හවුල්කාඟත්වය

ඉන්දියාව ආක්ටික්හි දී

නිකුතුව 01, 2021

ඉන්දියාව ආක්ටික්හි දී

ආචාර්ය චෛටාන්යා ගිරි |කර්තෘ

නිකුතුව 01, 2021


ඉන්දියාව ආක්ටික් සභාවෙහි නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කළ අතර පළමු උත්සාහයේ දී විශාල සාර්ථකත්වයක් අත්දුටුවේය. ඉන්දියාව යළි තේරී පත්වීමත් සමඟ, ධ්‍රැවීය කලාපයේ පාරිසරික ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ගෝලීය සංවිධානය සතු කාර්යභාරයට තවත් බොහෝ දෑ පිරිනැමීමට දැන් ඉන්දියාවට හැකියාව ඇත.

2019 වසරේ දී, තිරසාරාත්මක සංවර්ධනය සහ පරිසරය සුරැකීම පිළිබඳ ආක්ටික් දේශයන් අතර, එහි දේශීය ජනගහණය සහ අනෙකුත් වැසියන් අතර සහයෝගීතාව, සමායෝජනය සහ අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම උදෙසා ක්‍රියා කරන සමුද්‍රාශ්‍රිත ආක්ටික් දේශයන් අටකින් සමන්විත බහුපාර්ශ්වික සංවිධානයක් වන ආක්ටික් සභාවේ නිරීක්ෂයෙකු ලෙස ඉන්දියාව යළි තෝරාපත් කර ගන්නා ලදී. ඉන්දියාවට අනෙකුත් දේශයන් පහ ද සමඟ, 2013 වසරේ දී ප්‍රථමයෙන් නිරීක්ෂක තත්ත්වය ලබා දුණි. මින් පෙර පැවති එහි ධූර කාලයේ දී, ආක්ටික් සභාවෙහි ආක්ටික් ශාක හා සත්ත්ව සංරක්ෂණ ක්‍රියාකාරී කණ්ඩායම යටතේ ආක්ටික් සංරක්ෂණ පක්ෂි කර්තව්‍යය වෙත ඉතා වැදගත් දායකත්වයක් දැක්වීය, තවද, පරිසර, වනාන්තර සහ දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍යාංශයට මෙන්ම, ආක්ටික් සභාවේ අතුරු අවස්ථාවලට ද පිවිසීමට ඉන්දියාව වරප්‍රසාද ලැබුවේය.  අමාත්‍යාංශය විසින් උතුරු ශීත ඍතුවේ දී ඉන්දියාවට පියාසර කරන සංක්‍රමණික පක්ෂීන්ගේ උත්සාහයන් සංරක්ෂණය කිරීමට සහ ඒවා අධ්‍යනනය කිරීමට පහසුකම් ද සලසන ලදී.

සංරක්ෂණ පක්ෂි කර්තව්‍යයෙහි දී ඉන්දියාව ලත් අත්දැකීම මගින් එයට පාරිසරික සම්බන්ධතාව වැඩි දියුණු කිරීම යනු සංක්‍රමණික විශේෂයන් පිළිබඳ සම්මේලනය සඳහා ඉහළතම ප්‍රමුඛත්වයක් ලබා දීම යන්න අවධාරණය කරන, ගාන්ධිනගර් ප්‍රකාශය ලෙසට නූතනයේ හැඳින්වෙන කාරණය හඳුනා ගැනීමට සහාය ලැබී ඇත. 2020 පෙබරවාරි මාසයේ දී, ඉන්දීය රජය විසින් ගුජරාටයේ අග නගරය වන ගාන්ධිනගර්හි දී පක්ෂවල 13 වන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන් සම්මන්ත්‍රණය යටතේ සංක්‍රමණික විශේෂයන්ගේ සම්මේලනය සඳහා අනුග්‍රාහකත්වය දරන ලදී. ආසියානු, අප්‍රිකානු, යුරේසියානු සහ ඇමරිකානු පියාසර මාර්ග හරහා සංක්‍රමණයේ යෙදෙන පක්ෂීන් මරා දැමීම සහ විකිණීම වැළැක්වීම සඳහා සඵලදායී ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමට ද, සියලු යූ එන් ඊ පී සාමාජික රටවලට අදාළ වන පාරිසරික සංරක්ෂණ ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට ද සම්මේලනය උපයෝගී විය.  ගාන්ධිනගර් ප්‍රකාශය, ඇතැම් විට, ආක්ටික් සභාව සමඟ ඉන්දියාවට සාපේක්ෂ වශයෙන් සීමිතව වී තිබූ සබැඳියාවෙන් පිටතට පැමිණීමට හැකි වූ වඩාත් වැදගත්ම සාර්ථකත්වය වේ. එනමුත්, අන් කවරදාටත් වඩා දැන් ඉන්දියාවට ආක්ටික් සභාව වෙත පිරිනැමීමට බොහෝ දෑ ඇත.

දේශගුණික විපර්යාසයන්වලට පිළියම් යෙදීමට ඉන්දියාව සිදු කළ දායකත්වයන් අතරින් එකක් වන්නේ ජාත්‍යන්තර සූර්යබල මිත්‍ර සන්ධානය පිහිටුවීමය. මෙහි සිටින්නේ, 2018, මාර්තු 11 වන දින නව දිල්ලියේ දී පැවති සූර්යබල මිත්‍ර සන්ධානයේ ආරම්භක සම්මන්ත්‍රණයේ දී ප්‍රංශ ජනපති එමෑනුවෙල් මැක්‍රොන් සමඟ සිටින අගමැති නරේන්ද්‍ර මෝඩි (දකුණ).

ඉන්දියාව ගෝලීය දේශගුණික ක්‍රියාකාරී ඉලක්ක සපුරා ගැනීමෙහිලා අතිසාර්ථකත්වයට පත් වී ඇත. 2015 වර්ෂයේ දී, ඉන්දියාව විසින් ජාත්‍යන්තර සූර්යබල මිත්‍ර සන්ධානයක් පිහිටුවීම කරා රටවල් 121කින් යුත් ගෝලීය සමඟි සන්ධානය මෙහෙයවන ලදී. 2019 වර්ෂයේ දී, ඉන්දියාව විසින් පාරිසරික, ආර්ථික සහ සමාජීය යටිතල පහසුකම් මත ඇති වන බලපෑම් අවම කිරීමට ආපදා ප්‍රතිරෝධී යටිතල පහසුකම් සඳහා ජාත්‍යන්තර බහු ආංශික සන්ධානයක් පිහිටු වීමේ බාරදූර කාර්යය ඉටු කළේය. මෙම වසරවල දී ඉන්දියාවේ වනගහණය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති අතර, විශාල වශයෙන් පරිසර දූෂණ සිදු කරන කර්මාන්ත මෙම දශකය තුළ තිරසාරාත්මක සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට කල්තියාම ප්‍රතිඥා දෙමින් සිටියි. ලොව ඒක පුද්ගල අඩුම කාබන් ප්‍රමාණයක් පිට කරන රටවල් අතර ශ්‍රේණිගතව සිටින රටක් වුවත්, ඉන්දියාව ඒවා නොතකමින් මේ සියලු කාර්යභාරයක්ම සිදු කරයි.

2020 අග භාගයේ දී, ඉන්දියාව 2015 ප්‍රංශ එකඟතාවේ දී ලබා දුන් දේශගුණික ක්‍රියා ප්‍රතිඥාවල සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කළ අතර, එලෙස සිදු කළ රටවල් කිහිපය අතරින් එකක් බවටත්, එසේ සිදු කළ එකම විශාල ආර්ථිකය බවටත් පත් වූයේය. 2020 නොවැම්බර් මාසයේ දී ජී20 සමුළුව අතරතුර අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ප්‍රකාශ කර සිටි පරිදි, “පෘථිවි ග්‍රහයා කෙරෙහි ඉන්දියාව දක්වන විශ්වසනීයත්වයේ ජීවය” මගින් යුතුකම් නොපිරිහෙළා ඉටු කරන ආර්ථික බලයක් ලෙස එහි ප්‍රයත්නයන් කැටි කොට දක්වයි. මෙම දැනීම මගින් ඉන්දියාව ආක්ටික් සභා සාමාජිකයන්ට සහ නිරීක්ෂකයන්ට සාධාරණාත්මක හවුල්කරුවෙකු ලෙස සුදුසුකම් ලබා දෙයි. ඉන්දියාව පරිපූර්ණ ජාතික ආක්ටික් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමෙහි ඉදිරියට පැමිණි අදියර තුළ ද සිටියි. මෙම ප්‍රතිපත්ති රාමුව මගින් කලාපය තුළ ඉන්දියාවේ සබැඳියාවන් සහ ක්‍රියාකාරකම් නිරාකූල කරනු ඇත. මෙම ප්‍රතිපත්තිය වඩාත් ශක්තිමත් කිරීම මගින් ආක්ටික් සභාව තුළ ඉන්දියාවේ කාර්යභාරය පමණක් අවධාරණය කෙරෙන, ශක්තිමත් තාක්ෂණික, විද්‍යාත්මක, ආර්ථික, මූල්‍යමය සහ උපායමාර්ගික ධාරිතාවන් රට තුළ සංවර්ධනය කෙරනු ඇත. ඉන්දියාව සියලු ආක්ටික් සභා සාමාජිකයන් සමඟ සුහද සහ ඵලදායී ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගනී. ආක්ටික් හි ඉන්දියාව පවත්වා ගෙන යන ආර්ථික සහ උපායමාර්ගික සබඳතාවල ප්‍රධාන මෙහෙයුම්කරුවන් වන්නේ මෙම ද්විපාර්ශ්වික සබඳතාවන් ය.

ආක්ටික් ජෛව-විවිධත්වය පවත්වා ගෙන යාම ආක්ටික් සභාවේ ප්‍රධාන අවධාරිත අංශ අතරින් එකකි. ඉහළ සිට දක්ෂිණාවර්තව) ආක්ටික් වෘකයා, රැවුල සහිත සීල් මත්ස්‍යයා, හිම වළසුන් හා හිම බකමූණා යනු ආක්ටික් පෙදෙසට ම වඩාත් ආවේණික වූ අද්විතීය සත්ත්ව විශේෂයන් අතරින් කිහිපයකි.

ඉන්දියාවට 2020 නොවැම්බර් මාසයේ දී පාරිසරික ආරක්ෂාව සහ ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා ෆින්ලන්තය සමඟ අත්සන් කළ සහයෝගීතා ගිවිසුමක් ඇත. ඉන්දියාව සහ එක්සත් ජනපදය 2015 වර්ෂයේ සිට සඵලදායී දේශගුණික හා පිරිසිදු බලශක්ති සහයෝගීතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. 2021 මැයි මාසයේ දී, රුසියාව ආක්ටික් සභාවේ නව සභාපතිත්වය දරමින් මුලසුන හොබවනු ඇති අතර, එරටෙහි ධූර කාලය අතරතුර, ඉන්දියාව නිරීක්ෂකයෙකු ලෙස දශකයක් සම්පූර්ණ කරනු ඇති මෙන්ම, අනෙකුත් සභා සාමාජිකයන්ගේ බෙදාගත් අභිලාෂයන් කිහිපයක් සමඟ ආක්ටික් ඉලක්ක පෙළගස්වනු ඇත. ඉන්දියාව ලොව පුරා කාර්මික මීතේන් සහ කළු කාබන් වහනය කිරීම අඩු කිරීමට මෙන්ම, පරිසරයට ඒවායෙන් ඇති කරන විනාශකාරී බලපෑම සමනය කිරීමට ද පෙර සිටම කටයුතු කර ඇත. මෙම කැඳවුම සභාවෙහි දූෂක ක්‍රියාකාරී වැඩසටහන සමඟ ද හොඳින් ගැළපෙයි. ඉන්දියාවට අනෙකුත් සභා සාමාජිකයන් සමඟ උපායමාර්ගික ආසියානු හයිඩ්‍රජන් බලශක්ති තාක්ෂණික  මාර්ග සැලැස්ම සම්පාදනය කිරීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කළ හැකිය. එමෙන්ම, ජාත්‍යන්තර වශයෙන් වගකිව යුතු පාරිසරික ආරක්ෂණයන්ට ගරු කිරීමෙන් ස්වකීය බලශක්ති සහ වෙළඳ අභිලාෂ රැක ගැනීමට ඉන්දියාව දක්වන කැපවීම යථා තත්ත්වයට පමුණුවමින්, රටවලට සූර්ය බලශක්තිය භාවිත කරමින්, සුපිරිසිදුම “හරිත” හයිඩ්‍රජන් උත්පාදනය කිරීමට ඉන්දියාවේ ජාත්‍යන්තර සූර්ය බල මිත්‍ර සන්ධානයේ නායකත්වය උපකාර කළ හැකිය.

ආචාර්ය චෛටාන්යා ගිරි

ආචාර්ය චෛටාන්යා ගිරි යනු ගේට්වේ හවුස් හි (විදේශීය ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලයක්) අභ්‍යවකාශ සහ සාගර අධ්‍යයන වැඩසටහනෙහි අධිසාමාජිකයෙකි. ඔහුගේ වත්මන් පර්යේෂණය මගින් ජලජ දේශපාලනය සහ තාරකා දේශපාලනය, නව යුගයේ තාක්ෂණ -භූ මූලෝපාය, අභ්‍යවකාශය සහ සමුද්‍ර කාර්මික සංකීර්ණය මෙන්ම, අභ්‍යවකාශ ගවේෂණ විද්‍යාව කෙරෙහි ද අවධානය යොමු කෙරේ.
error: Content is protected !!