සංචාරය

සැපත සුවය සොයා යමින්

නිකුතුව02, 2019

සැපත සුවය සොයා යමින්

මාරියෙලීන් වෝඩ් |කර්තෘ

නිකුතුව02, 2019


ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ආකර්ෂණය මා සොයා ගත්තේ, 2005 වසරේ මාගේ ප්‍රථම ඉන්දියානු සංචාරයේදීය. තනිව සංචාරය කරන මම, දිල්ලියට පැමිණියද, ශීත ඍතුව පැමිණි විගස, උණුසුම් දේශගුණයක් සොයා කේරළයේ කෝවලම් පිහිටි දකුණු දෙසට පියාසර කළෙමි. එතැන් පටන් දකුණු ඉන්දියා...

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ආකර්ෂණය මා සොයා ගත්තේ, 2005 වසරේ මාගේ ප්‍රථම ඉන්දියානු සංචාරයේදීය. තනිව සංචාරය කරන මම, දිල්ලියට පැමිණියද, ශීත ඍතුව පැමිණි විගස, උණුසුම් දේශගුණයක් සොයා කේරළයේ කෝවලම් පිහිටි දකුණු දෙසට පියාසර කළෙමි. එතැන් පටන් දකුණු ඉන්දියාව සමඟ මාගේ සම්බන්ධය ඇරඹුණි. අදටත් පවතින එම සහ සම්බන්ධය යෝග, ආයුර්වේද සම්බාහන සහ සාම්ප්‍රදායික විෂහරණය යනාදිය වටා ගෙතුණු සබඳතාවකි.

දෙවියන්ට හිමි දේශයේ
ඉන්දියාවෙන් ලැබුණු රෝග නසන, සුව කිරීමේ පෞරාණික විද්‍යාවක් වන ආයුර්වේදයේ නිජබිම කේරළයයි. ජීවිතයේ විද්‍යාව ලෙස ලිහිල්ව පරිවර්තනය කළ හැකි ආයුර්වේදය මඟින් සම්බාහන, ආහාර පාලන සහ ශාකමය ඖෂධ වැනි ස්වභාවික ක්‍රම ඔස්සේ සිරුරේ සෞඛ්‍යය සහ සැපත සුවය යළි ගොඩනැඟීමට උපකාර කරයි. හිරු රශ්මියෙන් නැහැවුණු, නිවර්තන සුළඟ, නැවුම් දේශීය ආහාර, මගේ සම්බාහන ප්‍රතිකාරකවරුන්ගේ සුවය දනවන දෑත් සහ නිවාස අභ්‍යන්තර ආයුර්වේද වෛද්‍යවරයාගේ දැනුම සහ ඥානය යන මා හට කේරළයෙන් සහ ආයුර්වේදයෙන් ලබා දීමට තිබෙන සියල්ල තුළ ගිල්වී, සති දෙකක කාලයක් ශින්ශිව ආයුර්වේද සේවාස්ථානයේ ගත කළෙමි.

ප්‍රබෝධමත් දකුණු ඉන්දියාවට එය විශිෂ්ට හැඳින්වීමක් විය. ආයුර්වේද සේවාස්ථානයෙන් මා නික්ම ගිය පසු, කාරයක් සමඟ රියදුරෙකු කුලියට ගෙන මම උතුරේ ප්‍රකටව පැවසෙන කොචි හෝ කොචින් බලා ගියෙමි. තිරුවනාන්තපුරම් හෝ ත්‍රිවන්ද්‍රම්ට පිටත නෙයියාර් අමුණ අසබඩ සාරවත් සිවානන්ද ආශ්‍රමය සහ මාතා අම්රිතානාන්දාමායිහි අම්රිතාපුරි ආශ්‍රමය නැතහොත් “අම්මා, වැළඳගන්නා ශාන්තුවරිය” අසල මම නැවතුණෙමි. යෝග, ආයුර්වේද සහ සැපත සුවය එකට හමුවන ඉතා සුවිශේෂී ගමනාන්තයක් ලෙස කේරළය පිළිබඳ චිත්ත රූපයක්, මගේ චාරිකාව අවසානයේදී මගේ සිතේ ඇඳී තිබුණි. ඒකචාරී සංචාරක කතක් ලෙස, මා හට සම්පූර්ණ ආරක්ෂාව සහ රැකවරණය ද හිමි බවක් හැඟුණි. වර්තමානයේදී මම බොහෝ විට කේරළය ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති “ මෘදු ගොඩබැස්වීමක්” ලෙස විස්තර කරමි.

කේරළයේ කොචි හි හිරු බැස යෑමේදී අල්ලා ගන්නා ලද චීන මාළු දැල්

ගෝවාහි සුවය දැනෙන විට
මම ඉන්දියාවේ කළ තවත් සංචාරයකදී, රටේ දකුණු ප්‍රදේශයේ හිරු රශ්මියෙන් ගිල්වුණු පෙදෙස්වල නැවත උණුසුම වින්දෙමි. නමුත්, මෙවර මම තෝරා ගත්තේ ගෝවා ප්‍රදේශය ගවේෂණය කිරීමටයි. අරාබියානු මුහුදේ පිහිටි කුඩා ජනපදය මුහුදු වෙරළස්ථාන, මහ හඬින් සැමරෙන සැඳෑ සාදයන් හා සයුරට යාබදව ඉදි කළ සජීවී ගෙපැළවල් සඳහා ප්‍රකට වුවද, මා තෝරා ගත්තේ සැපෙන් සුවයෙන් කල් ගෙවීමට, ගෝවාහි බොහෝ දෙනෙකු නොදන්නා පෙදෙසක් ගවේෂණය කිරීමටයි. උතුරු පළාතේ මන්ද්‍රේම් වෙරළ අසබඩ ආශියානා යෝග විවේකි මධ්‍යස්ථානයට මම ප්‍රථමයෙන් පා තැබුවෙමි. හොඳ මුහුද වෙරළක් අසල මනරම් පිහිටීමත්, කාමර රැසක් සමඟ අලංකාර දේපළ, සම්බාහන මධ්‍යස්ථානයක්, ප්‍රණීත නිර්මාංශ ආහාර මෙන්ම සාම්ප්‍රදායික අයුරින් යෝග පුහුණු කිරීමට සැබැවින්ම දක්වන කැපවීම යන සාධක සියල්ලෙන් සපිරි යැයි හැඟෙන යෝග මධ්‍යස්ථානයක් සොයා ගැනීමට ලැබීමෙන් මම ප්‍රීතියෙන් මවිතයට පත් වුණෙමි. සෞඛ්‍යමත් ජීවන රටාවකින් දිවි ගෙවීමට කැපව සිටින සහ ඔවුන්ගෙන් පරිසරයට වන බලපෑම ගැන සැලකිල්ලෙන් කටයුතු කරන ජන සමාජයක් මම ආශියානාහි හඳුනා ගත්තෙමි.

මගේ ගෝවා සංචාරය මුළුල්ලේ, සෞඛ්‍යය, සුව දිවිය සහ පාරිසරික දැනුවත්කම පිළිබඳ මෙම ආකල්පය පිළිබිඹු කරන මිනිසුන් හා ස්ථාන මම නොකඩවා සොයා ගියෙමි. ගෝවා හි මා සිටින කාලයේදී, පැරණි ගෝවා පෙදෙස අසබඩ පිහිටි දිවාර් දිවයිනේ ආයුර්වේද මධ්‍යස්ථානයකට ද මම ගොඩවැදුණෙමි. ප්‍රාන්තයේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මෙම ගම් ප්‍රදේශයට ඊටම අනූන වූ, ගම්බද සිරියාවෙන් පිරුණු, සිත මැනවින් නිවන හා සුව කරනබවක් ඇත. කෙමෙන්, අගනගරයේ පන්ජිම් පෙදෙසේ නැවතුමක් ද සමඟ, මම දකුණු ගෝවායට ඇදුණෙමි. ආසියාවේ ලතින් නිවාසස්ථාන කිහිපයෙන් එකක් වන ෆොන්ටන්හස්හි අලංකාර දේපළක මා රැඳී සිටියෙමි. සෞම්‍ය සන්ධ්‍යාවන්හි අපූරු පෞරාණික උරුමයෙන් ලත් ගොඩනැඟිලිවලින් පෙළ ගැසුණු සජීවි මංමාවත් ඔස්සේ,කාලයත් සමඟ නැතිවී යන බැව් පෙනෙන අසල්වැසිබවේ අසමසම වාතාවරණයේ ගිලෙමින්, මම හුදෙකලාවේ සැරිසැරුවෙමි. පැරණි ලොව ආකර්ෂණය හා නිවර්තන දේශගුණයේ සම්මිශ්‍රණය මගේ ආත්මයට අරුම පුදුම අමෘත පානයක් බඳු විය. දුටු විගස සිත් පැහැර ගන්නා, අගොන්ඩා වෙරළට එම මායාව මා රැගෙන ගියේය. අඬ සඳක් හැඩයට වැලිවලින් දැවටුණු, කුඩා වෙරළ සේවාස්ථානවලින් සහ ගෙපැළවල්වලින් පෙළ ගැසුණු, ඉතා සාමකාමී හා ස්වභාවික පරිසරයක සිරි ගෙන දෙන අගෝඩා වෙරළ යනු සුරපුරයකි. ත්‍රාසය, ආධ්‍යාත්මිකතාව සහ සෞඛ්‍යමත් ජීවන රටාවක් අනුගමනය කිරීම සඳහා ඇල්මක් දක්වන බව බෙදා ගන්නා, ඒකල කාන්තා සංචාරිකාවන් බොහොමයක් එහි සිටි බැවින්, මා විගස මිතුරියන් ඇති කර ගැනීමට පටන් ගත්තෙමි. මම ජීවිතය පුරාවට සරිලන මතක සටහන් සාදා ගත්තෙමි!

ගෝවාහි අගොන්ඩා වෙරළේ දසුනක්

කර්ණාඨකයේ කැඳවීම
වඩාත් මෑතකදී මා සිදු කළ සංචාරයන් මඟින් මා කර්ණාඨකය වෙතට ගෙන ගොස් ඇත. මෙම ප්‍රාන්තයේ වෙරළ තීරය, ගෝවා සහ කේරළයෙහි පිහිටා තිබෙන, වෙරළ තීරය මෙන් ප්‍රකට නොවුණ ද, ගොකර්ණ සහ උදුපි වැනි ස්ථාන මෙන් සංචාරය කිරීමට වටිනා ස්ථානයකි. පුරාණ ක්‍රිෂ්ණා කෝවිලෙහි නිවහන වන උදුපි ද ආයුර්වේද හා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස කීර්තිය හිමි කරගනිමින් සිටී. ආයුර්වේද ප්‍රතිකාර සඳහා දෙවරක් උඩුපි වෙත සංචාරය කළ මම, අසබඩ පිහිටි මල්පේ වෙරළෙහි ව්‍යාප්ත වැලි කඳු තැනීමෙන් විනෝද වීමට එහි ගිය සෑම වරකම කල් යෙදෙව්වෙමි. සති තුනක සිසිල් ආහාර අනුභවයෙන්, තෙල් සම්බාහනයෙන් සහ අභ්‍යන්තර පවිත්‍රකාරක ක්‍රියාවලියෙන් අනතුරුව, මගේ දෙවන ප්‍රතිකාරය අවසන් වූ පසු, ගොකර්ණයට හා ප්‍රසිද්ධ ඕම් වෙරළට සංචාරයක යෙදීමෙන් මගේ දිවිය ප්‍රබෝධමත් කර ගත්තෙමි.

කර්ණාඨක, ගොකර්ණයෙහි මනරම් ඕම් වෙරළ
ගොකර්ණයෙහි වෙරළස්ථාන අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත් දෙවැන්න, මෙම ප්‍රදේශයේ මුළු මහත් වෙරළ තීරය දිගේ දිව යයි. ගොකර්ණයේ පසුමාවත්වල සැරිසරමින්, කුඩා ගම්මාන හා සිත් ළඟන්නා, සරල සේවාස්ථාන සොයා යාම විනෝදය දනවන්නකි. උදුපිහි දර්ශනීය දුම්රියපළෙන් දුම්රියක නැඟුණු මම, සාගරය පීරන දසුන් ගෙන දෙන, සමතලා නොවූ වෙරළ තීරයක් සමඟ -ඔව්- ඕම් සලකුණ හැඩැති ඕම් වෙරළ තීරයෙන් සමන්විත කඳු ප්‍රපාතයක ඉහළ පිහිටි සේවා ස්ථානයක නවාතැන් ගත්තෙමි. ඕම් හෝ අවුම් යනු යාතිකාවලට පෙර හෝ පසුව හින්දු ආගමෙහි මතුරන පූජනීය මාත්‍රාවකි. මගේ පෙර සංචාරවලින් මා උගත් පරිදි, ගැඹුරු හුස්මක් සමඟ “ඕම්” යැයි හඬ නඟා කීම සහ භාවනා කිරීම, ජීවිතයේ වඩාත් ශාන්ත අත්දැකීම්වලින් එකක් විය හැකි අතර, පුද්ගලයෙකුට එම සුසරයෙන් විශ්වය සමඟ සම්බන්ධ වන බවක් හැඟීමට හැකියාව ලැබේ. කඳු ප්‍රපාතයේ හිඳිමින්, පහළ පර්වතයෙහි ගැටෙන මුහුදු රැළිවල හඬට සවන් යොමු කරමින් සිටි මා හට ද, දකුණු ඉන්දියාවේ මා සොයා ගත් ස්වභාවික අලංකාරයේ
කර්ණාටක, උදුපිහි ක්‍රිෂ්ණා කෝවිල

හා සුව කිරීමේ ශක්තියේ සුසංයෝගය හැඟුණි. සොබා සෞන්දර්යය හා සාමය සොයා යන, ආත්මයෙන් සපිරි සංචාරකයන්ට පිළිගැන්විය හැකි බොහොමයක් දෑ ප්‍රාන්ත අභ්‍යන්තර කර්ණාඨකය සතුය. මිසුරු හෝ මිසෝර් යනු විශිෂ්ඨ මිසෝර් මාළිඟය මෙන්, තේජාන්විත අතීතයක් හා උරුමයක් ඇති කුඩා නගරයකි. එය වර්තමානයේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තිබෙන යෝග කේන්ද්‍රයන්ගෙන් එකකි. දකුණු ඉන්දියාවේ දී සාමය, සොබාදහම, හා සුවය දනවන වාතාවරණයන් මට හමුවුණි. එය මා හට නැවත නැවතත් පැමිණෙන ලෙස අයදින භුමියකි.

මාරියෙලීන් වෝඩ්

මැරිලින් වෝඞ් යනු ඉන්දියාවේ ඇය දැඩි වශයෙන් සිදු කළ සංචාර මත පදනම්ව දියත් කළ සම්මානනීය සංචාරක වෙබ් අඩවිය වන ඊරු්එයැාරු්පටද.ජදප හි නිර්මාතෘවරිය මෙන්ම, දිගු කාලීන යෝග ශිෂ්‍යාවක්, ඩිජිටල් කතා නිර්මාපක කැනේඩියානු සංචාරක ලේඛිකාවකි.
error: Content is protected !!