කුළුබඩු ඇසුරින් ප්රනතිශක්තීය නංවන්න
අමරණීය කාලයක සිට, ඉන්දීය ඉවුම් පිහුම් කලාවේ ප්ර තිශක්තීකරණ වර්ධකයක් ලෙස, කුළුබඩු සහ ඖෂධීය ශාක ඉතා වැදගත් භූමිකාවක් ඉටු කොට ඇත. මෙය, මෙම කුළුබඩු මඟින් අපගේ ආහාරය දිනපතා රසවත් කිරීම පිළිබඳව පමණක් නොව, ආහාර පරිපූර්ණබාවයට පත් කළේ කෙසේද යන්න පිළිබඳ විමසුමකි.
ඖෂධම් උච්‍යතෙ සර්වම් නම් පුරාණ ඉන්දීය පෙළවලට අනුව, ඉන් ගම්‍ය වන්නේ ආහාර යනු සත්‍ය සුවය සහ ප්‍රතිකාරකය යන්න යි. සාම්ප්‍රදායික වශයෙන්, ඉන්දීය සූප ශාස්ත්‍ර කලාවෙහි එළවළු සහ කුළුබඩු ඒවායේ පෝෂ්‍යදායී ප්‍රතිලාභ සහ අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඒවාට තිබෙන හැකියාව අනුව දීසියක දමා භාවිත කරන අතර, ඒවාට ඉන් පෙරළා අපව රෝගවලින් සහ වසංගතවලින් රැක ගැනීමට හැකිය. අපගේ දෛනික ආහාර වේල් සැලැස්මට කුළුබඩු සහ ඖෂධීය ශාකවල සමතුලිත මිශ්‍රණයක් ඇතුළත් කර ගැනීමට උපදෙස් දීමට එක් හේතුවක් වන්නේ, අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ක්‍රමික වර්ධනයක් සැපයෙන බැවිනි. කහ, කුංකුම, කරාබු නැටි, කුරුඳු, කැරම් බීජ, ඉඟුරු සහ සුදුලූණු යන කුළුබඩුවලට වාසිදායක ගුණයන්හි බහුලත්වයක් ඇත. මින්ට්, තුල්සි (ශුද්ධ බැසිල්) වැනි ඖෂධ පැළෑටි සහ නයිම් සහ මුරුංගා ගස්වල ශාක පත්‍ර සතුව සෞඛ්‍යමය ප්‍රතිලාභ කිහිපයක් ඇති බව කියනු ලැබේ.
නිදසුනක් ලෙස, සියලු ඉන්දීය කුළුබඩු අතර වඩාත් සුලභතම කුළුබඩුව වන කහ, එරටෙහි සෑම කෑම වර්ගයකට ම පාහේ එක් කෙරේ. එය ආහාර බඳුනට රන්වන් පැහැයක් ගෙන දීම පමණක් නොව, පවතින පරිවෘත්තීය රෝග සහලක්ෂණ අවම කිරීමටත්, විෂබීජනාශක ගුණය සඳහාත් ප්‍රකට ය. වියළි කැස්සට, උගුරේ වේදනාවට ප්‍රතිකාර කිරීමට සඳහා අපගේ මව්වරු බොහෝ විට අපට උණුසම් කිරි වීදුරුවකට කහ මිශ්‍රකොට පානය කරන ලෙස ඇවිටිලි කරනුයේ එමඟින් විෂ රුධිරය පිරිසිඳු කොට, ඒ ඔස්සේ ප්‍රතිශක්තීකරණ ප්‍රමාණය ඉහළ නංවන බැවිනි. වර්තමානයේ දී මෙම පානය බොහෝ ඉහළ මට්ටමේ ආපනශාලාවල කහ (ටර්මරික්) ලැටේ යනුවෙන් ලබා ගත හැකිය. ඉඟුරුවලට ද ඒ හා සමාන සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇත.

ආහාර බඳුන්වලට අසමසම රසයක් ලබා දීමට සහ ඒවා වඩා සෞඛ්‍යමත් කරවීමට එක් කරන වාසිදායක ඖෂධීය ශාක සහ කුළුබඩුවලට එවැනි නිදසුන් බොහොමයක් ඇත. නිදසුනක් ලෙස, බැක්ටීරියාමය පීඩාවන්වලට එරෙහිව සටන් කිරීමට උපකාර පිණිස මුරුංගා කොළ සහ මුරුංගා කරල් උතුරු ඉන්දියාව පුරා වෑංජනවලට යොදා ගැනේ. ගුඩි පද්වා හි උළෙල අතරතුර, මහාරාෂ්ට්‍රයේ දී විශේෂ නීම් කොළ චට්නියක් සකස් කෙරේ. ආහාර අරුචිය, උණට ප්‍රතිකර්ම කිරීමට මෙන්ම, හෘද ශක්තිය වර්ධනය කිරීමට ද නීම් ශාකයට ප්‍රතිකර්ම සතු බව සනාත වී ඇත.
“මුම්බායි හි භාතියා රෝහලේ දියවැඩියා දෙපාර්තුමේන්තුවේ සේවය කරන, වෛද්‍ය පූජා තැකර්ට අනුව, මිනිසුන්ට තුල්සි ලබා දී සිදු කළ සායනික අත්හදා බැලීම්වලින් පිළිබිඹු වන්නේ, එය ප්‍රති-වයිරස, ප්‍රති-ක්ෂුද්‍රජීවී, දිලීර නාශක, මැලේරියා විරෝධී යන ගුණවලින් යුත් අසමසම සංයෝජනයක් බවයි. ඊට අධි රුධිර පීඩනය, ආතරයිටිස් වේදනාව සහ මානසික අවපීඩනය අවම කළ හැකියි.” එය අපස්මාර නාශක, දැවිලි සහ අවුලුවන ස්වභාවයට ප්‍රතිරෝධී, හෙපටෝ ආරක්ෂණශීලී, වණ හට ගැනීමට ප්‍රතිවිරෝධී සහ ඇදුමට ප්‍රතිවිරෝධී ලෙස ක්‍රියා කරයි.”

අසාෆිටීඩා මඟින් වාබුබුළු ඇති වීම, බඩේ වාතය පිරීම සහ බඩවැල්වල දැවිලි සහගත බව ඇති කරවන රෝග සහලක්ෂණ සමනය කෙරෙන අතර, දියවැඩියාව වැනි දීර්ඝ කාලීන රෝග පාලනයට ෆෙනුග්‍රීක් ප්‍රකට ය. දුරු සහ බිෂොප්ගේ වල්පැලෑටි, නූතන අජීර්ණ ඖෂධවලට සමාන කුළුබඩුකාරක මඟින් ආහාර ජීර්ණයට උපකාරී වන අතර, ආහාරවලින් හට ගන්නා පරීක්ෂාවට ලක් කෙරේ. ගම්මිරිස්වලින් අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩිදියුණු කෙරෙන අතර, බඩවැල්වල සෞඛ්‍යය ඉහළ නංවාලයි. බොහෝ ඉන්දීය නිවෙස්වල උණ රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ගම්මිරිස් පානයක් බොහෝ විට, ප්‍රතිකාරකයක් ලෙස පානය කෙරේ. සාම්බාරු (එළවළු සමඟ පරිප්පු වෑංජනය), රසම් (සියඹලා සහිතව සාදන ඇඹුල් සුප් වර්ගයක්, එනම් තැම්බුම් හොද්දක්) වැනි ඉතා උසස් තත්ත්වයකින් යුත් දකුණු ඉන්දීය ආහාර බඳුන් සහ වෑංජන පවා මෙම කුළුබඩුවලින් රස ගැන්වී ඇත.
සූදුරු සහ ඉඟුරු කුළුබඩු අවම යොදා ගනිමින්, පරිපූර්ණ සහල් සහ පරිප්පු සමඟ සාදනු ලබන කිච්ඩි නම් පහසු ආහාරයක් ගුජරාටයෙන් හමුවේ. ආහාර අරුචියට පිළියමක් ලෙස කිච්ඩි බොහෝ විට යොදා ගැනෙන අතර, එහි ඇති සරල නමුදු සෞඛ්‍යමත් සංඝටක මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය යළි පිහිටුවීමට උපකාර කෙරේ. රාජස්ථානයේ සාම්ප්‍රදායික මාර්වරි පිළියෙල කිරීම්වලට යොදා ගැනෙන විවිධ වියළි සහ කුඩු කරන ලද කුළුබඩු හා ඖෂධීය ශාක මඟින් කායික ශක්තිය තහවුරු කෙරේ. කාන්තාරමය ප්‍රාන්තයක බොහෝ පෙදෙස්වල ග්‍රීෂ්මයෙන් බේරී සිටීමට ශරීරය සුදානම් කරවීම මෙම ආහාර බඳුන් මඟින් තහවුරු කෙරේ. ප්‍රෝටීන් වැනි අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තහවුරු කරන, රිකිලි බහුල උසාල්/ මිසාල් හි පරිපූර්ණ ආහාරවේල මහරාෂ්ට්‍රයට අයත් වේ. ලෙමන් සහ පැඟිරි කුලයේ පලතුරු නිදහසේ භාවිත කිරීමෙන්, මහරාෂ්ට්‍රය වට කරන උණුසුම් සහ තෙත් දේශගුණයට එරෙහිව විටමින් සී ප්‍රමාණවත් මාත්‍රාවක් ලබා ගැනීම නිර්දේශ කෙරේ.

පන්ජාබි සූප ශාස්ත්‍රය එහි ආහාර වට්ටෝරුවලට නොමසුරුව භාවිත කරන කුළුබඩු සහ ඖෂධීය පැළෑටිවල සුවඳ සඳහා බෙහෙවින් ජනප්‍රියය. කාශ්මීරයේ ආහාර බඳුන්වල තරු අසමෝදගම්, බේ කොළ සහ කුංකුම බහුල වශයෙන් දැක ගත හැකිය. “දැවිල්ල සහිත ඉදිමුම (ප්‍රදාහය) අවම කරමින් ශ්වසන රෝගය සමනය කිරීමට එය උපකාර කරයි. ”විෂබීජ අවම කිරීමට සහ ශ්වාස රෝගය ඍජුව අවම කිරීමට කුංකුම ශාකයට හැකියාව ඇති බව පරීක්ෂණ මඟින් සනාථ වී ඇත.” යනුවෙන් පවසමින් වෛද්‍ය තැකර් කුංකුම ශාකයේ ප්‍රතිලාභ පෙන්වා දෙයි. අසමසම රසකින් අනූන බැටළුමස් දීසිය, රෝගන් ජොෂ් සමඟ මුදවපු කිරි සහ කුළුබඩු ගණනාවකින් අවමව නමුත් කොලෙස්ටරෝල් සුළු ප්‍රමාණයකින් යුක්තව ප්‍රණීත බව වඩවයි. නැවුම්ව, නිවසේ පිසින ලද ආහාර රස විඳිමින්, සිහිකල්පනාවෙන් කටයුතු කිරීම මඟින් ඔබට ආතතිය, අපහසුබව සහ මානසික අවපීඩනය වළක්වා ගත හැකිය. ආහාර පිසීමෙන් පැය හතරත් පහත් අතර කාලයක් තුළ, ඒවා සිරුරට ලබා ගැනීම ඉතා හොඳ බව විශේෂඥයෝ පවසති. කුළුබඩු ගොන්නක් යොදා ගනිමින් නැවුම් ලෙස පිසිනු ලබන, සමතුලිත සත්වික් නම් ආහාර වේලෙහි පුරාණ සංකල්පය අදටත් ලොව සෞඛ්‍යතම ආහාර වේල් අතරින් එකක් ලෙස සැලකීම සිත්ගන්නාසුළු කරුණකි.