විලාසිතා

අච්චුවේ කලාව

නිකුතුව 01, 2020

අච්චුවේ කලාව

ප්‍රියා රානා |කර්තෘ

නිකුතුව 01, 2020


ඉන්දීය මෝස්තර ශිල්පීහු නව්යසකරණ මෝස්තර නිෂ්පාදිත භාවිතය පුරාණ අච්චු මුද්රරණ කලාවට නව ජීවයක් ලබා දෙමින්, රාජස්තානයේ ගම්මානවල සංස්කෘතික උරුමය සුරක්ෂා කිරීමට උපකාර කරති.

ජායිපූර් සිට කි.මී.30කට ඔබ්බෙන් පිහිටි ඉතා කුඩා ඉන්දියානු නගරයක් වන බග්රු, සරල නිවාසවලින් දෙපළ පෙළ ගැසී ඇදෙන පටුමාවත්වලින් සමන්විත වන අතර, මෙම පෙදෙසේ අසල්වාසීන් එක පවුලක් මෙන් දිවි ගෙවන බැවින්, ගෙයක දොරක් වැසී තිබෙනුයේ කලාතුරකිනි. එනමුත්, බග්රු හි සිත් ළඟන්නා කරුණ වන්නේ එහි නිවෙස් සරසවන වර්ණවල දිස්නයන් සහ විචිත්රෙවත් පැහැයවලින් යුත් රෙදිපිළි ඔබමොබ එලා ඇති වීදි මෙන්ම, හිරු රශ්මියේ වියළීමට සලස්වා වනා ඇති, නිවාසවල මුදුනින් සහ බිත්තිවල එල්ලා තිබෙන මුද්රිනත සැරසිලිය. බග්රු මුද්ර ණ කලාවේ හදවත වන මෙය ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් අච්චු මුද්රරණ කලා සාම්ප්රේදාය අතරින් එකකි. මෙහිදී, චිප්පා ජනසමාජයේ නිවාසවල සාමාජිකයන් විසින් සිදු කරනු ලබන වැඩමුළුවල දී ඔවුහු තම මුතුන් මිත්තන්ගෙන් ඔවුනට ලැබුණු, වසර 300 ක් පැරණි කලා ස්වරූපයක් වන, දෑතින් කැටයම් කරන ලද ලී අච්චු සායම්වල ගිල්වා කපු හෝ ඇතැම් විට සිල්ක් රෙදිපිළි මත ඔවුහු මුද්රාහ තබති. මීට ඉතා සමාන කලාවක් බග්රු පෙදෙසට කි.මී 30ක් පමණ දුරින් සන්ගානෙර් නම් තවත් කුඩා නගරයක සිදු කෙරේ. “දැවෙන ගිම්හාන මාසවලදී, ස්වභාවික සායම්වලින් සියුම් මුද්ර.ණ සමඟ ඇති සැහැල්ලු කපු රෙදිපිළි රාජස්තානයේ සහ දිල්ලියේ මෝගල් රාජකීය පවුල් අතර ප්ර්චලිත වුණි. එනමුත්, මෙම ශිල්පක්රසමය ශ්ර ම ශක්තිය දැඩි සේ යොදා ගනිමින්, කාලය ද පරිභෝජනය කරන බැවින්, මුද්ර්ණකරුවන් වඩා විශාල රෙදිපිළි කොටස් එක් වර මුද්ර්ණය කිරීමට තිර භාවිත කිරීමට ඇරඹූ බවත්, ඉන්පසු පරිගණක ආධාරිත ඩිජිටල් මුද්ර්ණ කලාවට මාරු වුණු බවත් ඇය සලකන්නීය.

බග්රු හි චිප්පා ජනසමාජයේ චිප්පා මොහුල්ලා පෙදෙස වටා බොහෝ නිවෙස්වල පවත්වා ගෙන යන වැඩමුළුවලින් එකක, සාරියක් මත ඉතා සියුම් මෝස්තරයක් ප්රවවේශමෙන් මුද්රවණය කරන මෝස්තර ශිල්පියෙක්

වර්තමානයේ දී, මෙම සම්ප්රයදාය නව්යයකරණ විලාසිතා රේඛා සහ නිවාසවල ගෘහබඩු අලංකරණය යනාදිය නිර්මාණය කිරීමට වර්ණ, සායම් සහ ශිල්පක්රකම සමඟ මොස්තරකරුවන්ගේ ප්රිඩයතම සම්ප්ර දායක් බවට පත් ව ඇත.
දැවැන්ත ඉන්දීය නගරවල වෙළඳසැල්වල සහ ඇමරිකාවේ පවා මහාජාන් නම් කත වසර 26ක් පුරාවට අච්චු මුද්රිීත කාන්තා ඇඳුම් සහ පිරිමි ඇඳුම් සිල්ලර වෙළඳාම කරමින් සිටින්නී ය. “මෙම ශිල්ප ක්ර්මයේ දී, මුද්රිණකරුවා විසින් කොටු හැඩැති පාවහන් පෙට්ටියකට අඩක් පමණ ජලය පුරවා, දිග හරින ලද ලෙදර් කැබැල්ලක් ගෙන, ඒ මත රෙදි ස්ථර කිහිපයක් තබා, එය ඝන තුවායක් වන තුරු තබනු ලැබේ. ඒ මත ඇය මඩ, සින්ක් සහ සායම් තලපයක් යොදයි.” යනුවෙන් මහාජාන් පවසන්නීය. “අපි මඩවලින් මුද්ර ණය කරනවා. ඒක මුද්රාණය වුණාට පස්සේ අපි ඒ රෙදි වාෂ්පීකරණයට ලක් කරනවා. ඉන්පසු ඒ රෙදිවල සායම් සහ මඩ ඉවත් කිරීමට සෝදනවා. වර්ණය ඉවත්ව ගොසින්.ඉන් අදහස් වන්නේ එය කළු පැහැ රෙදි කැබැල්ලක් නම් අපි රත් පැහැයෙන් මුද්රලණය කරන විට, සින්ක් සහ සායම් ඉන් විනිවිදව ගොස් නොමැකී යන අතර, රෙදි කැබැල්ලේ රත් පැහැය මතු වෙනවා” යනුවෙන් ඇය විස්තර කරන්නී ය. මඩ ප්ර්තිරෝධය සෑදීමේ ඇගේ වට්ටෝරුව රැක ගන්නා ලද රහසක් බව මහජාන් පවසන්නී ය. “අපි භාවිත කරන අමුද්ර්ව්යර මොනවාදැයි හෙළි කරන්නේ නැහැ” යයි ඈ පවසන්නීය. “ඒ වගේම, උෂ්ණත්වය මගින් පැහැය වෙනස් කරනවා. ගිම්හානයේ දී සෙල්සියස් අංශක 40 දී මුද්රීණය කරන විට ඇති වන පැහැය ශීත ඍතුවේ දී සෙල්සියස් අංශක 6 දී මුද්රනණය කරන විට ඇති වන පැහැයට වඩා වෙනස් වෙන්න පුළුවන්.” සන්ගනේර් ප්ර්දේශයේ නැවුම් ජලය නොකඩවා සපයන බැවින්, මුද්ර ණකරුවෝ එම ජලය විශාල ප්ර මාණයෙන් මුද්රරණ හා සේදීම් කටයුතු සඳහා යොදා ගනිති. එහෙත්, බග්රු ප්රවදේශයේ ජනයා ජල හිඟයකට මුහුණ පා ඇති බැවින්, මුද්රීණකරුවෝ සායම් ප්රතතිරෝධ ශිල්පක්රපමය තෝරා ගනිති. මේ සෑම ස්වභාවික පදාර්ථයකින් ම, සෑම රෙදිපිළි කැබැල්ලක් ම එකිනෙකට වෙනස් ඒවා බවට පත් කෙරේ.

සාම්ප්රිදායික අච්චු මුද්රලණ කලාවෙන් නිර්මිත අසමසම සාරී විලාසිතා, ලෙහෙන්ගා සහ අනර්කාලි වැනි ඇඳුම් පැළඳුම්වලින් සපිරි, නව දිල්ලියේ රෙදිපිළි අලෙවි සැලක් සතු ආශා ගෞතම් නම් මෝස්තර ශිල්පියාගේ සන්නම් නාමයෙහි ද මුද්ර ණ කලාවේ එවැනි ම සාඩම්බරයක් විදහාපායි. මව් -පුතු දෙපළක් වන ආශා ගුප්තා සහ ගෞතම් ගුප්තා යන දෙපළගේ සහයෝගයෙන්, එම සන්නම් නාමයෙන් රාජස්තානයේ අච්චු මුද්ර ණකරුවන් 25කට අධික පිරිසකට රැකියා සැපයෙයි. “මැහුම් ගෙත්තම්කරුවන් විශාල පිරිසක් ද අපි යටතේ සේවය කරනවා. මෙම මෝස්තර ශිල්පීන් අපගේ මෝස්තර එකතුව සඳහා වඩාත් අසමාන මෝස්තර නිෂ්පාදනය කිරීම පමණක් නොව, අපගේ මෝස්තර ආදාන ද ඔවුනට ඉදිරියට යාමට උපකාරී වෙනවා,” යැයි ගෞතම් විස්තර කරයි.
“ අපි මෑතක දී සිදු කළ මෝස්තර එකතුවේ සිදු කොට ඇත්තේ, වෙනත් කලාවන් සමඟ සංගනේරි අච්චු මුද්රඋණ කලාව මුසු කොට, රෙදිපිළි සමඟ පරීක්ෂණ කිරීමකි. නැතහොත්, උදාහරණයක් ලෙස සාරියක් ගත් කල, අපට තිබෙනවා සිල්ක් ජෝර්ජෙට් රෙදි මත ආන්ද්රාර ප්රාදේශ්වලින් ගෙන් වූ කලම්කාරි නම් අච්චුවෙන් මුද්රිලත සාරි.” යනුවෙන් ඔහු පහදයි.

බග්රු ගම්මානයේ හුමාල සම්බාහන ක්රිරයාවලියෙන් අනතුරුව විශාල අච්චු මුද්රිකත රෙදිපිළි වියළීමට තබා ඇති අයුරු

මෙවැනි අච්චු මුද්රිාත රෙදිපිළි වැඩි වශයෙන් විකුණනු ලබන ජායිපූර්හි රාජකීයයන් පවා මෙම උරුමය රැක ගැනීමේ ‍පෙළපාලියට අත්වැල් බැඳ ගෙන ඇත. පෙර කාලීන පවුල් වන අජ්මාර්හි බාරියා රාජකීය පවුලෙන් සහ ප්රාදන්තයේ සිකාර් දිස්ත්රිෙක්කයේ දන්තා නම් රාජකීය පවුලෙන් පැමිණි මෝස්තර ශිල්පීහු දෙදෙනෙකු මෑතක දී වඩෝඩාරා හි රාජකීය ප්ර්බන්ධ ප්රයදර්ශනයෙහි ඔවුන්ගේ මෝස්තර ප්රෝදර්ශනය කළහ. නව දිල්ලි නුවර මෙන්ම, ජායිපූර්ථ මුම්බායි සහ ඉන්දොර් හි රෙදිපිළි සැල්වල සිල්ලර වෙළඳාමේ නිරත ව සිටින, බාරියාවේ ජේකීර්ති සින්ග් හට දැවමය අච්චු 1,000ක එකතුවක් ඇති අතර, පසුගිය වර්ෂ 20 පුරාවට ඈ කලා ශිල්පීන් 35දෙනෙකු යොදා ගනිමින්, ජායිපූරයේ ඇගේ නිවසේ අභ්යින්තර ඒකකයක සිට අච්චු මුද්රාණ කලාව සමඟ රෙදිපිළි මෝස්තර නිර්මාණය කිරීමෙහි නියැළී ඇත. “මට මගේ මව්බිමේ තිබෙන මේ අසමසම නිර්මාණ ශිල්පය රැක ගන්න අවශ්යියි. මම තරුණ පිරිමි ළමයින්ට මේ කලාව උගන්වනවා. එතකොට ඔවුන්ගේ ඒ උනන්දුවත් සමඟ මේ කලා ශිල්පය අනාගතය වෙනුවෙන් රැකෙයි,” යැයි සිං පවසයි. දන්තා හි රිචා රාජ්යා ලක්ෂ්මී පවසන්නේ ඇය ඇගේ වැඩකටයුතු සම්ප්ර දාය සමඟ පෙළ ගස්වා ගැනීමට උත්සහ කරන බවයි. “මූලාරම්භයේ දී, අච්චු මුද්රේණය සුදු පැහැ රෙදි මත සිදු කෙරුණා. මගේ රෙදිපිළිත් සුදු පැහැයේ ඒවා. මම රෙදි කැබැල්ල සායම්වල පොඟවන්නෙ නෑ. මම වර්ණ එකතු කරන්නේ අච්චු සමඟයි,” යනුවෙන් රාජ්යා ලක්ෂ්මි පවසන්නී ය. “ඉන්දීය බලකොටු සහ රජමාළිඟාවල සිත් ළඟන්නා පින්තූර සමඟ සාම්ප්රාදායික මෝස්තර රටා මිශ්රය කරලා මගේ අච්චු මම තනියමයි නිර්මාණය කර ගන්නෙ.” යැයි ඈ පවසන්නී ය.

ජායිපූරය අසල රෙදිපිළි මත ප්ර වේශමෙන් සිත් ළඟන්නා අත්කම් අච්චු මුද්ර ණය කරන දේශීය මෝස්තර ශිල්පියෝ

රාජස්තානි අච්චු මුද්රොණ යනු හුදෙක් රෙදිපිළි විසිතුරුකරණයේ ස්වරූපයක් ම පමණක් නොව, නමුදු පසු පරම්පරා සඳහා ප්රයවර්ධනය කළ යුතු සහ රැකගත යුතු සංස්කෘතික උරුමයකි. මෝස්තර ශිල්පීන් නව මෝස්තර නිර්මාණය කරන විට ඔවුනට ස්තූතිවන්ත වන්නට, දෑතින් මුද්රි්ත නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යන අතර, ලොව පුරා විසිරී සිටින පාරිභෝගිකයන් කලාකරුවන්ගේ කුසලතා කෙරෙහි වඩා සංවේදීබවට පත් වේ. එමෙන්ම, මින් පෙනී යන්නේ සන්ගනේර් සහ බාග්රු හි අච්චු මුද්රලණකරුවන් ඉදිරි වසර ගණනාවකට රෙදිපිළි මත රටා මවමින් මෙම කලා ශිල්පය ඉදිරියට තල්ලු කරමින් රැගෙන යනු ඇති බව යි.

ප්‍රියා රානා

විලාසිතා කර්මාන්තයේ සුප්‍රසිද්ධ නමක් වන ප්‍රියා රානා යනු ඉන්දියාවේ ප්‍රධාන ප්‍රකාශනවලට හෙල්මට් දැමූ ප්‍රමුඛ පෙළේ විලාසිතා ලේඛිකාවකි. රානා Outlook Splurge හි විධායක කර්තෘ ලෙස සේවය කරයි. ඇය ඉන්දියාවේ ඩිලක්ස් ලයිෆ් හි කර්තෘවරිය ලෙසත් හාපර්ස් බසාර් හි විධායක කර්තෘ ලෙසත් කටයුතු කර ඇත. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලයේ කළමණාකාර කර්තෘවරිය ලෙස ද කටයුතු කර ඇත.
error: Content is protected !!