හවුල්කාඟත්වය

වසංගතය සහ ඉන් ඔබ්බට ගල්ෆ් කලාපය සමග ඉන්දියාවේ ඉහළ නැංවෙන බැඳීම්

නිකුතුව 01, 2021

වසංගතය සහ ඉන් ඔබ්බට ගල්ෆ් කලාපය සමග ඉන්දියාවේ ඉහළ නැංවෙන බැඳීම්

මනීෂ් චාන්ද් |කර්තෘ

නිකුතුව 01, 2021


ඉන්දියාව සහ ගල්ෆ් රටවල් අතර බැඳීම්, වසංගත කාලපරිච්ඡේදය තුළ ශක්තිමත් කෙරුණු අතර පශ්චාත් වසංගත ගෝලීය ආර්ථික ප්‍රත්‍යුත්පාදන ක්‍රියාවලිය සඳහා දෙපාර්ශ්වය සුනම්‍ය සහයෝගයක් ඇතිව සිටින පරිද්දෙන් නව සීමා වළලු ප්‍රමාණ සකස් කළේය

සැබෑ මිත්‍රත්වය, අරාබි ආප්තයකින් පැවසෙන අන්දමට, ආපත්තියක් පැමිණි කල්හි පරීක්ෂා කෙරේ. ගල්ෆ් රටවල් සමග ඉන්දියාවේ බහුපැතිකඩ හවුල්කාරිත්වය ගැඹුරු කිරීම අර්බුදය කාලයේ මේ එකමුතුකමෙහි අනගිතම කොටස වෙනුවෙන් කෝවිද් 19 නිදසුන්වලින් ගෙන හැර පෑ හැකිය.   කොරෝනාවෛරස් වසංගතය, අවුරුද්දකට වැඩි කාලයකට එපිට, කලාපයට සහ ලෝකයට පහරදුන් අවස්ථාවේ සිට, ඉන්දියාව මිත්‍රශීලී ගල්ෆ් රටවල් මානුෂිත ආධාර සැපයූ පළමුවන සැපයුම්කරු ලෙස නැගී සිටි අතර, කලාපයේ රටවල් ගණනාවකට හදිසි වෛද්‍ය සැපයුම් කරන ලදුයේ කඩිනමිනි. ඉන්දියාව කෝවිද් 19 අභියෝග ආමන්ත්‍රණය කිරීමේදී සෞදි අරාබිය, කුවේට්, බහ්රේන්, සහ එක්සත් අරාබි එමීරය යන රටවල් කරා උපකාර මට්ටමින් වෛද්‍ය කණ්ඩායම් යවන ලදී. ඉන්දියාව සහ ගල්ෆ් රටවල් කෝවිද් පර්යේෂණ සහ පරීක්ෂණ සහයෝගිතා ද හැඩ ගැස්වීය.

වැක්සින් මෛත්‍රී: රැකවරණය සහ බෙදාහදා ගැනීම  

රැකවරණය සහ බෙදාහදා ගැනීමේ එකම ස්ප්‍රීතුව දැන් “වැක්සින් මෛත්‍රී“ වැඩසටහන යටතේ බන්දියාවේ සිට ගල්ෆ් කලාපයේ රටවල් කරා එන්නත් සැපයීම යතාර්ථයක් වෙමින් තිබේ. ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් මාත්‍රා මිලියන තුනක් සෞදි අරාබියටත්, මාත්‍රා 200000 බැගින් කුවේටය සහ එක්සත් අරාබි එමීරයටත් යවන ලදී. ඉන්දියාව ප්‍රති කෝවිද් එන්නත් මාත්‍රා 100000 බැගින් ඕමානයටත් බහ්රේන් වෙතත් පරිත්‍යාග කරන ලදී. මේ පරිමාණයෙන් ගල්ෆ් රටවල් කරා එන්නත් සැපයීම විශ්ව මානුෂවේදී අපේක්ෂාවෙහි ඉන්දියාවේ ගැඹුරු අර්ථය එකමුතුව වසංගතයට එරෙහිව සටන් කිරීමයි. 2021 මාර්තු 17වන දින රාජ්‍ය සභා ප්‍රකාශකින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මැතිතුමා පැවසූයේ, “බෙහෙවින් යෝග්‍යව, වැක්සීන් මෛත්‍රී ආසන්න අසල්වැසියන් සමග පටන් ගැණුනු අතර මාල දිවයින්, භූතානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය රටවලින් පටන්ගෙන මුරිසිය සහ සීෂෙල්ස් දක්වාත් විහිදුවන ලදී. ඉන් අනතුරුව අසල්වාසිත්වය තරමක් ඈතට යොමු කරමින් විශේෂයෙන් ගල්ෆ් රටවල් කරා… අද වන විට, “මේඩ් ඉන් ඉන්ඩියා“ එන්නත් භූතලය මත ජාතීන් 72ක් ඔස්සේ සපයනු ලැබ ඇත.”

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා, 2019 පෙබරවාරි 19වන දින නවදිල්ලියේ දී, සෞදි අරාබියේ කිරුළ හිමි කුමරු අමාත්‍ය මණ්ඩලයේ උප සභාපති සහ සෞදි අරාබි රාජධානියේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල් සාවුඩ් පිළිගනිමින්

රාජ්‍ය තාන්ත්‍රික පර්යන්තය ස්පර්ශ කිරීම

වසංගත කාලපරිච්ඡේදය ඉන්දියාවටත් තෙල් සම්පතින් පොහොසත් ගල්ෆ් කලාපයටත් අත්පත් කරගත් රාජ්‍ය තාන්ත්‍රික විහිදුමක් ලෙස පෙනී ගියේය. වසංගතය මගින් පනවන ලද ඉක්මවා යාමට අසීරු සංරචක, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මැතිතුමා ආසන්න වශයෙක් සියලුම ගල්ෆ් රටවල සියත් සමානයා සමග දුරකථන සංවාද පැවැත්වූයේය. වසංගත තත්ත්වය යාම්තමින් පහව ගිය කල ආචාර්ය ජයිශන්කර් එක්සත් අරාබි එමීරය, බහ්රේන් සහ  කටාර් රටවල් කරා සංචාරය කළ අතර විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී. මුරලීදරන් මැතිතුමා එක්සත් අරාබි එමීරයේ සහ ඕමානයේ සංචාරයකට එක් විය. පෙට්‍රෝලියම් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මැතිතුමා 2020 ඔක්තෝබර් මස කුවේටයේ සංචාරය කළ අතර කුවේට් රජයේ හිටපු අමීර් ගරු ෂෙයික් සබාහ් අල් අහ්මඩ් අල් ජබීර් අල් සාබා ගේ දුක්බර වියෝගය නිමිත්තෙන් කුවේට් නායකත්වය වෙත සිය සංවේගය පළකර සිටියේය.

ඩයස්පෝරාවට රැකවරණ සැපයීම

මෙම අසීරු කාලයේ නැගී ආවේ කුමක්ද යන්න බලන කල ගල්ෆ් රටවල් විසින් ඉන්දීය ප්‍රජාවට පෙන්වන ලද අතිවිශිෂ්ට දයානුකම්පාව සහ රැකවරණයයි. ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (ජීසීසී) රටවල්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, කුවේට්, බහ්රේන්, කටාර් සහ ඕමානය, සාමූහිකව මිලියන 8.5ක ඉන්දියානුවන් ගණනකට සත්කාර සපයයි. එය කලාපයේ වැඩිම විදෙස්ගත ජනගහණයයි. ගල්ෆ් රටවල වැඩිම අගයත් අගය කිරීමත් දරන ජනකායයි. කවුන්සිලයේ රටවල නායකයින් සහ අමාත්‍යවරුන් ඉන්දියානුවන් වෙත නිරන්තර ප්‍රශංසාව පෙන්වන අතර ඒ රටවල ආර්ථික වර්ධනය සහ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය උද්දීප්ත කොට දක්වයි.  බොහෝ ඉන්දියානු වෘත්තිකයින්, කෝවිද් සම්බන්ධ අසීරුතා හේතුවෙන් පසුගිය වසරේ පෙරළා ඉන්දියාවට පැමිණි අතර ගල්ෆ් රටවල තම නිවෙස් කරා ආපසු ගොස් ඇත. ඉන්දීය සංක්‍රමණිකයන්ට කලාපය තුළ ඇති ඉල්ලුම වසංගතය පහව ගිය කල සැලකියයුතු තරමින් නැවත පෙනෙනු ඇති බව අපේක්ෂා කෙරේ. කටාර් රාජ්‍යය සේවකයන්/කළමනාකරුවන් 15000ක් ඉදිකිරීම් සහ සත්කාරක සම්බන්ධ ෆීෆා ලෝක කුසලානයේ වැඩවල සේවානියුක්ත කරවීමට බලාපොරොත්තු වෙයි, එය මුළුගැන්වෙන්නේ 2022දීය. ජීසීසී රටවලට ඉන්දීය ප්‍රජාව නැවත පැමිණීමත් සමග ඉන්දියානු සේවකයින්ගේ ආපසු පැමිණීමට අනුබල දෙමින් ඉන්දීය රජය ද සිය ඊ-සංක්‍රමණ වේදිකාව එකෙලි කිරීමේ නිරතව සිටී. මේ සම්බන්ධයෙන්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය යන රටවල් සමග දැනටමත් නියමු ව්‍යාපෘති දියත් කර තිබේ. රජය දැනටමත් ජීසීසී රටවල් සමග “පූර්ව කුසලතා හඳුනා ගැනීම“ සඳහා සාකච්ඡා කරමින් සිටින අතර ක්ෂණික සේවානියුක්තිය සහ ඉන්දියානුවන් ඵලදායී සේවයේ යෙදවීම සබල කරනු ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයිශන්කර් (වමේ සිට දෙවැන්නා) 2020 නොවැම්බර් 25වන දින බහ්රේන් හි වෙසෙන ඉන්දියානු ප්‍රජාව සමග පරිගණක අන්තර්ක්‍රියාවක ගැලෙයි 

බලශක්ති ජාලකය  

බලශක්ති ආරක්ෂණය ඉන්දියාවේ “බටහිර බලා ක්‍රියා කරන්න“ ප්‍රතිපත්තියේ මූලික ධාවකයක් ලෙස ශේෂව තිබෙන අතර මැදපෙරදිග, විශේෂයෙන් ජීසීසී රටවල් සමග සහයෝගිත්ව ජාලකයක් තුළ උපාය මාර්ගිකව නිරත කරවීමටත් විහිදුවාලීමටත් සැලසුම් කර ඇත. වැඩිවන තරමින්, ඉන්දියාව සහ ගල්ෆ් රටවල් අතර බලශක්ති හවුල්කාරිත්වය සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය සමග උපාය මාර්ගික දිශානතියක් අත්කර ගනිමින් සිටින අතර උපාය මාර්ගික  පෙට්‍රෝලියම් සංචිත (එස්පීආර්) වැඩසටහනෙහි ඊළඟ අවධිය තුළ ඉන්දියාව සමග හවුල්වීමට සැලසුම් තරමින් සිටී. එක්සත් අරාබි එමීරය කරා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ සංචාරය අතරතුර, ඉන්දියානු තෙල් සමාගම්වල සුසංධානයට අබුඩාබි එතෙර පහළ ආධාරකය තුළ සියයට 10ක පොළියක් පිරිනමන ලදී. හයිඩ්‍රොකාබන් වලට ඔබ්බෙන් යමින්, ගල්ෆ් කලාපය සමග පුනර්ජනනීය බලශක්ති සඳහා නව හවුල්කාරිත්වයක් ගැඹුරු කිරීමට ඉන්දියාව ද කල් බලමින් සිටියි. කලාපයේ රටවල් බොහොවක් ඉන්දියාව නායකත්වය ගන්නා අන්තර්ජාතික සූර්ය බල සන්ධානය කරා ආපසු පැමිණ සිටී. 2020 ඔක්තෝබරයේ, ඉන්දියානු ඉංජිනේරු සංස්ථාව ලාර්සන් ඇන්ඩ් ටර්බ්‍රෝ සිය දත්ත කළඹ සහ සිය පළමු විශාල පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ද ඇතුළත් බලශක්ති සහ ජල ව්‍යාපෘතිය නිරාවරණය කළේය.   ආර්ථික සහ බලශක්ති බැඳීම් හැර, ඉන්දියාව සහ ගල්ෆ් රටවල් ඔවුන්ගේ ආරක්ෂක සහ උපාය මාර්ගික සම්බන්ධතා සමවෘත්තිය පරිවර්තනය කිරීමට එකඟ විය. ඉන්දියානු යුදහමුදා ප්‍රධානී ජෙනරාල් එම් එම් නාරාවනේ ගල්ෆ් කලාපයේ එවැනි පළමු සංචාරය 2020 දෙසැම්බර් මස දී, එක්සත් අරාබි එමීරය සහ සෞදි අරාබිය කරා සිදුකෙරුණි. කලාපයේ රටවල් සමග වැඩිවන උපාය මාර්ගික සහයෝගිතාව මගින් සංචාරය උද්දීප්ත කොට දැක්වුණු අතර ආරක්ෂක සහයෝගිතාව සඳහා මාවත් විවෘත කළේය.

නව ක්ෂිතිජයක්

පිබිදෙන ඉන්දියා – ජීසීසී හවුල්කාරිත්වයේ හදවත තුළ බලශක්ති ආරක්ෂණය ශේෂව පවතින අතර කැපුම් මුවාත තාක්ෂණය ඇතුළු නව ක්ෂේත්‍ර කරා විවිධාංගීකරණය කෙරෙමින් පවතී. ගෝලීය ආර්ථික කැළඹීමේ පසුතිරය මත, පාර්ශ්ව දෙකක් “වක්‍රය දිගේ ඉදිරියට“ හවුල්කාරිත්වයක් සමග බලශක්ති පිරි බටහිර ආසියා කලාපය, තාක්ෂණික සහයෝගිතාව, පර්යේෂණ හා සංවර්ධනය, සහ අධික ප්‍රාග්ධන ක්ෂණික ව්‍යාපෘති රැගත් කර්මාන් විප්ලවයේ 4.0 වන සංස්කරණය මත ඉලක්කය සකස් කිරීමෙහි යෙදී සිටිති. ඉන්දියාව සහ ගල්ෆ් අතර මේ නව පරිවර්තිත හවුල්කාරිත්වය නව නැගෙන තාක්ෂණ, විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උපදේශනය, වල්පත තාක්ෂණය, භාණ්ඩ ප්‍රවාහන, ඉගෙනුම් සහ සෞඛ්‍ය තාක්ෂණ මත ඉලක්ක කරනු ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මැතිතුමා (මැද) 2020 දෙසැම්බර් 27වන දින ඩෝහා නුවරදී ඉන්දියා – කටාර් ව්‍යාපාරික වටමේසයේ දී

මාවත ඉදිරියෙනි

ගල්ෆ් කලාපය සමග ඉන්දියාවේ බහු මාන බැඳීම්, ශත වර්ෂ ගණනාවක් පැරණි ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා මගින් සහයෝගය ලැබ, වසංගත කාලපරිච්ඡේදය අතරතුර නව බලශක්ති සහ ප්‍රත්‍යාස්ථිතිය සොයා ගැණිනි. රාජ්‍ය තාන්ත්‍රික විහිදුවීම, වර්ධනය වන වෙළඳාම සහ ආයෝජනය මගින් සමාගමිකව, යුහුසුළුව ඉදිරියට ඇදෙන කතාව ඉදිරි පෙළ සිට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ නායකත්වය තිරසාර කර ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ ගල්ෆ්ු රටවල් කරා සංචාරය, පසුගිය වසර හත පුරා තීරණාත්මකව ජය – ජය ප්‍රතිපත්තියට අනුව පරිවර්තනය බලගැන්වෙන අතර, උපාය මාර්ගික දැක්මක් සමග වර්ණ ගැන්වෙයි. අග්‍රාමාත්‍ය මෝඩි පුද්ගල ස්පර්ශයක පරම සාරය මේ යළි ප්‍රාණවත් කළ සහ පරිවර්තිත ගල්ෆ් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සපයා ඇත. 2017 දී ඔහු අබුඩාබි කිරුළ හිමි කුමරු ෂෙයික් මොහොමඩ් බින් සායිඩ් අල් නායාන් පිළිගනිමින් ප්‍රොටොකෝලය බිඳ දැම්මේය. තවද, 2019 දී සෞදි අරාබි කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් මේ විශේෂ ඉරියව්ව සකස් කළේය. “තවදුරටත් බටහිරට, අප සතුව නැවත නිර්වචනය කළ කෙටි කාල පරාසයක් තුළ, අවිනිශ්චිතතාව සහ ගැටුම නොසලකා හරිමින් අපගේ හවුල්කාරිත්වය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, කටාර්, සහ ඉරානය ඇතුළත් ගල්ෆ් සහ බටහිර ආසියාව කරා පුළුල් කළේය. මෙය අපගේ ආරක්ෂක ළැදියා ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අපට උපකාර වූ අතර, ශක්තිමත් ආර්ථික සහ බලශක්ති බැඳීම් පෝෂණය කරමින් මිලියන 8ක් පමණ වන ඉන්දියානුවන්ගේ ද්‍රව්‍ය සහ සමාජ සුබසාධකත්වය උසස් කර තිබේ,“ දෙවන රයිසිනා සාකච්ඡාව 2017 ජනවාරි 17වන දින නවදිල්ලියේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා විසින් පැවසීය.     ඉදිරිය බලමින්, ඉන්දියා – ගල්ෆ් බැඳීම් නව ඉදිරිපෙළක් සඳහා පරිමාණ සකස් කරමින්, ඉන්දියාව කලාපයේ සියලුම රටවල් සමග වර්ණාවලිය හරහා සහයෝගය සොයන අතර, පශ්චාත් වසංගත ගෝලීය ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලිය සඳහා, එකිනෙකාගේ ආර්ථික පුනර්ජීවනය උත්තේජනය කිරීමෙහි ලා උත්සුක වෙයි. එක්සත් ජනපද ඩොලර් ට්රිලියන පහක ආර්ථිකයක් බවට ඉන්දියාව ගෙනයාමේ සැලසුම ආත්මනිර්භාර් භාරත් පරිදි, සිය ඉන්දියාව තුළ නිපදවන්න සහ ලෝක මෙහෙවර සඳහා නිපදවන්න ප්‍රවර්ධනය කරමින් සිය අවධාරණය, යටිතල පහසුකම්, සහ නිෂ්පාදන අංශවල බද්ධ ව්‍යාපාර කෙරෙහි තබා ඇත. අනාගතය දක්නා නවෝත්පාදන කෙරෙහි හවුල්කාරිත්වය, සහ ආරම්භක ව්‍යාපාර සකසා පවත්වාගෙන යාමට, ඉන්දියා – ගල්ෆ් බැඳීම් නව අදහස් සමග මුමුණමින් ව්‍යවසායකත්ව බලශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. තවද, මේ අනුපාතය සඳහා, ඉන්දියා – ගල්ෆ් බැඳීම් ඉහළ ප්‍රක්ෂේපණයක් දක්වා පමණක් ඉදිරියට යා හැකිය.

මනීෂ් චාන්ද්

නාඡඳාත රුතවත ලැතවච්යඑචාත වසහසන ඵරචමච්මතඝ ලැතවච්ය සමකත%ත බැකතබඑයමතතෙ නඅතඋනත ටවතවචමචසf ජහනෙත ජහfියඑච් එචඑයෙමුතසෙි සන්නයතෛ බයෙ‘තක ංඹ එසහ එයරහත
error: Content is protected !!