පුරාණ කලා කෞශල්‍යය සංරක්ෂණය කිරීම
අරුණාචල් ප්‍රාදේශ් සිට පැවතී ගෙන එන වසර 1000ක් පැරණි කඩදාසි නිපදවීමේ සම්ප්‍රදායයක් වන මොන් ශුගු කර්මාන්තයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා සිදු කළ ඔහුගේ මාසික දේශනයේ දී මේ පිළිබඳ සාකච්ඡා කිරීමත් සමඟ යළිත් ප්‍රචලිත සහ සාර්ථකත්වයට පත් වීමට වරමක් හිමි ව ඇත. මෙම සම්ප්‍රදාය සුරැකීම උදෙසා අගමැතිවරයාගේ ප්‍රශංසාවට ලක් වූ මාලින් ගොම්බු නම් දේශීය ව්‍යාපාරිකයා මෙම නිර්මාණ ශිල්පයෙහි ගමන්මග ඔස්සේ අපව කැටුව යයි
අරුණාචල් ප්‍රදේශ් ගම පදනම් කර ගත් කර්මාන්ත වර්ධනය කිරීම සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා විභවතාව සතු සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ ශිල්ප, කලා විධි සහ ස්වභාවික සම්පත්වලින් සශ්‍රීක වේ. වැන්චො, නොක්ටේ, ටංසා, සිංග්ෆෝ, ඛම්ප්ති, මිෂ්මි, ආදි, ගලෝ, පදම්, මිනොං, මෙම්බා, අපතානි, නයිෂි, ටැගින්, අකා, මිජි, ෂර්ඩුක්පන් සහ මොන්පා වැනි ගෝත්‍රික සමාජ කිහිපයක් මෙම ප්‍රාන්තය නිවහන වූ අතර, මේ සෑම ගෝත්‍රයක් ම ඊටම ආවේණික වූ සංස්කෘතියක්, භාෂාවක්, චාරිත්‍ර සහ සම්ප්‍රදායයන් ප්‍රදර්ශනය කළේය. ඔවුන්ගේ කලා ශිල්ප කිහිපයක් වසර ගණනාවක සිට ඔවුන්ගේ සමාජවලට පමණක් සීමා වී රැඳී තිබී ඇති අතර, ඒවා ලොවට පිළිබිඹු කරනුයේ දැන් පමණි. ටිබෙටය සහ භූතානය යන රටවල් සමඟ දේශසීමා බෙදා ගන්නා, අරුණාචල් ප්‍රාදේශ් හි දේශසීමාමය දිස්ත්‍රික්කයක් වන මොන්යුල් ත්වාන්ග් හි මොන්පා ගෝත්‍රය වාසය කරයි. දිස්ත්‍රික්කයේ දුරස්ථබව සහ පදිංචියට නුසුදුසු බිම් පෙදෙස පිළිබඳ නොතකමින්, මෙම කලාපය ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත් ව ඇති අතර, එහි සාම්ප්‍රදායික කුසලතා හඹා යන අතරතුර ආර්ථික වර්ධනයෙහි ප්‍රශංසනීය දියුණුවක් අත් කර ගනිමින් සිටියි.මාන් කී භාත් නම් ස්වකීය මාසික ගුවන්විදුලි ආමන්ත්‍රණවලින් එකක දී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෑතක දී මහජන අවධානයට ලක් කළ කරුණක් වූ ඔවුන්ගේ සාම්ප්‍රදායික කලා කෞශල්‍යය යනු දේශිය පඳුරක් අගමැති නරේන්ද්‍ර මෝදි විස්තර කළ පරිදි, මොන් ශුගු යනු හුදෙක් ම සංස්කෘතික උරුමයක් පමණක් නොව, එහෙත් ද්විත්ව ප්‍රතිලාභ ගෙන දෙන තිරසාරාත්මක ක්‍රියාවකි – එමගින් පරිසරය රැකෙන අතර, ඊට රැකියා උත්පාදනය කළ හැකිය.

ඉතිහාසය
ආසන්න වශයෙන් වසර 1000ක් පමණ පැරණි, මොන්පාස්වලින් කඩදාසි සෑදීමේ මෙම දේශීය කලා ස්වරූපය ශුගු ශෙන්ග් (ඩැෆ්නි පැපිරාසියා) යනුවෙන් හඳුන්වන දේශීය පඳුරක පොත්ත යොදා ගනී. වියළි පොත්ත කඩදාසියකට හැරවීමේ ක්‍රියාවලිය වෙහෙසකර එකක් වන අතර, එය වර්තමානයේ දී ක්‍රියාවට නංවනුයේ අල්ප පිරිසකි. බොහෝ කම්කරුවන් මෙම කුසලතාව අත්හැර ඇති කලෙක, ත්වාන්ග් දිස්ත්‍රික්කයේ අඩි 10800ක උස ප්‍රමාණයකින් පිහිටි ගම්මානයක් වන මුක්තෝ වටකොට ඇති වනයේ වගා කෙරෙන ශුන්ග් ශෙන්ග් පඳුරු ශාකය මෙම කලා ශිල්පය ප්‍රගුණ කිරීමට තවමත් භාවිත කරනුයේ කම්කරු පවුල් අතළොස්සක් විසින් පමණි. සාම්ප්‍රදායික වශයෙන්, දෑතින් සාදනු ලබන, මෙම ගොරෝසු කඩදාසිය ආගමික ධර්මග්‍රන්ථ, අත්පිටපත්, අයැදුම් කොඩි සහ ඇතැම් විට කොඩි කණුවල සහ යාච්ඤා චක්‍රවල කොටසක් ලෙස බෞද්ධ ආරාමවල භාවිත කර ඇත. දේශීය ආරාමවල දී පමණක් නොව, ටිබෙටය, භූතානය, චීනය සහ ජපානය වැනි රටවල මොන් ශුගු වෙත ඉල්ලුමක් පැවතිණි. පුරාණ කාලයේ දී, මන්ත්‍ර, සූත්‍ර සහ බෞද්ධාගමික වීර කාව්‍ය ලිවීම සඳහා මෙම කඩදාසිය භාවිත කර ඇත.
ක්‍රියාවලිය
මෙම කඩදාසිය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ක්‍රමවේදාත්මක වන අතර, සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායයන් අනුගමනය කරයි. අස්වැන්න වන පොතු නෙළා ගැනීම මාර්තු සහ අප්‍රේල් මාස අතර ඇරඹෙන අතර, මල් ඵල ගැනීමේ ඍතුවට පෙර, දෙසැම්බර් මස දක්වා එය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙම පඳුරු ශාකය මත මල් සහ අනතුරුව ඵල හට ගන්නා අවධිය තුළ දී, ශාකයට යළි වැඩීමට ඉඩ සැලසීම සඳහා පොත්ත නෙළා ගැනීම සිදු නොකරයි. වසරේ මින් පෙර අවධියේ දී නෙළා ගත් පොත්ත වසරේ සෙසු කාලයේ දී කඩදාසි සෑදීම සඳහා භාවිත කෙරේ. ශාකයේ ප්‍රමාණය මත පදනම්ව, ක්‍රි.ග්‍රෑ. 1.5ක පමණ පොත්තක් ලබා ගැනීමට, ශාක 4ක් -5ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එක් ශාකයක පොත්තකින් අවම වශයෙන් කඩදාසි පත්‍රිකා දෙකක් ( සෙ.මී. 62ක් දිග සහ සෙ.මී. 51ක් පළල) පමණ සෑදිය හැකි වේ. අස්වනු නෙළා ගැනීමෙන් අනතුරුව, පොතු පිටස්තර ස්ථරයෙන් උකහා ගන්නා අතර, මෘදු අභ්‍යන්තරයන් තදින් සෝදා ගෙන, හිරු රශ්මියේ තබා වියළා ගනු ලැබේ. අනතුරුව එම පොත්ත අළු වතුරෙහි ගිල්වා, තම්බා ගැනීමට ප්‍රථම වඩා කුඩා කෑලිවලට කපා ගනු ලැබේ. ඉතිරි පංගුව පොඩි කර ගත් පාප්පයක් වන තුරු තලා ගන්නා අතර, අනතුරුව කඩදාසි පත්‍රිකාවක් ලෙස අතුරනු ලැබේ. සමස්ත අත්කම් නිර්මාණය කරන ලද ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන්නේ අසමසම ආකෘතියක් සතු වන කඩදාසියකි. කඩදාසි මතුපිටෙහි සිනිඳුබාවය වියළීම මත පදනම් වේ. සාමාන්‍යයෙන්, කඩදාසියේ එක් පැත්තක් රෙදි කඩක් මෙන් වන අතර, අනෙක් පැත්ත දිගු කෙඳි වැනි ආකෘතියක් සහිතව මඳක් රළු ස්වභාවයක් ගනී. එක් දිනක් තුළ දී, නිසි කාලගුණයක් පවතින්නේ නම්, කඩදාසි පත්‍ර 100ක් පමණ සකස් කර වියළා ගත හැකිය.

අභියෝග සහ විසඳුම්
මොන් ශුගු දැව නොවන වනාන්තර නිෂ්පාදිතයක් වන අතර, කිසිදු රසායන ද්‍රව්‍යයකින් තොරව දියුණු කළ ස්වභාවික නිෂ්පාදිතයකි. සාම්ප්‍රදායික කඩදාසිය හා සසඳා බලන කල, මොන් ශුගුහි ජීවන කාලය සහ කල් පැවැත්ම තරමක් දිගු වන අතර, ඊට ආතන්‍ය ප්‍රබලතාවක් ඇති බව පැවසෙයි. ඥානාන්විත සම්පත් භාවිතය සහ ජෛව විවිධත්වය සුරැකීමට වැදගත් වන සාම්ප්‍රදායික දැනුම සහ භාවිතයන් ද මේවා සමඟ බැඳෙයි.සමාජ සුබසාධනය සඳහා තුරුණු ක්‍රියාමාර්ගය නම් වන ත්වාන්ග් පදනම් වූ ස්වෙච්ඡා සංවිධානය මෙම අද්විතීය සංස්කෘතික උරුමය සුරැකීම සඳහා ක්‍රියා කරමින් සිට ඇත. කාදි සහ ග්‍රාමීය කර්මාන්ත කොමිෂන් සභාව සහ කුමාරප්පා ජාතික අත්කම් කඩදාසි නිපදවීමේ ආයතනය විසින් ද උත්සාහ දරනු ලබයි. එහෙත් බාධක කිහිපයක් ද පවතින අතර, ඒවා අතරින් කැපීපෙනෙන බාධකයක් වන්නේ බොහෝ ප්‍රජාවන් ඔවුන්ගේ වනාන්තර අස්වැන්න ගම්වලින් පිටතට ගෙන යෑමට ඉඩ ලබා නොදීමයි. මෙම පඳුරු ශාකය වගා කිරීමට දිරි ගැන්වීම සහ සුදුසු වාණිජ වෙළඳපොලක් සොයා ගැනීම මීට විසඳුම විය හැකියි. මෙහි කෙඳි සහිත පොත්ත කඩදාසී සෑදීම සඳහා භාවිත කිරීම, කඳ ඉන්ධන දැව සඳහා භාවිත කිරීම සහ එහි මල් සුවඳ විලවුන් සැකසීම සඳහා භාවිත කිරීම යන ප්‍රයෝජනයන් හේතුවෙන් ශුන්ග් ශෙන්ග් යනු ඉතා අගනා දේශීය ශාක විශේෂයකි. මෙම ශාකය මිනිසුන්ට එය වගා කර, ඉන්ධන දැව ඉන් ලබා ගැනීමටත්, කෘෂිකාර්මික වගා බිම් තුළ කොළ රොඩුවලින් වැසීම සඳහා ද හැකි වන සේ, නිම වූ වියනක් මෙන් වර්ධනය කිරීම බෙහෙවින් නිරීක්ෂණය කොට තිබේ. එබැවින්, ස්වභාවික වනාන්තර මත තිබෙන පීඩනය යම් තාක් දුරකට අවම කිරීමට ඊට හැකියාව ඇත. මෙම කඩදාසිය දෛනික යාච්ඤාවල දී මෙන්ම, බටර් (වෙඬරු) වැනි විශේෂ අයිතම ඇසුරුම් කිරීම සඳහා ද භාවිත කරන හෙයින්, මෙම කඩදාසිය සඳහා දේශීය වෙළඳපොලක් ඇත. එහෙත් ආගමික ධර්මග්‍රන්ථ ලිවීම සඳහා එය භාවිත කරන චීනය සහ ජපානය වැනි රටවල ද මෙම ශාකය සඳහා ජාත්‍යන්තර වෙළඳපොලක් පවතියි. ජපාන කලාකරුවෝ අක්ෂර ලේඛන කලාව සඳහා මෙම කඩදාසිය භාවිත කරති.මෙම පඳුරු ශාකයේ සැලසුම්ගත කළ වගා කිරීම සහ එහි අලෙවිකරණය මගින් මූල්‍යමය වශයෙන් මොන්පා ගෝත්‍රයන්ට සහාය දැක්විය හැකි වන අතර, පරිසර හිතකාමී තාක්ෂණයට තිරසාරාත්මක නිෂ්පාදන පද්ධතියක් ලෙස ක්‍රියා කළ හැකියි. කඳුකර කලාපයේ පාරිසරික නොකිළිටිබව උවදුරෙහි හෙළීමකින් තොරව, සමස්ත සමාජ ආර්ථික සංවර්ධනයට ඉන් දායකත්වය සැපයිය හැකියි. වරක්, නිෂ්පාදිතය මූල්‍යමය වශයෙන් ජීව්‍ය වූ විට, කම්කරුවන් ඔවුන්ගේ කලා ශිල්පයට යළි යොමු වනු ඇත. කෙසේවෙතත්, ආර්ථිකයන්ට ඔබ්බෙන් වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ ඓතිහාසික සමාජයක සංස්කෘතියක් සමඟ එකට බැඳී පවතින ජීවමය උරුමයක් වන, මෙම වසර 1000ක් පැරණි සම්ප්‍රදායය අනාගතය උදෙසා සුරැකීම ය.