උරුමය

සෑම බිඳුවකටම අගය ලබා දෙමින්

නිකුතුව 01, 2020

සෑම බිඳුවකටම අගය ලබා දෙමින්

වදන් පෙළ වික්‍රම්ජිත් සිං |කර්තෘ

නිකුතුව 01, 2020


ළිං, හාත්පසින් පඩි දමා ඇති ළිං සහ ජලාශ යනාදිය පුරාණ ඉන්දියාවේ හුදෙක් මූලාශ්රි පමණක් නොවූ අතර, ස්වභාවික ජල සංරක්ෂණ ශිල්පක්රිමයන්හි සුවිසල් ජාලයේ කොටසක් ද විය. වර්තමානයේ පවතින නාගරික ජල හිඟය අවම කිරීමට එය උර දෙන අතර, ඒවායෙන් නූතන තිරසාර අදහස් දිරිමත් කිරීම ද සිදු කෙරේ

උග්රා සෙන් කි බාවෝලි (අග්රාාසෙන් කි බාවෝලි ලෙස ද හැඳින්වෙන), නව දිල්ලිය මධ්යකයේ පිහිටි අතිශය චමත්කාරජනක ගෘහනිර්මාණශිල්පීය අලංකාරත්වයයෙන් යුත් පෙදෙස, නගරයේ නැරඹීමට තිබෙන විශිෂ්ටතම පෙදෙස් 10 අතරින් එකකි. මහල් තුනකින් සහ පඩි 108කින් සමන්විත, 14වන සියවසේදී ඉදි කරන ලද මෙම බාවෝලි නම් ළිඳ (හාත්පසින් පඩි දමා ඇති ළිං) ජනප්රිීය සංචාරක ආකර්ශණය සතු ස්ථානයක්ම පමණක් නොව, ඉන්දියාවේ ජල සංරක්ෂණ පද්ධතියේ ද කොටසකි.ශිෂ්ටාචාරයේ ඉතිහාසය දෙස යමෙකු ආපසු හැරී බලන විට, ප්රසථම මානව වාසස්ථානය ජල මූලාශ්රුයකට ආසන්නව ඉදි කෙරුණු වග වැටහෙනු ඇත. කෙමෙන් කෙමෙන්, ජනයා විකල්ප ජල මූලාශ්රථ තිබූ ප්ර ධාන භූමියේ විවිධ කොටස්වලට පැතිරී වාසය කළහ. කාලයත් සමඟ, ජලය මතුපිට පොළොවේ පමණක් නොව, තම පයට යටින් ද ගලා බැස යන බව වටහා ගත්හ. ඉන්පසු, ඔවුහු ළිං කැණීමේ කලාව සංවර්ධනය කිරීම ආරම්භ කළහ.

බාවෝලියේ සම්භවය
කෙසේවෙතත්, කාලය ගත වෙත්ම, ජනගහනය වර්ධනය වීමත් සමඟ ළිඳෙන් වතුර ඇඳීම වෙහෙසකාරී ක්රිවයාවක් වනු ඇති බව පුරාණ ඉන්දීය වැසියෝ වටහා ගත්හ. එබැවින්, ඔවුහු ගැඹුරු ළිංවලින් පහසුවෙන් වතුර ඇඳිය හැකි ආකාරයේ කප්පි, රෝද සහ බාල්දි සාදා, ඒවා සකස් කොට, පර්සියානු රෝද වැනි විකල්ප සංකල්පයක් හඳුන්වා දුන්හ. පසුකාලීනව, මධ්යමකාලීන ඉන්දියාවේ ගෘහනිර්මාණ ශිල්පීහු සහ ඉංජිනේරුවෝ තවත් විකල්පයක් ලෙස ජල මට්ටම වෙත ළඟා වීමට පඩිපෙළවල් නිර්මාණය කිරීමට ක්රි්යා කළහ. නව දිල්ලියේ පිහිටි රාජන් කි බාවෝලි යනු එය දැකිය හැකි එවැනි එක් උදාහරණයකි. මෙම පඩිපෙළ සහිත ළිං, වතුර ඇදීමට සහ දෛනික ගෙදරදොර වැඩ කටයුතු සිදු කළ හැකි ස්ථානයක් පමණක් නොව, කටුක ගිම්හාන කාලයේ දී සිසිලසේ රැඳී සිටීමට වැසියන් එක් රැස් වන ස්ථානයක් ලෙස ද යොදා ගැනුණි. මින් උපරිම ඵල නෙලා ගැනීමට, මෙම පඩිපෙළ සහිත ළිංවල ගැඹුරු ප්රෙදේශය දකුණු දෙසට රැඳි සිටින ආකාරයට (වැව) සහ උතුරු දෙසින් පඩිපෙළ බැස යන ආකාරයට පෙළ ගස්වා ඇත. ඉන්දියාව උතුරු අර්ධද්වීපයේ පිහිටි දේශයක් වන බැවින්, හිරු එළිය වැවේ ජල පෘෂ්ඨය මතට ළඟා නොවීම හේතුවෙන්, මෙය උපකාරී විය. මෙමඟින් ජලය උණුසුම් වී වාෂ්පීකරණයට ලක් වීම වැළැක්වේ. එහි ප්ර තිඵලයක් ලෙස, ජලයේ උෂ්ණත්වය සහ ජල මට්ටම වටා ඇති කුටීර සැමවිටම මතුපිට ජලයට වඩා සිසිලස්ව පවතී.

Dabhai Kund, the largest stair well in Bundi, Rajasthan.

ළිං සහ වැව්

පුරාණ ඉන්දියාවේ ජල කලමනාකරණය බාවෝලීවලට පමණක් සීමා නොවීය. වැව් (කුන්ද්) සහ සොරොව් වේලි ද ඉදිකොට තිබුණි. සත්ය වශයෙන්ම, බැතිමතුන් සිය ගණනක් එක්රැස් වූ ආගමික සිද්ධස්ථානවලට කුන්ද්, පඩිපෙල සහිත ළිං හෝ අවම වශයෙන් එයට සම්බන්ධ ළිඳක් හෝ සැමවිටම තිබුණි. වර්තමානයේ දී පවා, එවැනි සිද්ධස්ථානවලට පැමිණෙන බැතිමත්හු පෝළිම් ගැසී, මෙවැනි ශුද්ධ මූලාශයන්ගෙන් ජලය ඇඳ, ඒවා ආශිර්වාදයේ සලකුණක් ලෙස යළි ඔවුන්ගේ නිවස කරා ගෙන යති..

 රාජස්ථානයේ ජායිපූර් අසල අමේර් හි පිහිටි පුරාණ පඩිපෙළ සහිත ළිඳක් වන, දර්ශනීය පන්නා මීනා කා කුන්ද පඩිපෙළ සහිත ළිඳ.

අතීතයෙන් ලත් සහය
ශිෂ්ටාචාරය සංවර්ධනය වීමත් සමඟ, වැව් සහ බාවෝලි භාවිතය අවම විය. නළ ජලය අප නිවෙස් කරා ළඟා වූ අතර, ජලය අපගේ ඇඟිලිතුඩුක දුරින් අපට ලබා ගත හැකි විය. අපගේ ස්වභාවික සම්පත් සුළු කොට තැකීමට පටන් ගැනීමත් සමඟ, විල්, පොකුණු, බාවෝලි සහ ළිං ආශ්රිිත පල්වෙමින් තිබූ ජලය දිගු කලක සිට ප්රපතිචක්රීඅකරණය නොවීම හේතුවෙන්, එහි ඇල්ගී සහ හානිකර බැක්ටීරීයා වර්ධනය වීම ඇරඹිණි. මධ්යසකාලීන ජල ව්යුරහ බොහොමයක් භූගත ජලාධාර ඔස්සේ අන්තර් සම්බන්ධ කොට ඇති බව අප අවබෝධ කර ගත යුතුය. එම ව්යු හයක් දූෂණය කිරීමෙන්, අවට ප්රහදේශයේ සියල්ලට බලපෑම් ඇති කෙරේ. එමෙන්ම, ඕනෑම ළිඳක් හෝ බාවෝලියක් අපට පිරිසිදු කළ හැකි නම්, අවට ජල ව්යුශහ සහ භූමිගත ජල මට්ටම් මත ඉන් ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. අප විසින් එක් බාවෝලියක් ප්රහතිසංස්කරණය කරන්නේ නම්, අවට සිටින ජනයාට ද යළි ඔවුන්ගේ ජලය ලැබේ. භූගත ජලාධාරවලට සම්බන්ධ වන, ජලය නැවත පිරවීමේ වලවල්වල උපක්ර මශීලී සැලසුම් සහගත ජාලයක් අපට නිර්මාණය කළ හැකි නම්, ඕනෑම නගරයක භූගත ජල මට්ටම ඉහළ නැංවීමට අපට උපකාර කිරීමට හැකි වනු ඇත. වර්තමානයේ දී, ඉන්දියාව ජල හිඟයකට මුහුණ දෙන බැවින්, සාම්ප්රැදායික නුවණැස මතු කොට දක්වන ලද, ජල සංරක්ෂණය සඳහා උපදෙස් මාලාවක් ලෙස, බාවෝලි සංකල්පයෙන් අපට පාඩම් උගත හැකිය. පැරණි ක්රකමවේද නව තාක්ෂණය සමඟ අනුගමනය කොට, අපගේ ග්ර්හලොව රැක ගැනීමට කාලය පැමිණ ඇත.

නව දිල්ලියේ මේරවුලි හි තිබෙන පඩිපෙළ සහිත ළිඳක් වන ගන්ධක් කි බාවෝලි, 16 වන සියවසේ ඉදි කරන ලද්දකි.

වදන් පෙළ වික්‍රම්ජිත් සිං

වික්‍රම්ජිත් සිං රූප්රායි යනු උරුමය පිළිබඳ ක්‍රියාකාරියෙකු මෙන්ම, අධ්‍යාපනඥයෙකුද වේ. ඔහු රටේ සශ්‍රීකවත් උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා උතුරු ඉන්දීය ස්මාරක ගවේෂණය කරමින් සිටී. ඔහු විවිධ පාසල්වල උරුම පරීක්ෂණාගාර පිහිටුවා ඇති අතර, අතීතය පිළිබඳ නැවුම් ආකාරයකින් බැලීම වර්ධනය කරමින්, තරුණ ජනයා හට නිරන්තරයෙන් උපදේශනය සිදු කරයි
error: Content is protected !!