පෞරුෂය

දිවියට වඩා සුවිසල්

නිකුතුව 03, 2020

දිවියට වඩා සුවිසල්



සිත වසඟ කරවනසුලු ඉදිරිපත්කිරීම්, අර්ථාන්විත චරිත, අමතක නොවන ආකාර්ෂණය, ඔහුගේ මනස කතා කරවීම සඳහා දැක් වූ ළැඳිකමත් හේතුවෙන් රිශී කපූර් හින්දි සිනමාවේ ප්රකතිරූපයන්ගෙන් එකක් බවට පත් වුණි. මෙම මිනිසා සහ ඔහුගේ සත්කීර්තිමත් වෘත්තීය දෙස ආර්ති කපූර් සින්ග් හැරී බලයි

වරක් රිශී කපූර් “ප්‍රකට පියෙකු සහ ප්‍රකට පුතෙකු අතර සම්බන්ධකයක්” ලෙස ඔහුව විස්තර කොට ඇත. තම සීයා වන ප්‍රිත්විරාජ් කපූර්ගේ නිර්මාණයක, වයස අවුරුදු දෙකේ දී රිදී තිරයේ තම මංගල දර්ශනය ඉදිරිපත් කළ චින්තු බබාට (කපූර්ගේ සුරතල් නාමය) එම රඟ දැක්වීමෙහි සිදු කිරීමට තිබුණේ තොටිල්ල මත නිදා ගැනීම පමණයි. පසුව, සිඟිත්තෙකු ලෙස කපූර් ඔහුගේ පියා වන රාජ් කපූර් 1955 වර්ෂයේ දී නිර්මාණය කළ ශ්‍රී 420 යන චිත්‍රපටයේ “ප්යාර් හුවා ඉක්රාර් හුවා” යන ගීතයට පෙනී සිටියේ ය. එනමුත්, ඉන් පසුව පවා තරුණ කපූර් චිත්‍රපට කර්මාන්තයට එක් වීමට උනන්දුවක් නොදැක් වූයේය. “මගේ පවුලේ උරුමය නොතකමින්, ඒ වගේම මගේ පියා ඔහුගේ මුල්ම අවුරුදුවල දී ක්‍රියා කළ අයුරින්, මෙම පවුල් ව්‍යාපාරයට එක් වීමට දැඩි වුවමනාවක් සමඟ මම උස් මහත් නොවුණෙමි” යැයි කුල්ලාම් කුල්ලා යන ඔහුගේ ජීවිත කතාවෙහි ඔහු ලියුවේය: යනුවෙන් රිශී කපූර් වෙනස් නොකරමින් පැවසුවේය. කපූර් 16 හැවිරිදි වියේ පසු වන විට, ඔහුගේ පියා තම චිත්‍රපටයක් වන මේරා නාම් ජෝකර්හි තම පුතුව රංගනයට දායක කර ගත් අතර, ඉන්පසු කුඩා කපූර් චිත්‍රපට නිර්මාණ ක්‍රියාවලිය සතුටින් භුක්ති විඳීමට ආරම්භ කළේය. ඔහු රඟ දැක් වූ එම චරිතයට ඔහුට ජාතික සම්මානය (හොඳම ළමා කලාකරුවා සඳහා) හිමි වීම පුදුමයක් නොවී ය.

ඔහුගේ මංගල චිත්‍රපටය වන බොබී (1970) තිර ගත වීමත් සමඟ, ඔහු එක් රැයකින් අද්විතීය තුරුණු කලාකරුවෙකු බවට පත් වූයේය. චිත්‍රපටය නිකුත් වීමට ප්‍රථම, මැදි තිස් වියෙහි පසු වූ වීරයන් ප්‍රධාන රොමෑන්තික භූමිකාවල රඟපැම් සිදු කරනු ඇත. ගැටවර වියේ ආදර කතාව බොබී පැවසුවේය. ඒ වගේම සිත්ළඟන්නා කොල්ලෙකු ලෙස ඔහු එම චරිතයට කදිමාකාරයෙන් ගැළපුණේය. උද්යෝගීමත් ලෙස, ඔහු අධ්‍යක්ෂවරයාගේ පුතණුවන් වූව ද, ජාතික සම්මාන දිනූ රංගන ශිල්පියෙකු වූවද, චිත්‍රපටයේ ප්‍රධාන අවධාරණය යොමු කර තිබුණේ එහි කාන්තා රඟපෑම වන බොබී වටා ය! “මම පියා ප්‍රමුඛත්වය දුන්නේ පළමුව කතාවටයි. ඉන්පසු පවුලටයි.” යැයි කපූර් සැමවිටම පැවසුවේය.

රිශී කපූර් ඔහුගේ බිරිඳ නීතු කපූර් සහ පුතු රන්භීර් කපූර් සමඟ

චිත්‍රපට 100කට අධික ගණනකට රංඟනයෙන් දායක වී දස්කම් දැක් වූ රිශී කපූර්, 1970 වර්ෂයේ සිට 1990 අග භාගය දක්වා රොමෑන්තික චරිතවල රඟ පෑ රංගන ශිල්පියෙකු ලෙස, බොලිවුඩයේ දීර්ඝතම වෘත්තියයන්වලින් එකක් සතු වූ අයෙක් වූයේය. “එක් අතකින් ගිටාරයක් ද සහ අනෙක් අතින් කෙල්ලෙකු ද අල්ලා ගෙන සිටිමින්, අපරික්ෂාකාරී ප්‍රේම සම්බන්ධතා ගැන ප්‍රකට පුද්ගලයෙකු ලෙස, නාද මුමුණුවමින්, ගොතන ලද ඇඟ වැස්මක් පැළඳ, රොමෑන්තික තරුවක් ලෙස 1970 වර්ෂයේ දී නැතහොත් 80 දී ලබා ගත් මාගේ ඡායාරූපයක් තිබෙනවා” යැයි කපූර් ඔහුගේ පොතේ ලියුවේය. 70 සහ 80 දශකයේදී කපූර් ආධිපත්‍ය ගෙන සිටි කාලයේ දී ඉන්දීය සිනමාව සම්පූර්ණයෙන්ම තුරුණු ආදරය, ප්‍රාණවත් සංගීතය සහ නර්තනය, චිත්තාකර්ශණීය ශෛලිය සහ ජීවිතය රස විඳීමට ඇති උද්යෝගය යන කාරණාවලින් පමණක් පිරී පැවතුණි.  ඒ වගේම, රංගන ශිල්පියා ඒ සියල්ල සහ තවත් දෑ නියෝජනය කළේය. චිත්‍රපට මාධ්‍යවේදියෙකු වන දිනේෂ් රහේජා ඔහු ව 70 දශකයේ ඇදහිය නොහැකි පිරිමි කලා කෘති නිර්මාණ ඵලකය ලෙස විස්තර කළේය.

දෙවන වට

කාලය වෙනස් වී යාමත් සමඟ, ජනයාගේ තේරීම් වෙනස් වූ අතර, කපූර් තිරයෙන් මැකී ගියේය; ඒ වන විටත් වයස අවුරුදු තිස් ගණන්වල අවසාන භාගයේ පසු වූ ඔහුගේ අවසන් සාර්ථක රංගනය වූයේ චාන්දිනි (1989) යන චිත්‍රපටයයි. එමෙන්ම, ප්‍රේක්ෂක පිරිස් ඔහුව අමතක කර තිබුණු යුගයක, පුරසාරම් දොඩන චිත්‍රපට නිෂ්පාදකයෙකු වන රොමී රොලී විසින් නිර්මාණය කරන ලද ලක් බයි චාන්ස් (අවස්ථාවෙන් වාසනාව) (2009) යන චිත්‍රපටයෙන් යළි කරළියට පැමිණි කපූර්ගේ සිනහව උපදවන ඉදිරිපත් කිරීම්වලට දේශය මහත් සේ ඇලුම් කළේය. ඊළඟ වර්ෂයේ දී ඔහු යළිත් අභිශේක් බච්චන් සහ සෝනම් කපූර් සමඟ රාකේශ් ඕම්ප්‍රකාශ් මේරාගේ දිල්ලි 6 යන චිත්‍රපටයෙන් ඉදිරියට පැමිණියේ ය. පරිණතබව, ශක්තිමත් බව සහ චරිතවල තේරීම්වලින් විවිධ වූ මේ නව රිශී කපූර් හට ප්‍රේක්ෂක ජනයා නොසෑහෙන සේ ඇලුම් කළහ.  “මගේ වෘත්තීය ජීවිතයේ මුල් වසර 25ට වඩා වැඩි විනෝදයක් මම දැන් ලබමින් සිටිමි. මම ගීත ගයමින්, පෙරටුව ගෙන සිටි කාන්තාවන්ට ඇලුම් කරමින්, නටමින් සහ ගස් වටා දුව යමින්, ප්‍රධානත්ව ගෙන ක්‍රියා කළ මිනිසා වීමට පුරුදු වී සිටියා. දැන් මම මාව විනෝදයෙන් භුක්ති විඳිනවා. මම චරිතවලින් අත්දැකීම් ලබමින් සිටින අතර, මා තුළ සිටින රංගන ශිල්පියා මම ගවේෂණය කරමින් සිටිනවා.” යැයි 2012 වර්ෂයේ දී සම්මුඛ පරීක්ෂණයක දී ඔහු පවසා තිබුණේය. මෙම කාලය අතරතුර දී, බොහෝ සෙයින් ඔහු මෙන් ඔහුගේ අනුගාමික රසිකයන් විනෝදාශ්වාදයට පත් කරමින්, හාස්‍යජනක, ආකර්ශනීය, මතභේදාත්මක සහ අවංක පෝස්ටුවල මිශ්‍රණයක් සහිතව ඔහු පාලනය කළ අවකාශයක් වූ සමාජ මාධ්‍යය මතට ඔහු කළඑළි බැස්සේ ය. කපූර් තම අවසන් පාදය තෙක් විනෝදාශ්වාදය සැප යූ බැව් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවා පවසනු ඇත. හොඳ කලාකරුවන් වයසින් පරිණත වන විට වඩාත් හොඳින් කලා කටයුතුවල යෙදෙන බව සනාත කරමින්, අත්දැකීම් ලබමින් සහ ජය ලබමින්, කපූර් ස්වකීය වෘත්තියේ දී කිහිප වරක් චක්‍රය යළි නිපද වූවේය.

2017 දී ජායිපූර් සාහිත්යර උළෙලේ දී ඔහුගේ ස්වයංචාරිතාපදානය නිකුත් කරන රංගධරයා.

වදන් පෙළ ආර්තී කපූර් සිං ගෙනි

ආර්තී විවිධ මාධ්‍යවලින් අත්දැකීම් ලබා දශක දෙකකට ආසන්න කාලයක් ස්වාධින රචනයේ යෙදෙන අතර සිනමා අධ්‍යයන ඇසුරින් ආචාර්ය උපාධිය ලබා තිබේ. සිනමාව හා බැඳි අධ්‍යයන අත්කර ගැනීමෙන් පසුවත් ඇය දැන් ලෝකය හඳුනා ගැනීම සඳහා ඇයගේ ආචාර්ය උපාධිය ආරක්ෂා කරමින් ලෝකයට තම දස්කම් ඉදිරිපත් කරයි. ඇය ආහාර, සුඛෝපභෝගීතාව, චිත්‍රපට, සංචාර, යෝග්‍යතාව සහ සැමරිය යුතු දේ සහ පුද්ගලයින් සමරමින් රචනයේ යෙදෙයි.
error: Content is protected !!