හවුල්කාඟත්වය

මිත්‍රශීලී අසල්වැසියන් දෙදෙනෙකුගේ කතාව

නිකුතුව 06, 2020

මිත්‍රශීලී අසල්වැසියන් දෙදෙනෙකුගේ කතාව

පිනාක් රන්ජන් චක්‍රවර්ති |කර්තෘ

නිකුතුව 06, 2020


2020, දෙසැම්බර් 17 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා සහ ඔහුගේ බංග්ලාදේශ සඟයා වන ශෙයික් හසීනා මැතිනිය අතර පැවති මාර්ගගත සමුළුව මඟින් 1971 වර්ෂයේ යුද්ධය අනුස්මරණය කරනු ලබන, විජයග්‍රාහී දිනය සනිටුහන් කෙරිණි. හමුව අතරතුර, වඩාත් පුළුල් සබැඳියාවක දැක්මක් අනුගමනය කිරීමට ඔවුන් දක්වන කැපවීම පිළිබඳ නායකයන් දෙපළ පුන පුනා ප්‍රකාශ කළහ.

සෑම වර්ෂයකදීම, බංග්ලාදේශය සහ ඉන්දියාව දෙසැම්බර් 16වන දිනබිජොයි ඩිබොෂ්නැතහොත් 1971 වර්ෂයේ දී යුද්ධයේ නිමාව අනුස්මරණය කරනු පිණිස ඒ විජයග්‍රාහී දිනය සමරයි. මෙම දිනයේ දී, ඉන්දීය හමුදාවේ සහමුක්ති බාහිනීඒකාබද්ධ නියෝගයට පකිස්තානු හමුදාව බංග්ලාදේශයේදී යටත් වූහ. මෙම ඓතිහාසික සහ භාරදූර යටත් වීම නිදහස සඳහා සිදු කළ වික්‍රමාන්විත අරගලය නිමාවට ගෙන ආ අතර, අවසානයේ දී බංග්ලාදේශය නම් දේශය බිහිවීමට හේතු විණි. බංග්ලාදේශයේ නිදහස කරා අධිෂ්ඨාන කොට ගත් පෙළපාලිය දකුණු ආසියාවේ ඉමහත් වැදගත්කමක් සහිත භූදේශපාලනික අවස්ථාවක් විය.  බංග්ලාදේශය මෙම වර්ෂය එහි නිදහසෙහි ස්වර්ණ ජයන්තිය සමරයි. “වසරක්දිගුස්වර්ණම් විජේ වර්ෂ්ලෙස සමරනු ලබන, 1971 දී පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවේ ලද ජයග්‍රහණයට 50 වසරක් පිරීමද මෙම වර්ෂය සනිටුහන් කරයි. බංග්ලාදේශයට උපත ලබා දුන් මෙම ජයග්‍රහණයේ සංධිස්ථානය එක්ව අනුස්මරණය කිරීමට විශේෂාංග සහ ක්‍රියාකාරකම් මාලාවක් සමඟ නොයෙක් විස්තර සහිත සැලැස්මක් නිර්මාණය කිරීමට ඉන්දියාව සහ බංග්ලාදේශය යන දේශයන් දෙකම ක්‍රියා කොට ඇත. මෑතක වර්ෂවල දී බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල ගමන්මඟ උඩුකුරු වීම, වඩා පුළුල් සබැඳියාවක දැක්ම අනුගමනය කිරීමටත් සහයෝගීතාවේ නව දර්ශනපථ විවර කිරීමටත් දෙරටම දැක් වූ නායකත්වයේ කැපවීමට බෙහෙවින් ණයගැතිය. බංග්ලාදේශයේ අගමැතිනී ශෙයික් හසීනා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 2020, දෙසැම්බර් 17 වන දින ඔවුන්ගේ සමුළු හමුව මාර්ගගත ආකාරයෙන් පැවැත් වූ විට, එයහවුල්කාරීත්වයේ ලක්ෂණ නිරූපණය කරනා ඉතිහාසය, සංස්කෘතිය, භාෂාව සහ වෙනත් අසමසම පොදු සිදුවීම්වල බෙදාගත් බැඳීම් මත පදනම්ව ශක්තිමත් අසල්වාසිමය සම්බන්ධතා ගොඩනඟා ගැනීම පිළිබඳ මෙම ප්‍රතිපත්තිය පුන පුන ප්‍රකාශ කිරීමක් විය.” බංග්ලාදේශය සහ ඉන්දියාව අතර සබඳතාව සහෝදරත්වයේ බැඳීම් මත පදනම් වන බවත්, උපක්‍රමික හවුල්කාරීත්වය උත්තරීතර බවට පමුණුවන ස්වෛරීත්වය, සමානාත්මතාවය, විශ්වාසය යන සියල්ල ආවරණය කරන හවුල්කාරීත්වයක් ඉන් පිළිබිඹු කෙරෙන බවත් ඔවුහු අවධාරණය කළහ.”

2019, ඔක්තෝබර් 5 වන දින, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා (දකුණු පස) බංග්ලාදේශ අගමැතිනිි ශෙයික් හසීනා මැතිනයට නව දිල්ලියේ දී ආචාර කරමින්

තවද, “අසල්වැසියන්ට පළමුවෙන් ප්‍රතිපත්තියයටතේ, ඉන්දියාව බංග්ලාදේශය සමඟ අනලස්ව ඵලදායී බැඳීම් අනුගමනය කොට ඇත. සාර්ථකත්වයේ බහුජායී අංශවල මාර්ග අධික සාර්ථකත්වයක් අත් අත්කර ගෙන ඇති අදියරකට ඉන්දියාවබංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා ළඟා වී ඇත. 2020 සැප්තැම්බරයේදී එහි 6වන හමුව පැවැත්වූ ඒකාබද්ධ උපදේශක කොමිසම මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට මඟපෙන්වීම සිදු කර ඇත.

මෑතක සමුළුව අතරතුර, අගමැතිවරයන් දෙපළ බටහිර බෙංගාලයේ හල්දිබාරි සහ බංග්ලාදේශයේ චිලාහටි අතර පස්වන දුම්රිය මාර්ග සබඳතාවක් සමාරම්භ කළහ. දෙරට අතර පැවති දුම්රිය මාර්ග සබඳතාව ඉන්දියාව සහ පකිස්ථානය අතර 1965 වර්ෂයේදී පැවති යුද්ධයෙන් පසුව පාකිස්ථානය විසින් සම්පූර්ණයෙන්ම වෙන් කරනා ලදී. 1971 වර්ෂයේදී බංග්ලාදේශය ස්වාධීන බවට පත්වූ පසු අසම්පූර්ණ දුම්රිය මාර්ග සබඳතාව ප්‍රතිස්ථාපනය කෙරුණ ද, එම ක්‍රියාවලියට ගම්‍යතාව ලැබී ඇත්තේ මෑතක වසරවල දී දෙරට අතර බඩු තොග සහ මඟීන් සංචලනය සඳහා ඉල්ලුම ඉහළ යාමත් සමඟ පමණි. වෙළෙඳාම සහ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමක්‍රමයෙන් ඒවායහෙි පූර්වකෝවිඩ් පරිමාව සහ සංඛ්‍යා යළි ළඟා කර ගැනීමත් සමඟ, ප්‍රවාහනයේ සහ සංචාරයේ පිරිවැය අවම කිරීම සඳහා ව්‍යාපාර ප්‍රජාවගෙන් ඉහළ යන ඉල්ලුමක් ඇත. ඉන්දියාවට එහි විශාලතම විදෙස් සංචාරකයන් ගණන හිමිවනුයේ බංග්ලාදේශයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, සැලකිය යුතු තරමේ වඩා අවම කාලයක් තුළදී භාණ්ඩ සහ මඟින් බාධාවකින් තොරව දේශ සීමා හරහා සංචලනය කිරීමට පහසුකම් සැලසීම සහ පවතින දේශ සීමා ස්ථානවල ඇති තදබදය අවම කරවන, වෙනත් එතෙරදේශ සීමා දුම්රිය මාර්ග සබඳතා සන්ධීන් කරා දෙරටම දැන් ක්‍රියා කරමින් සිටියි.බහුවිධ සබඳතාව යනු දෙරට සඳහා තවත් ප්‍රමුඛතාවයකි. එතෙරදේශසීමා ප්‍රවාහනය සඳහා ගංඟාශ්‍රිත මාර්ග කලින් කලට විහිදුවා ඇත. එතෙරසීමා ගංඟා 54 ක් තිබෙන අතර, මේවායාත්‍රා කළ හැකි ඕනෑම ස්ථානයක, ස්වදේශීය ජල වෙළෙඳාම සහ මාර්ගස්ථ ගිවිසුම පිළිබඳ නීති සමුදාය යටතේ ගංඟාශ්‍රිත සබඳතාව සපයයි. සොනාමුරාඩවුඩ්කානි අතිරේක ගංඟාශ්‍රිත මාර්ගය හා එක්ව, කොල්කටා සිට අගර්තලා දක්වා භාණ්ඩ නැව් මාරු කිරීම මඟින් දෙරට අතර වෙළෙඳාමට පහසුකම් සලසනු ඇත. ගංගා නදියේ කොටසක් (බංග්ලාදේශයෙහි පද්ම) දෙරට අතර ගංඟාශ්‍රිත දේශ සීමාවේ කොටසක් සාදයි.එම ගංඟාව බංග්ලාදේශයට ඇතුළු වී, අනතුරුව බංග්ලාදේශයේ රජ්ශා දිස්ත්‍රික්කය ඔස්සේ  ආපසු ඉන්දියාවට ඇතුළුවෙමින්, ගං දඟරයක් සෑදීමේ ප්‍රවණතාවක් දක්වයි. ධීවරයන්ට ජාත්‍යන්තර දේශ සීමාව හරහා යාමට සිදු වන හෙයින්, මෙමඟින් ධීවරයන්හට අභියෝගයන් නිර්මාණය කෙරෙන අතර, ගංදිය මත මඟී තදබදය ඇති කරවයි. ජාත්‍යන්තර දේශ සීමා හරහා යාම සඳහා තිබෙන විධිමත් ක්‍රියාවලි අනුගමනයකින් තොරව, ගංඟාශ්‍රිත එඟොඩවීම භාවිත කරන අතරතුර, බෝට්ටුවලට ඉන්දියාවට ඇතුළු වී යළි බංග්ලාදේශයට ඇතුළු වීමට හැකියාව සලසනඅවිහිංසක එඟොඩවීමයන බංග්ලාදේශයේ යෝජනාව සලකා බැලීමට ඉන්දියාව එකඟ වී ඇත.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය මෝටර් වාහන ගිවිසුම කාර්යාවලිය සම්පූර්ණ කරන තෙක් රැඳී සිටියි. මෙමඟින් දෙරට අතර නිර්බාධ රථවාහන සංචලනයකට ඉඩ සැලසෙනු ඇත. තවත් මාර්ග සබඳතා ව්‍යාපෘතියක් හිලි (බටහිර බෙංගාලය) සහ බංග්ලාදේශය ඔස්සේ මහේන්ද්‍රගන්ජ් (මේගාලය) අතර පිහිටුවීමට සැලසුම් කොට ඇත. ඉන්දියාව සහ ආසියාන් රටවල් අතර සම්බන්ධතාවක් සපයන, ඉන්දියාමියැන්මාරතායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයට බංග්ලාදේශයටද සහභාගීවීමට එරට විසින් අවසර ඉල්ලා තිබේ.බංග්ලාදේශය සහ ඉන්දියාව කි.මී 4097ක් දිගු වූ භුමි දේශ සීමාවක් බෙදා ගනියි. ගංඟා මඟින් ජාත්‍යන්තර දේශ සීමාව සාදනු ලබන මායිම දිගේ අංශ කිහිපයක් ඇත. ඩෙල්ටා කලාපයේ පිහිටි ගංඟා ගමන්මඟ වෙනස් කිරීමට ප්‍රවණතාවක් දක්වන හෙයින්, ස්ථාවර දේශ සීමා නිරූපණය කිරීමේ අභියෝගය ඒකාබද්ධ දේශ සීමා සමුළුවේ දී සාකච්ඡා කෙරේ.  2014 වර්ෂයේ භූමි දේශ සීමා ගිවිසුමෙන් අනතුරුව, ගංඟාශ්‍රිත දේශ සීමා ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ පියවර නොනවත්වා කිරීම සහ සිතියම් සකස් කිරීම ඉටු කෙරෙමින් පවතී. නීති විරෝහරස්දේශ සීමා  ක්‍රියාකාරකම් වළක්වාලීමට, භූමි දේශසීමාවෙහි ඇතැම් කොටස්වල ඉන්දියාව විසින් වැටක් තනා ඇත. නීතිවිරෝධී හරස්දේශ සීමා කටයුතු හේතුවෙන්, ඉන්දියාවේ දේශ සීමා ආරක්ෂක බලකාය සහ භාණ්ඩ ජාවාරම් කටයුතු සඳහා නීති විරෝධී දේශ සීමා හුවමාරුවීම් තුළ යෙදී සිටින පුද්ගලයන් අතර ගැටුම් හට ගෙන ඇත. අන්තර්දේශ සීමා පෙදෙස්වල හටගන්නා නීති විරෝධි කටයුතු අවම කිරීමට මෙම වැට උපකාර වී ඇති අතර, ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රදේශයෙහි දේශයන් ද්විත්ත්වයම බෙදා ගන්නා දේශ සීමාව ඔස්සේ වැටක් ස්ථාපනය කිරීමට පහසුකම් සැලසීම සඳහා දෙරටම එකඟවී ඇත.  සමායෝජනය කරන ලද දේශ සීමා කළමනාකරණ සැලැස්ම මඟින් දෙපාර්ශ්වයේම දේශ සීමා රැකවලුන් හට මිනිස් ජාවාරම් සහ අවිආයුධ ජාවාරම්, මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ මුදල් ආශ්‍රිත කටයුතු සිදු කරන පුද්ගලයින්ගේ වැඩ තහනම් කිරීමට සහ අවම කිරීමට හැකියාව ලබා දී ඇත. පොදු දේශසීමාව ඔස්සේ භූමි තොටුපළ හරහා මිනිසුන් නීත්‍යානුකූලව සංචලනය කිරීමට පහසුකම් සැපයීම නිරාකූල කෙරෙමින් පවතියි.

ඉන්දීය නිලධාරීහු ගුඩ්විල් නමැති රේල් රේක්ක භාණ්ඩ තොගය ඉන්දියාවේ සිලිගුරි සිට බංග්ලාදේශයේ පර්භාතිපුර් දක්වා දියත් කරමින්

දේශයන් ද්විත්ත්වයම වසංගතය සමඟ සටන් වදින මොාහාතක, සෞඛ්‍යය සහ සනීපාරක්ෂක අංශය ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළටම ගමන් කොට ඇත. මෙම ක්ෂේත්‍රයෙහි, විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය, වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදනය වැනි අංශවල සහයෝගීතාව සඳහා අධික විෂයපථයක් ඇත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට පැමිණෙන බංග්ලාදේශ ජාතිකයන් හට පහසුකම් සැලසීම බොහෝ කලක සිට සිදු කෙරෙමින් පවතී. ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන එන්නත් ලැබීමට නියමිත ප්‍රමුඛතා රටවල් අතර බංග්ලාදේශය ද සිටිනු ඇත යන කාරණය අගමැති මෝඩි, අගමැති හසීනා හට සහතික කළේය. වැක්සින් මෛත්‍රී (මෛත්‍රී නම් එන්නත) කර්තව්‍යය යටතේ, ඉන්දීය රජය විසින් 2021 ජනවාරියේදී බංග්ලාදේශයට ඉන්දියාවේ නිපදවන ලද කෝවිඩ් – 19 එන්නත් මාත්‍රා මිලියන දෙකක් ත්‍යාග කරන ලදී. වාණිජ ප්‍රතිසම්පාදන සකස් කිරීමක් යටතේ කොවිශීල්ඩ් එන්නතෙහි මාත්‍රා මිලියන පහක් සහිත ප්‍රථම තොගයේ සැපයුම මේ අනුව සිදු කෙරිණි. ඉන්දියාබංග්ලාදේශ අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුවන් හට දිගු සහ සාරවත් ඉතිහාසයක් තිබී ඇත.  ජාතියේ පියාලෙස සලකනු ලබන බංගබන්දු ශෙයික් මුජිබර් රාහ්මාන්ගේ ජනම් ශතවර්ෂය සහ බංග්ලාදේශයේ නිදහසෙහි ස්වර්ණ ජයන්ති වර්ෂයේ වසරක් දිගු සැමරුම අතරතුර, රටවල් දෙක අතර බෙදා ගැනෙනා සංස්කෘතිය ප්‍රමාණවත් පිළිබිඹු වනු ඇත. පිළිවෙලින්, ඉන්දියාවේ සහ බංග්ලාදේශය විසින් බංගබන්දු සහ මහත්මා ගාන්ධි යන උත්තමයන් දෙපළ අනුස්මරණ කිරීමේ තැපැල් මුද්දර නිකුතුවක් දියත් කිරීම ද මෙම ඒකාබද්ධ සැමරුමට ඇතුළත් වුණි. මෙම නායකයන් දෙපළගේ ජීවිතය පිළිබඳ ඩිජිටල් ප්‍රදර්ශනයක් මේ වන විට නව දිල්ලියේ තිරගත වෙමින් පවතින අතර, පසුව එය ලොව පුරා සංචාරය කෙරෙනු ඇත. ඉන්දියාව විසින් ඉංග්ලාදේශයට ඇමරිකානු ඩොලර් බිලියන 10 ක පමණ ණය රේඛා සහ ප්‍රදාන ලබා දෙමින් සිදු කළ කැපකිරීම් සමඟ, බංග්ලාදේශය ඉන්දියාවේ විශාලතම සංවර්ධන හවුල්කරුවා වේ. බංග්ලාදේශයද ඇමරිකානු ඩොලර් බිලියන 10 ක පමණ මුළු වෙළෙඳ පරිමාවක් සමඟ දකුණු ආසියාවේ සිටින, ඉන්දියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා බවට පත්වී ඇත. දෙපාර්ශ්වයම වෙළෙඳාම පහසු කරලීම සඳහා තීරුබදු නොවන බාධක සහ වෙනත් අවහිරතා ඉවත් කිරීමට නීති සම්මත කොට ගෙන ඇත. ඉන්දියාවෙන් අපනයනය කෙරෙන අත්‍යාවශ්‍ය ආහාර සඳහා බංග්ලාදේශය වැදගත් වෙළෙඳපොළක් වේ. අනෙක් අතට, සියයට 80කට අධික එහි අපනයනවලින් සූදානම් කරන ලද රෙදිපිළි සමන්විත වන හෙයින්, බංග්ලාදේශයට රෙදිපිළි ක්ෂේත්‍රය ඉතා ඉහළ වැදගත්කමකින් යුක්ත වේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම සඳහා තවදුරටත් ගම්‍යත්වය එක් කරන ද්විපාර්ශ්වික පරිපූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම මත රටවල් දෙකම කටයුතු කරමින් සිටිති.

බලශක්ති ක්ෂේත්‍රය ද ද්විපාර්ශ්වික සහයෝගීතාවේ මුඛ්‍ය අංශයක් ලෙස පිබිදී ඇත. බංග්ලාදේශයේ බලශක්ති හිඟය ඉන්දියාවේ විදුලිබලය සමඟ සපුරා ගැනීම සිදු විය. බංග්ලාදේශයට විදුලිබලය අපනයනය කිරීම සඳහා පෞද්ගලික ඉන්දීය සමාගම් දෙකක් විසින් බලාගාර දෙකක් ඉදිකරමින් පවතී. ඛණිජ තෙල් නිෂ්පාදන සහ ලිහිසි ද්‍රව්‍ය ඉන්දියාවේ සිට බංග්ලාදේශය දක්වා බෙදා හරිනා නළ මාර්ගය ක්‍රියාත්මක කරමින් පවතී. වඩා පිරිසිදු ඉන්ධන සඳහා අන්‍යොන්‍ය උද්යෝගයන් සැලකිල්ලට ගනිමින්, පිරිසිදු බලශක්තිය පිළිබඳ භූතානයේ සහ නේපාලයේ අනු කලාපීය සමායෝජනය සහ සහයෝගීතාව සමඟ කාර්යක්ෂම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර කරා වඩා ඉහළ අවධාරිතයක් ලබා දීමට දැන් රටවල් දෙකම සම්බන්ධ වෙමින් සිටී. මියන්මාරයේ රකිනා ප්‍රාන්තයෙන් බලහත්කාරයෙන් පන්නා දමන ලද, මිලියන 1.1 ක් පමණ වූ සරණාගතයින් බංග්ලාදේශයට ගලා ඒම අන්‍යොන්‍ය සැලකිලිමත් වීම සම්බන්ධ කාරණයක්ව පැවති අතර, මෙම සරණාගතයින්ට අනුග්‍රහය දක්වමින් බංග්ලාදේශය දැක් වූ ත්‍යාගශීලී භාවය පිළිබඳ ඉන්දියාව ඉමහත් සෙයින් එරටෙහි ප්‍රශංසාව පළ කොට ඇත. සරණාගතයින් කඩිනමින් සිය රටට පෙරළා යැවීම සහ ආරක්ෂිත පුනරුත්ථාපනය කිරීම සඳහා සහයෝගය දැක්වීමට බංග්ලාදේශය සහ ඉන්දියාව එකඟ වී ඇත. ජාත්‍යන්තර මට්ටමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසන්ධාන, දේශගුණික විපර්යාස, තිරසාරාත්මක සංවර්ධන ඉලක්ක සහ සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම වැනි ගැටලු රාශියක් සඳහා අනුග්‍රාහකත්වය දැරීම පිළිබඳ දෙරටම එකඟව ක්‍රියා කොට ඇත. බංග්ලාදේශය සහ ඉන්දියාව සියලු අංශවල වඩා විශාල සහයෝගිතාවක් අත්පත් කර ගැනීමට ඒකාබද්ධ සහයෝගිතා රාමුවක් ක්‍රමානුකූලව සහ ප්‍රවේශම් සහගතව ගොඩ නඟා ඇත. ඉන්දියාව උදෙසා, ඒසියාන් රටවල් සහ ඉන්දුපැසිෆික් කලාපයේ වෙනත් රටවල් සමඟ වඩා විශාල සබඳතාවක් සහ බැඳීමකට බලාපරෛාත්තු සහගතව සූදානම් වන ඇගේඇක්ට් ඊස්ට් ප්‍රතිපත්තියතුළ අචල කුළුණක් මෙන් බංග්ලාදේශය මතු වී ඇත.  පශ්චාත්කෝවිඩ් යුගයේ දී, ජාත්‍යන්තර බල පෙළගැසීම් තුළ නොකඩවා සිදු වන ප්‍රවණතාවෙහි, කලාපයේ ජනතාව උදෙසා ආර්ථික සංවර්ධනය සහ සශ්‍රීකත්වය යන වඩා විශාල පරමාර්ථයන් වෙනුවෙන් දකුණු ආසියානු සබඳතාව සහ සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති, කල් පවතින සබඳතාවක් ගොඩනැඟීමට බංග්ලාදේශය සහ ඉන්දියාව ක්‍රියා කරමින් සිටියි.

පිනාක් රන්ජන් චක්‍රවර්ති

පිනාක් රන්ජන් චක්‍රවර්ති ඉන්දීය රජයෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි ස්ථීර ලේකම්වරයෙකු සහ හිටපු ඉන්දීය තානාපතිවරයෙකි. ඔහු වර්තමානයේ නිරීක්ෂක පර්යේෂණ පදනමෙහි බාහිර සාමාජිකයෙකු වන අතර, නව දිල්ලියෙහි ප්‍රමුඛ පෙළේ චින්තකයෙකු මෙන්ම, අඛණ්ඩ මාධ්‍ය විචාරකයෙකු ද වේ.
error: Content is protected !!