තාරකා හඹා යමින්
දෙපා වාරු නැති පිහිනුම් ක්‍රීඩකයෙකුගේ සිට ශ්‍රවණාබාධිත ගොල්ෆ් ක්‍රීඩකයෙකු දක්වාත්, විශිෂ්ට ධාවකයෙකුගේ සිට ද්විපාර්ශ්වික අවයව අහිමි, ආබාධිත අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ද වන කාන්තාවක දක්වාත්, ඔවුන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය පිළිබඳ කථා හතරක් අපි ගෙන එන්නෙමු.
අප කවුද යැයි තීරණය කරනු ලබන්නේ අපේ හැකියාවන්වලින් නොව, නමුදු අප ගනු ලබන තීරණවලිනි. අයහපත අපගේ සාමාන්‍ය දිවිපෙවෙතට පහර දුන් විට, ඇතැමුන් ඔවුන්ගේ සිහින අතහැරීමට තීරණය කරන අතර, අනෙක් පුද්ගලයන් එම අභියෝගම තරු සඳහා පියමං තනන ගල්වැටි සහ තමාට ඉහළට පියාසර කිරීමට ලබා දෙන අවස්ථාවක් ලෙස දකියි. එවැනි දුෂ්කරතා හමුවේ ඒවා බිඳ දමමින්, අදාළ ක්ෂේත්‍රයන්හි දිරිමත්කරවනසුලු ආදර්ශ තැබූ, එමෙන්ම සෑම ආබාධිතබවකින් ම විවිධ වර්ගයේ හැකියාවන් ඉදිරියට ගෙන ආ හැකි බව සනාත කළ ජයග්‍රාහකයන් සතරදෙනෙකුගේ කතාපුවත් විස්තරාත්මක අපි බලමු.
අතහරින්න, “ප්‍රදානය කරන්න”
ඉන්දියාවේ පළමු තලයේ ධාවකයෙකු, අභිප්‍රේරණ කථිකයෙකු, ජාතික සම්මානලාභියෙකු සහ කාර්ගිල් යුධ ප්‍රවීණයෙකු වන මේජර් ඩී. පී.සින්ග් විසින් ඇදහිය නොහැකි දිරිය කතාවක් ලියා තිබේ. එක් දෛවෝපගත දිනයක දී 1999 වසරේ කාගිල් යුධ සමයේ දී, ඔහු පිපිරෙන බෝම්බයක අරය මතට වැටුණි. ඔහුගේ පාදය ගැන්ග්‍රීන්වලින් ආසාදනයට පත් වී ඇති බවත්, එම පාදය කපාහැරීම කළ යුතු බවත් ඔහුට පැවසූ විට, ඔහු එය අභියෝගයක් ලෙස දුටුවේය. “මට ඕනේ එක කකුලකින් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද බලන්න. දෙවියන් ඔහුට හැඟෙන පුද්ගලයන් පමණක් ශක්තිමත් ද යන්නත් ඔවුන් එම බාධකය මැඩපවත්වා ගෙන ජයග්‍රාහී ලෙස නැඟී සිටින්නේ ද යන්නත් පරීක්ෂා කරන බව මම විශ්වාස කරනවා” යැයි මේජර් සින්ග් පැවසුවේය.
රාජ්‍ය හා ජාතික ශූරතාවල දිරිමත් ජයග්‍රහණවලින් පසු, ශාම්ස් අලාම් ශයික් අවසානයේ දී ආසියානු තරඟ සඳහා වරම් ලැබුවේය
දිවීම ඇරඹීමට සින්ග් හට වසර 14ක් ගත වුවද, ඔහු කිසි දිනක ආපසු හැරුණේ නැත. ඔහු සාර්ථක ලෙස මැරතන් තරඟ 18කට අධික ගණනක් නිමා කොට ඇති අතර, තරුණ වැඩිහිටි පුද්ගලයන් හට මඟපෙන්වීමට දිරිමත් කිරීමේ සම්මන්ත්‍රණ කිහිපයක් ද පවත්වා ඇත. සත්‍ය වශයෙන්ම, කොටා, රාජස්තාන් ප්‍රදේශවල ශිෂ්‍යයන් අතර සියදිවි හානී කර ගැනීමේ වර්ධනයක් පැවති සමයේ දී, සින්ග් සක්‍රීය ලෙස ඔවුන්ට ජීවන මඟ පෙන්වීමේ කාර්යයේ නිරතව සිටියේ ය.“ මම දුවන කොට, මට දැනෙනවා මගේ ඉනේ ඉඳන් ඔළුවට, බිම තියෙන මගේ බ්ලේඩ් තලයෙන් ඇති වුණු අමිහිරි බලපෑම. මම දුවන්නේ අව්‍යාජ ප්‍රමෝදයක් සඳහායි. නමුත් මං අන්තිමේ දී නවතින කොට, මට හොඳටම තුවාල වෙලා…ඉහළ අංශකයකින් දුවන ප්‍රථම තල ධාවකයා වීම ඇතුළු ලිම්කා වාර්තා පොතේ තිබෙන සින්ගේ වාර්තා හතර පිළිබඳ ඔහු අද කතාබහ කරන්නේ මහත් ආඩම්බරයෙනි. 2019 මාර්තු මාසයේ දී, ඉන්දියානු යුධ හමුදාවේ පුහුණුව යටතේ, ගුවනේ කරණම් ගැසීමට හැකි වූ ප්‍රථම ආබාධිත අවිසරඹ ප්‍රවිණයා වූයේ ඔහු යි.

ජීවයෙන් සැදුම්ලත් ක්‍රීඩිකාවක්
කැමරා සිය ගණනින් දිග හැරෙන විට සහ රටවල් 43ක මිනිසුන් දහස් ගණනක් බලා සිටින විට, ශමාස් අලාම් ශයික් නම් වූ ඒ දෙපා වාරු නැති පිහිනුම් ක්‍රීඩකයා 2018 දී පවත්වන ජකාර්තාවේ ආසියානු ක්‍රීඩා සඳහා සාර්ථකව සුදුසුකම් ලබා ගනිමින්, ජය මාවත කරා පීනා ගියේ ය.මීට වසර අටකට පෙර, ඔහු මුම්බායි හි දෙපා පණ නැති වූ රෝගීන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයක සුවය ලබමින් සිටින අයුරු යළි මතක් කිරීම සැබැවින් ම අසීරුය. “2010 දී, මට කශේරු පිළිකාවක් තිබෙන බව සොයා ගැනීමත් සමඟ, මට රෝද පුටුවකට සීමා වෙන්න සිද්ධ වුණා. මං මගේ ජීවිත කාලය පුරාවට පුහුණු කරපු, මගේ හීනය වන ජාත්‍යන්තර කරාටේ ක්‍රීඩකයෙකු වීම අතහැර දමන්නට මට සිදු වුණා.’“පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මට හමු වුණා 1988 දී කේවල පිහිනුම් අංශයෙන් තරඟ කර සිටින ඉංග්‍රීසි නාලිකාව ඔස්සේ දැන හඳුනාගත් ආබාධිත ඉන්දියානුවෙකු වන, රාජාරාම් ගාග්. මට පුදුම හිතුණා රෝද පුටුවක ඉන්න මනුස්සයෙකුට එච්චර දෙයක් කරන්න පුළුවන් ද කියලා. මේ අවස්ථාව මගේ හදවතට බලාපොරොත්තුවක සිහින් එළියක් ගෙන දුන්නා.” යැයි ඔහු පැවසීය.

එදින සිට, ශයික් ඔහුගේ පිහිනීමේ පුහුණු ගමන ආරම්භ කළේය. රාජ්‍ය හා ජාතික ශූරතාවල දිරිමත් ජයග්‍රහණවලින් පසු, ශාම්ස් අලාම් ශයික් අවසානයේ දී ආසියානු තරඟ සඳහා වරම් ලැබුවේය. දෙපා වාරු නැති පුද්ගලයෙකු විසින් සිදු කරන ලද දිගුම විවෘත මුහුදු පිහිනුම සඳහා ඔහු වාර්තාවක් උසුලයි. වර්තමානයේ ශයික් ලොව වටා සංචාරය කරමින්, බොහෝ පුද්ගලයන් දිරිමත් කරවමින්, ක්‍රීඩා ඔස්සේ ආබාධිත පුද්ගලයන් සවිබල ගන්වමින් සිටී.
විශ්වාසයේ ආන්දෝලනය
තමන් ශ්‍රවණාබාධිත තත්ත්වයකින් පීඩා විඳින බව තේරුම් ගන්නා විට, ඩීක්ෂා ඩගාර්ගේ වයස අවුරුදු හයක් පමණ විය. එනමුත්, මෙම දිරිය කෙල්ල ඇගේ අවට තිබෙන නිහැඬියාව බාධාවක් වීමට ඉඩ තැබුවේ නැත. ඒ වෙනුවට ඇය එය “හොඳින් අවධාරණය කිරීමට සහ වඩාත් දෘශ්‍යානුගතව සිහියෙන් සිටීමට” උපකරණයක් ලෙස යොදා ගත්තේය. ඒ කරුණු දෙකම ගොල්ෆ් ක්‍රීඩකයෙකු සතුව තිබිය යුතුම ගුණාංග විය. 2019 කාන්තා යුරෝපානු සංචාරයෙන් ජය ගත් ළාබාලතම ඉන්දියානුවා බවට පත් වූ ඩගාර්, ගෝල්ෆ් පථයේ ඇය උදෙසාම කුඩා අවකාශයක් නිර්මාණය කර ගන්නට සමත් වූවා ය.
2017 වර්ෂයේ දී, තුර්කියේ පැවති ඩෙෆ්ලිම්පික්ස් හි ඉන්දියාව සඳහා රිදී පදක්කමක් දිනා ගැනීමට ඩික්ෂා ඩගාර් සමත් විය.ආධුනිකයෙකු ලෙස ඇය ඉන්දියාවේ කාන්තා ගොල්ෆ් ආයතනයෙ පූර්ව අවස්ථාව ද ඇය දිනා ගත්තා ය.
කෙසේවෙතත්, එය සැම විටම ලෙහෙසි පහසු ගමනක් නොවී ය. “ මං හැමවෙලාවෙම ආස කළා ගොල්ෆ් ක්‍රීඩා කරන්න. ඒත් කවුරුත් මට එය පුහුණු කරන්න සූදානම් වුණේ නෑ.” ඉනිත්, මගේ තාත්තා ඒක කරන්න තීරණය කළා.” යැයි 19 හැවිරිදි දැරිය හර්යානා හි රෝටාක් සිට පවසන්නී ය. 2017 දී, තුර්කියේ පැවතිඩෙෆ්ලිම්පික් උළෙලේ දී ඩගාර් ඉන්දියාවට රිදී පදක්කමක් හිමිකර දුන්නා ය. ආබාධිතයෙකු ලෙස, ඇය ඉන්දියාවේ කාන්තා ගොල්ෆ් ආයතනයේ පූර්ව අවස්ථාව ද දිනා ගත්තාය. රටවල් 20ක පැවති තරඟාවලි 60කට පමණ සහභාගී වීමෙන් පසු, මේ වන විට ඇය 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නව ගමනට අවතීර්ණවීමට සුදානම් වෙමින් සිටින්නී ය.

සටන් කරන්න – ඔබ ජය ගනු ඇත.
රාජස්තානයේ උෂ්ණාධික දහවලක, බිකානේර් හි දී, වසර 13ක් වියැති මල්විකා ඉයර් ඇගේ පියාගේ ගරාජය තුළ සැරිසැරුවේ ඇගේ ඉරුණු කලිසම මසා ගැනීමට උපකාරි වන යමක් සොයා ගැනීමට යි. මීට මාස කිහිපයකට පෙර පතරොම් ඩිපෝවක් පිපිරී ගොස් ඇති බවත්, එහි බෝම්බ කටු අවට විසිරී තිබෙන බවත් පිළිබඳ ඇය නොදැන සිටියා ය. ඇය තෝරා ගත් වස්තුව අත් බෝම්බයක් වූ අතර, ඇය එය මත පීඩනය තබා අතින් ගත් වන ම, එය පිපිරී ගොස් ඇගේ දෑත් අහිමි කරමින්, ඈ පාද දෙක පමණක් සහිත ආබාධිතයෙකු බවට පත් වුණි.
වර්තමානයේ දී ඉයර් පශ්චාත් උපාධිධාරිනියක සහ ජාතික සම්මානලාභිනියක පමණක් නොව, ජාත්‍යන්තර් අභිප්‍රේරණ කථිකාවක් සහ අබාධිතයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින සක්‍රීය ක්‍රියාකාරිනියක ද වේ.
ඒ 2002 වසරේ දී ය. වර්තමානයේ දී ඉයර් ආචාර්ය උපාධිධාරිනියක ද සහ ජාතික සම්මානලාභිනියක ද පමණක් නොව, ජාත්‍යන්තර අභිප්‍රේරණ කථිකාවක් ද ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින සක්‍රීය ක්‍රියාකාරිනියක ද වේ. කාන්තා දිරිබල ගැන්වීම සඳහා දක්වන ලද කැපීපෙනෙන දායකත්වය සඳහා පිදෙන ඉහළතම පුරවැසි ගෞරවය වන “නාරි ශක්ති පුරස්කාර්“ නාමයෙන් ඇගේ උත්සාහයට පිදුම් ලැබුණි. “සෑම දවසකම මම නැඟිටින කොට, මං වෙනුවෙන් බලාගෙන ඉන්න අලුත් අභියෝගයක් තියෙනවා. පිවිසිය හැකි විලාසිතාවලට දැඩි සේ ඇලුම් කරන, ඉයර් සෑම විටම මනරම් විලාසිතා පිළිබිඹු කරන්නියක් වූයේ මායාවෙන් සිහින යතාර්ථයක් බවට පත් නොවන බව සනාත කරමිනි! සිදු කළ නොහැකි දෑ අත්පත් කර ගැනීමට දහඩිය, ධෛර්යය සහ වෙහෙස වී ක්‍රියා කිරීම අවශ්‍ය වේ!