ඉවුම් පිහුම්

ආදිකාලීන මුළුතැන් ගෙවලවලින් එන ලිපි

නිකුතුව 04, 2019

ආදිකාලීන මුළුතැන් ගෙවලවලින් එන ලිපි



ආහාර විවිධත්වය ඉන්දියාවේ රස නිධාන සහ ප්‍රජා සූපවේද පොත්, දෙකම පැරණි හෝ අළුත්, හුදෙක්ම වට්ටෝරු ලැයිස්තුවක් පමණක්ම නොව සාම්ප්‍රදාය සහ චාරිත්‍ර වාරිත්‍ර සඳහාමත් නන්විධ ආකාරයක් ගනියි. මෙම පොත්පත් ඉන්දියානු සංස්කෘතියෙහි ඒකීයතාව සංරක්ෂණය කරන අතර වට්ටෝරු ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා පමණක් ද නොවෙයි

ඉන්දියාවේ දී, වඩාත්ම ජනප්‍රිය ප්‍රකාශයක් මෙසේ පවසනු ඇසෙයි, “කොස්කොස් පා බෑඩ්ල් පාණි, චාර් කොස් පාර් බානී (සෑම කොස් වෙනස් කිරීමකින්ම පසුවත්, හෝ දුර මනින පෞරාණික ඒකක සහ දිලික්තයකින් පසුවත් වතුරවල රස වෙනස් වෙයි). මෙම ආප්තෝපදේශයට සුළු කිලෝමීටර් ගණනක් ඇතුළත වෙනස්වන ආහාරවල රස විවිධත්වයට එකතු කළ යුත්තේ මොනවාද යන්න පැහැදිලි කෙරෙයි. ආහාරය ප්‍රජාවල සාම්ප්‍රදායකත්වය පිළිබිඹු කරයි; ගොවි ගෙවිලියන්ගේ උත්සවවල සිට චාරිත්‍ර වාරිත්‍ර සහ ඇදහිලි දක්වා ආහාර රසය වෙනස් වෙයි. ආහාර ඉතිහාසඥයින් වෙනස්වන ජීවන විලාසය, සංචාර සමයන්, අළුත් ඉවුම් පිහුම් හඳුන්වාදීම සහ ලද හැකියාව පහසු කෙරෙන නව ආහාර වර්ග මෙම ඉන්දියානු පිහුම් සාම්ප්‍රදාය මතකයෙන් ඈත්ව යන සෙයක් පහසු කරයි. කෙසේවෙතත්, බලාපොරොත්තුවේ කිරණක් විහිදී යයි, රට වඩා ඇති ප්‍රජා සංගම් වට්ටෝරු, පිහුම් තාක්ෂණ සහ සීමිත ඉන්දියානු සංස්කරණ පොතපත වලින් පිරුණු නැව් මහා ලේඛනාගාරයකට හැරවීමට ලක ලැහැස්තිවීම එයයි.

වචනය ඔස්සේ දිවිගැලවීම

මෙම සාංගම්, නිතරම පාහේ නිදහසට පෙර ඉන්දියාවේ යුගය කරා පසුදාතම කරනු පෙනෙයි, ඔවුන්ගේ සාම්ප්‍රදායයන් සහ සංස්කෘති සුරක්ෂා කරන පිණිස වෙන වෙන ප්‍රජාව තුළ සිටි සාමාජික කණ්ඩායම් සකස් කිරීම සඳහා කුඩා අල්ලිවලට බෙදනු ලබයි. ඔවුන් සංස්කෘතික ඉසව්, ආගමික උත්සව, ආහාර උත්සව සහ නිතිපතා රැස්වීම් සංවිධානය කරන අතර සාම්ප්‍රදායික සැකසුම් සහ ඉලක්කගත කරන සමයෙහි ආහාර විවිධත්වය පාඨකයන්ට මතකයට නගා දෙයි. ආහාර උරුමය, එනයින්ම, සංරක්ෂණය කරනු ලැබෙන අතර එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාව කරා උරුම කොට දෙයි. මෙම උරුමය සංරක්ෂණීය වශයෙන්, පොත්වලට පෙරළනු ලබයි, සීමිත සංඛ්‍යාවකින් මුද්‍රණය කරනු ලබන අතර ප්‍රජාව තුළ පමණක් බෙදාහරිනු ලැබෙයි. ඒ අතර ඇතැම් පතපොත සැබැවින්ම වයස පසුකර ඇති අතර උරුමයේ කොටස් බවට පත්කරනු ලැබ තිබේ. අනෙක්වා ප්‍රවර්තනයේ ලියනු ලැබෙමින් පවතී.

අද, නැගෙනහිර ඉන්දියානු ආහාර විධි පොත විස්මය ජනක අයුරින් වටිනාකමක් තිබෙන
නමුදු මුම්බායි ප්‍රජාව පිළිබඳ ඉතා කුඩා සාහිත්‍ය ඇසුරක් පවත්වා ගනී

අනගි පොතපත

එම පැරණිතම පොත් සංහිතාව අතර එවැනි එක් පොතකි රසචන්ද්‍රිකාව, 1917 දී මුම්බාය පදනම් කරගත් සාරස්වත් මහිලා සමාජ් මගින් ප්‍රකාශනය කළ එකකි ඒ. මුල්ම සංස්කරණය පිටවූයේ මරාති බසිනි, එය අත්‍යන්තයෙන්ම ප්‍රසිද්ධියට පත්විය. ඉන් පසුව, හින්දි සංස්කරණය පැමිණි අතර අවසානයේ දී ඉංග්‍රීසි සංස්කරණය පැමිණියේය. කොන්කානි කතා කරන ප්‍රජාවට අයත් මුළුතැන් ගෙවල්වලින් මේ පොතට සම්භාව්‍ය වට්ටෝරු ගණනාවක් එක් කර තිබිණි, සංගීතය, වේදිකාංග, සාහිත්‍යය සහ පෝෂණීය ආහාර ඊට අයත් තැනින් ඉඩ සකසා ගෙන තිබිණි. මෙම ප්‍රජාව උතුරු ඉන්දියාවේ සරස්වතී නදියේ ඉවුරුබඩ සකසා ගෙන, දකුණු දෙසට විතැන්වන ප්‍රජාවේ සාමාජිකයින් සියවස් ගණනාවක් ඔස්සේ සිය ඉතිහාසය ලියවාගෙන තිබිණි.

අයිවි ගෝර්ඩ් ඇතුළත් ප්‍රණීත හා සුවඳැති ඉවුමක් සහ මුම්බායි සාරස්වත් මහිලා සමාජයේ ඉදිරිපත් කිරීමක් වන සාම්ප්‍රදායික පිළිවෙලක් රසචන්ද්‍රිකාවේ පිටු අතර පැහැදිලි කරන විස්තරයක් ඇතුළත් සාම්ප්‍රදායික ආහාර සැකසුමකි

තවත් එවැනි මැණිකක් නම්, දකුණු ඉන්දීය නිර්මාංශ පිහුම් වලට මාර්ගෝපදේශකයක් වන එස් මීනාක්ෂි අම්මල් විසින් කළ කෘතියක් වන සාමායිතු පා නිර්මාණයයි. 1951 දී ප්‍රථම වරට ප්‍රකාශනය කළ අද වෙළුම් තුනකින් සැදී ඇත. මුල්වරට දෙමළ බසින් ලියැවුණු මෙම පොත, කතුවරයාගේ පවුලේ අය විසින් වෙනස් භාෂාවලින් ප්‍රකාශනය කරමින් තිබේ. දෙමළ බ්‍රාහ්මණ කුටුම්භවල පිසෙන වට්ටෝරුවල අනගි විස්තර එයින් ලැයිස්තුගත කර පවතින අතර, ශ්‍රාද් උත්සව (අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර) ලෙස සේවාකරන විටදී පවා, මංගල උත්සව සඳහා පිසෙන ස්නැක් වර්ග, විවිධ උත්සව අවස්ථාවල දී දෙවියන්ට පූජා කරන සමස්ත පූජා ආදිය පොත්වල ලැයිස්තුගත කර තිබේ. ප්‍රියා රාම්කුමාර්, එස් මීනාක්ෂි අම්මල්ගේ මිනිපිරියක වන ප්‍රියා රාම්කුමාර්, මෙසේ පවසයි, “මීනාක්ෂි අම්මල් පිසීම සඳහා ඇතිකරගත් සුහුරුබව ඇයගේ පවුලේ සෑම දෙනාටම අනියම් මාර්ගෝපදේශකයකි. ඇය සියලුම දේවල් පොතක් ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීම යෝජනා කරන ලද්දේ ඇයගේ මාමා ය. අපි ඒවා මාර්ගගත කළෙමු. තවද වීඩියෝ එකතුවක් ලෙස බාල වියේ පසුවන ළමුන්ට වඩාත් ආකර්ෂණීය බවට හැරෙමින් ද තිබෙනවා.”

නැගෙනහිර ඉන්දියානු සූපවේදී පොතක පිටු අතරෙහි සාම්ප්‍රදායික ඉඟුරු සහ සියඹලා අච්චාරුවක් විස්තර කරන සමකාලීන ආහාරයකි (ඉහළ දකුණේ)

කාන්තා හඬ

එමෙන්ම මෙහිලා සඳහන් කිරීමට වටිනා, තරමින් කුඩා නමුත් වැදගත්කමින් සමාන තත්ත්වයක ඇති ආහාර පොතපත විවිධ ප්‍රජා අතර කාන්තා සමාජ විසින් ලියන ලද සූපවේදී පොත් සංග්‍රහ වී තිබේ. කිහිපයක් මෙන්න:

ෆ්ලේවර්ස් ඔෆ් සින්ද්, ඉන්දීය සින්දි කවුන්සිලය යටතේ පවත්වා ගෙන යන බැංගලෝර් කාන්තා එකමුතුවෙහි ඉදිරිපත් කිරීමකි. වට්ටෝරු ගණනාවක් අතරින් සින්ධි ඉවුම් පිහුම් වලින් සංයෝජනීය වන සම්භාව්‍ය මෙනු අතරින් ආකර්ෂණීය වට්ටෝරු ගණනාවක් ද වේ.

මැංගලෝර් කාන්තා සමාජය ඉදිරිපත් කරන ආහාර සැකසීමේ පොත, ප්‍රීතිය දායාද කරන වට්ටෝරු 1000කට වැඩි එකතුවක්, කුළු රසය දෙන ද්‍රව්‍ය රැසක්, ප්‍රණීත පිළිස්සුම් එකත්වක්, මැංගලෝරියානු ප්‍රියතමයන් සමග විශාල සංඛ්‍යාවක් වන උපකාරී ඉඟි පිරිනමයි

හයිද්‍රාබාද් එකලස් කිරීම්,

ZSM සූපවේද පොතක්, සමග සාම්ප්‍රදායික පාසි ෆ්ලේවර්ස් රැසක් ද ගෙන එන සොරෝඇස්ට්‍රියන් ස්ට්‍රී මැන්ඩල්.

වඩාත් සමකාලීන ප්‍රජා ආහාර වට්ටෝරු පොතක් වන තවත් මුම්බායි ප්‍රජාවක සාම්ප්‍රදායයන්, නැගෙනහිර ඉන්දියානුවන් ලේඛනගත කරයි. ඩොරති රොඩ්රිකස් විසින් ලියන ලද, පොත නැගෙනහිර ඉන්දියානු ක්‍රිස්තියානුවන්ගේ ආහාර සහ සංස්කෘතිය විස්තර කරයි. අද වන විට, මෙම ප්‍රජාව පිළිබඳව ඉතා කුඩා සාහිත්‍යයක් පමණක් ඉතිරි වී ඇති බැවින් විස්මය ජනක ලෙස වටිනා බව සලකනු ලැබේ. කැසියා පෙරෙයිරා, කතුවරයාගේ දියණිය, “2005 දී, මගේ තාත්තා ටෙඩී රොඩිරිකස් පොතක් ලිව්වා, මුම්බායි ක්‍රිස්තියානි භක්තිකයින්ගේ ඉතිහාස පොතක් විදියට, ඔවුන්ගේ ජන්මබිම ලෙස අප දකින භූමිය ගැන කතාවක් එහි අඩංගු වේ. 2008 දී, මගේ මව, ඩොරති රොඩ්රිකස් ඇගේ පළමු ඉවුම් පිහුම් පොත නිකුත් කළා. සැල්සෙට්ටී වාසායි ඊස්ට් ඉන්ඩියන් කුක් බුක් – 1 වන කොටස එයයි, 2012 දී එය අනුගමනය කරන මගින් යමින් එහි දෙවන වෙළුම නිකුත් කළා. මෙම පොත් නැගෙනහිර ඉන්දියානු වට්ටෝරු පොතෙහි මුල් පොත් බව පැවසෙයි.”දදීමා නා වර්සෝ ලෙස විදේශයන්හි තවතවත් වැඩියෙන් දරුවන් පදිංචි කර ගන්නා ප්‍රජාව සඳහා විශේෂයෙන්ම සකසන ලද විශාල පොතක් වන එහි පාලන්පූරි ජෛන ප්‍රජාව වෙතින් එන වට්ටෝරු රැසක් අඩංගු ගබඩාවකි. මෙම පුස්තකය එක්ව තැනෙන විශාල පොත තුළ අධ්‍යයන පර්යේෂණ තෝරා ගත් නීටා ශයිලේශ් මේතා, රාජුල් අජේ ගාන්ධි සහ ආචාර්ය සත්‍යාවතී සුරාජ්මාල් ජාවේරි යන රාචනා ත්‍රිපුද්ගල කාන්තා සමූහය පිළිබඳ විස්තරාත්මක අවධානය දිනාගත් එකකි. රොටි (ඉන්දියානු සමතල පාන්) වට්ටෝරු වල සිට එළවළු ක්‍රිස්පි, ඉතා විස්රාත්මක පදමාලාවක් කරා නැවත තාරුණ්‍යයට යන මාවතේ මෙම පොත ගුජරාටි සහ ඉංග්‍රීසි භාෂාවලින් නිමවෙන මෙම පොත එහි බර තරමටම වටිනාකමින් යුත් එකකි යි පවසයි.

එස් මීනාක්ෂි අම්මාල් විසින් රචිත සමායිතු පා, දකුණු ඉන්දියානු නිර්මාංශ ආහාර පිසීම සඳහා මාර්ගෝපදේශකයක්
සපයන අතර තවමත් රචිකාවගේ නිවහනේ පවුල වෙනස් භාෂාවලින් ප්‍රකාශයට පත් කරමින් පවතී

තවත් ජෛන ප්‍රජාවක් වන, බෙංගාලයේ ෂෙහෙර්වාලි විසින් මුර්ශිදාබාද් හි රාජකීය නිර්මාංශ ඉවුම් පිහුම් ලැයිස්තුවක් අන්තර්ගත වේ. ප්‍රදීප් චොප්රා විසින් කර්තෘත්වය දරන මෙම පොත, ප්‍රජාවේ ඉවුම් පිහුම් වලට දමන රසකාරක ලේඛනගත කරයි, ඔවුන්ගේ රාජස්ථාන් මූල පිළිබඳ මිශ්‍රණයක් වන බෙංගාල සහ බ්‍රිතාන්‍ය යුග දක්වා බලපෑම් ඇතුළත් වෙයි. ප්‍රදීප් චොප්රා, මුර්ශිදාබාද් උරුම සංවර්ධන සංගමයේ සභාපති, මෙසේ පවසයි, “ෂෙහෙර්වාලි ප්‍රජාවේ වට්ටෝරු අතරට ඉතාම පිරිසිඳු ජෛන නිර්මාංශ ආහාර ඇතුළත් වේ. අපට මේවා අනාගත පරම්පාරාවට ගැනීමට ආරක්ෂා කර තැබීමට අවශ්‍යයි.” ලැයිස්තු යනු හුදෙක්ම වට්ටෝරු නොවේ, නමුත් චාරිත්‍ර වාරිත්‍ර වල සාම්ප්‍රදා සහ සියුම් වෙනස්කම් ද එහි ඇතුළත් වේ, මේ පොත් ඉන්දියානු ප්‍රජාවල සහ ආහාර ඉතිහාසඥයින්, අරක්කැමියන්, හා කතුවරුන් ද දිගු ගමනක් යාමේ දී ඉතා වැදගත් වේ. සරල භාෂා විලාසයකින් ලියැවී ඇති, බොහෝවිට අවිධිමත් යෙදුම් අන්තර්ගතවන, බෙහෙවින්ම මේවා උත්සාහ කරන ලද අතර, පරීක්ෂා කරන ලද වට්ටෝරු හිසකේ ගෙතීමකට වැඩි යමක් නොවේ. සාම්ප්‍රදාය සහ උරුමය වාචිකව පැතිර යන රටක, එවැනි ලිඛිත වාර්තා තැබීම් පාරිභෝගිකයින් සහ සාම්ප්‍රදායයන් අනාගතය උදෙසා කැටලොගවලට ඇතුළත් කරනු ලැබේ.

වදන් පෙළ චිත්‍රා බාලසුබ්‍රමනියම් ගෙනි

චිත්‍රා බාලසුබ්‍රමනියම් වඩාත් අඩුවෙන් හඳුනා ගැණෙන, නොඇසෙන, හෝ අසාමාන්‍ය ආහාර ගැන සිතැඟි සහිත ලිපි නිතරම ලියන අතර ඇයගේ පිපාසය ඒවා ප්‍රධාන ධාරාවට යොමු කිරීමයි. වෘත්තියෙන් ආයෝජන කොටස් විශ්ලේෂකවරියක ද චිත්‍රා රෙදිපිළි, ගෘහනිර්මාණ ශිල්පය සහ උරුමයන් පිළිබඳව ද ලියයි.
error: Content is protected !!