දිව්‍ය කලාව
ඉන්දියානු සිතුවම් කලාවේ එක් පැරණි අංගයක් වන පට්ටචිත්‍ර ඔඩිෂා ප්‍රාන්තයේ පූරි හි ජගන්නාත් කෝවිල ස්ථාපනය කළ දා පටන් පවතින බව පැවසේ. භාග්‍යශ්‍රී සාහූ සහ ශ්‍රබාහ්‍රී අනින්දිතා මල්ලික් මේ සාම්ප්‍රදායික කලා ආකෘතියේ දුෂ්කරතාව ගවේෂණය කරන අතර එහි මූල මණ්ඩලය පූරි දිස්ත්‍රික්කයේ රඝුරාජ්පූර් ගම්මානයේ උරුමය හා සබැඳිව පවතින බව පසක් කරයි
ඉන්දියානු කලා කුසලතා උරුමය පොහොසත් සහ විවිධ වන අතර රටේ අස්සක් මුල්ලක් නෑර අධ්‍යයනය ගැඹුරින් කෙරෙන අතර කලාත්මක නිර්මාණශීලීත්වයේ ප්‍රකාශනය ප්‍රකටව පවතී – බිහාරයේ මධුභාණි සිතුවම් සහ මහාරාෂ්ට්‍රයේ වාර්ලි කලාවේ සිට රාජස්ථානයේ කුඩා සිතුවම් දක්වා විහිදී යයි. නමුත් අති පෞරාණික, දේශීය සහ දිදුලන ඒවා අතර එකක් වන ඔඩිෂාහි කලා ශිල්පයක් වන පට්ටචිත්‍රාව (පටචිත්‍රා) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ මේ ළඟකදී ගුවන්විදුලිය හරහා කළ ජාතිය ඇමතීමකදී, මාන් කී බාත්, සඳහන් කරනු ඇසිය හැකිවිය. පට්ටචිත්‍රා කලාවේ මුල් ඔඩිෂාහි පූරි දිස්ත්‍රික්කයේ කුඩා ගම්මානයක් වන රඝුරාජ්පූර්වල සිට ඇදී එයි. ඇත්ත වශයෙන්ම, රඝුරාජ්පූර් මෙරට පවත්නා කලාධිගෘහිත ගම්මාන අතළොස්සක් අතරින් එකක් වන අතර සෑම ගම්මාන වැසියෙක්ම මේ සාම්ප්‍රදායික ශිල්පයෙහි නියැලී සිටියි. ගම්මානයෙහි තිබෙන සෑම නිවසක්ම පාහේ කලාගාරයකි. පට්ටචිත්‍රා කලාව සකස් වී ඇත්තේ කුමකින්ද යත්, අකලංක සිතුවම්කරණය, විස්තරාත්මක අවධානය, විශද පැහැසරණිය සහ සියවස් ගණනාවක සිට එන උරුමය යන සාධකයි.

පූරිහි පූජනීය ජගන්නාත් කෝවිල ස්ථාපනය කෙරෙනුයේ පට්ටචිත්‍රා කලාව සමගින් බවට පුරාවෘත්තයක් පවතින අතර පට්ටචිත්‍රා සිතුවම් පුනරුක්ත කලාවෙහි තේමා අතරින් එකක් වන කාරණයක් නම් ජගන්නාත් කෝවිලෙහි නැත්නම් තියා බධායා සිරස් නිර්මාණයි. හින්දු දේවකතා සහ වීර කාව්‍ය අතුරෙන් ගත් නමුත් දීප්තිමත්ව වර්ණ ගැන්වූ ජවනිකා සෑමවිටම මෙම කලා නිර්මාණ ශිල්පය පාලනය කළ තේමා සංග්‍රහයයි. මෙම ස්වදේශීයව නිපන් කලාවෙහි, “පට්ට“ යනුවෙන් රෙදි හෝ කැන්වස් ඇතිරිල්ල සහ සිතුවම යන අර්ථය දෙන “චිත්‍රා“ යන සංස්කෘත දෙපදය එක්වී ව්‍යුත්පන්න වී සැදුණු විට එන නාමය වන අතර, මානව ශිල්පීය ක්‍රියාවලිය සහ චිත්‍රාකර් (පට්ටචිත්‍රා කලාශිල්පීන් හඳුන්වන ආකාරය) කෙනෙකුගේ නොපසුබස්නා වීර්යය කෙරෙහි ඉලක්ක කිරීම අවශ්‍ය වේ. වතුරෙන් පෙඟවූ සියඹලා ඇට කුඩුකර වතුරෙන් කලතා මැටි මුට්ටියක බහා නටවා ආලේපයක් මෙන් වනතුරු හින්දා ගෙන පට්ටාවක් නිර්මාණය කර ගැනීමෙන් එය ආරම්භ වේ. චිත්‍රාකර්වරුන් විසින් මෙම ආලේපය කපු රෙදි කැබලි දෙකක් එකට අලවා ගැනීම සඳහා භාවිත කරනු ලබන අතර එය හොඳින් තදවන තුරු කිහිප වාරයක් මැටි කුඩු යොදා සකසාගත් තලපය ආලේපනය කරති. එය සුමට වන සේද ඒ මත ඇඳීමට සුහුරු වන සේද සකසා ගන්නා මතුපිට අවසාන පිරිමැදීම දක්වා පදම් කරයි.

චිත්‍රාකර්වරුන් සඳහා, එනම්, ඔවුන් ස්වභාවික මූලාශ්‍රයවලින් වර්ණ සකසා භාවිතයට ගන්නා බැවින්, මුල සිටම ස්වභාවික දේවල් සමග එක්ව සිටින ලෙස නියම වී තිබේ. සුදුපැහැති ස්වභාවික වර්ණය හක්ගෙඩි කුඩුකර ගැනීමෙන් ද, කළු වර්ණය පහන් දැලි කලතා ගැනීමෙන් ද, රතු වර්ණය හිඟුලා (ඛණිජ වර්ගයක්) හෝ ගේරු (පස්) වලින් නිස්සාරණය කර ගැනීමෙන් ද කහ වර්ණය හරිතාල් (ගල් වර්ගයක්) වලින් ද සකස් කොට පාවිච්චියට ගැනේ. පින්සල් පවා සකස් කෙරෙන්නේ පුශුණු කලාකරුවන් අතිනි. හැම පින්තාරු කලාවකම විලාසය මෙන්ම, පට්ටචිත්‍රා කලාවෙහි අර්ථ නිරූපණයෙහි සුවිශේෂ ලක්ෂණ කැපීපෙනෙයි. “පට්ට චිත්‍රා ̶ එහි ඉතිහාසය සහ අනාගතය“ ලෙස නම් කර ඔඩිෂා ප්‍රාන්ත රජය මගින් ප්‍රකාශනය කළ ලිපියකට අනුව, “මානව ශරීරය සාමාන්‍යයෙන් ඉදිරිපසට නෙළා ඉදිරිපත් කරන අතර, මුහුණු සහ අත්පා පැත්තකට කර අඳින නමුත් දිගැටි ඇස් ඉදිරිපසින් පෙනෙන්නට ඇඳ තිබේ. දර්ශීය කේශාලංකරණ, ඇඳුම්, ආභරණ, යටිරැවුල සහ උඩුරැවුල චරිත විවිධත්වය ඇති වන සේ අඳිනු ලබයි….” අලංකාරවූත් සංකීර්ණවූත් රටා පට්ටා වාටිය දිගේ අඳිනු ලැබ ඇති අතර එම රටා මෙම ශිල්පයේ තවත් විශිෂ්ට අංගයකි.

පදම් කළ රෙද්දක් මත සාම්ප්‍රදායිකව නිමවන කලා නිර්මාණයක සිට, පට්ටචිත්‍රා කලාව දිගු ගමනක් පසුකර එයි. අද දවසේ, මෙම කලාවේ විලාසය බෝතල, කේතල, ගල් ආලෝක බල්බ මෙන්ම ටසර් ඇල්ලූ සේද රෙදි මත වැනි අලංකාර වස්තු මත ඉඩකඩ සොයා ගනියි. පට්ටචිත්‍රා, සැබෑම අර්ථයෙන්, කාලයේ පරීක්ෂණාක්ෂිය මත නැගී සිටින අතර, රඝුරාජ්පූර් ගම්මානය කලාවේ භාරකරුවන් කෙරෙහි ඉඳුරාම මෙන් නොව එහි ප්‍රවර්ධකයින් කෙරෙහිද සේවය කරයි. ජාතියේ දේශීය කලාකෘති කෙරෙහි ඉන්දියානු කලා ප්‍රජාවේ අලුත හමුවූ ළැදියාව පට්ටචිත්‍රා කලාකරුවන් ඔවුන්ගේ ප්‍රවීනත්වය විහිදුවාලීමට දිරිමත් කරන අතර, දේශීය සහ අන්තර්ජාතික වෙළඳපල දෙකෙහිම පෝෂණය සපයමින්, එනම්, තම වාරයේදී, තවදුරටත්, ප්‍රාදේශීයත්වය සඳහා හඬ, සහ ආත්මනිර්භාර් භාරත් යන අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමාගේ මෙහෙවර ඉදිරියට ගෙනයයි.