නවෝත්පාදනය

පදාර්ථයට ඉහළින් මනස

නිකුතුව 03, 2020

පදාර්ථයට ඉහළින් මනස

ගුර්මීට් ආරෝරා |කර්තෘ

නිකුතුව 03, 2020


අප අනුභව කරන ආහාරවල සියුම් වූ වෙනස අවබෝධ කර ගැනීම සහ අප එය අනුභව කරන්නේ කෙසේද යන්න, අපගේ සිරුරට ඉන් ඇති කරන අවසාන ප්ර තිඵල කෙරෙහි බලපෑම් ඇති කරයි. සිහිකල්පනාවෙන් ආහාර ගැනීම හුදෙක් දර්ශනයක් පමණක් නොව, අප හට වඩා සෞඛ්යෙදායී ජීවන තේරුම් ගැනීමට සහ වඩා යහපත් ජීවිත ගත කිරීමට උපකාර කරන හුරුපුරුද්දක් බව, ඩී ජේ සහිත ආපනශාලාවෙහි පාලක වන ගුර්මීට් අරෝරා විස්තර කරයි

අප අපගේ මේ දැන් පසුකල දෛනික අවසාන ආහාර වේලෙහි ආහාරයට ගෙන ඇති සියල්ල බොහෝ විට යළි මතකයට නොනඟයි. ආහාර වේලක් භුක්ති විඳින අතරතුර පවා පමණක් නොව, බොහෝ වේලාවන්හි දී, අපි එම ආහාරය පරිභෝජනය කිරීමේ පූර්ණ ක්‍රියාවලිය රස නොවිඳින්නෙමු. ජාත්‍යන්තර මූල්‍යායතන සමූහයක් වන ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, සාමාන්‍ය ඉන්දියානුවෙකු විසින් ආහාර අනුභවය සඳහා දිනකට පැයකුත් විනාඩි 27ක් ගත කරන අතර, ප්‍රංශය වැනි රටවල් සාමාන්‍යයක් ලෙස දිනකට ආහාර වේල් සඳහා පැය දෙකකට අධික කාලයක් ගත කිරීම යන කරුණ මඟින් ඉන්දියානුවන් ඔවුන්ගේ ආහාර ඉතා ඉක්මනින් අනුභව කර දමන බව සනාථ කරයි. සිහිනුවණින් තොරව මෙලෙස ආහාර ගැනීම මඟින් අප ගනු ලබන ආහාරය පිළිබඳ දැනුවත්බාවයේ මඳ බව ඇති කරනු ඇති අතර, ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය මන්දගාමී කරමින්, ස්ථූලතාවයට මෙන්ම, දරුණු සෞඛ්‍ය ගැටලුවලට මඟ පාදනු ඇත.

සිහිනුවණින් යුතුව ආහාර ගැනීම යනු කුමක්ද

පරිභෝජනයට ගනු ලබන ආහාරය පිළිබඳ එම මොහොතේ දී තිබිය යුතු අවධානය පවත්වා ගෙන යාම සිහිනුවණින් යුතුව ආහාර ගැනීම යනුවෙන් විස්තර කළ හැකිය. අප අපගේ ආහාරවලට සලකන ආකාරය, එම ආහාර අපිට කෙසේ බලපානු ලබයි ද යන්න තීරණය කරයි. පළතුරු, එළවළු, පූර්ණ ධාන්‍ය, බීජ, කජු වර්ග සහ එළවළු තෙල් කෙරෙහි සිහිනුවණින් ආහාර ගැනීමේ කදිම තේරීම් අවධාරණය කොට ඇති අතර, සෞඛ්‍යදායී නොවන ආහාර ගැනීම සම්බන්ධයෙන් ද අයෙකුට සිහිනුවණින් කටයුතු කළ හැකිය.  මුවින් ඇතුළට ගන්නා දෙයට අනුව එය සිරුරට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ සත්‍ය වශයෙන්ම අවධානය යොමු කිරීම මඟින් සෞඛ්‍යදායී නොවන ආහාර අයිතමවලට ඉඩ ලබා දීම සඳහා තිබෙන පෙළඹවීම අවම කෙරෙනු ඇත.

පරිපූර්ණ ධාන්ය සහ හාල්මැස්සන් වැනි සකස් කිරීමකට ලක් නොකරන ලද ආහාර යළි භාවිතයට පැමිණෙමින් තිබේ.

එය කෙසේ උපකාර වන්නේ ද

අපේ ජීවන රටාව සහ අප ගන්නා ආහාර ඉතා සමීප වශයෙන් එකිනෙකට සම්බන්ධ වේ. අප කිසියම් ආහාරමය විපර්යාසයක් ගැනීමට අදහස් කරන්නේ නම්, අපගේ දින චර්යාවන් පළමුව වෙනස් කළ යුතු වේ.   අපගේ ආහාර චර්යාවල වෙනසක් සිදු කරන විට, අප වැය කරන ප්‍රමාණය සහ ගනු ලබන ප්‍රමාණය කුමක්ද යන්න සලකා බැලිය යුතු වේ. සාම්ප්‍රදායික ආහාර සහ ආදිකාලීන පුරුදු පුහුණු සලකා බලන විට, අප‘පරිමාණයට’ වඩා ‘පිඟානෙහි තරමට’ ආහාර ගනිමින් සිට තිබේ. අපි කෑම ගැනීමට යොදා ගන්නා අපගේ පිඟානෙහි චමත්කාරජනක ලෙස විවිධ වූ පිළියෙල කිරීම් අඩංගු වූවත්, එය සැම විටම සාදා ඇත්තේ මනසේ සමබරතාව තබා ගනිමින් යන කරුණ මෙම සංකල්පය සරල ලෙස පැහැදිලි කිරීමකි.  රාජස්තානය, ජම්මු සහ කාශ්මීරය, අසාම් හෝ කේරලය වුවත්, ප්‍රාන්තය අනුව සාම්ප්‍රදායික ඉන්දීය තාලියෙහි ආහාර බඳුන්වල මිශ්‍රණය වෙනස් විය හැකි වූව ද, එහි සමබරතාව තිබූ සෙයින්ම රඳා පවතී. අපගේ රසයන් පුළුල් ලෙස පැතිරී ඇති අතර, අපගේ සමබල ආහාර වේල ද එලෙසම වේ. මෙම සංකල්පය දැන් සමකාලීන මුළුතැන්ගෙවල් සඳහා ද එහි මඟ සකස් කොට ඇත. පරිමාණය දෙස නොව, ආහාර පිඟාන දෙස සුපරීක්ෂාකාරී වීම, අපගේ සිරුරට අවශ්‍ය වන වන්නේ මොනවාද යන්න අවබෝධ කර ගැනීම මත පදනම් වේ.

මැදිහත්වීමේ දී ස්වභාවික අවකාශ භාවිත කිරීම මඟින් කායික මෙන්ම ආධ්යාටත්මික වශයෙන් දැවැන්ත සෞඛ්යෙ ප්රීතිලාභ ඇති කරන බව සනාත කොට ඇත

සිහිනුවණින් ආහාර ගැනීම මඟින් සෞඛ්‍යදායී ආහාර තේරීම් ගැනීමට ඔබට උපකාරී වේ. අයෙකු ආහාර වේලෙහි භාවිත කර ඇති අඩංගු ද්‍රව්‍යයන්, ප්‍රමාණය සහ ආහාර වේලෙහි කාලය පිළිබඳ දැනුවත් සහ සිහිනුවණින් සිටින්නේ නම් පමණක්, එම ආහාර වේල සිරුරට උකහා ගත් විට අපේක්ෂිත බලපෑම් එමඟින් නිපදවන්නේ ඇයි දැයි යන්න ඔහු/ ඇය  හට අවබෝධ වනු ඇත.

එය පුරුදු පුහුණු කළ යුත්තේ කෙසේද

සිහිනුවණින් කටයුතු කිරීම නිතිපතා සිදු කරන ක්‍රියාවක් බවට සහජයෙන් පිහිටුවා ගැනීමට කාලයක් ගත වේ.  සති කිහිපයකට පවා මෙලෙස ආහාර අනුභව කිරීමෙන්, ඔබට ඔබගේ සිරුර නියම ලෙස සකස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දිනකට එක් ආහාර වේලකට පවා මනා සැලකිලිමත්බවක් ලබා දීමෙන්, වඩා යහපත් තත්ත්වයක් උදෙසා ඔබට ඔබගේ ආහාර පුරුදු වෙනස් කළ හැකි අතර, සෞඛ්‍යදායී ආහාර වේලක් සමඟ පැමිණෙන වැඩි දියුණු වන ලද මානසික සහ කායිත යහ පැවැත්ම ඔබට භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත.අපේ මුතුන් මිත්තන් භාවිත කළ ක්‍රියා පිළිවෙළ පිළිබඳ පමණක් මට සිතිය හැකිය. එය සරලබව කරා සිදු කළ අනුවර්තනයක් විය. වඩා සරල, ජීර්ණය වීමට වඩා පහසු සහ දැනීමෙන් වඩාත් සැහැල්ලු ආහාර තෝරා ගන්න. අපි ආශා කරන ආහාර සහ අපි ගන්නා ආහාර තේරීම්වලට ඉහළින් පාලනය ලබා ගැනීමට මෙමඟින් අපව සවිබල ගැන්වෙනු ඇත. මෙම පාලනය අත්පත් කර ගත් විට, එය අපගේ සිහිනුවණින් ආහාර ගැනීමේ චර්යාවේ ඇරඹුම බවට පත් වනු ඇත.

කාලයට අනුවර්තනය වීම

සරලභාවය යළි ගෙන ඒම මෙහි අදහසයි. අපගේ ආහාර වගේම, වර්තමානයේ දී යෝග්‍යතාව සංකීර්ණබාවයට පත් ව ඇත. සම්පූර්ණ වශයෙන්ම සිහින් සිරුරක් ලබා ගැනීමේ බලාපොරොත්තු රහිත බව, සිරුරේ බර ඉතා ඉක්මනින් අඩු කර ගැනීමට තිබෙන වුවමනාව සමඟ මෙය සිදු කළ යුතු වේ. අධික නිදහස ලබා දීමක් අනුමත නොකරන, අපගේ සමාජය සහ අප සඳහා ප්‍රතිලාභ ඇති කරන, අපගේ මනස, සිරුර සහ ආත්මයේ අවශ්‍යතාවන් සපුරාලන, වඩා සෞඛ්‍යදායී, වඩා අවධානයෙන් යුත් සහ සාකල්‍යවාදී දින චර්යාවක් මෙන්ම, පරිසර පද්ධතියක් අත්පත් කර ගැනීම සඳහා අවධාරණය තැබීමට ජීවන රටාමය විපර්යාස ඒකාබද්ධ කළ යුතු වනු ඇත. එය ශක්තිමත්, විශ්වාස කළ හැකි සහ කල්පවතින පද්ධතියකි.

ඔබ ඔබේ සිරුරට ගැනීමට සැරසෙන්නේ මොනවාද යන්න සිතා බැලීමට ආහාර වේලක් හෝ කෙටි ආහාරයක් ගැනීමට පෙර, ගැඹුරු ආස්වාස කිහිපයක් ගෙන පටන් ගන්න. ඔබගේ සිරුර කුසගින්නෙන් පෙළෙන්නේ කිනම් වේලාවේ ද යන්න හඳුනා ගන්න. ඔබ ආහාර සඳහා ඉතා කෑදර වෙන තුරු රැඳී නොසිටින්න.සිහිනුවණින් ආහාර ගැනීම ව්‍යායාම කිරීමක් ලෙස සිතන්න: සෑම බිඳක්ම අගනේ ය. ආහාර ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි පමණක් අවධාරණය තබමින්, ඔබගේ සිරුරට සවන් දෙමින්, ඔබ ආහාර ගනු ලබන වේගය මන්දගාමී කිරීම වැඩි කරන තරමට, ඔබට ඔබගේ ආහාරයෙන් විශාල තෘප්තිමත්බාවයක් අත්විඳිය හැකි වනු සේම, ඔබගේ ආහාර සහ පෝෂණ චර්යා සම්බන්ධව ඔබට විශාල පාලනයක් ලැබෙනු ඇත.

නූල්පුට්ටු සහ නෙපතිරි වැනි සහල් පිටිවලින් සාදන ලද සරල ආහාර දීසි ඒවායේ ප්රැතිලාභ හේතුවෙන් දකුණු ඉන්දියාව පුරා ප්රැචලිතයි

ගුර්මීට් ආරෝරා

ගුර්මීට් ආරෝරා නම් ඩී. ජේ ව්යහවසායකයා විසින් ඉන්දියාව පුරා විසිරී සිටින ජනයා හට සිහිනුවණින් සහ බුද්ධිමත් ලෙස ආහාර ගැනීමට උපකාර කරනු ලබන අතර, ඔහු යසූ, ඩොප්පියෝ, ට්රනයිස්ට් සහ ෆ්ලැක්ස් ඉට් අප් නම් සෞඛ්යආදායී ජිවනය වැනි ස්වාධීනව නැඟී සිටින ආයතනවල හිමිකරුවා ද වේ. සමබර සහ සතුටුදායක දිවි පෙවෙතකට පිළිතුර යැයි ඔහු විශ්වාස කරන පිරිසිදු සහ සෞඛ්යලදායී ආහාර අනුභවයක් පිළිබඳ දැනුවත්භාවය පතුරුවාලීම ඔහුගේ මෙහෙවර වේ.
error: Content is protected !!