ඉන්දියාවට තමාගේම ක්ෂුද්‍ර අභ්‍යවකාශ පරීක්ෂණාගාරයක්!
EMISAT හා තවත් අන්තර්ජාතික පාරිභෝගික කෘත්‍රිම චන්ද්‍රිකා 28ක් සාර්ථක ලෙස දියත් කරමින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තවත් ජයග්‍රහණයක් අත්පත්කොට ගෙන ඇත.
න්දියාවට මෙන්ම ලෝකයට එහි පළමු ක්ෂුද්‍ර අභ්‍යවකාශ පරීක්ෂණාගාරය හිමි වූයේ 2019 වර්ෂයේ අප්‍රේල් 1වැනි දා වූ අතර එය විහිළුවක් නම් නොවේ! එය ධ්‍රැවීය චන්ද්‍රිකා දියත් කිරීමේ වාහනය (පීඑස්එල්වී) නැමැති නොනවත්වා සේවයේ යෙදෙන ඉන්දීය රොකට්ටුවේ 47වැනි මෙහෙයුම වූ අතර, එය වඩාත් නවෝත්පාදක මෙන් ම නවීනතම මෙහෙයුම් අතරින් එකක් වෙමින් ඉන්දියාවට කිලෝමීටර් 485ක කක්ෂයක දී පාවෙන පරීක්ෂණාගාරයක් ලබාදීමට ද එය සමත් විය. එම මෙහෙයුම ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය(ISRO) වෙනස් කක්ෂ 3ක තොරතුරු එක්රැස් කිරීමට තනි රොකට්ටුවක් භාවිත කිරීම ප්‍රශස්ත මට්ටමකට පත්කළ මෙහෙයුමක් වූ අතර, එය පළමුවරට එමෙන් ම මෙහෙයුම් 3ක් එක් කොට සිදු කෙරූවක් ද විය.
ටොන් 320, මීටර් 44ක් පමණ උස රොකට්ටුව එහි ප්‍රධාන මගියා වශයෙන් කිලෝග්‍රෑම් 436ක් බර EMIsat කෘත්‍රිම චන්ද්‍රිකාව රැගෙන ගිය අතර විද්‍යුත් චුම්බක වර්ණාවලිය මැනබැලීම එම චන්ද්‍රිකාව දියත්කිරීමේ අරමුණ වූ අතර එය විශේෂයෙන් ම ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ආයතනය සඳහා සාදන ලද්දක් විය. එක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, ලිතුවේනියාව හා ස්පාඤ්ඤය යන රටවලින් ද කුඩා කෘත්‍රිම චන්ද්‍රිකා 28ක් දියත් කිරීම ද මෙම දියත් කිරීමට සමගාමී ව සිදු විය. කැලිෆෝනියාවේ Planet Labsහි Flock-4A චන්ද්‍රිකා 20ක් හා Lemur චන්ද්‍රිකා 4ක් මේ අතරට අයත් විය. චන්ද්‍රිකා වෙනස් කක්ෂ 3ක ස්ථානගත කරන ලදී. ඒ අනුව ගත් කල, එක් දියත් කිරීමක වියදමින්, තුන් ආකාර ප්‍රතිලාභ නෙලා ගැනීමට හැකිවිය. සාර්ථක මෙහෙයුම අවසානයේ අදහස් දක්වමින් ISROහි සභාපති ආචාර්ය කේ සිවන් මහතා රොකට්ටුව සම්බන්ධයෙන් සුභාශිංසන පළකෙරූ අතර මෙහෙයුම හා සම්බන්ධ කෘත්‍රිම චන්ද්‍රිකා කණ්ඩායම් වලට සුභපතමින් පවසා සිටියේ, “අද PSLV මෙහෙයුම කිහිප ආකාරයකින් ම අද්විතීය යි.” මෝටර් 4කින් සමන්විත විචලකයක් වූ එය වෙනස් කක්ෂ 3ක තොරතුරු ලබාගත්තා. එමෙන් ම පළමු වරට PS4 අදියර සූර්ය කෝෂ මගින් බලගන්වා තිබෙනවා.” යනුවෙනි.
මෙය පැය 3ක් දිගු මෙහෙයුමක් වූ අතර මැරතන් මෙහෙයුම අවසානයේ දී, PSLV, ඉන්දීය ක්ෂුද්‍ර පාවෙන පරීක්ෂණාගාරය ආසන්න ශූන්‍ය ගුරුත්වාකර්ෂණයක දී, කක්ෂය මත ස්ථානගත කරන ලදී. මෙය සිදු කිරීමට ISRO විසින් රොකට්ටුවේ අවසාන අදියර හෙවත් PS4 සියලු පහසුකම් ඇති කක්ෂීය වේදිකාවක් බවට පත්කරන ලදී.
රොකට්ටුවේ අවසාන අදියර සාමාන්‍යයෙන් දියත්කිරීමෙන් පසු අභ්‍යවකාශ සුන්බුන් බවට පත්වන නමුදු එහි කාලය සති කිහිපයකින් දීර්ඝ කිරීමට ISRO තීරණය කළ අතර එය අවකාශයේ පවතින පරීක්ෂණාගාරයක් බවට පත් කරන ලදී.

කිලෝමීටර් 485ක කක්ෂයක දී කක්ෂගතවන PS4 හි සූර්ය කෝෂ, ගුවන් විදුලි සන්නිවේදන උපකරණ සවිකොට ඇති අතර පේලෝඩ් හෝ ක්ෂුද්‍ර කෘත්‍රිම චන්ද්‍රිකා 3ක් රොකට්ටුවේ අවසාන අදියර හා සම්බන්ධ කොට ඇත. ISROහි ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය , ඉන්දියාවේ AMSAT හි ස්වයංක්‍රීය Packet Repeating පද්ධතිය සහ අයනගෝලීය අධ්‍යයන සඳහා වන ඉන්දීය අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණවේද ආයතනයේ උසස් මන්දන විභව විශ්ලේෂකය යනාදිය PS4 ොරැගෙන යන පේලෝඩ් අතරට අයත් වේ. මේවා සියල්ල ම පරීක්ෂණාත්මක පේලෝඩ් වන අතර අනාගතවාදී තාක්ෂණ පරීක්ෂා කිරීම සඳහා පර්යේෂකයන් නොමිලේ අභ්‍යවකාශයට රැගෙන යාම සිදු කොට ඇත.

පළමු වරට තනි දියත්කිරීමක දී කක්ෂ 3ක මෙහෙයුමක් PSLV සතු වූ හෙයින් PSLV C-45මෙහෙයුම විශේෂ එකක් බවට සිවන් මහතා පැවසා සිටීය. මූලිකවම, ප්‍රධාන චන්ද්‍රිකාව කිලෝමීටර් 784ක් දියත් කෙරූ අතර, අනතුරු ව PS4 දෙවතාවක් ක්‍රියාකොට කක්ෂය කිලෝමීටර් 504 දක්වා අඩුකොට ගෙන ඇති අතර, එහි දී PSLV පාරිභෝගික කෘතිම චන්ද්‍රිකා 28 දියත් කොට ඇත. අනතුරු ව, නැවත වරක් PSLV දවා දැමූ අතර කක්ෂය කිලෝමීටර් 485කට අඩු කිරීමට PS4 දෙවරක් දවා ඇත. මෙහි දී, PS4 කක්ෂීය වේදිකාවක් මෙන් ක්‍රියා කරයි. රොකට්ටුවේ අවසාන අදියර නැවත භාවිත කිරීමට රටවල් බොහොමයක් උත්සහ දරා නොමැත. සිවන් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි.
ඔහු පවසන පරිදි, අභ්‍යවකාශය සඳහා යෝග්‍ය වන ප්‍රශස්ත මට්ටමේ කෘත්‍රිම චන්ද්‍රිකා නිපදවීම සඳහා නව ව්‍යාපාරවලට සහ විශ්වවිද්‍යාල පර්යේෂකයන් හට නව අවස්ථා මෙමගින් හිමි කරදෙනු ඇත. තව ද, පරිශීලකයන් හට පූර්ණ චන්ද්‍රිකා සෑදීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය නොවේ. ඔවුන් විසින් තම අභ්‍යවකාශ පර්යේෂණය සිදු කිරීම පමණක් සෑහේ. අනෙකුත් සියල්ල ISRO මගින් ඉටු කළ යුතු සුළු කාර්යයක් පමණි. “ඉන්දියාවේ නවෝත්පාදක ක්ෂුද්‍ර අභ්‍යවකාශ පරීක්ෂණාගාරය භාවිතා කිරීමෙන්, දැන් මෙය පිරිවැය අවම එහෙත් ඵලදායී අභ්‍යවකාශ පර්යේෂණ සඳහා නව කාලපරිච්ඡේදයක් උදා කර දෙනවා.” යනුවෙන් වැඩිදුරටත් සිවන් පැවසුවේ ය.