සාර්ථකත්වය

අවම කරන්න. යළි භාවිත කරන්න. ප්‍රතිචක්‍රීකරණය කරන්න

නිකුතුව 02, 2021

අවම කරන්න. යළි භාවිත කරන්න. ප්‍රතිචක්‍රීකරණය කරන්න

ශ්‍රබාස්ති මල්ලික් |කර්තෘ

නිකුතුව 02, 2021


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා විසින් මෙහෙය වනු ලබන රජය පවිත්‍රවත් පරිසරයක් සහ තිරසාරාත්මක සංවර්ධනයක් සඳහා දැවැන්ත පියවර ගෙන ඇත. ලෝක පරිසර දිනය (ජූනි 5) යෙදෙන අවස්ථාවේ දී, උපයෝගීතා නිෂ්පාදිත සෑදීමට අපද්‍රව්‍ය භාවිත කරන ව්‍යවසායික ව්‍යාපාර කිහිපයක් ඒ අනුව රජයේ මුලපිරීම් එක් වෙමින් සිදු කරන කර්තව්‍ය පිළිබඳ අපි දැන් විමසා බලමු.

2014 දී අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා නිල බලයට පත් වූ දා පටන්, ඉන්දියාව වඩාත් පිවිතුරු දේශයක් බවට පත් කිරීම ඔහුගේ අරමුණුවලින් එකක් විය. එමෙන්ම එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ඔහු යෝජනා ක්‍රම සහ මුලපිරීම් ගණනාවක් දියත් කර ඇති අතර, ඒවායෙන් වඩාත් අභිලාෂී සහ සාර්ථක මුලපිරීම වූයේ ස්වාච් භාරත් අභියාන් (පිවිතුරු ඉන්දීය මෙහෙයුම). දූෂණය අවම කිරීමට සහ ගැන්ගිස් (ගංගා) නදිය සංරක්ෂණය කිරීමට හා තිරිහන් කිරීමට ගත් ඒකාබද්ධ සංරක්ෂණ මෙහෙවරක් වන, තවත් පුරෝගාමී මුලපිරීමක් වන්නේ නමාමි ගැන්ගි වැඩසටහනයි.

At Phool’s factory, based in Kanpur, flowers collected from temples and River Ganges (over 2.5 tons daily) in and around Kanpur are manually segregated by women before being processed into incense sticks and vermicompost
කාන්පූර් හි පිහිටි පූල්ගේ කර්මාන්ත ශාලාවේ මල් සැකසීමට පෙර දෑතින් බෙදා වෙන් කරන කෙරේ

රජය මෙහෙවර ආකාරයෙන් පවිත්‍රතා මෙහෙයුම මත අවධාරණය තබා ඇති අතර, පරිසරයේ පවිත්‍රතාව පමණක් නොව, එහෙත් භූගෝලීය සහ සාමුද්‍රීය ජීවිතවලට හානි සිදු නරන නිෂ්පාදනවල සඵලදායී ප්‍රතිචක්‍රීකරණයට ද දායක වන, ඔවුන්ගේ ම ගමන් මඟෙහි යන කුඩා ව්‍යවසායයන් සහ ව්‍යවසායික ව්‍යාපාර ගණනාවක් ඇත. “අපද්‍රව්‍යවලින් හොඳම ද” යන්න යළි නිර්වචනය කරන සහ ක්‍රියාවලියේ දී රැකියා අවස්ථා නිර්මාණය කරන, ඉන්දියාවේ තිරසාරාත්මක නව සොයා ගැනීම්වලට නිදසුන් කිහිපයක් මෙන්න.

ආත්ම පරිත්‍යාගයේ සුගන්ධය

“තේරා තුජ්කො අර්පන් (දෙවිවරුන්ට අයිති දෑ, යළිත් දෙවිවරුන් කරා යයි)”, යනුවෙන් ප්‍රකට හින්දු දේවස්තෝත්‍ර ගීතිකාවක පේළියක් ඇත. විහාරස්ථානවල පූජා කළ මල් ප්‍රතිචක්‍රීකරණය කරන, කාන්පූර් පදනම් වූ සමාගමක් වන, පූල්හි සලකා බැලෙන දර්ශනය මෙය වන අතර, එම සමාගම අවසානයේ දී හඳුන්කූරුවලට ගැන්ගිස්හි දී යොමු විය.හින්දි බසින් පුෂ්පය යන අර්ථය සපයන, පූල් යන්නෙහි අදහස 2015 වසරේ දී අන්කිත් අගර්වාල් කාන්පූර්හි දී ගංගා ගාත් වෙත සංචාරය කරන විට, අසල තිබෙන විහාරස්ථානවලින් එක්රැස් කළ මල් ගොඩ ගසා ජලයට විසි කර දමන ආකාරය දැකීමෙන් වටහා ගත්තේය. “මල් ජලය ස්පර්ශ කළ විගසථ ඒවායේ වර්ණ අවපැහැ ගැන්විණි. පර්යේෂණ කිරීමේ දී, මෙම මල් කෘමිනාශක සහ වල්නාශක යොදා වගා කළ මල් බව සොයා ගැනීමට මට හැකිවුණි. මෙම පූජනීය මල් කාබනික නිෂ්පාදිතවලට යළි ප්‍රතිනිර්මාණය කිරීමට මා තීරණය කළේ එවිට ය.”මල් එක්රැස් කළ විට, ඒවා වෙන්කොට තැබූයේ දෑතිනි. අනතුරුව, රසායනික අවශේෂවලට හිලව් කිරීම සඳහා මෙම නෙලා ගත් මල්වලට ජෛව ස්කන්ධයන් ඉසිනු ලැබේ. අනතුරුව, මල් සෝදා, පෙති කඩා හිරු රශ්මියෙන් වියළා ගනු ලැබේ. වියළන ලද මල් පෙති කුඩු කොට, ස්වභාවික ශාක ලහටු සමඟ මිශ්‍ර කර පිටි මෝලියක් සාදා ගන්නා අතර, එය අතින් රෝල් කර හඳුන්කූරු සාදා වියළා ගනු ලැබේ. මෙම කූරු අවසානයේ දී ඇසුරුම් කිරීමට පෙර, සාරයෙහි ගිල්වා ගනු ලැබේ.

Incense sticks are hand-rolled and dipped in a range of essential oils, including lavender, jasmine, Indian rose, oudh and citronella;
හඳුන්කූරු අතින් රෝල් කර, ලැවෙන්ඩර්, පිච්ච, ඉන්දීය රෝස, අවුද් සහ පැඟිරිතෙල් ඇතුළු සරායන් පරාසයක් තුළ ගිල්වා ගනු ලැබේ

සෑම දිනක දී ම, පූල් විසින් කාන්පූර් තුළ සහ ඒ අවට තිබෙන විහාරස්ථානවලින් මල් ටොන් 2.5කට අධික ප්‍රමාණයක් රැස් කරනු ලැබේ. මල් හඳුන්කූරුවලට පමණක් නොව, සුවඳ දුම් කෝන්, කුඩු කළ වර්ණ සහ වර්මිකොම්පොස්ට් වැනි කාබනික නිෂ්පාදිතවලට ද පරිවර්තනය කෙරේ.

සියල්ල ඔතා ඇදීමෙන් සහ හරස් වියුමෙන්

වඩාත් හොඳම අදහස් අසම්භාව්‍යතම කාලවල දී හට ගත හැකි බව බොහෝ විට පැවසෙන කරුණකි. එමෙන්ම, අපද්‍රව්‍ය ප්ලාස්ටික් විචිත්‍රවත් අත්කම් නිර්මාණවලින් සාදන රෙදි වර්ග සෑදීමට ඉහළට චක්‍රීකරණය කරන සමාගමක් වන, ඉකෝකාරී හි නන්දන් භාත් නම් නිර්මාතෘවරයා මීට උචිත නිදසුනකි. දැඩි සේ දුෂ්කර ගමන්වල යෙදෙන්නෙකු වන භාත් රටේ උතුරු ප්‍රදේශවල බොහෝ සේ ඇවිද ගිය අතර, “ඕනෑම කසල ගොඩක විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් වැස්මවලින් සමන්විත වේ. ඉතින්, කිසිවෙකු විසින් ප්‍රතිචක්‍රීකරණය කරනු නොලබන ප්ලාස්ටික් පිළිබඳ යමක් කිරීමට මම තීරණය කළෙමි,” යැයි භාත් පෙන්වා දුන්නේය. භාත් 2020 සැප්තැම්බර් මාසයේ දී ඉකොකාරී පිහිටු වූයේය. එක්රැස් කළ ප්ලාස්ටික් දිරාපත් වන පිරිසිදු කිරීමේ උපකරණයක් තුළ සෝදා, වියළා හරිනු ලබන අතර, අනතුරුව ඒවා දැඩි වෙහෙසකර ගමන් යන්නෙකු විසින් ඒවායේ වර්ණය සහ ඝනත්වය මත පදනම්ව, සාමාන්‍යයෙන් තීරුවලට කපා හරිනු ලැබේ. ඉන් අනතුරුව, මෙම තීරු චර්කාවක් මත ( නූල් කටින යන්ත්‍රයක්) දික් නූල් කූරුවලට රෝල් කෙරේ. දික් නූල් කූර හරස් දණ්ඩක් තුළ සවි කොට, රෙදි සාම්ප්‍රදායික අත් යන්ත්‍ර ක්‍රමයට විවීම අවසාන පියවරෙන් සිදු කෙරේ. “මෙම රෙදි වර්ගයේ අසමසම බව පවතිනුයේ එය සම්පූර්ණයෙන්ම ඉහළ චක්‍රීකරණය කරනු ලැබීය යන කරුණ තුළය. අප හරස් වියමන ලෙස ප්ලාස්ටික් තීරු යොදා ගන්නා විට, සියල්ල ඔතා ඇදීමට අප භාවිත කරනුයේ ප්ලාස්ටික් බෝතල්වලින් ප්‍රතිචක්‍රීකරණය කළ නූල්ය,” යැයි භාත් විස්තර කළේය. ඉන් පසු මෙම රෙදි වර්ගය සැලසුම් කළ රටාවලට කපා, යෝග, ලාංඡන සහ බර ලෝම රෙදි මලු, මුදල් පසුම්බි, කුඩා මේස පැඳුරු, හැඳි ගෑරුප්පු පිහි ආදිය දමන කුඩා මලු සහ කුෂන් හා මේස කවර නිර්මාණයට භාවිත කෙරේ.

 Plastic wrappers collected by Pune-based brand Ecokaari are manually segregated by colour and thickness before being processed
ඉහළ චක්‍රීකරණය කළ රෙදි වර්ගවලින් සාදන ලද විවිධ පන්නයේ මලු නිර්මාණය කරන, පූනේ පදනම් කර ගත් සන්නාමය වන ඉකෝකාරී හි කම්කරුවන්

පූනේ පදනම්ව පිහිටා ඇති මෙම සමාගම එක් භාවිතයක් සහිත ප්ලාස්ටික් මලු, ආහාර නිෂ්පාදිතවල බහු ස්ථර සහිත වැස්ම සහ පැරණි ශ්‍රව්‍ය සහ වීඩියෝ කැසට් පට ඇතුළුව, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගණනාවක් ඉහළ චක්‍රීකරණය කරයි. “ප්ලාස්ටික්වලින් තොර පරිසරයක එම දැක්ම ම බෙදා ගන්නා ජනතාවනේ ලැබෙන ආධාර ද අපි පිළිගන්නෙමු,” යැයි භාත් ඊට එක් කළේය.ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉහළ චක්‍රීකරණයත් සමඟ, ඉකෝකාරී විසින් ද යාන්ත්‍රික රෙදි විවීම සහ චර්කවල සාම්ප්‍රදායික ඉන්දීය අත්කම් නිර්මාණ එලෙසින්ම සජීවීව තබා ගනු ලබමින් සිටියි. “එය යාන්ත්‍රික රෙදි විවීමේ උරුමය අනාගත පරපුරට ද ගෙන යෑමේ නිහතමානී උත්සාහයකි,” යැයි භාත් පවසයි.

සියල්ල සඳහා ප්‍රයෝජනයක්

අවම කරන්න. යළි භාවිත කරන්න. ප්‍රතිචක්‍රීකරණය කරන්න යන්න ප්‍රකට 1990 වසරවල සජීවිකරණ සංදර්ශනයේ සිත් ළඟන්නා වාක්‍ය ඛණ්ඩය වන්නට ඇති නමුත්, ගුජරාටිය පදනම් ව දිවි ගෙවූ, 27 හැවිරිදි භිනාෂ් දේසායි හට එය මන්ත්‍රයකට වඩා වැඩි යමක් නොවීය. නව්‍යකරුවෙකු සහ ස්වයං හිමිකම්පාන සමාජ පරිසර ව්‍යවසායකයෙකු වූ ඔහු වයස අවුරුදු 11 පටන් අපද්‍රව්‍යවලින් තිරසාරාත්මක සහ උපයෝගිතා නිෂ්පාදන නිර්මාණය කරමින් සිට ඇත. වර්තමානයේ දී, ඔහු ඔහුගේ නවීනතම නව සොයා ගැනීම වන බ්‍රික් 2.0 සඳහා ශීර්ෂපාඨ සාදමින් සිටියි. ඉවතලන ලද මුහුණු ආවරණ භාවිත කිරීමෙන්, ඉන්දියාව සහ සමස්තයක් ලෙස ගත් කල‘කොරෝනා කැළිකසල’ යනුවෙන් හැඳින්වෙන දූෂණයේ ගැටලුව සමඟ ලෝකය පොර බදින කාලයක මෙම ගඩොල් බිහි වී ඇත.

Ecokaari uses traditional handlooms to create sustainable and durable fabrics with upcycled plastic;
ඉකෝකාරී විසින් ඉහළ චක්‍රීකරණය කළ ප්ලාස්ටික්වලින් තිරසාරාත්මක රෙදි වර්ග නිර්මාණය කිරීමට සාම්ප්‍රදායික අත්යන්ත්‍රික මැහුම් කලාව භාවිත කෙරේ

නොවියන රෙදි වර්ගයක් වන මුහුණු ආවරණවල ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම අධ්‍යනනය කිරීමත් සමඟ, මෙම ගැටලුව සඳහා ඔහුගේ විසඳුම ඇරඹිණි. අවසන් නිෂ්පාදිතයේ ස්ථීරභාවය සහතික කිරීමට බන්ධක කාරකවල සුදුසු සම්මිශ්‍රණය තීරණය කිරීම සඳහා පරීක්ෂණ මාලාවක් සිදු කිරීමට ප්‍රථම, ඔහු මුහුණු ආවරණ කිහිපයක් එක්රැස් කර, ඒවා විෂබීජ නාශක පිර වූ බාල්දියක ගිල් වූයේය. “සාර්ථක අනුපාතය පෞද්ගලික ආරක්ෂක උපකරණ / මුහුණු ආවරණ සියයට 52ක් ද, කඩදාසි කැළිකසල සියයට 45 ක් ද සහ බන්ධක කාරක සියයට 3ක් ද වශයෙන් විය,” යැයි ඉකෝ – එක්ලෙක්ටික් ටෙක්නොලජීස් සමාගමේ නිර්මාතෘවරයා වන්‍ ඩේසායි පෙන්වා දුන්නේය.පරීක්ෂණයේ සාර්ථකත්වයෙන් අනතුරුව, දේසායි කැළිකසල එක්රැස් කිරීම සඳහා පාරිසරික බඳුන් පිහිටු වීමට සුරාත් සහ වල්සාද් ඔස්සේ නාගරික සංස්ථා සහ දේශීය ප්‍රජා ආයතන සමඟ සබඳතා පැවැත්වූයේය. එක්රැස් කළ ද්‍රව්‍ය ඉතා හොඳින් විෂබීජහරණය කිරීමෙන් පසු තීරු කොට කපනු ලැබේ. ඉන් පසු, කාර්මික කඩදාසි මෝල් සහ ඔහුගේ ම විද්‍යාගාරයක් තුළ නිපදවන විශේෂ බන්ධක කාරකයකින් ලබා ගන්නා කඩදාසි කැළිකසල තීරු කපන ලද කැළිකසල සමඟ මිශ්‍ර කෙරේ. “මිශ්‍රණය ගඩොල් අච්චු තුළ තැබීමට පෙර පැය හයක පමණ කාලයක් පසෙකින් තබනු ලැබේ. ගඩොල් අච්චු භාවිත කිරීමට පෙර දින කිහිපයක් වියළනු ලැබේ,” යැයි දේසායි විස්තර කරයි. බ්‍රික් 2.0 හි වඩාත් විශ්මයජනක පැතිකඩ වන්නේ එහි මිල දරා ගත හැකි වීමයි – එක් ගඩොලක් ඉන්දීය රුපියල් 2.8කි!

In 2012, Desai received a certificate of appreciation from PM Modi (then Chief Minister of Gujarat) for constructing houses and lavatories with his ingenious P-bricks
2012 දී, දේසායි හට ඔහුගේ දේශීය පී – ගඩොල් භාවිත කර නිවාස ඉදි කිරීම සහ වැසිකිළි ඉදිකිරීම වෙනුවෙන් අගමැති මෝඩි මැතිතුමා ගෙන් (එවකට ගුජරාටයේ ප්‍රධාන අමාත්‍ය) ඇඟයීමේ සහතිකයක් ලැබිණි.

මෙය, කෙසේවෙතත් දේසායි අපද්‍රව්‍යවලින් ගඩොල් නිර්මාණය කළ ප්‍රථම වතාව නොවේ. 2010 වසරේ දී පමණ, ඔහු කඩදාසි කැළිකසල, චුයින් ගම්වල ඉතිරි කොටස්, කාබනික බන්ධක කාරක සහ ශාක සාරවලින් විවිධ වර්ගයේ ගඩොල් දියුණු කර ඇත. ඔහු එය පී – බ්‍රික්ස් ලෙස හැඳින්වූ අතර, ගුජරාටය, මහාරාෂ්ට්‍ර සහ අන්ද්‍රා ප්‍රාදේශ්හි වැසිකිලි සහ ගොඩනැඟිලි 10000කට අධික ගණනක් ඉදි කිරීමට ඒවා භාවිත කළේය. තවද, දේසායිගේ නව සොයා ගැනීම් පරිසර හිතකාමී ගඩොල්වලට පමණක් සීමා නොවුණි. “පර්යේෂණ සහ සංවර්ධනය මඳ වශයෙන් සිදු කිරීමෙන් සහ පරීක්ෂණ කිහිපයකින්, මගේ කණ්ඩායමටත් මටත් ඕනෑම කසල ස්වරූපයක් ප්‍රයෝජනවත් යමකට හැරවිය හැකියි”, යැයි ඔහු ම පිළිගත්තේය. ලාම්පු සහ ආභරණවල සිට බිත්ති ඔරලෝසු දක්වා ප්‍රතිඵල විවිධ විය.මේවා විවිධ ව්‍යවසායික මුලපිරීම් අතර, පවිත්‍ර ඉන්දීය මෙහෙවර යන අගමැති මෝඩි මැතිතුමාගේ දැක්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට පමණක් නොව, ඔහුගේ ‘ඉන්දියාවෙහි නිපදවන්න’ සහ ‘ආත්මානිර්භාර් භාරත් කර්තව්‍යයන්’ ට ද දායක වන ව්‍යවසායික මුලපිරීම් ත්‍රිත්ත්වයකි.

ශ්‍රබාස්ති මල්ලික්

ජන සන්නිවේදන ඉන්දියානු ආයතනයේ උපාධිදාරිනියක වන ඇය මයිසිටිලින්ක්ස් නම් භුබානේශ්වර් පදනම් වූ සාරාංශ පුවත්පතෙහි මෙන්ම, ද පයනීයර් පුවත්පතේ ද සේවය කොට ඇත. ඇය සංගීතය වින්දනය කරන අතර, ග්‍රන්ථලෝලියෙකි. එමෙන්ම, ඇගේ ගමන් බිමන්, සංගීතය සහ ඇය තුළ කුතුහලයක් ඇති කරන ඕනෑම විෂයයක් ගැන ලිවීමට ඈ ප්‍රිය කරන්නීය.
error: Content is protected !!