උරුමය

යෝග අධ්‍යාපනය

නිකුතුව 05, 2019

යෝග අධ්‍යාපනය

ආචාර්ය රස්තෝගි යන් |කර්තෘ

නිකුතුව 05, 2019


ලෝක සුවතා සිතියමේ ඉන්දියාව ස්ථාපනය කරන ලද යෝගා ශික්ෂණය නම් වූ මෙම පුරාණ විද්‍යාව පිළිබඳ වැඩි දුර හැදැරීමට ලොව පුරා විසිරී සිටින දහස් ගණනින් ජනයා රුචිකත්වයක් දක්වති. රටෙහි යෝග ශික්ෂණය පිළිබඳ පුහුණුව සහ පර්යේෂණ පහසුකම සලසන සාම්ප්‍රදායික ආයතන කිහිපයක් මෙන්න.

සමස්ත සුවතාව පිළිබඳ පුරාණ ඉන්දීය විද්‍යාව වන යෝග, විශිෂ්ට ඉන්දීය දර්ශනයන් හය අතර ඇති එක් දර්ශනයකි. මෑත කාලයේ දී, එහි තිබෙන සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවේශම්කාරී, ප්‍රවර්ධනාත්මක සහ රෝග නිවාරණාත්මක ශක්තීන් හේතු කොට ගෙන, යෝග විසින් දැඩි ජාත්‍යන්තර ජනප්‍රියත්වයක් ළඟා කර ගන්නා ලදී. නම්‍යශීලීත්වය ඉහළ යාම, ආතතිය සමනය කිරීම සහ සමස්ත සෞඛ්‍යමය යෝග්‍යතාව වැනි විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ හේතුවෙන් රට පුරා යෝග කෙරෙහි දක්වන උනන්දුවේ යළි පිබිදීමක් දැකිය හැකි අතර, තරුණ පරම්පරාව අතර පවා මෙය දැක ගත හැකිය. ධ්‍යාන වැඩීම හෝ භාවනා කිරීමේ වේද පුහුණුවක සිට තනි පුද්ගලයෙකුගේ සාමාන්‍ය යහ පැවැත්ම කරා සාකල්‍ය ශික්ෂණය අරමුණු කර ගැනීම දක්වා පරිණාම වූ මෙම පෞරාණික ශික්ෂණය හැදෑරීමට ලොව පුරා වෙසෙන, මේ සඳහා උනන්දුවක් දක්වන සියක් ජනයා ඉන්දියාව වෙත සංචාරය කරති. ඉන්දියාව සහ එතෙර තුළ යෝග ක්ෂේත්‍රයෙහි ක්‍රියා කරන විවිධ ආයතන තිබෙන අතර, යෝග සම්ප්‍රදාය සුරැකීම පමණක් නොව, නූතන යුගයට අදාළ වන පරිදි එහි දර්ශනයන් සමකාලීන කරවන ඇතැම් ආයතන පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුම ය

පෙරදිග සහ ඊසානදිග

ශ්‍රී රාමක්‍රිෂ්ණා මෙහෙයුම, කොල්කටාව (බටහිර බෙංගාලය): ස්වාමි විවේකානන්ද විසින් 1897 දී මෙහෙයුම දියත් කරන ලදී.. ඉන්දියාවේ සෞඛ්‍ය ආරක්ෂාව, ආපදා සහන, ග්‍රාමීය කළමනාකරණය, ගෝත්‍රික සුභසාධනය, මූලික සහ උසස් අධ්‍යාපනය සම්බන්ධව දැඩි මෙහෙවරක් මෙම මෙහෙයුමෙන් සිදු කෙරේ.

ස්වාමි නිරන්ජන් (තොප්පියක් පැළඳ මධ්‍යයේ සිටින) ඕස්ට්‍රේලියාවෙන් පැමිණි අනෙකුත් ස්වාමිවරුන් සමඟ කඩොලාන කඳුකර ආශ්‍රම භුමියේ (ඕස්ට්‍රේලියාවේ) ඇවිදිමින්. ස්වාමි නිරන්ජානන්ද සරස්වතී බිහාරයේ යෝග පාසලේ සභාපති විය.

බිහාර් යෝග පාසල, මුන්ගර් (බිහාර්): යෝග සහ ඉන්දීය සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා 1963 දී ස්වාමි සත්‍යානන්ද සරස්වතී විසින් ස්ථාපනය කරන ලද බිහාර් යෝග පාසල යෝග අධ්‍යනන සඳහා වර්තමානයේ තිබෙන කීර්තිමත් මධ්‍යස්ථානයකි.

එම ආයතනය විසින් සෞඛ්‍ය කළමනාකරණ පාඨමාලා, සන්‍යාස පුහුණු පාඨමාලා, උසස් යෝග සාධන පාඨමාලා පවත්වනු ලබන අතර, ආශ්‍රම පන්නයේ (ඉතා ප්‍රාථමික) ජීවන රටාවක් සපයනු ලබයි. උමාචල් යෝගාශ්‍රමය, ගුවාහතී (ඇසෑම්): එය 1929 දී ස්වාමි ශිවානන්ද සරස්වතී විසින් පිහිටුවන ලදී. මෙම ආයතනය විසින් යෝග විෂය ක්ෂේත්‍රය සම්බන්ධව විද්‍යාත්මක පිළිගන්නා ලද පර්යේෂණ සිදු කරමින් තිබේ.

බටහිර

රමාමණී ඉයෙන්ගාර් අනුස්මරණ යෝග ආයතනය, පූනෙ (මහාරාෂ්ට්‍ර): යෝග ගුරු බී. කේ. එස්. ඉයෙන්ගාර් විසින් 1975 වර්ෂයේ දී ස්ථාපනය කරන ලද මෙම ආයතනය යෝගවලට සුප්‍රකට ඉයෙන්ගාර් ශෛලියේ හදවත අසල සිටින ආයතනයක් ලෙස සලකනු ලැබේ. මෙම ආයතනය විසින් යෝගා පාඨමාලාවන් පවත්වනු ලබන අතර, ඉයෙන්ගාර් සහතිකලත් යෝග ගුරුවරු ලොව පුරා යෝග ව්‍යාප්ත කරති

යෝග ආයතනය, සැන්ටාකෘස්, මුම්බායි (මහාරාෂ්ට්‍ර): ඉන්දියාවේ පැරණිතම යෝග මධ්‍යස්ථානය වන මෙය යෝග ශික්ෂණයේ දර්ශනය ව්‍යාප්ත කිරීම සඳහා 1918 දී ශ්‍රී යෝගෙන්ඩ්‍රාජි විසින් පිහිටු වන ලදී. යෝග ශික්ෂණය හදාරන්නන් සහ පුහුණුකරුවන් යන දෙපාර්ශ්වය සඳහාම යෝග පාඨමාලා කිහිපයක් පවත්වා ගෙන මෙම ආයතනය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය විසින් පිළිගන්නා ලද ආයතනයකි. පාඨමාලා හින්දි සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්ත්වයෙන්ම පැවැත්වේ.

ධම්ම ගිරි ලෙසින් ද හැඳින්වෙන, විපස්සනා ජාත්‍යන්තර ඇකඩමිය යනු මහාරාෂ්ට්‍රයේ නාසික් නුවර ඉගාත්පූරි හි පිහිටුවා ඇති විපස්සනා භාවනා මධ්‍යස්ථානයකි. මෙම ආයතනය, යෝග ශිල්ප ක්‍රමය ඉගැන්වීම සඳහා ඉන්දියාවේ තිබූ ප්‍රථම විපස්සනා මධ්‍යස්ථානය වූ අතර, එස්. එන් ගෝනක විසින් ඉගත්පූරි නුවර මෙය ඉදි කොට ඇත.

කයිවල්යාදම, ලොනාව්ල, පූනෙ (මහාරාෂ්ට්‍ර): 1924 වර්ෂයේ දී ස්වාමි කුවාලයානන්ද විසින් පිහිටු වන ලද මෙම ආයතනය විද්‍යාත්මක අවබෝධ කර ගැනීමක් සහ ප්‍රවේශයක් සමඟ, යෝග සම්ප්‍රදායයන් නූතන විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීමට අවධානය යොමු කරයි. කෙටි කාලීන සහ දිගු කාලීන ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා පිළිගන්වනු ලබන, රජයේ පිළිගත් යෝග කොලීජියක් ඊට ඇතුළත් ය. එම ආයතනයෙන් නැවුම් පාඨමාලා ද ලබා දෙයි.

දකුණ

ශ්‍රී අවුරෝබිනෝ ආශ්‍රමය, පුදුච්චේරි (තමිල්නාඩුව): ශ්‍රී අවුරෝබිනෝ නම් නිදහස් සටන්කරුවකු, දාර්ශනිකයෙකු, යෝගීවරයෙකු, ගුරුවරයෙකු සහ කවියෙකු විසින් 1926 දී පිහිටුවන ලද මෙම ආයතනයට අවුරෝමෝද් නමින් හඳුන්වනු ලබන යෝග පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් තිබෙන අතර, මෙමඟින් විවිධ ස්වරූපයේ යෝගා සැසි පිළිගැන්වේ.

අවුරෝවිල්ලේ හි තිබෙන භාවනා මධ්‍යස්ථානයේ දසුනක්. පුදුච්චේරි, ශ්‍රී අවුරෝබින්දෝ හි නිවස්නය වූ අතර, එය දැන් ශ්‍රී අවුරෝබින්දෝ ආශ්‍රමයේ මෙහෙයුම් පදනම වේ.

උතුර

පාටාන්ජලී යෝග්පීත්, හරිද්වාර් (උත්තරාකන්ද්): බාබා රාම්දේව් විසින් 2006 වර්ෂයේ දී පිහිටුවන ලද පාටාන්ජලී යෝග්පීත් යනු ඉන්දියාවේ විශාලතම යෝග ආයතන අතරින් එකකි. මහාරිෂි පාටාන්ජලීගෙන් පසුව නම් කරන ලද මෙම ආයතනයේ අරමුණ වන්නේ යෝග සහ ආයුර්වේද ක්ෂේත්‍රයේ පුහුණු සහ පර්යේෂණ කටයුතු සිදු කිරීමය.

යෝග සදනා මන්දිර භාරය, දේරාදුන් (උත්තරාකන්ද්): ස්වාමි රාමා විසින් 1966 වර්ෂයේ දී සදනා මන්දිර භාරය, යෝග විද්‍යාව පිළිබඳ හිමාලයානු ජාත්‍යන්තර ආයතනය සහ දර්ශනවේදය පිහිටු වන ලදී. හිමාලයේ ගල් ගුහා ආරාම සම්ප්‍රදායෙන් පුහුණුව ලත් ඔහු උපනිශාද් සහ බෞද්ධ ලියවිලි ඉගැන් වූ අතර, ටිබෙට් දර්ශනවේදයන් ද හදාරා ඇති අයෙකු විණි.

දිව්‍ය දිවිය සමාජය (සිවානන්ද ආශ්‍රමය),රිශිකේෂ් (උත්තරාකන්ද්): වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ස්වාමි ශාවානන්ද විසින් මෙම ආයතනය පිහිටුවන ලද අතර, ස්වාමි විශ්වානන්ද සරස්වතීගේ මඟපෙන්වීම යටතේ ඔහු සන්‍යාශ්‍රමයට එක් වූවේය. ඔහු දිව්‍ය දිවිය සමාජය සහ යෝග වේදාන්ත ඇකඩමිය ස්ථාපනය කළේය.

ක්‍රිෂ්ණාමාචාර්ය යෝග මන්දිරය, චෙන්නායි (තමිල් නාඩුව): මෙම ආයතනය 1976 වර්ෂයේ දී ටී.කේ.වී දේසිකාචාර් විසින් ඉන්දීය යෝග ගුරුවරයෙකු, ආයුර්වේද සුව කරන්නෙකු සහ ප්‍රාඥයෙකු වන ටී, ක්‍රිෂ්ණාමාචාර්යගේ නමින් පිහිටුවන ලදී. මෙම ආයතනය විසින් යෝග සාකල්‍ය විද්‍යාවක් ලෙස ව්‍යාප්ත කරනු ලැබේ. පසු ගිය දශකයේ දී, යෝග සතියකට වරක් සිදු කරනු ලබන ව්‍යායාමයක සිට සෞඛ්‍යමත් ජීවන රටාවක් ලෙසට පද ගත වීම වෙනස් වී ඇත. එමෙන්ම, මෙම සියලු යෝග ආයතන විසින් සියලු වයස්වල සිටින සිසුන් හට උනන්දුවක් හට ගැනෙන පරිදි, විශේෂයෙන්ම සකසන ලද හොඳම යෝග පාඨමාලා ලබා දීමට වෙහෙස දරයි.

නුවණැස බෙදා දෙමින්

යෝග අධ්‍යාපනය සහ පර්යේෂණය සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය, පුදුච්චේරි:ස්වාමි ගීතානන්ද ගිරි විසින් 1967 වර්ෂයේ දී මෙම මධ්‍යස්ථානය පිහිටුවන ලදී. මෙම ආයතනය විසින් ක්‍රමික යෝග ගුරුවරුන් පුහුණුකරණ පාඨමාලා පවත්වනු ලබන අතර, ඊට අනුබද්ධිත මධ්‍යස්ථාන ලොව පුරා විසිරී ඇත.

විපස්සනා යෝග පර්යේෂණ ආයතනය, ඉගාත්පුරි (මහාරාෂ්ට්‍ර): එස්. එන්. ගෝන්කා විසින් 1985 දී පිහිටුවන ලදී. වර්ෂය මුළුල්ලේ දින 10ක භාවනා පාඨමාලා පිළිගන්වනු ලබන, විපස්සනා පර්යේෂණ ආයතනය යනු විපස්සනා පුහුණු කිරීම සඳහා ලොව පවතින විශාලතම මධ්‍යස්ථානවලින් එකකි. මෙම ආයතනයට උසස් දීර්ඝ කාලීන පාඨමාලා ලබා දෙන ධර්ම තපෝවන නම් වූ දිගු කාලීන පාඨමාලා මධ්‍යස්ථානයක් ද ඇතුළත් වේ.

ස්වාමි විවේකානන්ද යෝග අනුසන්ධාන සම්ස්ථාන, බෙංගාලූරු (කර්ණාටක): ආචාර්ය එච්. ආර්. නාගේන්ද්‍ර විසින් 2002 වර්ෂයේ දී ස්ථාපනය කරන ලද මෙම ආයතනය යෝග සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ආයතනයකි. මෙම ආයතනය පිහිටුවීමේ අරමුණ වූයේ යෝග පුහුණුවීම් පසුපස තිබෙන විද්‍යාත්මක සාක්ෂි අවබෝධ කර ගැනීම සහ ලේඛනගත කිරීමය. ආරෝග්‍යදහම සමඟ ආසන්න වශයෙන් අවුරුදු 25කට පෙර කලක සිට වී.කේ. යෝග ලෙස ආරම්භ කරන ලද මෙම ආයතනය යෝග සම්බන්ධ විශ්වවිද්‍යාලයක් ලෙස දැන් පිළිගැනේ. එමෙන්ම, මෙම ආයතනය මඟින් යෝග, අධ්‍යාත්මිකත්වය සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා පිළිගැන්වේ.

යෝග පිළිබඳ මොරාර්ජි දේසායි ජාතික ආයතනය, නව දිල්ලිය: 1970 වර්ෂයේ දී ආයුශ් අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද මෙම ආයතනය, ඉන්දියාවේ තිබෙන වඩාත් කීර්තිමත්ම යෝග අධ්‍යාපන සහ පර්යේෂණ මධ්‍යස්ථාන අතරින් එකකි. මෙම ආයතනය විසින් යෝග දර්ශනවේදය ප්‍රවර්ධනය කරනු ලබන අතර, මෙම විෂය සම්බන්ධයෙන් පුහුණුකරණය සහ උසස් පර්යේෂණ ද පිළිගන්වයි. එමඟින් පදනම්, උසස් පාඨමාලා මෙන්ම, යෝග අධ්‍යාපනය සම්බන්ව ඩිප්ලෝමා සහ උපාධි ද පිළිගන්වයි.

ආචාර්ය රස්තෝගි යන්

ආචාර්ය රස්තෝගි යනු දිල්ලියේ ආයුශ් අමාත්‍යාංශය යටතේ පවතින යෝග සහ ස්වභාව ධර්මය සම්බන්ධව පර්යේෂණ සඳහා මධ්‍යම සභාවේ සහාකාර අධ්‍යක්ෂකවරයෙකි. ඔහු විසින් “සූර්ය නමස්කාරය“ සහ “සෞඛ්‍යදායී ජීවනය සඳහා ආහාර මූලධර්ම“ වැනි විෂයයන් පිළිබඳ පොත් කිහිපයක් රචනා කොට ඇත.
error: Content is protected !!