බලපෑම සඳහා විරාමය
කොවිඩ් - 19 ව්යා ප්තිය වැළැක්වීම සඳහා දීප ව්යාරප්ත ලෙස රට වසා දැමීමක් අනුගමනය කිරීමෙන් අනතුරුව, දූෂණ මට්ටම් කැපීපෙනෙන අයුරින් පහත වැටීමත් සමඟ, ඉන්දියාවේ කඳුකර ප්රාදේශ මුළුල්ලේ ස්වභාවික වාසස්ථානවල යළි පිබිදීමක් නිරීක්ෂණයට ලක් විණි. අපි සොබාදහමයට බාධා නොකර සිටීම නම් මෙම කුඩා කවුළුව මඟින් අනාගතයේ දී සොබාදහම සමඟ තිබෙන අපගේ සම්බන්ධතාව වඩාත් ආවරණශීලී එකක් බවට පත් කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ නව දැක්මක් මතුකොට පෙන්වා දී ඇත
කොරෝනා වෛරසය ලොව පුරා බිය ගන්වන සුලු වේගයකින් පැතිර යෑමත් සමඟ, ආසාදනය පැතිර යාමේ වේගය මන්දගාමී කරවීමට බොහෝ රටවල් විසින් ක්‍රමානුකූල ලෙස රට වසා දැමීමේ පිළිවෙත් අනුගමනය කරන ලදී. බිලියන ගණනක් ජනතාව ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නිවාසවලට සීමා වී සිටි අතර, වෛරසයේ සම්ප්‍රේෂණය පරීක්ෂා කිරීමට සංචාරය ද තදින්ම ලුහුඬු කෙරිණි. ලෝකය කෙමෙන් වසංගතයේ නීති රීතින්වලට පැමිණීමත් සමඟ, කර්මාන්ත, ව්‍යාපාර සහ කුඩා පරිමාණයේ ඉදිකිරීම් ඒකක පවා ඇණහිටීමට පත් වුණි. මෙම ප්‍රතිපත්තිමය තීරණ මානුෂිකත්වයේ යහපත උදෙසා අත්‍යාවශ්‍ය පියවරක් වූව ද, එතරම් අවධාරණයක් යොමු නොකරන ලද එක් පැතිකඩක් විය. එනම්, රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන්, ඉන් පරිසරය මත ඇති කරනු ලබන බලපෑම යි.
නිසැක සලකුණු
ඉන්දියාවෙහි මෙම බලපෑම හිමාලය කලාපයේ වඩාත් කැපීපෙනෙන්නක් විය. ඉතාමත් මෑතක දී, කි.මී 200කට ඈතින් පිහිටා තිබෙන හිමාලයේ දැවැන්ත දවුලාදාර් කඳු පන්තිය පන්ජාබයේ ජලන්ධාර් සිට දිස් වන අයුරු දැක්වෙන ඡායාරූපවලින් සමාජ මාධ්‍යවල පුවත් පිටු වැසී ගොස් තිබුණි. ඊට සමාන අවස්ථාවක දී, මින් පෙර බොහෝදෙනෙකු නොදුටු හිමාලය කඳු වැටිය හිමෙන් වැසී ගොස් ඇති දර්ශනය පැහැදිලිව උත්තර ප්‍රාදේශ්හි සහාරාන්පූර්හි නේවාසිකයන් හට දැක බලා ගැනීමට හැකි වුණි. පසු ගිය මාස දෙක පුරාවට පවතින ලද, අවම වූ රථවාහන සහ කාර්මික දුම් පිටවීම් හේතුවෙන් පමණක් මෙය සාක්ෂාත් වූ බව විශේෂඥයෝ පවසති.

සොබා දහම් මාතාවගේ ස්වයං සුව කිරීමේ ගුණාංග විශාලතම ඉන්දීය ගංඟා අතරින් ඇතැම් ගංඟාවල දක්නට ලැබුණු අතර, ඉන් බොහෝ තරමකට එහි තිබූ විෂබවෙහි ඉතා වේගවත් සහ විස්මයජනක පහත වැටීම පිළිබිඹු කෙරිණි. ආරම්භයේ දී මසක් දිගු වූ රට තාවකාලිකව වසා දැමීමෙන් අනතුරුව, උතුරු ඉන්දියාවේ සරුසාරවත් තැනිතලාවන්හි ජීවය ලෙස හැඳින්වුණු යමුණා සහ ගංගා නදීවල නාමික අපවිත්‍රතාවයන් සහ විෂ තිබුණි. මෑතක දී උත්තරකාන්ද් දූෂණ පාලන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දී, ගංගා නදිය තුළ සහ රිෂිකේශ් අවට තිබූ කොලිෆෝම් මට්ටම (රෝගකාරක වර්ගයක්) මි.ලි 70/100 (අප්‍රේල් 2019) සිට මි.ලි 40/100 (අප්‍රේල් 2020) දක්වා පහත බැස තිබූ අතර, ද්‍රාවිත ඔක්සිජන් මට්ටම් ආසන්න වශයෙන් 20% කින් පමණ (අප්‍රේල් 2019 – අප්‍රේල් 2020) ඉහළ ගොස් ඇත.
උත්තරාකන්ද් ප්‍රාන්තයේ මාර්ග මත තිබුණු තදබදය සාමාන්‍යයට වඩා වඩාත් පහතින් තිබූ බැවින්, එම ප්‍රාන්තය මුළුල්ලේ තිබූ මිනිස් – සත්ත්ව ගැටුම්වල කැපීපෙනෙන ලෙස පහත වැටීමක් දක්නට ලැබුණි. තාවකාලිකව රට වසා දැමීම මඟින් සුවිශේෂී අන්දමින් ශබ්ද දූෂණය අවම කර ඇති බැවින්, මිනිසුන් සහ මිනිසුන් ආශ්‍රිත ක්‍රියාකාරකම් සාපේක්ෂව සිදු නොවීම හේතුවෙන්, වන සතුන් විශාල ප්‍රමාණයේ හුදෙකලා වූ ප්‍රදේශයන් ඔවුනට ආරක්ෂිත බව හැඟී යාමත් සමඟ, අත්කර ගැනීමට අරඹා ඇත,” යැයි උත්තරාකන්ද්හි කුමාවොන් බටහිර චක්‍රයේ වනාන්තරවල ප්‍රධාන සංරක්ෂකවරයා වන පරාග් මධුකාර් දක්තේ පවසයි.

දැවැන්ත හිමාලය ජාතික උද්‍යානයේ අධ්‍යක්ෂ, අනිල් තාකූර් (යුනෙස්කෝ සංවිධානය විසින් ද ලෝක උරුමයක් ලෙස වර්ගීකරණය කරන ලද) පවසන්නේ ගිම්හාන මාසවල දී (මැයි – ජූලි) පවා සංචාරකයන් 2000ක් පමණ, ආසන්න වශයෙන් වර්ග කි.මී 1100ක් තුළ සංචාරයේ නිරත වුව ද, මිනිස් පා සටහන්වල අඩු වීම හේතුවෙන් වන සතුනට නිදහසේ එළිමහනට පැමිණ, අවට පෙදෙසේ වඩාත් හොඳ ප්‍රවේශයක් ලබා ගැනීමට ඉඩහසර ලැබුණි. “එය නිසැකයෙන්ම උද්‍යානයේ ශාක සහ සත්ත්ව කොට්ඨාස උදෙසා ප්‍රතිලාභදායී විය. රථවාහන පිළිබඳ හෝ වෙනත් කටයුත්තක දී වුවත්, මානව ක්‍රියාකාරකම් මඟින් කෙසේවෙතත් අනවධාන ලෙස වන දිවියට තර්ජන එල්ල කෙරේ. යළිත් වරක් උද්‍යානය විවෘත කළ විගස, අපි උපදෙස්මාලා අනුගමනය කරනු ඇති අතර, සොබා දහම සමඟ අප බෙදාහදා ගන්නා සබඳතාව පිළිබඳ අපගේ සංචාරකයන් දැනුවත් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. සොබා දහම සැමවිටම අග්‍රතමය වන බව වසංගතය විසින් යළිත් වරක් තහවුරු කොට ඇත,” යැයි ඔහු පැවසුවේය. තවද, හිමාචල් ප්‍රාදේශ් හි පහසුවෙන් දැක බලා ගත හැකි, වඳවීයාමේ තර්ජනයට ලක් ව ඇති සහ දුර්ලභ ගණයේ පක්ෂි විශේෂ රැසක් කුරුළු පාරාදීසයන්හි මුළුමනින්ම පාහේ දෙගුණ වී තිබුණි. “වායු සහ ශබ්ද දූෂණයේ අවම වූ මට්ටම් හේතුවෙන් මෙහි පක්ෂීන් හට මූලාරම්භයේ දී ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන බවට පත් ව තිබූ ස්ථානවලට යළි පැමිණීමට ඉඩකඩ ලැබී තිබේ,” යැයි පක්ෂි විශේෂඥයෝ පවසති.
යහපත උදෙසා විපර්යාසය
කොරෝනා වෛරසයේ දරුණුතම බලපෑම් මිනිසුන් විසින් විඳ දරා ඇති අවස්ථාවක දී පවා, සොබා දහම සහ අප අතර තිබෙන සබඳතාව පිළිබඳ යළි සිතා බැලීමට යළිත් මතක් කිරීමක් ලෙස මෙම වසංගතය පැමිණ ඇත. ඉදිරියට යමින්, පැතිර පවත්නා සංවර්ධනයේ පිරිවැයක් ලෙස ස්වභාවික පරිසර පද්ධතිවලට තර්ජන එල්ල නොකරන වඩාත් ආවරණශීලී ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී, වැඩි දියුණු කිරීමේ අවකාශයක් තිබේ.දැඩිසෙයින් ස්වභාවවාදිනියක වන, හිමාචල් ප්‍රදේශ්හි උතුරු කලාපයේ වනාන්තර සහ වනජීව ප්‍රධාන සංරක්ෂක උපසානා පටියාල් පවසන්නේ මෙම වර්ෂයේ දී ලැව්ගිනි කැපීපෙනෙන පරිදි සංඛ්‍යාත්මකව පහත බැස ඇති බවයි. එමෙන්ම, එය දීප ව්‍යාප්ත ලෙස රට තාවකාලිකව වසා දැමීමෙන් අනතුරුව මිනිස් ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් සිදු වන්නට ඇති බවත් ඇය වැඩිදුරටත් පවසන්නී ය. වනජීවී දෙපාර්තුමේන්තුව පරිපාලනය හා එක්ව ක්‍රියාකරමින්, මිනිස් – වනජීවී ගැටුම් අවම මට්ටමකට තබා ගැනීමට වෙර දරයි. රට තාවකාලිකව වසාදැමීම බලපවත්නා අතරතුර, ලැව් ගිනි, රථවාහන තදබදය සහ අධික සංචාරක ආගමනය හේතුවෙන් බලපෑමට ලක් වීමට ඉඩ තිබූ ශාක සහ සත්ත්ව විශේෂ පිළිබඳ අධ්‍යයනය කරන අතරතුර, ඒ හා සමඟම පරිසරය කෙරෙහි ඇති විය ඍණාත්මක ජෛවවිද්‍යාත්මක බලපෑම සුවිශේෂී ලෙස ආපසු හැරවීමට අපට හැකි විය,” යැයි පටියාල් විස්තර කරයි.

රට තාවකාලිකව වසා දැමීම මඟින් සංවේදී පරිසර පද්ධති ස්වභාවික වශයෙන් වර්ධනය කෙරුණු බව සහ මෙම ප්‍රදේශවල ජෛවවිද්‍යාත්මක බලපෑම යළි පිහිටුවීම සඳහා සෑම වර්ෂයක දී ම මානව ක්‍රියාකාරකම් සීමා කිරීමට දින 30 කාල පරිච්ඡේදයක ඉඩ ලබා දිය හැකි බව බොහෝ පරිසරවේදීන් විසින් විශ්වාස කරන ලදී. අප මින් පෙර සිටි ආකාරය යළි අනුගමනය නොකළ යුතු අතර, ඒ වෙනුවට මෙම අත්දැකීම තුළින් ඉගෙන ගෙන, අප ප්‍රගතිය කරා ගමන් ගන්නා සේම, සොබාදහමට ද දියුණු වීමට ඉඩ ලබා දිය යුතුය.