ඉවුම් පිහුම්

ලෝහිත දාම

නිකුතුව 01, 2021

ලෝහිත දාම

ගිතා හාරි |කර්තෘ

නිකුතුව 01, 2021


සෞඛ්‍ය ප්‍රතිලාභ ගොන්නක් ලබා දෙන, එමෙන්ම, මනරම් ආහාර කලාවට පැහැය, රසය සහ ස්වභාවය එක් කරන කුංකුම දාම කිසිවකටත් සම කළ නොහැකිය. ජම්මු සහ කාශ්මීරයේ නිපදවන මෙම කුළුබඩු ද්‍රව්‍යයට, එහි විශේෂත්වය හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් මාසික සිදු කරනු ලබන ගුවන්විදුලි ආමන්ත්‍රණය වන මාන් කී බාත් හි ආචාරය හිමි විය. ගීතා හාරි එදිනෙදා ජීවිතය තුළ කුංකුම ශාකය යොදා ගන්නා අවස්ථා කිහිපයක් ගවේෂණය කරයි

ප්‍රකටව කෙසාර් යනුවෙන් පැවසෙන, ලෝකයේ වඩාත් මිල අධික කුළුබඩු අතරින් එකක් ලෙස හැඳින්වෙන කුංකුම (ක්‍රෝකස් සැටිවස්) දම් පැහැ ක්‍රෝකස් පුෂ්පයේ රන් පැහැති කලංකයයි. කුංකුම නෙළා ගැනීම දැඩි සෙයින් මිනිස් ශ්‍රමය යොදා ගැනීමේ ක්‍රියාවලියක් වීම සහ එය සම්පූර්ණ වශයෙන් දෑතින් සිදු කිරීම යන සරල කරුණ හේතුවෙන්, ඒවා ඉහළ මිලකින් යුතු වෙයි. මෙම කුළුබඩුවේ විවිධ රස පිළිබඳ තොරතුරු පහසුවෙන් විස්තර කළ නොහැකි ය; ඉන් මැඩලිය නොහැකි දැඩි ආගන්තුක සුගන්ධයක් වහනය වේ. එමෙන්ම, වරක් ආහාරයට එක් කළ විට, එය ආහාර බඳුනට මනරම් පැහැයක් සහ ඊටම ආවේණික වූ රසයක් එක් කරයි. ආසන්න වශයෙන් වසර 4000ක් පමණ පැරණි මෙම කුළුබඩුව ග්‍රීසියෙහි නිපදවන්නට ඇතැයි පැවසුණ ද, වර්තමානයේ එහි දැවැන්ත නිෂ්පාදකයින් අතරින් එකක් වන්නේ ඉන්දියාවයි. තවද, විශේෂයෙන්ම, ජම්මු හි කරේවා (උස්බිම්) සහ කාශ්මීර්හි මේවා නිපදවයි. කාශ්මීරයේ කුංකුමවල ගුණාත්මකභාවය කෙසේදැයි පවසතොත්, එයට 2020 වසරේ දී භූගෝලීය දර්ශක ලේඛනය විසින් භූගෝලීය දර්ශක (ජීඅයි) ලබා දෙන ලදී.  2021 ජනවාරි මාසයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් මාසිකව ජාතිය අමතා කරන ආමන්ත්‍රණයේ (මාන් කී බාත්) දී, කාශ්මීර කුංකුම සඳහා “අසමසම” යැයි පවසමින් එය බෙහෙවින් වර්ණනා කළේය.  එයට දැඩි සුවඳක්, සාරවත් පැහැයක් තිබෙන අතර, එහි නූල් දිගු සහ ඝන වේ. එමෙන්ම, ඒවායෙන් එහි ඖෂධීය ගුණය වැඩි කෙරේ. ජම්මු සහ කාශ්මීරයේ අනර්ඝ සංස්කෘතික උරුමය ඉන් නිරූපණය කෙරේ. “ගුණාත්මක භාවය පිළිබඳ අප කතා කරන්නේ නම්, එහි දී කාශ්මීරි කුංකුම ඉතාමත් අසමසම වන අතර, එය අනෙකුත් රටවල කුංකුමවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ.”, යැයි අගමැති මෝඩි පෙන්වා දී ඇත.

පිස්ටාචියෝ කජුවලින් සැරසූ නිවසේ පිළියෙල කළ කුංකුම අයිස් ක්‍රීම්

සෞඛ්‍ය ප්‍රතිලාභ පෞරාණික ඊජිප්තුව සහ රෝමය විසින් මෙම කුළුබඩුව රෝගනාශක පිළියමක් ලෙස භාවිත කිරීමෙන් ලැබෙන වාසි සොයා ගන්නා ලදී. වෛද්‍ය විද්‍යාව පිළිබඳ එක්සත් ජනපද ජාතික පුස්තකාලය විසින් ප්‍රකාශනය කරන ලද පර්යේෂණ පත්‍රයකට අනුව, කුංකුමවල අඩංගු එක් ද්‍රව්‍යයක් වන, ජලයේ දියවන තැඹිලි පැහැති කැරටින් වන ක්‍රොසින්වලට පිළිකාව, ලියුකේමියාව සහ මෘදු පටක සාර්කෝමා ඇතුළු මිනිස් සෛල ගණනාවක් තුළ ඇපොප්ටොසිස් (වැඩසටහන්ගත සෛල මරණයක්) අත්කරදීම ආරම්භ කිරීමේ හැකියාව සතු වේ.  “එක්සත් ජනපදය පදනම් කොටගත් ජෛව තාක්ෂණ තොරතුරු සඳහා වන ජාතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශනය කරන ලද අධ්‍යයනයකට අනුව, ආරම්භකව කුංකුම මානසික ආතතිය සඳහා භාවිත කර ඇති අතර, එය අපස්මාරය, ආහාර ජීර්ණ අපහසුතා සහ උණ සඳහා ප්‍රතිකාර කිරීමට ද භාවිත කළ හැකියි,” මහරාෂ්ට්‍රයේ නශික්හි විවේදා සුවතා ගම්මානයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වන, වෛද්‍ය ශක්කීල් පවසන්නේ “එය කිරි සමඟ ගැනීම බෙහෙවින් සුදුසු නමුත්, මද උණුසුම් ජලය සමඟ ද එය පරිභෝජනය කළ හැකි බවත් ය.” “කුංකුමවල කැරටිනොයිඩ සහ සෆ්‍රනාල් ඇතුළු 150කට අධික ඉක්මනින් වෙනස් වන සංඝටක අඩංගු වේ”යැයි පූනෙහි සුවතා විවේකස්ථානයක් වන ශිලිම්හි ධාරණහි පෝෂණය හා ආහාර විද්‍යා ප්‍රධානී, ප්‍රනාති බොල්ලප්‍රගාඩා දැනුවත් කරයි. එය සෙරොටොනින් මට්ටම් ඉහළ නැංවීමට උපකාරී වන බී විටමින්වලින් අනූන වේ. කුංකුම, නින්ද නොයෑම අවම කිරීමට උපකාරී වන සෆ්‍රනාල් සහ පික්‍රොක්‍රොසින් වැනි ප්‍රබල ප්‍රති-ඔක්සිකාරකවලින් සමන්විත වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. මැන්ගනීස් නමැති එහි ඇති සියුම් සහනය ගෙන දෙන ගුණාංගවලින් යුත් යැයි ප්‍රකට පෝෂකය මගින් නින්ද ඇති කිරීමට උපකාරී වේ. තවද, කුංකුමවල අඩංගු සංඝටකයක් වන ක්‍රොසෙටින් මගින් හදවත ආශ්‍රිත රෝග පරීක්ෂාවට ලක් කරමින්, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන බවට හඳුනා ගෙන ඇත. එනමුත්, සෑම හොද දෙයක්ම මෙන්, කුංකුම ද පරිභෝජනය කළ යුත්තේ සීමිත කොටස්වලිනි.

හල්දි ඩූඩ් හෝ කහ කිරි නම් වූ ප්‍රකට ඉන්දීය සෞඛ්‍යමත් පානය, සාම්ප්‍රදායික වශයෙන් කුංකුම ස්වල්පයක් ඉස සරසා තිබේ

ආහාර පිසීමේ දී භාවිතය ආහාර පිසීමේ කලාවේ දී ද කුංකුම නොයෙක් ආකාරයෙන් භාවිත කෙරේ. රන් පැහැති කහ වර්ණයන් සමඟ සෆ්රානි මර්ග් (කුංකුම ප්‍රධාන සංඝටකය ලෙස යොදා ගනිමින්, සුවඳවත් ඉන්දීය කුළුබඩුවලින් පිසිනු ලබන කුකුළු මස්) වැනි ආහාරයකට ඉමහත් රසයක්  ගෙන දීමට එය සතු හැකියාව සහ අනුකූලතාව හෝ ශහි ටුක්ඩා (ඝන පැණි රසැති කිරිවල ගිල් වූ පැහැදිලි බටර්වලින් බදින ලද පාන් පෙති) වැනි පැණි රසැති අහාරයකට ප්‍රණීත තැවරුමක් ලබා දීමට හෝ රාස් මලායි (ඝන කිරිවල බහාලූ කුඩා, පැතලි මී කිරි කේජු කේක්) යනාදියෙන් සූපවේදීහු දිවුරති. ආහාර බඳුනක් මත කුංකුම දාම කිහිපයක් ඉසීමෙන් එම ආහාරයේ අත්දැකීම ප්‍රණීතබවෙහි සිට ඉතා උසස් අත්දැකීමක් දක්වා ඉහළ නැංවිය හැකිය. කුංකුම යොදා පිළියෙල කරන ප්‍රධාන ආහාර වන්නේ කහ ලැටේ, බිරියානි, පුලාවෝ සහ මස් බඳුන් වැනි කිරි සහ සහල් පදනම් කොටගත් ආහාර බඳුන්ය. ඕල් අබවුට් කුකින් නම් වූ ව්‍යවසායක ව්‍යාපාරයේ ආහාර කලාව සම්බන්ධ සූපවේදියෙකු වන නිලේෂ් ලිමායේ විසින් කුංකුමවල භාවිතය පිළිබඳ පහදා දෙනු ලබමින් පවසන්නේ, “සාම්ප්‍රදායික වශයෙන්, කුංකුමවල අඩංගු තෙල් මුදා හැරීමට ඒවා යන්තම් පුළුස්සා ගෙන, උණුසුම් ජලයේ හෝ කිරිවල පෙඟවිය යුතුයි. මගේ කුංකුම සහ ඉඟුරු සෝස්වලට රසය, වර්ණය සහ ස්වභාවය කා වැද්දීමට මම මෙම ක්වාථය භාවිත කරමි”යනුවෙනි. “ද රිසෝර්ට් නම් වූ මුම්බායි නුවර සේවය කරන විධායක සූපවේදී, අමිත් කොචාරෙකාර් පවසන්නේ, “කුංකුම ජලයේ දමා පොඟවා, පසුව ඒවා මස් මත තබා ඇතිල්ලීමෙන් උපරිම රසයක් සහ බලාපොරොත්තුවන පැහැය ලබා ගත හැකියි” යනුවෙනි. කුංකුම තවත් බොහෝ රුචිකාරක ගණනාවක් සමඟ නොව, ඒවා පමණක්ම වුවද භාවිත කිරීම වඩාත් සුදුසු වේ. “එය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි. අවසානයේ දී එය වෙනත් කුළුබඩු සමඟ මිශ්‍ර වුවහොත්, එහි රසය සැඟවී යා හැකියි. කෙසේවෙතත්, කුංකුම ඉඟුරු, සේර, රෝස වතුර, කරඳමුංගු හෝ සාදික්කා සමඟ මුසු වූ විට වඩාත් හොඳින් ක්‍රියා කරන්නේ”යැයි සූපවේදී ලිමායේ පෙන්වා දෙයි. කුංකුම යනු මුළුතැන්ගෙයෙහි තිබෙන, ආහාරවලට එක් කරන, තවත් එක් ද්‍රව්‍යයකට වඩා වැඩි යමකි. එය සියලු අතින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයකි. සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් බෙදා දීමේ සිට උසස් ආහාර ගැනීමේ අත්දැකීමක් දක්වා එය ලබා දෙන ඵලප්‍රයොජනය සම කළ නොහැකිය. ජම්මු සහ කාශ්මීරයේ නිපදවන ලද කුංකුම මිල දී ගන්නා ලෙස අගමැති මෝඩි දේශයෙන් කළ ඉල්ලීම මගින් කුංකුම වගාකරුවන්ට පමණක් සහාය ලබා නොදෙනු ඇති අතර, ඒ ඔස්සේ ආත්මානිර්භාර් භාරත් හි දැක්ම ද ඉදිරියට ගෙන යාමට ද දායක වනු ඇත.

කුංකුම සමඟ ටූනා සහ බත් සලාද

ගිතා හාරි

ගිතා හරි විසින් අධිමිල හෝටල් සඳහා සෞඛ්යදායී සත්වික් ඉවුම්පිහුම් කලාව රැක බලා ගනී. ඇගේ ආහාර වට්ටෝරු ප්රමුඛ පෙළේ පුවත්පත්වල සෞඛ්ය තීරු ලිපිවල විශේෂාංග ලෙස පළ වී ඇත. කාන්තා ජයග්රාහිකාවන්ගේ සම්මානයෙන් පිදුම් ලත්, සම්මානලාභී හරි විසින් රූපවාහිනියේ මෙන්ම, ඩිජිටල් අවකාශයන්හී ද වැඩසටහන් හා ප්රදර්ශන සංකල්පනය කිරීම, තිර රචනය කිරීම සහ ඒවා පැවැත්වීම කර ඇත.
error: Content is protected !!