වසංගතය ඔස්සේ වයමින්
නිවැරදි උපක්රාමය සහ දිරිය සමඟින් බොහෝ සටන් ජය ගෙන තිබුණ ද, බලාපොරොත්තුව සහ සංගීතයේ වඩාත් සියුම් සැනසිලිදායක බවක් බොහෝ විට හමු වී ඇත. පෙර නොදුටු විරූ මෙම වර්තමාන කාලයේ දී ද, ඩිජිටල් ප්‍ර සංගවල සිත සනසන ස්වරයන් සංගීතඥයන්ගේ, සංගීතයට ඇලුම් කරන්නන්ගේ සහ කර්මාන්තයේ බලාපොරොත්තු උසස් මට්ටමක තබයි
මෙම වර්ෂයේ ජූනි 21 වන දින, ජාත්‍යන්තර යෝග දිනය ලොව පුරා “ගාර් – ගාර් සේ යෝග” (නිවසේ සිට යෝග) යන තේමාව යටතේ ප්‍රායෝගිකව සහ විද්‍යුත් මාර්ගගතව සමරන ලද අතර, ලොව පුරා සිටින සංගීතයට ඇල්මක් දක්වන පුද්ගලයන් විසින් ද විද්‍යුත් මාර්ගගත සංගීතයේ ප්රබලත්වයට සාක්ෂි දරමින්, ලෝක සංගීත දිනයේ දී මාර්ගගත ප්‍රසංග කිහිපයක් පවත්වමින්, එම දිනය සමරන ලදී. ඉන්දියාවෙහි රාජස්තානි ජන ගායකයෙකු වන මාමේ කාන් සහ රොක් වාද්‍ය කණ්ඩායමේ පරිශ්රමය වැනි සංගීත පුරාවෘත්ත රට පුරා දහස් ගණනකට විකාශනය කරන ලද ප්‍රසංගවලට සහභාගී වූහ. කොවිඩ් – 19 වසංගතය සමඟ ලෝකය පොර බඳන විට, අනෙකුත් බොහෝ දෑ මෙන්, ගෝලීය සංගීත කර්මාන්තය ද දැඩි අර්බුදයකට මුහුණපාමින් සිටින අතර, මෙම අභියෝගයන් ඉතා ඉක්මනින් ජයගැනීමට සංගීතය සියල්ල සූදානමින් සිටී. ඉන්දියාවේ රූ ගත කිරීම් කල් දැමීම සහ අවස්ථා අහෝසි කර දැමීමත් සමඟ, කර්මාන්තය විකල්ප සඳහා සොයා බලමින් සිට ඇත. විද්‍යුත් මාර්ගගත අවස්ථා, ප්‍රායෝගික ප්‍රසංග සහ සජීවී විකාශන පෙනෙන පරිදි වඩාත් සජීවී විකල්ප බවට පත් වන්නට විය. මේවා සංගීත විචාරකයන්ට සහ සංගීත රසඥයන් හට නව සාමාන්‍යයය බවට කෙමෙන් පත් ව යමින් තිබේ.
මාර්ගගතව ඉදිරිපත් කෙරෙන ප්‍රසංග
ඒ සියල්ල ඇරඹුණේ දීප ව්‍යාප්ත ලෙස රට වසා දමන ලද කාල පරිච්ඡේදයේ මුල්ම දිනය වූ මාර්තු 25 වන දින, සිතාර වාදකයෙකු වන ශුබේන්ද්ර රාවෝ ඔහුගේ බිරිඳ වන, චෙලෝ වාදක සස්කියා රාවෝ දි හාස් සමඟ දිල්ලියේ ඔවුන්ගේ නිවසේ සිට බිම්පලසි නම් වූ රාග (සම්භාව්‍ය ඉන්දීය සංගීතය) සඳහා උචිත සැඳෑවකින් තම ශ්‍රාවකයන් සාදර ගායනයෙන් සනහන්නට තීරණය කළ විටයි. නියම කරන ලද කාලවේලාවේ දී ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට සුසර කරන ඕනෑම අයෙකු හට එම සිත් සනසාලන සංගීතයට සවන් යොමු කළ හැකියි.චෙන්නායි පදනම් කොට ගත් පියානෝ වාදකයෙකු වන අනිල් ශ්‍රීනිවාසන් විසින් සංවිධානය කරන ලද, මාර්තු 22 වන දින පැවති ‘ජනතා ඇඳිරිනීති මාර්ගගත උත්සවය’ අතරතුර දී, මාර්ගගත ප්‍රසංග කරා තවත් පියවරක් ගනු ලැබිණි. “ප්‍රේක්ෂක ජනතාව නිර්මාණශීලීව ඇඳ බැඳ තබා ගැනීමට” නර්තන ශිල්පීන්, සංගීතඥයන්, කවීන්, රැඟුම් ආදිය දක්වන්නන්, ලේඛකයන් සහ වෙනත් වෘත්තීය කලා ශිල්පීන් හට සිරිනිවාසන් ඇරයුම් කළේය. පසුව, සංගීතඥ ප්‍රතීක් කුහාඩ් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය කරළියන් කිහිපයක් මත ප්‍රසංගයක් පැවැත් වූ අතර, ඔහුගේ අලුතින් පද රචනා කරන ලද ගීතයන් කිහිපයක් ද එහි දී වාදනය කළේය.

ඉන්දීය පදරචකයෙකු සහ නිෂ්පාදකයෙකු වන, ග්‍රැමී සම්මානලාභී රිකී කෙජ් අප්‍රේල් 22 වන දින මාර්ගගත ප්‍රසංගයක් පැවැත් වූ අතර, එය ලොව පුරා වෙසෙන, අපේක්ෂිත මිලියන 89ක පමණ ප්‍රේක්ෂක ප්‍රජාවක් විසින් නරඹන ලදී. මෙම මාර්ගගත සහ ප්‍රායෝගික ප්‍රසංගය සම්පූර්ණ වශයෙන්ම නිවසේ දී තිරගත කෙරුණු බැවින්, අපගේ ජවය සහ ගතිකතාව ඉහළින් තබා ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ මම මවිතයට පත් වුණා. ඒ වගේම මෙහිදී ප්රේක්ෂකයන්ගෙන් ප්රතිපෝෂණයක් ද ඇත්ත වශයෙන්ම ලැබෙන්නෙ නෑ. මෙවැනි විශාල ප්‍රේක්ෂක ජනතාවක් සමඟ පවත්වනු ලබන ඩිජිටල් ප්‍රසංගයක් නව අත්දැකීමක් වුවත්, ඒ සියල්ල ක්‍රියා කළ ආකාරය පිළිබඳ මම ඉතා සතුටු වෙමි. මා හට තවත් විශාල පරිමාණයේ මාර්ගගත ප්‍රසංග ගණනාවක් පෙළ ගැසී තිබෙන අතර, ඒවා සඳහා ප්‍රේක්ෂක සංඛ්‍යාවන් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” යැයි කෙජ් පවසයි.
ඉන්දියාව සඳහා මම
ඇතැම්විට වඩාත් බලපෑම් සහගත ඩිජිටල් ප්‍රසංග බවට පත් වූ ඒවා අතරින් එකක් වූ අයි ෆෝ ඉන්දියා (ඉන්දියාව සඳහා මම) යන ප්‍රසංගය සංවිධානය කිරීමට ඉන්දීය විනෝදාශ්වාද කර්මාන්තය සහ ෆේස්බුක් විසින් අත්වැල් බැඳ ගන්නා ලදී. සංගීතඥයන්ගේ සිට රංගන ශිල්පීන් ලෙස සිට ගායකයන් බවට පත් වූ පුද්ලයන් දක්වා, ඉන්දියාවේ සහ විදේශ රටවල සිටින ප්රමුඛ පෙළේ කලාකරුවන් සමහරක් කොරෝනාට එරෙහිව සටන් කරන රණශූරයන් හට අරමුදල් ගොඩනැඟීම සඳහා, ප්‍රේක්ෂක පිරිස විනෝදාශ්වාදයට ලක් කරන මෙම මාර්ගගත ප්‍රසංගයේ කොටසක් බවට පත් වූහ. ශාහ් රුක් කාන්, අමීර් කාන්, ජෝනාස් බ්‍රදර්ස් සහ ප්‍රියන්කා චොප්රාගේ සිට මික් ජැගර්, විල් ස්මිත් සහ සොපී ටර්නර් වැනි හොලිවුඩ් දැවැන්තයින් දක්වා සියල්ලන්ම පැය හතරක් දිගු වූ ප්‍රසංගයට එක් වූ අතර, එහි අවසානයේ දී ඉන්දියානු රුපියල් මිලියන 30ක අරමුදලක් ගොඩ නැඟීමට හැකි වුණි.සමකාලීන තාරකාවන් පමණක් මාර්ගගතව ක්‍රියා කිරීමට හුරු වී නොමැත. තාරුණ්‍යය අතර ඉන්දීය සම්භාව්‍ය සංගීතය සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සමාජය ජූනි 1 දා සිට අනුභාව් නම් ප්‍රසංගයට අනුකූලවන පරිදි අනුගමනය කර කටයුතු කර ඇත. යෝග විසින් දිරිමත් කරන ලද, සන්සුන්බව ඇති කරන චිකිත්සාව සහ සංස්කෘතික ඉදිරිපත්කිරීම්වල ආවරණශීලී සැසියන් මඟින් අනුගමනය කරන ලද සංගීතය, නර්තනය සහ කලා ශිල්පවලින් සැදුම්ලත් වැඩමුළු ගණනාවක්, තරුණ ප්‍රේක්ෂක ප්‍රජාව සඳහා පවත්වන ලද මෙම සතියක් දිගු වූ වැඩසටහනට ඇතුළත් වුණි.අනුභාව් සඳහා, සියයකට අධික කලා ශිල්පීන් වැඩමුළු සහ ඉදිරිපත් කිරීම් යන ද්විත්ත්වයම පැවැත්වීමට අත්වැල් බැඳ ගත් අතර, සුප්‍රසිද්ධ බටනලා සංගීතඥ පණ්ඩිත් හරිප්‍රසාද් චවුරාසියා, සුප්‍රසිද්ධ ස්වර පිළිබඳ සංගීතඥ පණ්ඩිත් ජස්රාජ්, නර්තන ශිල්පී විජයන්ති කාශි සහ ඉන්දීය කිවියෙකු වන ජේව්ඩ් අක්තාර් මීට සහභාගී වූ බොහෝ අය අතරින් කිහිප දෙනෙකු වූහ.

මාර්ගගත ලෙස පරිහරණය කරන්නා වට කරන ත්‍රිමාණ පිළිබිඹුවක්
සජීවී විකාශවලට අනුගාමිකයන් වැඩි වැඩියෙන් ඉහළ යන බැවින්, සමස්ත නව ව්‍යාපාර අවකාශයක් ලියලා වැඩෙන බව පෙනී යයි. ඩිජිටල් ජලේබි වැනි නිර්මාණශීලී සමාගම් විසින් ඉතා උද්යෝගිමත් සංගීතමය අත්දැකීමක් නිර්මාණය කරන වර්ධිත යතාර්ථය, මාර්ගගත යතාර්ථය, සජීවීකරණය, ත්‍රිමාන මෝස්තර නිරූපණය වැනි ආකර්ෂණීය තාක්ෂණික මාධ්‍ය ඇසුරෙන් මෙම අලුතින් ස්ථාපිත කුහරය පුරවමින් සිටී. නියම කොට ඇති කාලයේ දී අසීමිත පරිශීලකයන් පිරිසකට ප්‍රසංගය හෝ සැසියට ගිණුම් ගත විය හැකි අතර, ඔවුනට ඒ අනුව එම ප්‍රසංගය නරඹමින් විනෝද විය හැකියි. “නිවසේ දී ම ඔබට සත්‍ය ප්‍රසංගික අත්දැකීමක් ළඟා කර දෙන, තනි පුද්ගල අවස්ථා මාර්ගගත ලෙස හෝ පරිහරණය කරන්නා වට කරන ත්‍රිමාන පිළිබිඹුවකට මාරු කිරීමට අපට අවශ්‍යයි” යනුවෙන් ඩිජිටල් ජලේබිහි උප නිර්මාතෘ වන ෆවාස් සයිඩ් පවසයි.

උද්යෝගිමත් ලෙස, මෙම සියලු ඩිජිටල් ප්‍රසංග වියදමින් රහිත ඒවා නොවේ. මැයි මාසයේ දී, කේරලයේ ජනප්‍රිය සංගීතඥයන් වන හරිශ් සිවරාමක්රිශ්ණන්, සිතාරා ක්‍රිෂ්ණකුමාර් සහ ජොබ් කුරියාන් පැය දෙකක විද්‍යුත් ප්‍රසංගයක දී, ප්‍රවේශපත්‍ර ලත් පිරිසක් සඳහා සජීවීව කලා ප්‍රසංග ඉදිරිපත් කළහ.
සීමා මායිම්වලින් තොර සංගීතය
සත්‍ය ජීවන අවස්ථා කායික සීමා මායිම්වලින් සීමා කෙරෙන බවට පුංචි සැකයක් ඇත; කෙසේවෙතත්, මාර්ගගත හා ප්‍රායෝගික ප්‍රසංග ඔස්සේ දේශානුබද්ධ උරුමය ලෝකය සමඟ බෙදා ගැනීමට සංගීත සැසි පැවැත්වීම සඳහා විවිධ රටවල සිටින කලාශිල්පීහු එකිනෙකා සමඟ සහයෝගයෙන් බාධක බිඳ හෙළමින් සිටිති. ඉන්දු – ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය වන අලයාන්ස් ෆ්රැන්සෙයිස් ඩි දිල්ලි ආයතනය විසින් ජූනි 21 දින ඔවුන්ගේ ප්‍රායෝගික හා මාර්ගගත ප්‍රසංගය සජීවීව ප්‍රකාශය කරන ලදී. දිල්ලිය නිවහන කර ගත් චෙලෝ වාදක සස්කියා රාවෝ ඩි හාස්ගේ මව් – පුතු දෙපළ වන, ප්‍රංශ පියානෝ වාදක ඔලිවියර් මවුලිනාන්ද් සහ දහ හතර හැවිරිදි සංගීත ප්රවිනඥයෙකු වන ඉෂාන් ලෙනාඩ් රාවෝ විසින් ඉදිරිපත් කරනු ලබන අති විශේෂ ප්‍රසංග දැක්වීම් දෙකකින් එය සමන්විත වේ.අනාගතය අප වෙනුවෙන් දරා සිටින්නේ මොනවාද යන්න දැක බලා ගැනීමට අප රැඳී සිටින විට, ශීඝ්‍රයෙන් වෙනස් වන සංගීත කර්මාන්තය එහි රෝද මාර්ගගත අවකාශය වෙත ගෙන යාමට සියල්ල සකස් කර ඇති අතර, ශ්‍රාවකයන් සහ සංගීතයට ඇලුම් කරන්නන් හට වඩාත් හොඳම අත්දැකීමක් ලබා දීමට තාක්ෂණය සමඟ අත්හදා බැලීම් සිදු කරමින් සිටී.