දිවියාගේ රට
ඉන්දීය රජය විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඉන්දියාවේ දිවියන්ගේ ගහණය සියයට 60කින් වර්ධනය වී තිබේ. ලෝකයේ අනෙකුත් කොටස්වල විශේෂ සංඛ්‍යාව වේගයෙන් අඩුවන බැවින් මෙය රටේ සංරක්ෂණ කටයුතු සඳහා සැලකිය යුතු සාර්ථකත්වයකි. වනජීවී සංරක්ෂණ විද්‍යාඥ දව්ලත් සිං ශක්තවාත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි
ඉන්දියාවේ දිවියන්ගේ ගහණයේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බව මෑතකදී නිවේදනය කරන ලදී. 2020 දෙසැම්බර් 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද “ඉන්දියාවේ දිවියන්ගේ තත්ත්වය, 2018“ නම් ඉන්දීය රජයේ වාර්තාවට අනුව, ඉන්දියාවේ දිවියන් ගහණය 2014 දී 7910 සිට 2018 දී 12852 දක්වා වසර හතරක කාලය තුළ සියයට 60ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. වාර්තාවට අනුව, ඉන්දියාවේ වර්තමාන දිවියන් ගහණයෙන්, ඊසානදිග කලාපයේ දිවියන් 141ක් වාසය කරන අතර, ශිවාලික් කඳුකරය සහ ගංගා තැනිතලා පරාසය තුළ දිවියන් 1253ක් වාර්තා වී තිබේ. මධ්‍යම ඉන්දියාවේ සහ නැගෙනහිර කඳුකරයේ දිවියන් 8071ක් ද, බටහිර කඳුකරයේ පරාසය 3386ක් ද වේ. නියැඳි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වාර්තා වී ඇති සංඛ්‍යා සත්‍ය සංඛ්‍යාවට වඩා අඩු විය හැකි බව ද වාර්තාව පවසයි. ඉන්දියාවේ දිවියන්ගේ ගහණය 1960 දශකයේ අග භාගයේ දී අඩු වීමට පටන් ගෙන තිබුණි. රජයේ සහ ස්වාධීන සංවිධානවල පුළුල් සංරක්ෂණ ප්‍රයත්න ගණනාවකින් පසුව, ඔවුන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. දිවියන් පමණක් නොව, මෑත වසරවල දී, ඉන්දියානු වනාන්තරවල කොටින් සහ සිංහයන් වැනි විශාල බළලුන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ. දැන්, දිවියන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟම, මෙම සමස්ත වැඩිවීම ඉන්දියාවේ වන සතුන් ආරක්ෂා කිරීමේ සංරක්ෂණ ප්‍රයත්නවල සාක්ෂියකි. දිවියන් සංරක්ෂණය සඳහා කටයුතු කරන අයට සුබ පැතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “විශිෂ්ට ආරංචියක්! සිංහයන් හා කොටින්ගෙන් පසු දිවියන්ගේ ගහණය වැඩිවේ. සත්ත්ව සංරක්ෂණය සඳහා කටයුතු කරන සියලු දෙනාටම සුබ පැතුම්. අප මෙම උත්සාහක දිගටම කරගෙන යා යුතු අතර අපගේ සතුන් ආරක්ෂිත වාසස්ථානවල ජීවත් වීම සහතික කළ යුතුය.”

ඉන්දියාවේ, වල් බළලුන් විශේෂ 15ක් පමණ හමුවන අතර, දිවියන් (පැන්තෙරා පාර්ඩස්) විශාල බළලුන්ගෙන් එකක් වන ඔවුන් වඩාත් සුන්දර හා කඩිසරය. දිවියන් ඔවුන්ගේ අද්විතීය කුසලතාව හා ඔවුන්ට ජීවත් වීම සඳහා සහය වන අනුවර්තන ස්වභාවය නිසා ප්‍රසිද්ධියක් උසුලයි. අප්‍රිකාවෙන් පිටත මෙම සත්ත්වයාගේ විශාලතම නිවහන ඉන්දියාව වන අතර, ලෝකයේ වෙනත් ප්‍රදේශවල තර්ජනයට ලක්ව ඇති බැවින් සතුන් මෙහි සශ්‍රීකව සිටීම අතිශයින්ම දිරිගන්වන සුළුය. ඇල්පයින් හිමාලය, රාජස්ථානයේ කාන්තාරයේ අන්ත බටහිර කොටස්, ගුජරාටයේ රැන් ඔෆ් කච් සහ බටහිර බෙංගාලයේ ඩෙල්ටයික් සුන්දර්බන්ස් හැරුණු විට දිවියන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. එහි වාසස්ථාන ඝන වනාන්තර සහ විවෘත කැලෑවල සිට ළඳුකැලෑ ප්‍රදේශ දක්වා වෙනස් වේ. මුම්බායි, බෙංගලූර් සහ මයිසුරු වැනි නගර වටා ද ඌ සංචරණය කරනු දක්නට ලැබේ.

දිවියෙකුගේ අනුවර්තන ගති ලක්ෂණය එය මිනිසුන් සමඟ සෘජු ගැටුමකට ගෙන එයි. “දිවියාගේ තත්ත්වය“ වාර්තාව මෙම සාධකය ඉස්මතු කරන්නේ ඉන්දියාවේ විශේෂ සංරක්ෂණය උත්සාහයන්ට තර්ජනයක් වන බොහෝ සාධකවලින් එකක් ලෙසය. රේඛීය යටිතල පහසුකම් ව්‍යාපෘති සහ දඩයම් කිරීම විශේෂයට බලපාන අනෙකුත් ප්‍රධාන අහිත සාධක වේ. පාරිසරික වන සංරක්ෂණ හා දේශගුණික විපර්යාස අමාත්‍යාංශයට මිනිසුන් – දිවියන් ගැටුම සහ එවැනි තත්ත්ව හැසිරවිය හැකි හොඳම පුහුණුකරුවන් පිළිබඳ මෙහෙයුම් මාර්ගෝපදේශ මාලාවක් ඇත. මාර්ගෝපදේශ වල පරමාර්ථය වන්නේ දිවියන් සමඟ මානව ගැටුම් අවම කිරීම, සතුන් ස්ථාන මාරු කිරීම අධෛර්යමත් කිරීම සහ හදිසි ගැටුම් තත්ත්වයන් විසඳීම සඳහා වැඩිදියුණු කළ මාර්ග යෝජනා කිරීමයි. වාර්තාවට අනුව, දිවියන්ට ඇති දෙවන විශාලතම තර්ජනය වන්නේ මාර්ග, දුම්රිය, විදුලි රැහැන් හා ඇළ මාර්ග වැනි රේඛීය යටිතල පහසුකම් වර්ධනය වීම වන අතර එය ඉන්දියාවේ ආර්ථික සංවර්ධනයට සහාය වීමට අවශ්‍ය වනජීවීන්ට ද අහිතකර ලෙස බලපායි. රේඛීය යටිතල ව්‍යුහයට සාපේක්ෂව කුඩා වනාන්තර ඉඩම් අවශ්‍ය විය හැකි නමුත් අසමාන ලෙස විශාල බලපෑමක් ඇති කරයි, එහි ප්‍රතිඵලයක් ලෙස වනජීවී කොරිඩෝව විනාශ වේ. ජෛව විවිධත්ව සංරක්ෂණය හා රේඛීය යටිතල පහසුකම් වර්ධනය සමඟ එකඟතාවයකට ඉන්දියාව පියවර කිහිපයක් ගෙන ඇති අතර වනජීවීන් සශ්‍රීක විය හැකි ආරක්ෂිත ප්‍රදේශ නිර්මාණය කිරීම සහ ශක්තිමත් කිරීම සහ ප්‍රධාන ධාරාවේ ප්‍රවේශයන් අනුගමනය කිරීම ඊට ඇතුළත් වේ. දිවියන් ඇතුව සියලුම විශාල බළලුන් අධීක්ෂණය හා ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව පුරා වනාන්තරවල තාක්ෂණය භාවිත කෙරේ. මෙම සතුන්ගේ හැසිරීම අවබෝධ කර ගැනීම සඳහා කැමරා උගුල් ක්‍රමය සහ ගුවන් විදුලි ටෙලිමෙට්රි තාක්ෂණය භාවිත කරනු ලැබේ. මෙය සතුන්ගේ ජීවන රටාව පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට උපකාරී වන අතර එමඟින් විවිධ තර්ජනවලින් ආරක්ෂා වීමට සහ මිනිසා සහ සත්වයන් අතර ගැටුම් වැළැක්වීමට උපකාරී වේ. ඉන්දියානු රජය වනාන්තර විනාශය, වාසස්ථාන වැඩිදියුණු කිරීම, දැඩි ආරක්ෂණ පියවර ගැනීම සහ අදාළ ප්‍රාන්තවල කැළෑ කොරිඩෝව නිර්මාණය නතර කිරීම සඳහා දැඩි හා නිරන්තර උත්සාහක දරමින් සිටී. මෙම අඛණ්ඩ උත්සාහය හේතුවෙන් වනාන්තර ආවරණය සහ වනජීවී ගහණය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ඉන්දියානු වන සංරක්ෂණ වාර්තාව (අයිඑස්එෆ්ආර්) 2019ට අනුව, ජාතික මට්ටමින් වර්ග කිලෝමීටර් 5188ක වනාන්තර හා ගස් ආවරණයක් වැඩි වී ඇති අතර, එය දිවියන් ඇතුළු සියලු වනජීවී සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී තිබේ.