හවුල්කාඟත්වය

ඔසාකාහි දී ඉන්දියාව: ශක්තිමත්ව හා සමතුලිතව

නිකුතුව 03, 2019

ඔසාකාහි දී ඉන්දියාව: ශක්තිමත්ව හා සමතුලිතව

භස්වතී මුකර්ජි |කර්තෘ

නිකුතුව 03, 2019


ඩිජිටල් වෙළෙඳාම සහ දූෂණ විරෝධී නියාමනවල සිට, සහ පාරිසරික ප්‍රතිපත්තිවල සිට ආර්ථික දියුණු වීම් දක්වා, ඔසාකා ජී 20 සමුළුවේ දී ඉන්දියාව ශක්තිමත් ස්ථානයක සිටියේය. හිටපු තානාපති භාස්වතී මුකර්ජි ප්‍රධාන කරුණු කිහිපයක් ඉස්මතු කරයි.

ගෝලීය ආර්ථිකයේ පාලනය සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ලෙස අවබෝධ කොට ගත් ජී 20 සමුළුවට සියලු දැවැන්ත ආර්ථික අයත් වන අතර, කාලයත් සමඟ වඩාත් ප්‍රබල සහ මූල්‍යමය කාණ්ඩකරණවලින් එකක් බවට පරිනාමය වී ඇත. “මූල්‍ය වෙළෙඳපොළ සහ ලෝක ආර්ථිකය සඳහා වන සමුළුව” ලෙස විධිමත්ව හැඳින්වෙන මෙම ජී 20 සමුළුව මඟින් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කෙරෙන අතර, මෙමඟින් ශක්තිමත් ගෝලීය ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම උදෙසා අඛණ්ඩ ප්‍රයත්න දරා ඇත. මෑතක පැවති සමුළුවේ දී, දේශගුණික විපර්යාස සහ බලශක්තිය, සෞඛ්‍යය, ප්‍රති ත්‍රස්තවාදය සහ සංක්‍රමණය යනාදී පුළුල් පරාසයක ගෝලීය ගැටළු ගණනාවක් ඇතුළත් වන පරිදි, ඒවා කෙරෙහි අවධාරණය යොමු ව තිබේ.

ජපානයේ අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමඟ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී

පරිපූර්ණ සමතුලිතතාව

2019, ජූනි 28 සහ 29 යන දිනවල දී ජපානයේ ඔසාකා නුවර දී පැවති G20 සමුළුව, අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ යටතේ ජපානය විසින් පවත්වන ලද ප්‍රථම ජී 20 සමුළුව විය. “ගෝලීය ආර්ථිකය”, “වෙළෙඳාම සහ ආයෝජනය”, “ නව්‍යකරණය”, “පරිසරය සහ බලශක්තිය”, “සේවා නියුක්තිය”, “කාන්තාවන් දිරිබල ගැන්වීම”, “සංවර්ධනය” සහ “සෞඛ්‍යය” ඇතුළත් තේමා පාඨ අටක් සාකච්ඡාව සඳහා තෝරා ගෙන තිබුණි. ඇමරිකා – චීන වෙළෙඳ ගැටුම හමුවේ සමුළුව අඳුරු සෙවණැල්ලෙන් වැසී ගොස් තිබුණ ද, ඉන්දියාව සඳහා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සාර්ථකත්වයන් ඉන් සලකුණු කෙරිණි. ඇමරිකාවෙන් එල්ල වන පීඩනය හා රටවල් 50කට අධික ගණනකින් සහාය ලැබෙන ඩිජිටල් වෙළෙඳාමේ වෙනස්කම්වලට එරෙහි වෙමින්, තම ස්ථාවරයේ සිට ගත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ශක්තිමත් හඬක් ලෙස මෙහි දී පැන නැගුණේය. දැවැන්ත සුපිරි බලවතුන් සමඟ ඇති ද්විපාර්ශ්වික සබඳතාවලට පැමිණි කල, ඔහු දක්වන ලද නියම සමතුලිතයෙන් යුතුව ක්‍රියා කිරීම කැපී පෙනුණි. සමුළුවේ පැතිකඩක් ලෙස, අග්‍රාමාත්‍ය මෝදි විසින් ලෝක නායකයින් සමඟ තනි තනිව හා කණ්ඩායම් වශයෙන්, රැස්වීම් පෙළක් පවත්වන ලදී. අග්‍රාමාත්‍යවරයා විසින් චීනයේ සහ රුසියාවේ ජනාධිපතිවරුන් සමඟ මෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ සමඟ ද හමුවීම් පවත්වන ලදී.

ඉන්දියාවේ ඉලක්කය

සමුළුවෙන් පසු, හිටපු සමිති වාණිජ අමාත්‍ය සුරේශ් ප්‍රභූ මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශයෙන්, ජී 20 ට ඉන්දියාවේ “ශෙර්පා” මඟින් දක්වන ලද ඉන්දියාවේ අරමුණු ඉස්මතු විය. ජාත්‍යන්තර හමු සඳහා පසුබිම තමන් විසින් සූදානම් කර ගනු ලබන රාජ්‍යයක නායකයාගේ පෞද්ගලික නියෝජිතයෙකු “ශෙර්පා” යනුවෙන් හැඳින්වේ. උසස් තත්ත්වයෙන් යුතු යටිතල පහසුකම් සහ අතථ්‍ය වත්කම් සඳහා මෑතක දී සංශෝධිත මූල්‍ය ක්‍රියා ප්‍රයත්න බලකාය (FATF) ප්‍රමිතීන් යෙදීමට ගෝලීය මූල්‍යයේ කැපවීම යනාදිය ඉන්දියාවේ සලකා ලැබීම් සඳහා ඇතුළත් විණි. ගෝලීය මට්ටමින් දූෂණ විරෝධී ක්‍රියා මාර්ග ඉස්මතු විණි. දේශගුණික විපර්යාස සඳහා, ඉන්දියාව එය අවම කිරීමේ මෙන්ම, අනුවර්තනය කිරීමේ ගැටළු සාකච්ඡා කළේය. මානව අභියෝගයක් වන සංක්‍රමණය පිළිබඳව ද දැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණි. (“සබ්කා සාත්, සබ්කා විකාස්”) අවසාන වශයෙන්, සැම දෙනාට ප්‍රයෝජන ලැබිය හැකි පරිදි ඉන්දියාව විසින් සිදු කරනු ලබන වෙනස්කම් සඳහා ඉන්දියාවේ නව නිපැයුම්කරණය (“සබ්කා සාත්, සබ්කා විකාස්”) සම්බන්ධයෙන් ඉන්දියාවේ භූමිකාව අග්‍රාමාත්‍ය මෝඩි විසින් ඉස්මතු කරන ලදී. දේශගුණික විපර්යාස පිළිබඳ මෙම උපක්‍රමශීලී ගැටළු ඇතුළු ප්‍රධාන සලකා බැලීම් ඔසාකා ප්‍රජාව බෙහෙවින් මුහුණ දෙති. ඔසාකා ප්‍රකාශයෙහි වෙනම ඡේදයක්, ඇමරිකා එක්සත් ජනපදය ගෙන්වා ගැනීමට ඇතුළත් කෙරිණි.” එම අනෙකුත් කරුණු අතර, “ඇමරිකානු කම්කරුවන්ට සහ බදු ගෙවන්නන් හට අවාසිදායක තත්ත්වයන් උදා කරන බැවින්, පැරිස් ගිවිසුමෙන් ඉවත් වීමේ තම තීරණය ඇමරිකානු එක්සත් ජනපදය නැවත අවධාරණය කරයි.” යනුවෙන් දැක්වේ.

(වමේ සිට) චීන ජනාධිපති ෂී ජින් පිං, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා බ්‍රික්ස් සමුළුවට ඉදිරිපත් වෙමින් සිටියදී අත ගසති

ඩිජිටල් වෙළඳ උදාව

තවත් විවාදාත්මක කාරණයක් වූයේ ඩිජිටල් වෙළඳාම පිළිබඳ රටවල් 50 ක් අතර බහුපාර්ශ්වික සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔසාකා පථයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ජපානය විසින් ජී 20 රටවල් වෙත ඩිජිටල් වෙළඳාම පිළිබඳ “එය ගන්න හෝ අත්හරින්න” යන පාඨය බෙදා හැරීමයි. දත්ත ප්‍රවාහ ඉවත් කිරීම, දත්ත ප්‍රාදේශීයකරණය පිළිබඳ තහනම ඉවත් කිරීම සහ වළාකුළු පරිගණකකරණය වැනි දේ සඳහා පුළුල් නීති රීති හඳුන්වා දීම මෙහි අරමුණ විය. ඩිජිටල් වෙළඳාම පිළිබඳ මෙම සාකච්ඡා කිසි විටෙකත් ලෝක වෙළඳ සංවිධානය (WTO) විසින් අනුමත නොකළේය. ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ඉන්දුනීසියාව සමඟ ඔසාකා පථය වර්ජනය කරන ලදී. මෙම නැගී එන ආර්ථිකයන්ට හැඟුණේ සම්මුතිය පදනම් කරගත් තීරණ ගැනීම සඳහා ඔසාකා පථය මූලික ලෝක වෙළඳ සංවිධානයේ මූලධර්මවලට වල කපනු ඇති බවයි. ඒ වෙනුවට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විසින් සම්මුතික පාඨයක් ඉදිරිපත් කරන ලදී. “නවෝත්පාදන: ඩිජිටල්කරණය, විශ්වාසය සමඟ දත්ත රහිත ප්‍රවාහය” පිළිබඳ ප්‍රකාශයක් සඳහා ජී 20 නායකයින් එකඟ විය. “ඩිජිටල්කරණය සහ නැගී එන තාක්ෂණයන් භාවිතය ප්‍රවර්ධනය කිරීම තුළින් අන්තර්, තිරසාර, සුරක්‍ෂිත, විශ්වාසදායක හා නව්‍ය සමාජයක් සාක්ෂාත් කර ගැනීම” සඳහා ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ ඉල්ලීම් ජී 20 විසින් ඒකාබද්ධ කරනු ලබන බවට මින් සහතික කරනු ඇත. ඉන්දියාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් බහුතරයක් “ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ සමාජ යහපැවැත්ම සඳහා ආධාරකයක් ලෙස දත්ත ඵලදායී ලෙස භාවිත කිරීම මඟින් ඉටුකරන තීරණාත්මක කාර්යභාරය” සඳහා භාෂාව ඇතුළත් කිරීම අවධාරණය කළහ. ඩිජිටල් වෙළඳාම පිළිබඳ යෝජිත බහුපාර්ශ්වික ගිවිසුම හරහා තම ඩිජිටල්-කාර්මිකකරණය සඳහා “ප්‍රතිපත්තිමය ඉඩක්” අහිමි වනු ඇතැයි සංවර්ධනය වෙමින් පවතින රටවල් බිය පළ කළහ. ඉන්දියාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ගත් දැඩි ස්ථාවරය, සමුළුවේ අවසාන ප්‍රකාශනයේදී අනුමත බසින් සඳහන් කළේ: “ලෝක වෙළඳ සංවිධානයේ කාර්යයන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අපගේ සහයෝගය අපි සහතික කරමු.” යනුවෙන් බවට තහවුරු කළහ.

රුසියානු ජනාධිපති ව්ලාද්මිර් පුටින්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ චීන ජනාධිපති ශී ජින් පින් සමූහ ඡායාරූපයකට මුහුණ පාමින්

5 ජී අභියෝගය

දැවැන්ත චීන දුරකථන 5 ජී ජාලයක් වන හුවාවේ සමාගම රටවලින් තහනම් කරන ලෙස ඇමරිකා ජනපදයෙන් කෙරෙන නියෝග තිබෙන පසු බිමක, අවධාරණයට ලක් වූ තවත් ගැටළුවක් වුයේ 5 ජී තාක්ෂණයයි. නිල මාධ්‍ය සාකච්ඡාවේ දී, “ ආරම්භයේ දී සහ නිර්මාණකරණයේ දී මෙන්ම, සිලිකන් නිම්නයේ සහ අන්‍යොන්‍ය වාසිය තකා 5 ජී තාක්ෂණය සංවර්ධනය කිරීමේ එහි භූමිකාව.” සඳහා දිරි දීමට ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරන බව සඳහන් විය. ට්‍රම්ප් සහ ශී ජින් පින් ජනපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වීමෙන් අනතුරුව, හුවාවේ සඳහා ඇමරිකාව විසින් පනවන ලද තහනම ලිහිල් කිරීමත් සමඟ, එක්සත් ජනපදය හා චීනය අතර ආසන්න වෙළඳ යුද්ධයක ඉදිරි ගමනක් ඇති වූ බවක් පෙනෙන්නට තිබුණි. එය එක්සත් ජනපදය හා චීනය අතර අවසන් ගනුදෙනුවකට තුඩු දෙනු ඇත්ද යන්න ඊළඟ ජී 20 සමුළුව වන විට පැහැදිලි වනු ඇත. මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති මෝඩි අතර සමුළුවට සමගාමීව කෙටි හමුවක් පවත්වන ලදී. ඉන්දීය විදේශ ලේකම් විජේ ගොඛාල් පශ්චාත් රැස්වීමේ සාකච්ඡාවේදී දැක් වූ අදහසින්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටි බව දැක්විණි. 5 ජී රට තුළට ගෙන ඒමේ හුවාවි සැලැස්ම තහනම් කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට ඉන්දියාව බැඳී නැත. ජාතියේ ව්‍යාපාරික සහ ආරක්ෂක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සිය තීරණය ගන්නා බව ඉන්දියාව පැවසීය. දූෂණය සමාජයෙන් තුරන් කළ යුතු යැයි යෝජනා කරමින් ඉන්දීය දූත පිරිස, “දූෂණයට එරෙහි සටන සෑම ජී 20 රටක් විසින්ම සෑම මට්ටමකින්ම කළ යුතු අතර, සටන් කොට සෑම ජී 20 රටකටම එය ක්‍රියාත්මක කිරීමට නීතියක් ඇති බව සහතික කර ගත යුතුය” යැයි පැවසූහ. එබැවින්, ඔසාකා ප්‍රකාශනය, සියලු ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් ඉන්දියාවේ උත්සුකවීම් ඇතුළත් කරයි. ඉන්දියාවේ නව අධි ශක්තිජනක රාජ්‍ය තාන්ත්‍රිකභාවය හේතුවෙන් රට සඳහා වෙන කවරදාටත් වඩා ගෝලීය අඩිපාරක් ඇති වන බව එය අවධාරණය කරයි. ඔසාකාහි පෙනෙන මෙම සංක්‍රාන්තිය හුදෙක් ඉන්දියාවේ දැඩි ස්වයං සහතිකයේ ප්‍රකාශනයක් පමණක් නොව, හුදෙක් නීති රීති ගන්නෙකු නොව, නීති සම්පාදකයෙකු වීමේ අභිලාෂයෙන් ද මෙහෙයවනු ලැබේ. ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් ස්ථාවරයක් ගැනීමට ඉන්දියාවේ නව විශ්වාසය පළමුවෙන්ම දුටුවේ මේ වසරේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පැවති 2018 ජී 20 සමුළුවේදී වූ අතර, එම ස්ථාවරය ශක්තිමත් විය. ඉන්දියාව විසින් සත්කාරකත්වය සැපයීමට නියමිත 2022 දී පැවැත්වෙන ජී 20 සමුළුව මඟින් මෙම සංක්‍රාන්තිය සම්පූර්ණ කර, ඉන්දියාව වැදගත් ගෝලීය බලවතෙකු ලෙස ඉස්මතු කිරීම සලකුණු කරනු ඇත.

2019 ජී 20 සමුළුවේ සමාජික රටවල රාජ්‍ය නායකයින් ජපානයේ ඔසාකා හිදී

භස්වතී මුකර්ජි

2010 වර්ෂයේ සිට 2013 දක්වා නෙදර්ලන්තයේ ඉන්දියානු තානාපතිනිය වූයේ භාස්වතී මුකර්ජී ය. 2004 සිට 2010 දක්වා UNESCO හි ඉන්දියාවේ ස්ථීර නියෝජිතයා වූයේ ද ඇයයි. විදේශ ප්‍රතිපත්තිය, නිරායුධකරණය සහ උපායමාර්ගික කටයුතු සම්බන්ධ පැන නඟින ගැටළු ආශ්‍රිතව ඇය විදේශ සේවා ආයතනයේ සහ විවිධ විශ්ව විද්‍යාලවල දේශන පවත්වන්නීය.
error: Content is protected !!