නිර්මාණය එළි දක්වයි. “සෑම සංචාරකයෙකුම තම කලා නිර්මාණයට වෙනස් පෞද්ගලික, සමාජීය සහ ඓතිහාසික අත්දැකීම් ගෙන එයි. ඉන් ඔහු එහි අර්ථය වෙනස් කරයි.” යැයි කලාත් පවසයි. ඔහුගේ මහජන නිවේදන කලා නිර්මාණ හා බෙහෙවින් සමාන ආවරණ ලිපිය මඟින් වර්තමානය පිළිබඳ යළිත් සිතීමේ පුනර් අරමුණ සඳහා ඉතිහාසයෙන් සිදු කරන ආයාචනයක් පිළිබිඹු වේ. පාරගම්‍ය වියළි වූ සැකයකට පරාවර්තනය කරන ලද ඓතිහාසික ලිපියක් වූ මෙම කලා නිර්මාණය, ගාන්ධිතුමන් විසින් 1939 දී, ජර්මනියේ නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් හට ඔහුගේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ යළි සලකා බලන ලෙස ආයාචනය කරමින් ලියන ලද කෙටි ලිපියයි. ගාන්ධිතුමන් ඔහුගේ ආමන්ත්‍රණය වදන්වලට පෙරළන ආකාරයේ චිත්ත වික්ෂේපකාරී හැඟිමක් මෙහි ගැබ්ව ඇත. එනම් ඓතිහාසික අවස්ථාවක සිට සාමයේ ප්‍රධාන යෝජකයෙකු ලෙස එය ක්‍රියා කරයි. “ගාන්ධිතුමන්ගේ අංගහාර සහ ඔහුගේ ජීවන අත්දැකීම් බොහොමයක් සේම, මෙම ලිපිය ද එහි යවන ලද දිනය සහ අදහස් කරන ලද ලබන්නාට ඔබ්බෙන් සංචාරය කිරීමට දෛවෝපගත වූ විවෘත ලිපියකි. මෙම ලිපිය ඕනෑම අයෙකුට, ඕනෑම වේලාවක දී, ඕනෑම ස්ථානයක දී ලියන ලද ලිපියකි.” යි ඔහු විස්තර කරයි.
කරෝඩ් සහ ඔහුගේ කලා උපදේශක කණ්ඩායම විසින් කලාකාමී අතුල් ඩොදියාගේ බිඳුණු ශාඛා නම් වූ කලා නිර්මාණය තෝරා ගෙන ඇත්තේ එමඟින්, “විශ්වීය තනුවක්” නිර්මාණය කෙරෙන බවින් යුත් වීම සහ ප්‍රචණ්ඩත්වය නම් සංවාදය වටා භ්‍රමණය වන බැවිනි. “ඩොදියා නිරීක්ෂණය කරමින් පවසන්නේ “ මගේ මෙම නිර්මාණය අදටත් අදාළ වීම පිළීබඳ කණගාටු වන අතර, ප්‍රචණ්ඩත්වය තවමත් සිදු වේ.” යනුවෙනි. දෑතින් වර්ණ ගන්වන ලද ඡායාරූප සමඟ දැව කැබිනට්ටු නවයක්, කෘතිම අත් පා, මෙවලම්, සොයාගත් වස්තූන් සහ වෙනත් මතක සටහන්වලින් මෙම දියත් කිරීම සමන්විත වේ.
සමාන අදහසකින්ම, කලාකරු ජී. ආර් ඉරන්නා විසින් පඬු වස්ත්‍ර හෝ ශුද්ධ වූ පාවහන් හැඩ කරමින්, යළිත් වරක් තමන් විසින් 2010 දී සිදු කරන ලද කලා නිර්මාණය වෙත පැමිණෙයි. “දියත් කරනා කලා නිර්මාණය නාවූ ලෙස නම් කොට ඇති අතර, එය ‘මිමිණීම’ අර්ථවත් කරන සඳහා කන්නඩා වචනයයි. නැතහොත් ඉංග්‍රීසි බසින් ‘එක්ව’ යන අර්ථයයි. අප සියලුදෙනා එක්සත්ව, කිසියම් කාරණයක් සඳහා ශක්තිසම්පන්නව නැඟී සිටීම මින් සංකේතවත් වේ.” යැයි ඉරන්නා පවසයි. මෙම කලා නිර්මාණයෙහි පඬු වස්ත්‍ර සිය ගණනක්, ගොඩ ගසා ප්‍රදර්ශනය කර තිබෙන අතර, බිත්තියට ද ඒවා කුඩා ඇණ ගසමින් සවි කොට ඇත්තේ මිනිසුන් බිත්ති හරහා සිවිලිම් එක් කොට, ඒවාහි ඇවිදිනවාක් මෙනි. ඉන්දියාවේ භික්ෂූන් සහ වෙනත් ශුද්ධ අතවැස්සන් විසින් පඬු වස්ත්‍ර අඳිනු ලබන අතර, සාමය සහ අවිහිංසාව නම් ප්‍රතිපත්තිය ඉන් පිළිබිඹු කෙරේ. සෑම පාවහන් යුගලකටම අමුණා ඇති කුඩා වස්තුවකින් වෘත්තිය හෝ ආගම සංකේතවත් කෙරෙන අතර, එය කතුරක් වැනිය. “මෙය ඔවුන්ගේ පෞද්ගලිකත්වය හඟවන අතර, අපි සියලුදෙනා එක්සත්ව සිටින බව සහ ඒ අතර අපගේ අසමසම වූ අනන්‍යතාව ද නොකඩවා අප විසින් පවත්වා ගෙන යන බව මින් සංකේතවත් කෙරේ.” යැයි ඉරන්නා පවසයි. පඬු වස්ත්‍රවල තැවරී තිබෙන වැලි ප්‍රමාණයන්ගෙන් සංකේතවත් වන්නේ, මුහුද අසබඩ ඇවිදින ජනයා මඟින් මෙම පාවහන් පළඳින බවත්, බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ ක්‍රියාත්මක කොට තිබූ දරුණු පාලනයට එරෙහිව, මහත්මා ගාන්ධිතුමන් විසින් සිදු කළ පා ගමන මින් ව්‍යාංගාර්ථයෙන් පැවසෙන බවත් ය.
අභාවප්‍රාප්ත රුමානා හුසේන්, ඇගේ සුවිශේෂී කලා නිර්මාණයක් වන Fragments (කැබලි) මඟින් නියෝජනය වේ. බිඳුණු කලයක් හෝ සුසානඝරයකින් සමන්විත වන එය, නිහැඬියාව අහිමිව යාම පිළිබඳ සාකච්ඡා කරයි. මක්බූල් ෆීඩා හුසේන් විසින් තවත් හුසේන් කෙනෙකු ඔහුගේ සිතුවමෙන් ඉදිරිපත් කරනු ලබයි. එය ඉන්දියාවේ අතීතයේ විවිධ මත ඒකරාශී කිරීමට තුඩු දෙන ස්වභාවය පිළිබඳ පුනර් සිදුවීම් එකට එක් කෙරෙන ඓතිහාසික නිර්මාණයකි.
පසුගිය වර්ෂයේ දී, ඉන්දියාව විසින් මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය සමරනු ලැබීමත් සමඟ, මෙම මණ්ඩපය තව තවත් සම්බන්ධ වූ අතර, ඔහුගේ දර්ශනයෙහි අදාළතාව, වත්මන් ප්‍රචණ්ඩකාරී ලෝකයට සත්‍ය ලෙසම අදාළ වන බව පෙනේ. කරෝඩ් පවසන්නේ, “මෙම ප්‍රදර්ශනය මඟින් ගාන්ධියානු අගයන්හි අදාළතාව විශ්ලේෂණය කිරීමට වෙර දරන” බවත් සහ “අදටත් ඔහුගේ පරීක්ෂණයන් සමඟ අපට මඟ පෙන්වීමට ඔහුගේ සත්‍යය අවශ්‍ය වීම අවසානාවක් වුව ද සත්‍යයක්! ” බවත් ය.