ඉන්දියාවට අහිමි වූ සහ යළි හිමි වූ නිධාන
පසු ගිය වසර කිහිපය මුළුල්ලේ, රටින් නීති විරෝධී ලෙස පිටමන් කරන ලද සංස්කෘතික වැදගත්කමින් යුත් පුරාවස්තු කිහිපයක් ක්‍රමයෙන් සොයා ලබා ගැනීමට ඉන්දියාවට හැකි වී ඇත. මෙලෙස ආපසු හිමි වූ කලා උරුමයන්ගේ කොටස් සහ ඒවායේ වැදගත්කම පිළිබඳ අපි සොයා බලමු
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා නිවේදනය කළේ සියවසකට පමණ පෙර උත්තර් ප්‍රදේශ් හි වරණාසියෙන් සොරා ගත්, දේවි අන්නපූර්ණාගේ ඉපැරණි ප්‍රතිමාව කැනඩාවේ සිට යළි මව්බිමට ගෙන එමින් පවතින බවයි. දේවතාවියගේ ප්‍රතිමාව බෙනාරස් ශෛලියෙන් නෙළන ලද 18 වන සියවසේ දේව ප්‍රතිමාවක් යැයි පැවසෙයි. දේව ප්‍රතිමාව ආපසු ලැබීම ඉන්දියාව එහි අහිමි වූ පැරණි වස්තු සොයා කරන ගවේෂණයෙහි දැවැන්ත සාර්ථක කථාවක් වන අතර, එය අගමැති මෝඩි මැතිතුමා විසින් පෙරමුණ ගන්නා ලද මෙහෙවරක් විය. “අන්නපූර්ණා දේවියගේ ඉපැරණි ප්‍රතිමාව කැනඩාවේ සිට යළි ඉන්දියාව කරා පැමිණෙන බව දැන ගැනීමට සෑම ඉන්දියානුවෙකුම ආඩම්බර වනු ඇත…. මෙම දේව ප්‍රතිමාව යළි පැමිණීම අප සියලු දෙනාටම සතුට දනවන කාරණයකි. අන්නපූර්ණා මාතාවගේ ප්‍රතිමාව මෙන්, අපගේ ඉතාමත් අගනා උරුමයන් බොහොමයක් ජාත්‍යන්තර කල්ලි අතට පත් වීමෙන් අහිමිව ගොස් තිබේ,” යැයි අගමැතිවරයා පැවසුවේය. ඉන්දියාවේ පුරා විද්‍යාත්මක වස්තූන් නිරන්තරයෙන් කොල්ලකෑම්වල ගොදුරක් බවට පත් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පෞරාණිකත්වයේ දුර්ලභ නිදර්ශකයන් කිහිපයක් ලොව පුරා විසිරී පවතියි. අගමැති මෝඩි මැතිතුමාගේ උපදේශය යටතේ, ඒවා මව්බිම කරා ගෙන ඒමේ මූලාරම්භය යළි ක්‍රියාවට නැංවී ඇති අතර, එය ජාතික මෙහෙවරක් දක්වා පරිවර්තනය වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිය බලාත්මක කිරීමේ නියෝජිත ආයතන සමඟ එක්ව සක්‍රීය වශයෙන් මෙම ඉන්දීය පුරාවස්තු කිහිපයක් පසු පස හඹා යමින් සිට ඇති අතර, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය වැනි විවිධ රටවලින් ඉන්දියාව වෙත විවිධ පුරාවස්තු කොටස් ආපසු එවා තිබේ. තම මව්බිම කරා යළි සාර්ථකව පැමිණීමට මග සොයා ගත් එවැනි පුරාවස්තු කිහිපයක් දෙස මෙහිදී අවධානය යොමු කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදය පසු ගිය වසර කිහිපය මුළුල්ලේ පුරාවස්තූන් කිහිපයක් ඉන්දියාවට යළි බාර දී ඇත. මෙම බාර ගත් බඩු තොගය තුළ තිබුණු වඩාත් වැදගත්ම පුරාවස්තුව වූයේ චෝළ රාජ වංශය (ක්‍රි.පූ 9-13 වන සියවස) යටතේ අනුග්‍රාහකත්වය ලබා ගත් ශාන්තුවරයෙකු වූ, මණික්කවචකාර්හි ලෝකඩ ප්‍රතිමාවකි. මෙම දේව ප්‍රතිමාව තමිල්නාඩුවේ අරියාලුර් දිස්ත්‍රික්කයේ ශ්‍රීපුරන්තන් ගම්මානයේ කෝවිලකින් සොරා ගන්නා ලද්දක් යැයි චෝදනා ලැබ තිබිණි. මෙම දේව ප්‍රතිමාව ඇමරිකානු බලධාරීන් මගින් 2015 වසරේ දී ආපසු ලබා ගෙන, යළි ඉන්දියාවට පිටත් කොට ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් ආපසු බාර දෙන ලද තවත් දේව ප්‍රතිමාවක් වන්නේ මහායාන බුදු දහම සමඟ සබැඳි බෝධිසත්ත්වවරයෙකු ලෙස සැලකෙන මන්ජුශ්‍රී ප්‍රතිමාවයි. 12 වන සියවසට ආපසු දිව යන කල, මෙම දේව ප්‍රතිමාවෙන් පිළිබිඹු වන්නේ මන්ජුශ්‍රී කඩුවක් සහ නෙළුම් මලක් දරා සිටින ආකාරයයි. කඩුව මගින් සැකය නමැති මායාව ඉවත් කිරීම සහ ප්‍රඥාව ගෙන ඒමේ බෝධිසත්ත්වයාණන්ගේ අරමුණ සංකේතවත් කෙරෙමින්, ඊට බෞද්ධාගමික ඉතිහාසයේ අධික වැදගත්කමක් දී ඇත. 1980 දී මෙම ප්‍රතිමාව බිහාරයේ බුද්ධගයා නම් විහාරයෙන් සොරකම් කරන ලදැයි චෝදනා කොට තිබිණි. උතුරු කැරෝලිනා විශ්වවිද්‍යාලයේ ඕක්ලන්ඩ් කලා කෞතුකාගාරයෙන් එය 2018 වර්ෂයේ දී නැවත සියරටට පමුණුවන ලදී.

මන්ජුශ්‍රී දේව ප්‍රතිමාව සමඟ ශිව දෙවියන්ගේ කළුගලින් නිර්මිත ලිංග රූපයක් ද ආපසු එවනු ලැබිණි. මේ අද්විතීය කෞතුක ශිව ලිංග 12වන සියවසට අයත් වේ. එම දේව ප්‍රතිමාව තමිල්නාඩුවෙන් සොරා ගෙන, ඇලබාමාහි බර්මින්ග්හැම් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබිණි. 2020 නොවැම්බර් මාසයේ දී, එක්සත් රාජධානියේ බලධාරීන් විසින් රාමා දෙවියන්ගේ, ලක්ෂ්මන දෙවියන්ගේ සහ සීතා දේවියගේ ලෝකඩ දේව ප්‍රතිමා තුනකින් යුත් කට්ටලයක් ඉන්දියාවට ආපසු ලබා දෙන ලදී. විජයගනර් පාලන සමයට (1336-1646) අයත්වන මෙම ලෝකඩ ප්‍රතිමා තමිල්නාඩුවේ නාගපත්තිනම් දිස්ත්‍රික්කයේ විහාරයකින් 1970 දී සොරකම් කොට ඇති අතර, ආපසු ලබා ගැනුණේ ලන්ඩනයේ පෞද්ගලික පුරාවස්තු එක්රැස් කරන්නෙකුගෙනි. එක්සත් රාජධානිය විසින් පසු ගිය වර්ෂයේ දී ඉන්දියාවට ආපසු ලබා දෙන ලද තවත් අගනා ප්‍රතිමාවක් වූයේ, රාජස්තානයේ ගටේෂ්වාර් විහාරයෙන් සොරා ගන්නා ලද පුරාණ ශිව දේව ප්‍රතිමාවකි. මෙම දේව ප්‍රතිමාවෙන් චතුර නටරාජා ඉරියව්ව නිරූපණය කෙරෙන අතර, මෙය 9වන -10වන සියවස දක්වා අතීතයකට දිව යයි. මෙය පෞද්ගලිකව පුරාවස්තු එක්රැස් කරන්නෙකුගේ අයිතියෙහි තිබී සොයා ගැනුණි. මෙම මිල කළ නොහැකි කලා නිර්මාණය නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා ලන්ඩනයෙහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සක්‍රීය කාර්යභාරයක් ඉටු කළේය. කැනඩාව ද ඉන්දියාවට මෑතක වසරවල දී උරුම පුරා වස්තු නිර්මාණ කිහිපයක් ආපසු ලබා දුන්නේය. ඒවා අතර ඇති විශේෂ එකක් වන්නේ “ගිරා කත” නම් වූ ප්‍රතිමාවයි. කාන්තාවක් ගිරවෙකු ඔසවා ගෙන සිටින, වැලිගලෙන් නිර්මිත මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් වසර 900ක් පමණ පැරණි වන අතර, පුරාණ ඉන්දියාවේ එදිනෙදා ජීවිතයේ පැතිකඩ ඉන් නිරූපණය වේ. ඉන්දීය අගමැතිවරයා කැනඩාවට කළ සංචාරය අතරතුර කාලයේ දී, පෞද්ගලිකව පුරාවස්තු රැස් කරන්නෙකුට අයිතිව තිබූ මෙම ප්‍රතිමා නිර්මාණය 2015 දී හිටපු කැනේඩියානු අගමැති ස්ටෙෆන් හාපර් විසින් අගමැති මෝඩි මැතිතුමා වෙත ආපසු ලබා දෙන ලදී. ඉන්දියාවට ආපසු ලබා දුන් චෝළ රාජ වංශයට අයත් පුරාවස්තු නිර්මාණ අතර ඕස්ට්‍රේලියාවේ දී ආපසු සොයා ගැනුණු නටරාජා සහ අර්ධනාරීස්වර ලෝකඩ ප්‍රතිමා වේ. මෙම දේව ප්‍රතිමාවන් ක්‍රි.පූ 11 වන සියවසට අයත් වේ. අර්ධනාරීශ්වර යනු අඩක් පුරුෂ අඩක් කාන්තා ස්වරූපයෙන් තිබෙන, ශිව දෙවියන් සහ පාර්වතී දේවතාවිය ඒකාබද්ධ කොට නිර්මාණය කරන ලද කලා ප්‍රතිමාවකි. ගලින් නිම කරන ලද ද්වාරපාල (පුරාවෘත්තයේ සඳහන් විහාර රැකවලුන්) නැතහොත් දොරටුපාලයන් දෙපළකගේ පිළිරුවක් ද ඕස්ට්‍රේලියාවෙන් යළි හමු වී ඇත. ඕස්ට්‍රේලියාව 6වන සියවසේ සිට 8වන සියවස දක්වා කාලපරිච්ඡේදයට අයත් වූ නාගරාජ ශෛල ප්‍රතිමාවක් (සර්ප රජෙකු) ද ඉන්දියාවට යළි ලබා දී ඇත. ඒහා සමාන වූ අගය කළ හැකි සහ සුහද ඉල්ලීමකින් ජර්මනිය ද 2015 වසරේ දී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ සංචාරය අතරතුර දී ඉන්දීය ඉතිහාසයට අයත් කලා නිර්මාණයක් ආපසු ලබා දුන්නේය. ආපසු ලැබුණු දුර්ගා දේවතාවියගේ ස්වරූපයක් වන, 10 වන සියවසට අයත් මහීෂසුරමර්දිනි නම් දේව ප්‍රතිමාව වසර 20කට අධික කාලයකට පෙර කාශ්මීරයේ විහාරයකින් අතුරුදන් ව ගොස් තිබිණි. දශක ගණනාවක් මුළුල්ලේ, ඉන්දියාවට සංස්කෘතික වටිනාකමින් යුත් පුරාණ කලා වස්තූන් දහස් ගණනක් අහිමිව ගොස් තිබුණි. මෑතක වසරවල දී, ඉන්දීය රජය සිය රටෙන් සොරා ගැනුණු කලා කෘති යළි සිය රටට ගෙන ඒමට අනලස්ව ක්‍රියා කොට ඇති අතර, ඉන්දියාවේ පුරා විද්‍යාත්මක සමීක්ෂණයෙහි වාර්තා මගින් පෙන්වා දෙන්නේ, 2014 සහ 2020 යන කාලය අතරතුර කලා නිර්මාණ 40ක් සොයා ගැනීමට ඉන්දීය රජය සමත්ව ඇති බවත්, තවත් කලා වස්තූන් 75-80ත් අතර ගණනක් ආපසු ලැබීමට නියමිත බවත්ය. ඉන්දියාවට ආපසු ලැබුණු මෙම මිල කළ නොහැකි කලා වස්තූන් ඒවායේ මූලාරම්භය සහ විශ්ලේෂණය කිරීමට පහසුකම් සලසන අතර, ඒවායේ පෞරාණිකත්වය අපගේ ඉතිහාසය සහ සංස්කෘතිය තවදුරටත් සුපෝෂණය කරයි. නව දිල්ලියෙහි ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන, ආචාර්ය බී ආර් මානි පැවසූයේ: “අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ ප්‍රයත්නයන් සහ ජාතික ජනශ්‍රැතිය සහ සංස්කෘතිය කල්පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ ඔහු තැබූ අවධාරණය හේතුවෙන්, අහිමි වූ කෞතුක වස්තූන් සහ උරුමයන් දේශයන් අතර හුවමාරු කර ගැනීම ඇදහිය නොහැකි වේගයකින් සිදු කර ගැනීමට හැකි විය. ”මෙම ක්‍රියාවලිය මගින් ඉන්දියාව සංස්කෘතික නිරූපකයක් ලෙස ගෞරවයෙන් සැලකීමට අනෙකුත් දේශයන් පොළඹවා ඇත“. අපගේ ඉතිහාසයේ කොටස් ආපසු ගෙන එමින්, ඓතිහාසික තොරතුරුවල හිඩැස් පිරවීම වැනි එවන් කර්තව්‍යයන් සංස්කෘතික වශයෙන් උකහා ගැනීමේ හැඟීමක් ඒකාබද්ධ කිරීමේ දී අතිශය වැදගත්කමින් යුත් වෙයි. සංස්කෘතික වටිනාකමින් යුත් පුරාණ කලා වස්තූන් ඉන්දීය උරුමයෙහි දැවැන්ත කොටසක් වන අතර, දේශයේ ඓතිහාසික පරිසරය නිර්වදනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම පෞරාණික වස්තු ඉන්දියාවේ චමත්කාර අතීතය යළි පුබුදුවාලීමට පමණක් නොව, අනෙකුත් රටවල් සහ අනෙකුත් ජනයා සමඟ ශක්තිමත් සංස්කෘතික, සමාජීය සහ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීමට හා ඒවා වර්ධනය කිරීමට ද උපකාරී වී ඇත.