විද්‍යාත්මක තාක්ෂණය

ශක්ති මෙහෙයුම

නිකුතුව02, 2019

ශක්ති මෙහෙයුම

පල්ලව බග්ලා |කර්තෘ

නිකුතුව02, 2019


ශක්ති මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ, එවැනි විශේෂිත සහ නවීන හැකියාවක් ලබා ගැනීමට හැකි වූ සිව්වන දේශය බවට ඉන්දියාව පත්ව ඇත. මේ වන තෙක්, ඇමෙරිකාව, රුසියාව සහ චීනයට පමණක් අභ්‍යවකාශයේදී ජීව ඉලක්කයකට ළඟා වීමට හැකියාව ලැබී ඇත.

2019 මාර්තු 27 වන දින, ආචාර්ය ඒ. පී. ජේ. අබ්දුල් කලාම් දිවයිනේ සිට බෙංගාල බොක්කේ ඔඩිෂා නම් වෙරළ තීරය ඔස්සේ විශේෂ රොකට්ටුවක් ඉහළ නැංවුණු අතර, ඉන්දියාවේ අභ්‍යවකාශ ඉතිහාසය මුළුමනින්ම වෙනස් කිරීමට ඊට හැකි විය.පෘථිවියේ සිට කි.මී 300ක් ඉහළින් කක්ෂ ගත කොට ඇති ඉන්දියාවේ සජීවී චන්ද්‍රිකාව විනාශ කළ ‘හිට් ටු කිල්” (විනාශ කිරීමට ප්‍රහාරය) නම් මෙම තනි රොකට්ටුව, ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) පෙරමුණ ගත් රහසිගත මෙහෙයුමක් වන, කේත නාමය ‘ශක්ති මෙහෙයුම’ නම් වූ මෙහෙයුමයි. ජාතික විකාශනයකදී පුදුමය දනවන නිවේදනයක් නිකුත් කරමින් අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා පැවසුයේ සෑම දේශයකම එහි ගමනේදී, ඉදිරියට පැමිණෙන පරම්පරාවලට ඓතිහාසක බලපෑමක් ඇති කළ හැකි සහ අතිවිශාල ආඩම්බරයක් ගෙන දෙන සුබ මුහුර්ත තිබෙන බවයි. “ශක්ති මෙහෙයුම යනු ඉතාමත් ඉහළ වේගයක් සමඟ කැපීපෙනෙන ඉහළ නිවැරදිතාවයකින් යුක්තව සිදු කළ, ඉතාමත් සංකීර්ණ මෙහෙයුමකි. ඉන්දියාවේ විශිෂ්ඨ විද්‍යාඥවරුන්ගේ කැපීපෙනෙන දක්ෂකම සහ අපේ අභ්‍යවකාශ වැඩසටහන්වල සාර්ථකත්වය එමඟින් පෙන්නුම් කෙරුණි” යැයි ඔහු පැවසුවේය. චන්ද්‍රිකා විරෝධී අවිආයුධ දියත් කිරීම සඳහා හැකියාව ඇති දේශයන් හතරක තෝරා ගත් කණ්ඩායමකට ඉන්දියාව එක් වී ඇත. මෙතෙක් කල්, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනයට පමණක් මෙම හැකියාව තිබුණි. 2007්‍ දී චීනය එහි පරීක්ෂණය පෘථීවියට කි.මී 865ක් ඉහළින් සිදු කළ අතර, දහස් ගණන් අභ්‍යවකාශ සුන්බුන්වල කැබලි ඉන් හට ගැනුණි. මේ ඔස්සේ අභ්‍යවකාශ ඝට්ටනයක් ද ඇති විය හැකි බැවින්, තවමත් මෙය අන්තර්ජාතික අභ්‍යවකාශ ස්ථානයට තර්ජන එල්ල කරයි. ප්‍රක්ෂේප මිසයිල සංවර්ධන වැඩසටහනේ සංවර්ධනය ඉන්දියාව විසින් ආරම්භ කළ කාලයේදී, මීට දශකයකට වැඩි කාලයකට පෙර මෙම වැදගත් මෙහෙයුමේ මූලාරම්භයට මුල් ගල් තැබිණි. DRDO ට අනුව, මෙම අවදානම් සහගත පරීක්ෂණය සඳහා අවසාන වාරය ලබා දුන්නේ 2016 වර්ෂයේදී වන අතර, මෙය යතාර්ථයක් කිරීමට වසර දෙකකට වැඩි කාලයක් මේ සංකීර්ණ තාක්ෂණය ජය ගැනීමට විද්‍යාඥවරුන් 150-200ත් අතර පිරිසක් වෙහෙසී වැඩ කළහ.

ඔඩිෂා හි ආචාර්ය ඒ. පී. ජේ. අබ්දුල් කලාම් දිවයිනෙහි රොකට්ටුව දියත් කිරීම.

මිනිත්තු තුනක ගුවන් ගමනකදී, බෙංගාල බොක්කට ඉහළින් පරිගණක මඟින් මඟ පෙන්වන්වමින්, පිටත අභ්‍යවකාශයේ කි.මී 300ක දුරකට, මීටර 13ක දිගින් යුත්, ටොන් 19ක, මිසයිල අදියර 3ක් ගමන් ගත්තේය. මුහුණට මුහුණට ගැටීමකදී, BMD මිසයිලයෙන් පිටවන අධෝරක්ත කිරණ, මයික්‍රොසැට් – ආර් හි කි.ග්‍රෑ 740ක බරක් මතට පතිත වී, එය එක් පහරින් විනාශ කර දැමුවේය. DRDO හි හිටපු ප්‍රධානියා සහ මිසයිල විද්‍යාඥයෙකු වන, එමෙන්ම සිතීමේ ටැංකිය සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ (පරිනාමණය වන ඉන්දියාව සඳහා ජාතික ආයතනය) වත්මන් සාමාජිකයෙකු වන, ආචාර්ය වී.කේ. සරස්වත් ආයෝග් පැවසුවේ පිටත අභ්‍යවකාශයේ තිබෙන උණ්ඩයකට උණ්ඩයකින් පහර දීම සහසම්බන්ධ වූවක් බවයි. සැලසුම් කරන ලද අවම පෘථිවි කක්ෂයක තම පරීක්ෂණය සිදු කළ ඉන්දියාව, කිසිදු අභ්‍යවකාශ සුන්බුන් ඉන් ඇති නොවන බවට වගබලා ගත්තේය. විදෙස් කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් පවසන ලද්දේ, “ හට ගෙන ඇති ඕනෑම සුන්බුන් ප්‍රමාණයක් දිරාපත් වී, සති කිහිපයක් ඇතුළත යළිත් පෘථිවියට කඩා හැළෙනු ඇත,” යන්නයි. ආචාර්ය රෙඩ්ඩී පවසන්නේ සුන්බුන් කොටස් 300න් බොහොමයක්, දින 45ක් ඇතුළත දිරාපත් වීමට ඉඩ ඇති බවයි. A-SAT පරීක්ෂණය සිදු කිරීමෙන් ඉන්දියාව පාර්ශ්වයක් ලෙස සම්බන්ධ වී ඇති කිසිදු අන්තර්ජාතික නීතියක් හෝ ගිවිසුමක් හෝ කිසිදු ජාතික බැඳීමක් කඩ නොකරන බවට ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙම පරීක්ෂණය කිසිදු රටකට එරෙහිව ක්‍රියාත්මක කිරීමක් නොවන බව ද ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කළේය. “ඒත් සමඟම, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවන් තහවුරු කිරීමට රජය කැප වී සිටින අතර, පැන නඟින තාක්ෂණයන්ගෙන් හට ගන්නා තර්ජන පිළිබඳව අවධානයෙන් සිටී. චන්ද්‍රිකා විරෝධී මිසයිල පරීක්ෂණය ඔස්සේ අත්පත් කරගත් හැකියාව මඟින් අපගේ දිගු පරාසයක ඇති මිසයිලවල සිට වර්ගවල ප්‍රගුණනය හා මිසයිල සංඛ්‍යාව යනාදිය දක්වා වර්ධනය වන අභ්‍යවකාශය පදනම් කරගත් වත්කම්වලට ඇති වන තර්ජනවලට එරෙහිව විශ්වාස කළ හැකි බාධාවක් පනවයි. බොහෝ නීරීක්ෂකයක්ට හැඟෙන පරිදි ‘ශක්ති මෙහෙයුම’ සිදු කිරීමට ගත් තීරණය, 1998දී පොක්රාන්හීදී ඉන්දියාව විසින් සිදු කළ භූගත න්‍යෂ්ටික පිපිරීම්වල විශාලත්වයට සමාන බවයි.

නව දිල්ලියේ සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවකදී “ශක්ති මෙහෙයුම” පිළිබඳව උපක්‍රමික විශේෂඥයෝ සහ කාර්මික විශේෂඥයෝ අදහස් දක්වති.

පිටත අභ්‍යවකාශය යොදා ගන්නා ආකාරය හැඩ කරන ගෝලීය සම්මුතීන් සහ නීතිරීති කෙසේ විය යුතුද යන්න පිළිබඳ අනාගතයේදී සිදු කෙරෙන සාකච්ඡාවලට ඵලදායී ලෙස දායක විය හැකි ඉහළ ස්ථානයක් ඉන්දියාව විසින් මේ ඔස්සේ අත්පත් කර ගෙන ඇත. සතුටින් ඉපිලී යන බවක් පෙනී යන අගමැති මෝඩි පැවසූයේ මේ සම්පූර්ණ කර්තව්‍ය දේශීය උත්සාහයක් බවයි. “ඉන්දියාව අභ්‍යවකාශ බලයක් ලෙස ඉහළින් වැජඹේ! එමඟින් ඉන්දියාව වඩාත් ශක්තිමත් කරවන අතර, වඩාත් ආරක්ෂාකාරී දේශයක් බවට පත් කරමින් සාමය හා සාමදානය සඳහා උර දෙනු ඇත.”

පල්ලව බග්ලා

පල්ලව බග්ලා යනු නවදිල්ලිය පදනම් කරගත් විද්‍යා ලේඛකයෙකු වන අතර බ්ලූම්ස්බරි විසින් ප්‍රකාශයට පත් කරන ලද “රීචිං ෆෝ ද ස්ටාර්ස්: ඉන්දියාවේ ගමන අඟහරු සහ ඉන් ඔබ්බට” යන කෘතියේ සම කර්තෘ වේ. ඔහුට Pallava.bagla@gmail.com හෝ Twitter @pallavabagla වෙබ් අඩවියට පිවිසිය හැකිය.
error: Content is protected !!