ඉවුම් පිහුම්

ක්හාවානු, පීවානු නෙ මජ්හා නි ලයිෆ් ජීවානු

නිකුතුව 01, 2021

ක්හාවානු, පීවානු නෙ මජ්හා නි ලයිෆ් ජීවානු



පාර්සි සූප ශාස්ත්‍රය සම්ප්‍රදාය සහ සංස්කෘතිය තුළට නැඹුරුව පවතින අතර, එය වසර ගණනාවක් මුළුල්ලේ විකාසය වී, දේශීය වශයෙන් සියුම් වූ වෙනස්කම්වලට අනුවර්තනය වී ඇත

“ක්හාවානු, පීවානු නෙ මජ්හා නි ලයිෆ් ජීවානු (කන්න, බොන්න, ඒ වගේම සතුටින් ජීවත් වෙන්න)”. මෙය පාර්සි ප්‍රජාව ජීවත් කරවන, වසර ගණනාවක් පැරණි ආප්තෝපදේශයකි. ඉතිහාසය සහ සම්ප්‍රදායයන්ගෙන් (සමාජීය සහ ආහාර කලාව යන දෙඅංශයෙන්ම) අනූන සංස්කෘතියකින් සමන්විත ප්‍රජාවක් වන පාර්සිස්, පවතින වටපිටාවන් තුළ දේශීය ආචාර ධර්මවලින් බැඳී, එකමුතුකමින් යුතුව ජීවත් වීමෙන් ඔවුන්ව ආඩම්බරයට පත්කොට ඇත. පාර්සිස් ප්‍රජාව ඉරානයෙන් පලා ගොස් ගුජරාටයේ සන්ජාන් වෙත ගොඩ බැසි අවස්ථාවේ දී, ඔවුන්ව රජතුමන් වෙත ඉදිරිපත් කෙරුණු විට, පාර්සි සිරකරුවෙකු දීසියක ගැට්ටටම කිරි පුරවා සීනි ස්වල්පයක් සමඟ ඉල්ලුවේ යැයි පුරවෘත්තයේ සහ ඉතිහාසයේ සඳහන් වේ. සිරකරුවා කිරි බිඳුවක්වත් ඉහිරවන්නේ නැතිව, එයට සීනි දමා මිශ්‍ර කළ අතර, මෙලෙසින්ම පාර්සිස් ප්‍රජාව ද දේශීය ප්‍රජාවට එකතු වී, ඔවුන් වටා සිටින පුද්ගලයන්ගේ ජීවිතවලට  මිහිර ගෙන එනු ඇති බවට අනතුරුව ඔහු රජුට පොරොන්දු වූයේය. උද්යෝගීමත් ලෙස, ඉන් අනතුරුව ද ඔවුන් ඔවුන්ගේ කරුණ ප්‍රකාශ කිරීමට මාධ්‍යයක් ලෙස ආහාර භාවිත කළේය!

තවත් බිත්තරවලින් සකසන පාර්සි ආහාරයක් වන්නේ පාර්සි අකුරි හෝ බිත්තර බැඳ පොඩි කර සකසන රසවත් ඉන්දීය ආහාරයයි.

එකමුතුකම වැළඳ ගනිමින්, දේශීය සංස්කෘතියට අනුව ජීවත් වන අතරතුර, පාර්සිස් ප්‍රජාව දියුණු වෙමින්, ඔවුහු ඉන්දියාවේ දස අත පුරා ඔවුන්ගේ නාමය පැතිරූහ. මෙයට නිදසුනක් වන්නේ ඔවුන්ගේ ආහාර කලාව විකාසය වී ඇති ආකාරයයි. ඔවුන් උත්සව අතරතුර ඔවුන්ගේ සම්ප්‍රදායයන්ට සැබෑ ලෙස කටයුතු කර ඇති අතර, ඔවුන් ඔවුන්ව දේශීය සමාජයට සහ චාරිත්‍රවලට ද අනුගතකොට ඇත. පාර්සි උත්සව අතර වඩාත් වැදගත් උත්සවයක් වන්නේ, නව්රෝස් ලෙස ද හැඳින්වෙන වසත් හෝ වසන්ත විෂුවයයි. පාර්සිස් ප්‍රජාවට අනුව, මාර්තු 21 වන දින සමරනු ලබන වසන්ත විෂුවය යනු නව වසරක් උදා වීමයි. වෙනස හට ගන්නා සත්‍ය කාලය ඉරානයේ සඳහන් කෙරෙන අතර, අනතුරුව එම තොරතුරු මුළු ලොවටම බෙදා හැරේ. රාවෝ ( රුලං පුඩිමක්) නැතහොත් සෙව් (වරිමිසෙල්ලි නම් සිහින් නූඩ්ලස්වලින් සකසන අතුරුපසක්) වැනි පැණි රසැති ආහාර සමඟ දවස ඇරඹෙයි. සාමාන්‍යයෙන් දිවා ආහාරය වනුයේ පුලාවෝ දාර් (රසවත් පරිප්පු වෑංජනයක් සමඟ එළු මස් හෝ කුකුළු මස්වලින් පිසූ බිරියානි බතෙහි පර්සි ස්වරූපය) හෝ දුන් දාර් බැ පැෂියෝයි (බත්, සාමාන්‍ය පරිප්පු හෝ මයිසූර් පරිප්පු හා පැණි රසැති සහ ඇඹුල් රසැති මාළු වෑංජනය). පාර්සි සංස්කෘතියෙහි වාසනාවේ සංකේතයක් ලෙස මත්ස්‍යා සැලකෙන අතර, අයෙකුට සාම්ප්‍රදායික ආහාර මේසය මත මසුන්ගේ හැඩයැති පැණි රසැති ආහාර සොයා ගත හැකි වනු ඇත.

මාර්ගි නා පුලාවෝ සහ සුවඳවත් එළුමස් ගොස්

ඉන්දියාවේ පාර්සිස්වරුන් සිදු කරගෙන එන විචිත්‍රවත් සම්ප්‍රදායයක් වන්නේ නව්රෝස් මේසය පිළියෙල කිරීමයි. මෙම සම්ප්‍රදායේ දී, සුදු පැහැති මේස රෙද්දකින් මේසය ආවරණය කෙරෙන අතර, සෑම ආහාරයක්ම ගැඹුරු අදහසක් සහිතව, ආහාර අයිතමවලින් එම මේසය පුරවනු ලැබේ. පර්සියන් බසෙහි “ශ්“ වලින් ඇරඹෙන ආහාර අයිතම හතක් වන ශරාබ් (වයින්), ශකාර් (සීනි), ශර් (කිරි), ශිරිනි (පැණිරස කැවිලි), ශර්බෙරෙන්ජ් (පැණි රස), ශිරා (සිරප්) සහ ශහාද් (මී පැණි) සමඟ, “ස්“ අකුරෙන් ඇරඹෙන සර්කා (විනාකිරි), සුමාක් (කුළුබඩු), සමානු (හල්වා), සිබ් (ඇපල්), සීර් (සුදු ළූණු), සෙන්ජෙඩ් (සෝර්බ් ගසෙහි බෙරි පළතුර) සහ සබ්සි (ඖෂධ ශාක) යන ආහාර අයිතම හත ද මේ අතර වේ. තවද, වර්ණ ගැන් වූ බිත්තර (ප්‍රකට පාස්කු බිත්තරවලට බෙහෙවින් සමානය), පළතුරු, වියළන ලද පළතුරු, එළවළු සහ ධාන්‍ය (බහුලත්වය පිළිබිඹු කරමින්) ද මේසය මත තබන ලද ආහාරවලට ඇතුළත් වේ.

සාම්ප්‍රදායික නව්රෝස් මේසයක්. මේසය මත තබා ඇති සෑම වස්තුවක්ම විශේෂ යමක් පිළිබිඹු කරන අතර, කණ්ණාඩිය මගින් ප්‍රතිබිම්භයන්ගෙන් පිරි ඉදිරි වසර ද, කාසි මගින් සශ්‍රීකත්වයට ප්‍රවේශය ද පෙන්නුම් කෙරේ.

නිවසේ කාන්තාව විසින් අමුත්තන් හට යහපත් ප්‍රතිබිම්බවලින් සපිරි වසරක් උදා වීමට ඉඩ සැලසෙන සේ, කණ්ණාඩිය වෙත ගොස් ඔවුනට ඔවුන් දෙස බැලීමට ආරාධනා කරනු ලැබේ. අනතුරුව, සශ්‍රීකත්වය සඳහා ඔවුනට කාසියක් පිරි නමන අතර, ඔවුන්ව කෑම මේසය වෙත ගෙන යාමට පෙර, ඈ විසින් ඔවුන් මත රෝස වතුර ඉසිනු ලැබේ. වඩාත් ප්‍රකට පර්සි වෑංජනය වන්නේ ධාන් සාක් ය. මයිසූර් පරිප්පු, එළවළු, එළු මස් සහ කුළුබඩුවලින් පිසින මෙම වෑංජනය ලොව පුරා පාර්සිස් සමඟ සමානත්වයට පත්ව තිබේ. එය කැරමල් කරන ලද බත් සහ කචුම්බාර් (ළූණු සහ තක්කාලි සලාදයක්) සමඟ පිළිගැන්වෙයි. කෙසේවෙතත්, බොහෝ පාර්සි ඉරිදා දිවා ආහාර සඳහා ප්‍රධාන ආහාරයක් ලෙස භාවිත කරන ධාන් සාන් කිසි දිනක සුබ අවස්ථාවක දී පිළියෙල නොකෙරේ. සාම්ප්‍රදායික උත්සව ආහාර වේලකට පුලාවෝ හෝ රසවත් කුකුළු මස් සමඟ පිළිගන්වන තෙලෙහි බදින ලද සිහින් අර්තාපල් තීරු (සල්ලි මා මර්ගි), කැරට් සහ වියළි පළතුරු අච්චාරු (ළගාන් නු අච්චාර්), සාරියා (පාපාද්), සිහින් චපාති (පැතලි පාන්) හා අතුරුපස සඳහා ලගාන් නු කස්ටර්ඩ් (පාර්සි කස්ටර්ඩ්) ඇතුළත් වේ. පාර්සි සූප ශාස්ත්‍රය සංස්කෘතිය හා නැඹුරුව පවතියි. කාලයත් සමඟ ගෞරවයට පත් මෙම ආහාර වට්ටෝරු එක් පරම්පරාවක සිට ඒ කුලයේ තවත් පරම්පරාවකට ලෙසින් සියවස් ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ ඇති අතර, වසර ගණනාවක් මුළුල්ලේ ඒවා වෙනස් වීම්වලට ලක් වුවත්, තවමත් ඒවායේ හරය එලෙසින්ම රඳා පවතියි. පාර්සිස් ජනයා ඔවුන්ගේ ස්වලක්ෂණ සහ අසමසම භාවය පවත්වා ගෙන යාමට ඔවුනට හැකි උපරිමයෙන් උත්සාහ දැරූ අතර, ඒවා එලෙසින්ම දරුවන්ට උගන්වා, සාරවත් සංස්කෘතික සහ ආහාර කලාව පිළිබඳ වූ උරුමයේ කොටසක් එම දරුවන් තුළ ද වර්ධනය කළහ. කුළුබඩු හා රසයෙන් අනූන උරුමයක් පැරණි මූලාරම්භයන් සහ නවීන අනුවර්තනයන්ගේ කදිම සංයෝගයකි.

වදන් පෙළ ශෙලේ සුබාවැල්ලේ විසිනි

ශෙලේ සුබාවැල්ලේ, සාරීන්ස් සීක්රට්ස් නම් වූ පර්සි ප්‍රජාවගේ පැරණි ආහාර කලාව හා සම්බන්ධ සම්ප්‍රදායයන් ප්‍රවර්ධනය කිරීම සහ කල්පවත්වා ගෙන යාම අරමුණු කර ගත් ව්‍යාපාරයේ හිමිකරුවා වේ. ඉන්දියාවේ පිහිටි මෙම ව්‍යාපාරයෙහි ඇය විසින් පර්සි කුළුබඩු සහ සරක්කු නිෂ්පාදනය සහ විකිණීම කරනු ලබමින්, පර්සි ආහාර ලෝකයට ලබා ගත හැකි මට්ටමට ගෙන එනු ලබයි. ඇගේ අරමුණ වන්නේ ඇගේ ප්‍රජාව, එහි ආහාර කලාව සහ එහි සම්ප්‍රදායයන් ලෝකය පුරා ප්‍රචලිත කිරීමටයි
error: Content is protected !!