සංචාරය

සමිඳුන්ගේ පියසටහන් තුළ

නිකුතුව 06, 2020

සමිඳුන්ගේ පියසටහන් තුළ



මෑතක දී, ලෝකය පුරා සිටින විදේශිකයින්ගේ සහ වන්දනා ගනුකරුවන්ගේ සම්ප්‍රාප්තියට පහසුකම් සලසමින්, උත්තර් ප්‍රාදේශ් හි පිහිටි කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් වාර සඳහා විවෘත කෙරිණි. මෙම අවස්ථාවේ දී අපි වඩාත් ප්‍රවේශාත්මක බවට පත් විය හැකි ප්‍රාන්තයේ තිබෙන, ගෞරවයට පාත්‍ර වන බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වෙත සංචාරය කරන්නෙමු

සිද්ධාර්ථ ගෞතමයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැතහොත්ප්‍රබුද්ධත්වයට පත් වූ පුද්ගලයාබවට පත් වීම සඳහා, බිහාරයේ බුද්ධගයාවෙහි පිහිටි බෝ රුක පාමුල සිට, සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තේ යැයි සැලකෙන, බෝධි දිනය (දෙසැම්බර් 8) සැමරීමට ලෝකයේ බොහෝ පෙදෙස්වල විසිරී සිටින බෞද්ධාගමිකයෝ සූදානම් වෙති. බුද්ධගයාව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වැදගත් සිද්ධස්ථානයක් ලෙස පවතින අතර, වඩාත් ඉහළ මට්ටමින් ගෞරවාදරයට පාත්‍රවන බෞද්ධ සිද්ධස්ථාන හතර අතරින් දෙකකට නිවහන වන්නේ උත්තර් ප්‍රදේශ්ය.  එනම්සාර්නාත් (බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ ස්ථානය) සහ කුෂිනගර් (උන්වහන්සේ මහාපරිනිර්වාණයට පත් වූ ස්ථානය) යන දෙපොළයි. මෑතක දී කුෂිනගර් ගුවන්තොටුපල ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට ප්‍රකාශ කිරීමේ මෙම පුවතත් සමඟ උත්තර් ප්‍රදේශ්හි බෞද්ධ සිද්ධස්ථාන සංචාරක අවස්ථා අනුව ගත් කල වඩා කැපීපෙනනෙන සිද්ධස්ථාන බවට පත් වුණි. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් වැඩි ස්ථානයේ සිට උන්වහන්සේ අවසානයේ පිරිනිවනට පත් වන ස්ථානය දක්වා මෙම ප්‍රාන්තය පුරා උන්වහන්සේ සිදු කළ චාරිකාවෙහි ගවේෂණ මාර්ග මෙන්න.

සාර්නාත්

ශ්‍රී සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව, බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට කි.මී 229ක් දුරින් පිහිටි සාර්නාත් වෙත සංචාරය කළ සේක. සාර්නාත් මිගදායෙහිදී, ඒ හා යාබදව පිහිටි චෞකාණ්ඩි ස්ථූපය අසල උන්වහන්සේට මුණ ගැසුණු පස්වග මහණුන් හට උන්වහන්සේගේ ප්‍රථම දම් දෙසුම කළ සේක. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ දී, උන්වහන්සේ දුක් විඳීමෙන් මිනිසා මුදවාලන චතුරාර්ය සත්‍යය සහ අටලෝ දහම පිළිබඳ දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සංඝයා වහන්සේ උදෙසා පදනම ( බුදුරජාණන් වහන්සේගේ ශික්ෂණයන් උදෙසා වෙන් වූ සංවිධානයකි) සාර්නාත් හි පිහිටූ සේකමීටර් 34 ක් උස් ව පිහිටි, දැවැන්ත ධමේක් ස්ථූපය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය කළ නිවැරදිම ස්ථානය සලකුණු කරන හෙයින්මෙහි තිබෙන විශාලතම බෞද්ධාගමික ආකර්ශනයන් අතරින් එකක් වේ.සාර්නාත්හි පිහිටි තවත් ජනයා ඇද බැඳ ගන්නා ස්ථානයක් වන්නේ අශෝක ස්ථම්භයයි. ක්‍රි.. 272 ත් ක්‍රි.. 232 ත් අතර යම් කාල පරිච්ඡේදයක දී අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද මෙම දීප්තිමත් ස්ථම්භය බෞද්ධ සංඝයා වහන්සේගේ පදනම සනිටුහන් කරන බැව් සැලකෙයි. මෙම ස්ථම්භයෙහි ඉහළතම කොටස වරක් ලයන් කැපිටල් විසින් ආවරණය කෙරුණු අතර,1950 වර්ෂයේ දී ඉන්දියාවේ ජාතික ලාංඡනය ලෙස මෙය සම්මත කර ගැනුණි. වර්තමානයේ දී, එම සිංහ හිස සාර්නාත් කෞතුකාගාරයේ දී දැක බලා ගත හැකිය.

සංඝයා වහන්සේ සාර්නාත් හි ධමේක් ස්ථූපය වෙත වඩිමින්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනය වදාළ ස්ථානය මින් සලකුණු කෙරේ

කෞෂම්භි

කුෂිනගර් සිට කි.මී 378ක් පමණ දුරින් පිහිටි කෞෂම්භි පුරාණ ඉන්දියාවේ මහා ජනපද 16න් එකක් වන, වත්ස රාජධානියෙහි වරක් අගනුවර වූ අතර, මෙම ස්ථානය බුදුරජාණන් වහන්සේගේ මීළඟ නැවතුම විය. උන්වහන්සේ හයවන සහ නවවන වර්ෂය (සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව) මෙහි වස් විසූ සේක. උන්වහන්සේ කෞෂම්භි හි දී ධර්ම දේශනා කිහිපයක් වදාළ අතර, එම ස්ථානය උසස් බෞද්ධාගමික ඉගැන්වීම් සඳහා ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස පිහිටූ සේක. මෙහි සිදු කළ කැණීම්වලින් ඉපැරණි බලකොටුව සහ ගෝෂිතාරාම් සංඝාවාසය සමඟ අශෝක ස්ථම්භයක නටඹුන් අනාවරණය වී ඇත.

ශ්‍රාවස්ති

කුෂිනගර් සිට කි.මී 237ක් පමණ දුරින් රප්ති නදියේ ඉවුරවලට යාබදව පිහිටා තිබෙන ශ්‍රාවස්ති ප්‍රදේශය පුරාණ කෝසල රාජ්‍යයේ අගනුවර විය. ප්‍රාදේශීය තොරතුරු අනුව, පුරාකතාගත රජ කෙනෙකු වන ස්‍රාවස්ත් රජු විසින් එය ප්‍රතිස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්‍රාවස්ති ලෙස එය නම් කෙරිණි. පුරාණ ස්ථූප, ප්‍රතාපවත් සංඝාවාස සහ අලංකාර විහාරස්ථාන ගණනාවක් විසිර තිබෙන මෙම නගරය බුදුරජාණන් වහන්සේට වසර 20කට අධික කාලපරිච්ඡේදයක් මුළුල්ලේ සත්කාරකත්වය දැරූ අතර, උන්වහන්සේ වාර්ෂික මෝසම් සමයේ දී විවේක ගැනීමට භාවිත කළ උන්වහන්සේගේ ප්‍රියතම ස්ථානයද එය විය. ශ්‍රාවස්ති, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ විශිෂ්ටතම ප්‍රාතිහාර්යයන් අතරින් කිහිපයක් විදහා දැක්වූ ස්ථානයක් බව පැවසෙයි. ජනප්‍රවාදයකට අනුව, ශ්‍රාවස්ති යනු බුදුරජාණන් වහන්සේ හට අංගුලිමාල් (අංගුලිමාල) හමු වී, මංපහරෙන්නෙකු ව සිටි ඔහුව භික්ෂුවක් බවට පත් කරන ලද ස්ථානයයි. අංගුලිමාල් ගුහාව යනු මෙහි පිහිටි ප්‍රකට සංචාරක ස්ථාන අතරින් එකකි.පැමිණෙන්නන් හට ශ්‍රාවස්තියෙහි පිහිටි ආනන්ද බෝධිය වෙත ද සංචාරය කළ හැකිය. සාහෙත්මාහෙත් යන  අතරින් මාහෙත්හි ප්‍රධාන ආකර්ශණවලින් ප්‍රකට දෙකක් වන්නේ පක්කි කුටි (ස්ථීර කුටිය) සහ කාචි කුටි (තාවකාලික කුටිය) යන ඒවාය. ශ්‍රාවස්තිපුර තවත් ආකර්ශණිය ස්ථානයක් වන්නේ ජපන් ජාතිකයන්ගේ උපකාරයෙන් පිහිටුවන ලද සුවිසල් ලෝක සාම ඝණ්ඨාරයයි. මෙහි පිහිටා තිබෙන වැදගත් සිද්ධස්ථානවලට තායිශ්‍රී ලාංකිකමියැන්මාරචීනකොරියානු බෞද්ධ විහාරස්ථාන, ශෝබ්නාත් විහාරය සහ ස්වර්ණ ගාන්ධා කුටිය ඇතුළත් වේ.

1876 -77 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙකු වන ඒ සී එල් කාර්ලීල්ගේ සුපරීක්ෂණය යටතේ කුෂිනගර්හි පිහිටි මහාපරිනිර්වාණ විහාරය සහ ස්ථූපය කැණීම් කොට සොයා ගැනුණි

කුෂිනගර්

බුදුදහම හා සබැඳි පාරිශුද්ධතම ස්ථාන අතරින් එකක් ලෙස, බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ මාංශමය ශරීරය අත්හැර පිරිනිවනට පත් වූ ස්ථානය වන කුෂිනගර් (කුසිනාරාව) හැඳින්වේ. 1876 වර්ෂයේ දී කැණීම් කොට ගවේෂණය කර ගන්නා ලද මහාපරිනිර්වාණ විහාරස්ථානය වාර්ෂිකව දහස් ගණනක් බැතිමතුන්, වන්දනාකරුවන් සහ සංචාරකයන් ආකර්ශණය කර ගන්නා අතර, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මීටර 6.1ක දිගින් යුත් රත්‍රන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවකට එහි නවාතැන් සැපයෙයි. මෙම ඒකශෛලික වැලිගල් මූර්තියෙන් බුදුරජාණන් වහන්සේ බටහිර දෙසට තමන්වහන්සේගේ හිස මුහුණලා, උන්වහන්සේගේ දකුණු පසට වී විවේකිව වැඩ හිඳින ආකාරය නිරූපණය කෙරේ. මෙම නිරාවරණය වූ විහාරස්ථානයට අසලින් ස්ථූපයක් ද එළිදරවු වූ බව පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් පැවසෙයි. බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ එහි ආදාහනය කළ බව සඳහන් වන පුරාණ බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් ශිලාලිපි ඇතුළත් තඹ බඳුනක් ගවේෂණය කර ගැනීමට ද මෙම කැණීම්වලින් මඟ පෑදිණි. ගලක් ගසන දුරකින් පිහිටි විහාරයෙහි මාතාකුවර් පිළිමගෙය පිහිටා ඇති අතර, එහි තැන්පත් කොට ඇති බුදුරජාණන් වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රවෙන් වැඩ හිඳින (පොළොව ස්පර්ශ කරනා ඉරියව්ව) කළු ගලෙන් නෙළන ලද ප්‍රතිමාවක් යළි යථාතත්ත්වයට පත් කර ගැනුණි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසන් ධර්ම දේශනය දේශනා කළ ස්ථානය එය බවට විශ්වාස කෙරේ. අසල පිහිටි, අඩි 49ක් උසැති රාමාභාර් ස්ථූපය බුදුරදුන් ආදාහනය කෙරුණු ස්ථානය සලකුණු කරයි.

කුෂිනගර්හි පිහිටි දැවැන්ත බෞද්ධ සිද්ධස්ථාන අතරින් එකක් වන, වත් තායි විහාරය මූලාරම්භයේ දී වනගත ආරාමයක් ලෙස සොයා ගෙන ඇති බැව් පැවසෙන අතර, දැනුදු එය වන ලැහැබක් මධ්‍යයේ පිහිටා ඇත

අනුරාග් මාල්ලික් සහ ප්‍රියා ගණපති

වෙළඳ දැන්වීම්, ගුවන්විදුලි, සිනමා, සහ අන්තර්ජාලය තුළ මාධ්‍ය රැකියාවකින් පසුව, අනුරාග් මල්ලික් සහ ප්‍රියා ගණපති සංස්ථාපිත ආයතන රැකියා ඉවතලා සංචාරක විශේෂඥතාවය ප්‍රකට කරමින් ලියන්නට විය. බෙංගාලූරු නුවර අල්පේච්ඡ පදනම් කරගත් ජීවිතයට එකතු කරමින්, මේ “සහභාගිකයින්“ දෙදෙන රතු ස්කාබ් සංචාර සහ මාධ්‍ය, රිසිකරණ විසඳුම් එකතු කරමින් සංචාරය කරති.
error: Content is protected !!