හවුල්කාඟත්වය

හිරු රශ්මි සම්බන්ධයේ බලය

නිකුතුව 06, 2020

හිරු රශ්මි සම්බන්ධයේ බලය

අනිල් වාද්වා |කර්තෘ

නිකුතුව 06, 2020


ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර සූර්යබල සංගම් සමූහය මඟින් ගෝලීය වශයෙන් සූර්යබල ශක්තියෙහි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මහඟු කාර්යභාරයක් ඉටු කෙරේ. හිටපු තානාපති අනිල් වාද්වා සමූහයේ බලපෑම විශ්ලේෂණය කරයි

කාලගුණික විපර්යාසය අපගේ කාල වකවානුවේ විශාලතම අභියෝගය ලෙස හඳුනා ගනු ලැබේ.. ගෝලීය ප්‍රජාව එහි සනාත වී ඇති විනාශකාරී බලපෑම්වලට වහාම විරුද්ධව ක්‍රියා කිරීමට සහ එම බලපෑම ආපසු හැරවීමට පිළියම් සොයන අවස්ථාවක, මහා පරිමාණ වශයෙන් පිරිසිදු සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමට නියමාකාරයෙන් සුදුසු සූර්ය රශ්මිය බහුලව පවතින, කර්කටක සහ මකර නිවර්තන අතර පිහිටා තිබෙන රටවල් 122 ක් මූලිකව ඉලක්ක කර ගනිමින්, ඉන්දියාව විසින් ජාත්‍යන්තර සූර්යබල සංගම් සමූහයේ කර්තව්‍යය පෙර දැරි කොට ගෙන කටයුතු කර ඇත. මෙමඟින් ෆොසිල ඉන්ධන මත තබන අන්තරාදායක විශ්වාසය අවම කිරීමටත්, 2030 වර්ෂය වන විට, “ මිල දරාගත හැකි, විශ්වසනීය, තිරසාරාත්මක සහ නවීන බලශක්තිය වෙත සියලුදෙනා හට ප්‍රවේශය සහතික කිරීමයන්න අරමුණු කර ගත්, තිරසාරාත්මක සංවර්ධන ඉලක්ක 7ට දායක වීමටත් අපේක්ෂා කෙරේ.

අදහසක්

ඇත්තෙන්ම, “හිරුරශ්මි රාජ්‍යයන්නැතහොත්සූර්ය පුත්‍ර” (සූර්යයාගේ පුතුන්) සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන ලද මෙම නව්‍යකරණ අදහස, පැරිස් දේශගුණික ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දැවැන්ත කර්තව්‍යයක් ලෙස, 2015 නොවැම්බර් මස පැරිස් නුවර දී, කොප් 21  නම් වූ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මන්ත්‍රණයේ දී, අගමැති මෝඩි සහ හිටපු ප්‍රංශ ජනපති ෆ්‍රැන්සොයිස් හොලන්ඩේ විසින් ඒකාබද්ධව දියත් කරන ලදී. මෙම රාමුගත ගිවිසුමට අත්සන් තබන පාර්ශ්ව 87ක් සහ රාජ්‍ය පාර්ශ්ව 67ක් සමඟ, එය ඉන්දියාවේ ගෞරම්හි එහි මූලස්ථානය ස්ථාපිත කරන ලද ගිවිසුම් මත පදනම් වූ අන්තර් රාජ්‍ය සංවිධානයක් බවට එතැන් පටන් පරිණාමය වී ඇත. සාර්ථක දියත් කිරීමෙන් සහ ජාත්‍යන්තර සූර්යබල සංගම් සමූහයෙහි ගෝලීය ආකර්ෂණය වර්ධනය වීමෙන් අනතුරුව, එහි සාමාජිකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රාජ්‍යයන් වෙත විවෘත කරමින් සර්වව්‍යාප්තිකරණය කරා එය ගමන් කොට තිබේ.

ගමන්මඟ

ක්‍රියාමාර්ගය සඳහා තිබෙන ඉතා ඉක්මන් වුවමනාවෙන් මෙහෙය වන ලද, සංකල්පයේ සිට ක්‍රියාකාරීත්වකරණය දක්වා අයිඑස්ඒ හි පරිණාමය යථාර්තවත් වුණි. 2016 උද්යෝගිමත් රටවල පුළුල් සහභාගීත්වයත් සමඟ රාමුගත ගිවිසුම සාකච්ඡාවට ලක් කොට, 2016, නොවැම්බර් මාසයේ දී මොරොක්කො, මරාකෙෂ් හි අත්සන් සඳහා විවර කෙරිණි. අයිඑස්ඒ හි ආදි සමුළු සම්මේලනය ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන් සහ වෙනත් රාජ්‍යයන් 22ක නායකයන්ගේ සහභාගීත්වයෙන් 2018 මාර්තු මස නව දිල්ලියේ පැවැත්වුණු අතර, එහි දී අගමැති මෝඩි අයිඑස්ඒ සඳහා ක්‍රියාරම්භක කරුණු 10ක් ඉදිරිපත් කළේය. අයිඑස්ඒ ප්‍රථම මහ සම්මේලනය 2018 ඔක්තෝබර් මස නව දිල්ලියේ දී පැවැත්වුණු අතර, එය අගමැති මෝඩි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන ඇන්ටෝනියෝ ගුටෙරස් විසින් සමාරම්භ කරන ලදී.

දකුණ: උත්තර් ප්‍රදේශ්හි මර්සාපූර් පෙදෙසේ සූර්ය බලාගාරයක විවෘත කිරීමට සහභාගී වී සිටින අගමැති මෝඩි (දකුණ) සහ ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රොන්

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සම්මේලනයට සිදු කළ ආමන්ත්‍රණයේ දී, “සැබවින්ම හෝරාවේ අවශ්‍යතාවවීම සහ ගෝලීය බලශක්ති සැලැස්මෙහි අනාගතය නියෝජනය කිරීම උදෙසා අයිඑස්‍ඒ මූලිකත්වය සාදරයෙන් පිළිගත් අතර, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1ක් සංචලනය කිරීම හා 2030 වර්ෂය වන විට ගිගා වොට් 1000 ක් විහිදීමේ අපේක්ෂා සහගත පරමාර්ථ සඳහා තම ප්‍රශංසාව පිරිනැමුවේය. අයිඑස්ඒ  රාමුගත ගිවිසුම ජාත්‍යන්තර ගිවිසුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ලියාපදිංචි කර ඇති අතර, අයිරිනා, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ බලශක්ති එකමුතුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන එකුමුතුව ඇතුළු බහුපාර්ශ්වික ආයතන කිහිපයක් සමඟ මෙම සංවිධානය සහයෝගීතා ප්‍රකාශන ස්ථාපනය කොට ඇත.

අයිඑස්ඒ විසින් සාමූහික ප්‍රතිචාරයේ විහිදීම මෙන්ම, සූර්ය බලශක්තියෙහි භාවිතය සක්‍රීයව ක්‍රියාත්මක සහ වේගවත් කරන අතර, තක්සේරු කිරීම්වලට අනුව එය වර්තමානය වන විට ගෝලීය විදුලිබලයෙන් සියයට 2.8කට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දෙයි. ඉන්දීය රජයෙහි බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය (ස්වාධීන භාර),  නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය (ස්වාධීන භාර) සහ නිපුණතා සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වන, ආර්.කේ. සින්ග්ට අනුව, “නවීන බලශක්ති සේවාවන් මෙතෙක් කල් අහිමිව සිටි අයිඑස්ඒ සාමාජික රටවල ආලෝකකරණය, ජල සම්පාදනය, පානීය ජලය සහ ඵලදායී බලශක්ති අවශ්‍යතා සපුරාලීමට සූර්ය බලශක්තිය යෙදීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික ශක්තිමත් නළ මාර්ගයක් සංවර්ධනය කොට ඇතැ”, යි පැවසෙයි.

බලපෑම

ලොව පුරා බලපෑම් එල්ල කළ හැකි ශක්තියෙන් සපිරි ව්‍යාපෘති නිර්මාණය කිරීමට රාජ්‍යයන් සහ සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින්, අයිඑස්ඒ එහි පරමාර්ථ කරා ක්‍රියා කරමින් සිටියි. කෝවිඩ් – 19 වසංගතය හමුවේ, සෞඛ්‍යය සහ සනීපාරක්ෂණ අංශයෙහි සූර්ය බලශක්තිය විහිදීමට ගත් කර්තව්‍යයක් ලෙස, අයි එස් ඒ කෙයාස් නම් ව්‍යාපෘතිය පිහිටුවමින් අයිඑස්ඒ විසින් ඊට ප්‍රතිචාර දක්වා ඇත. ඉලක්ක සාමාජික රටවල සෑම දිස්ත්‍රික්කයකම පාහේ එක් ප්‍රාථමික සෞඛ්‍යය ආරක්ෂණ මධ්‍යස්ථානයක් අතිසූර්යතාපනය කිරීමට මෙම කර්තව්‍යයෙන් අරමුණු කෙරේ.

2020 ඔක්තෝබර් 14 වන දින මාර්ගගතව පවත්වන ලද තෙවන අයිඑස්ඒ මහා සභා සම්මේලනයට සාමාජික රටවල් 34ක අමාත්‍යවරුන් සහභාගී වූ අතර, තවත් වර්ෂ දෙකක ධූර කාලයක් සඳහා ඉන්දියාව සහ ප්‍රංශය අයිඑස්ඒහි පිළිවෙලින් සභාපති සහ උපසභාපති යන ධූරයන් සඳහා යළි තේරී පත්වුණි. ලොව පුරා සූර්ය බලය සැපයීමේ එතෙරජාතික විදුලිබල ජාලයක් සමඟඑක් සූර්යයෙක්, එක් ලොවක්, එක් ජාලයක්සතු කර ගැනීම පිළිබඳ 2020, අගෝස්තු මස නිදහස් උත්සව දින තම ආමන්ත්‍රණයේ දී පුන පුනා ප්‍රකාශ කළ ඉන්දීය අගමැති මෝඩිගේ දැක්ම යතාර්ථවත් කිරීමට අයිඑස්ඒහි වෙනත් සාමාජික රාජ්‍යයන් සමඟ කටයුතු කිරීමට ඉන්දියාව වෙහෙසී ක්‍රියා කරනු ඇත

අනිල් වාද්වා

අනිල් වාද්වා ඉතාලිය, පෝලන්තය, ඕමානය සහ තායිලන්තය යන ඉන්දියානු තානාපති ලෙස සේවය කර ඇත. 1979 ජූලි 1 සිට 2017 මැයි 31 දක්වා ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන වාද්වා හොංකොං, බීජිං, ජිනීවා, වෝර්සෝ, මස්කට්, බැංකොක් සහ රෝමයේ ඉන්දියානු දූත මණ්ඩලවල සේවය කර ඇත. ඔහු දැනට නවදිල්ලියේ විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ජ්‍යෙෂ් F සාමාජික සහ පොකුරු නායකයෙකි.
error: Content is protected !!