ප්‍රතාපවත් කුරක්කන් සුපිරි ධාන්‍ය බලය
මෑතක දී, එක්සත් ජාතීන්ගේ මහා සමුළුව කුරක්කන්වල ජාත්‍යන්තර වර්ෂය ලෙස 2023 වර්ෂය සනිටුහන් කිරීම සඳහා ඉන්දියාව අනුග්‍රහය දක්වන යෝජනාවක් සම්මත කළේය. ඉන්දියාවේ කුරක්කන් නිෂ්පාදනය, ඒවායෙහි පෝෂණීය අගය සහ ඉන්දීය රජය විසින් කුරක්කන් සහ එය වගා කිරීම ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න දෙස අප දැන් ගැඹුරින් විමසා බලමු
සුපිරි ධාන්‍ය, සුපිරි ආහාර සහ විශ්මයජනක ධාන්‍ය යනු මානවයන් දන්නා හඳුනන වඩාත් පුරාණතම ආහාරවලින් එකක් වන සහ අනුමාන වශයෙන් ගත් කල ගෘහස්ථ අරමුණු උදෙසා භාවිත කළ ප්‍රථම ධාන්‍යය වන කුරක්කන් විස්තර කිරීමට බොහෝ විට යොදා ගන්නා විශේෂණ පදවලින් කිහිපයකි.ගෝලීය ආහාර පද්ධතිය සඳහා මෙම ධාන්‍යවල වැදගත්කම සහ ප්‍රතිලාභ හඳුනා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවෙහි සහාය මතු කර පෙන්වන, ඉන්දියාව සහ 70කට අධික රටවල් ගණනක් මගින් අනුග්‍රහය දක්වන ලද යෝජනාවක් වන, 2023 වර්ෂය කුරක්කන් ධාන්‍යයේ ජාත්‍යන්තර වර්ෂය ලෙස ප්‍රකාශ කිරීමේ යෝජනා සම්මතය එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් ඒකමතිකව සම්මත කරන ලදී. මෙම විෂය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී, එක්සත් ජාතීන් සඳහා ඉන්දියාවේ ස්ථීර නියෝජිතවරයා වන, ටී එස් තිරුමූර්ති තානාපතිවරයා පැවසූයේ, “ නිෂ්පාදන කාර්යක්ෂමතාවන්, පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන මෙන්ම, ආහාර ක්ෂේත්‍ර සම්බන්ධය වැඩි දියුණු කිරීම සඳහා කුරක්කන්වල පෝෂණීය සහ පාරිසරික ප්‍රතිලාභය පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට සහ තීරණ ගන්නන්ට ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් තිබේ”, යනුවෙනි. ඉන්දියාවෙහි හරප්පා සහ මොහෙන්ජො – දාරො යන පුරාවිද්‍යාත්මක ස්ථානවල කුරක්කන් අංශු මාත්‍රයන් හමු වී ඇති අතර, ඉන්දීය ආගමික ග්‍රන්ථ කිහිපයක කුරක්කන් පිළිබඳ සඳහන් වේ. වසර ගණනාවක සිට, කුරක්කන් අපගේ දෛනික ආහාර වේලෙහි කොටසක් විය. වර්තමානයේ දී කුරක්කන් වගා කිරීමට අවශ්‍ය වන්නේ ආදාන කිහිපයක් පමණක් බවත්, විශේෂයෙන්ම කර්කෂ සහ වියළි පරිසරවලදී එය වගා කිරීම ආර්ථිකමය වශයෙන් ජීව්‍ය විකල්පයක් බවත් යන්න ඉන්දීය ගොවීන් අතර වැඩෙමින් පවතින වටහා ගැනීමකි. ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ සොයා ගත් නව දැනුමෙන් මෙයට සහාය සැපයෙයි. එමෙන්ම, පසු ගිය වසර කිහිපය මුළුල්ලේ, ඉන්දීය රජය විසින් කුරක්කන් වගා කිරීම දිරි ගැන්වීමට දැඩි කර්තව්‍යය කරනු ලබයි.අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා විසින් නායකත්වය දරන, ඉන්දීය සාමූහික රජය විසින් පෝෂණයෙන් අනූන ධාන්‍ය නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා 2018 වර්ෂය කුරක්කන්වල ජාතික වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

සිතට වදින ආහාරයක්
කුරක්කන් යනු ආසියාව පුරා වියළි බිම් හිමි, ඒවායෙහි වගාකරුවන් සඳහා වැදගත් ප්‍රධාන ධාන්‍ය භෝගයකි. ඒවා පෝෂක ධාන්‍ය වර්ග හෝ වියළි බිම් ධාන්‍ය වර්ග ලෙස ද හැඳින්වෙන අතර, ඒවාට සෝගම් (ජෝවර්), මුතු කුරක්කන් (බජ්රා), ඇඟිලි කුරක්කන් (රාගී), ෆොක්ස්ටේල් කුරක්කන් (කන්ග්නි), ප්‍රෝ කුරක්කන් (හේන්), බාර්න්යාඩ් කුරක්කන් (සම්වත් කේ චවල්) ඇතුළත් වේ. සහ කොඩෝ කුරක්කන් (කොඩොන්) ඉහළ පෝෂණ ගුණයක් ලබා දේ. කුරක්කන් “දැකුම්කළු ආහාර” ලෙස ද හැඳින්වේ. නිදසුනක් ලෙස, ඇඟිලි කුරක්කන්වල කිරිවල තිබෙන කැල්සියම් ප්‍රමාණය මෙන් තෙගුණයක් අඩංගු වන අතර, බොහෝ කුරක්කන්වල යකඩ සහ සින්ක් (තුන්තනාගාම්), අවම ග්ලයිසෙමික් දර්ශක, මනා ප්‍රෝටීන් සහ තන්තු මට්ටම් මෙන්ම, ග්ලූටන්වලින් තොර බව යන ගුණාංග බොහෝ කුරක්කන් සතුය.දුර්වල ආහාර වේල ( මන්දපෝෂණයේ සිට ස්ථූලතාව දක්වා); පාරිසරික ගැටලු (දේශගුණික විපර්යාස, ජලයේ හිඟ බව සහ පාරිසරික හායනය); සහ ග්‍රාමීය දරිද්‍රතාව වැනි විශාලතම ගෝලීය අර්බුද කිහිපයකට එකඟකමින් පිළියම් යෙදීම සඳහා කුරක්කන්වලට ද දායක විය හැකියි: අවම කාබන් බලපෑමක් මෙන්ම, ඉතාමත් අවම ජලය ප්‍රමාණයකින් උණුසුම් දේශගුණයක් තුළ ජීවත් වීමට සහ වර්ධනය වීමට හැකියාව ඒවා සතු වේ. ඒවා කාලගුණයට හොඳින් ඔරොත්තු දෙන බැවින්, ගොවීන් සඳහා ද මනා අවදානම් කළමනාකරණ මූලෝපායකින් ද සමන්විත යි.

ඉන්දීය කුරක්කන් ප්‍රමුඛස්ථානය අසල
රෝමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව අතරතුර දී, 2017 ඔක්තෝබර් මාසයේ දී ඉන්දීය කුරක්කන් ජාත්‍යන්තර ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට ප්‍රයත්න දැරීම ඇරඹිණි. දෙපාර්තමේන්තු සහ රෝමයේ ඉන්දීය තානාපති කාර්යාලය සමඟ මෙම අදහස ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය හඳුනා ගැනීමට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ දී ඉන්දීය රජය, අර්ධ ශුෂ්ක නිවර්තන සඳහා වන ජාත්‍යන්තර භෝග පර්යේෂණ ආයතනය නම් කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය සහ අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන් ඇතුළත් වන රැස්වීම් මාලාවක් සංවිධානය කෙරිණි. මෙම ආරම්භක පියවර අනුගමනය කරමින්, 2017 නොවැම්බර් මාසයේ දී, 2018 දී කුරක්කන්වල ජාත්‍යන්තර වර්ෂයක් සඳහා යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා සභා න්‍යාය පත්‍රය තුළ ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමින් ඉන්දීය රජයේ එවකට සමූහ කෘෂිකාර්මික අමාත්‍යවරයා වූ රාධා මෝහන් සින්ග් විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වන ඇන්ටෝනියෝ ගුටෙරස් වෙත ලිපියක් යොමු කරන ලදී. මෙම ක්‍රියාවලියට නියමාකාරයෙන් වසර පහක් ගත විය හැකි වුවත්, 2021 වසරේ දී මල් ඵල දැරූ මෙම හේතුව ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණය පිළිබඳ උපදේශක සමූහය, කෘෂිකාර්මාන්තය සහ ගොවීන්ගේ සුබසාධන අමාත්‍යාංශයේ කෘෂිකාර්මික පර්යේෂණ ඉන්දීය සභාව සහ එහි කුරක්කන් පර්යේෂණ ආයතනය, කුරක්කන් පර්යේෂණ ඉන්දීය ආයතනය සෙසු පාර්ශ්ව සමඟ එක්ව හඹා ගොස් සාර්ථකත්වයට පත් කර ගත්තේය.වගා කළ හැකි ඉඩම් සහ ජලය වැනි ක්ෂය වන සම්පත් පිළිබඳ සහ වර්ධනය වෙමින් පවතින ජනගහණයේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට වැඩියෙන් නිෂ්පාදනය කළ යුතුය යන දැඩි අවශ්‍යතාය පිළිබඳ සැලකිලිමත් වීම දිරිගැන්වීමකි. අපගේ වගා කිරීමේ පද්ධතිය විවිධත්වයකට පත් කිරීම සඳහා මාර්ග ගවේෂණය කිරීමට ගොවීන්, පාරිභෝගිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අභියෝග එල්ල කරනා, ජලය බෙහෙවින් අවශ්‍ය වන ආහාර භෝග ලෙස බත් සහ තිරිඟු වැනි ප්‍රධාන ආහාර භෝග හැඳින්වේ. කුරක්කන් මෙම අවශ්‍යතාවට මැනවින් ගැළපෙයි.

වගා කිරීමට පහසු වීම
නියඟයට සහ ඉහළ උෂ්ණත්වයට මෙන්ම, අනෙකුත් හදිසි දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන මෙම කුරක්කන් ශාකය අවම සාරවත් බිම්, කඳුකර ප්‍රදේශ සහ අන්ද්‍රා ප්‍රදේශ්, චතිස්ගාර්, ගුජරාට්, හර්යානා, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිෂා, රාජස්ථාන්, මහාරාෂ්ට්‍ර, කර්ණාටක, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ තෙලඟනා වැනි ගෝත්‍රික ජනයා සහ වැසිවලින් පෝෂණය වන ඉන්දියාවේ ප්‍රදේශ මත බොහෝ විට වගා කෙරේ. ආහාර සහ කෘෂිකාර්මික ආයතනයේ දත්තවලට අනුව, ගෝලීය කුරක්කන් නිෂ්පාදනය ටොන් මිලියන 90ක පමණ අගයක් ගන්නා අතර, එහි ඉන්දියාවේ කොටස ටොන් මිලියන 19ක් පමණ වේ. කෙසේවෙතත්, කුරක්කන් බහුතරයක ඵලදායීතාව ඉතා අවම වන හෙයින්, බහු-ශික්ෂණමය ප්‍රවේශ භාවිත කරමින් භෝග ඵලදායීතාව වැඩි දියුුණු කිරීමට ඉන්දීය සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් කටයුතු කරමින් සිටියි. නිදසුනක් ලෙස, ආයතන 30කින් සමන්විත පර්ල් මිලට් ජෙනෝම් සික්වෙන්සින් කොන්සෝරිටියම් (පර්ල් කුරක්කන් ජානමය අනුක්‍රමික සමූහය) මුතු ඇට කුරක්කන් වර්ගයෙහි ජානමය විකේතනයක් සිදු කොට, කුරක්කන්වලට පමණක් නොව, අනෙකුත් ප්‍රධාන ධාන්‍ය වර්ග සඳහා ද ප්‍රයෝජනවත් වනු ඇති, නියඟයට සහ තාපයට ඔරොත්තු දෙන ජාන හඳුනා ගත්තේය. මෙම පර්යේෂණ ඉන්දියාවේ ගොවීන් විසින් වගා කරනු ලබන, ඉහළ ඵලදාවක් ලබා දෙන දෙමුහුන් සහ වැඩි දියුණු කළ කුරක්කන් වර්ග කිහිපයක් සංවර්ධනයට දායක වී ඇත.
කුරක්කන් මෙහෙයුම
ජාතික මට්ටමින්, එන් අයි ටී අයි අයෝග් විසින් නායකත්වය දරන කමිටුවක් විසින් දෙන ලද නිර්දේශ අනුගමනය කරමින්, ඉන්දීය රජය විසින් පෝෂණීය සුරක්ෂිතතාව අත්පත් කර ගැනීමට කරන මෙහෙවර ක්‍රමයක් මත කුරක්කන් වගා කිරීම ප්‍රවර්ධනය කරමින් සිට ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා 2020, ඔක්තෝබර් 16 වන දින, ඇඟිලි කුරක්කන් වර්ග දෙකක් සහ කුඩා කුරක්කන් එක් වර්ගයක් ඇතුළත් වූ භෝග අටක ජෛව ශක්තිවර්ධිත වර්ග 17ක් පුද කළේය. ජාතික ආහාර සුරක්ෂිතතා පනත යටතේ රජයේ මුලපිරීමෙහි කොටසක් ලෙස, අවම ආධාර මිලකට කුරක්කන් මිලට ගෙන, ඒවා පොදු බෙදාහැරීමේ පද්ධතියක් යටතේ බෙදා හැරීමට ප්‍රාන්ත රජයවලට උපදෙස් දී ඇත. ඒකාබද්ධිත ළමා සංවර්ධන සේවා, මධ්‍යම – දින ආහාර වේල් වැනි විශාල පොදු පද්ධති බෙදා හැරීමේ නාලිකා යටතේ කුරක්කන් ඇතුළත් කිරීමට ඉන්දියාවේ ජාතික පෝෂණ මෙහෙයුම වන පෝෂන් අභියාන් විසින් ප්‍රාන්ත රජයවලට උපදෙස් ලබා දී තිබේ. කුරක්කන්වල වඩා ඉහළ ඵලදායිතාවක් සඳහා රජය සහ පර්යේෂණ ආයතන ක්‍රියා කරන අතරතුර, පෝෂණවේදීන් සහ සූපවේදීන් අද්විතීය කුරක්කන් ආහාර වේල් නිර්මාණය කිරීමෙන් කුරක්කන් ප්‍රවර්ධනය සඳහා දායක වෙමින් සිටියි. කුරක්කන් පහසුවෙන් පිසීමේ ක්‍රමවේද, පහසු රසවත් කුරක්කන් ආහාර වට්ටෝරු පිළිබඳ ප්‍රවර්ධනයන් සිදු කෙරෙමින් පවතින අතර, සියලු ඇල්මැති පාර්ශ්ව අතර ඒවායේ පෝෂණීය ප්‍රතිලාභ සහ පරිසර හිතකාමී ගුණත්ව පිළිබඳ කතාබහ පැතිරෙමින් පවතියි. එක්සත් ජාතීන්ගේ ආහාර ක්‍රම සමුළුව 2021 මගින් ආහාර ක්‍රම තිරසාරාත්මක සහ පහසුවෙන් නැමෙන ඒවා බවට පත් කිරීමේ අතිරේක අවස්ථාව ද පිරිනැමෙයි. 2023 වර්ෂය කුරක්කන්වල ජාත්‍යන්තර වර්ෂය ලෙස ප්‍රකාශ කිරීම නිතැතින්ම මේ සියලු කර්තව්‍යයන්ට සහාය ලබා දෙනු ඇති අතර, සියලුදෙනා සඳහා කුරක්කන් ප්‍රකට සහ සෞඛ්‍යදායී ආහාර තේරීමක් බවට පත් කරනු ඇත.