නවෝත්පාදනය

ස්වභාවික මාර්ගයෙන් ප්රිතිශක්තීකරණය

නිකුතුව 02, 2020

ස්වභාවික මාර්ගයෙන් ප්රිතිශක්තීකරණය

ආචාර්ය එන් වයි එස රාගවේන්ද |කර්තෘ

නිකුතුව 02, 2020


නූතනයේ දී, ඉහළ යන වේගවත් ජීවන රටාව වගේම, සුව කිරීමේ උපායමාර්ග සඳහා ගනු ලබන නවීන ප්රනවේශය හේතුවෙන්, අපි නොදැනුවත්වම අපේ ප්ර තිශක්තීකරණ පද්ධතියට සිදු වන ක්ෂුද්රර හානි අපේ ශරීරයට එය විසින් ඒවාට පිළියම් යොදා ගැනීමට ඉඩ නොදී, එම ක්ෂුද්රත හානි ගොඩගසා ගනිමින් සිටිනවා. පැරණි වුවත්, සරල යෝග ක්ර ම කිහිපයක් යොදා ගනිමින් අපගේ ප්රරතිශක්තීකරණය වර්ධනය කර ගෙන, වඩා සෞඛ්යතදායී දිවියකට මඟ පාදාගන්නේ කෙසේද සහ තවත් කරුණු බොහොමයක් මෙන්න

මිනිස් සිරුර යනු බොහෝ ප්‍රමාණයකට ස්වයං පාලනය වන, ආරක්ෂාකාරී, නඩත්තු වන සහ පවත්වා ගෙන යන ස්වාධීන ඒකකයක්. සොබා දහම විසින් මිනිස් සිරුර සුව කිරීම සඳහා උරුම වූ හැකියාවක් සමඟ නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම, සුව වීමේ ස්වභාවික නීති ක්‍රියාත්මක වීම යටතේ, අපේ ජීවිතයේ අපි මුහුණගැසීම්වල සමස්තයක් ලෙස, සෞඛ්‍යය යනු ස්වභාවික ප්‍රතිඵලයක්. අපට දායාද වී ඇති මේ සුව වීමේ ධාරිතාව ජීවන ශක්තිය නැතහොත් ප්‍රතිශක්තීකරණය ලෙස හඳුන්වනවා. ස්නායු, අන්තරාසර්ග සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඔස්සේ බැක්ටීරියා, වයිරස්, හානිදායක ප්‍රෝටීන සහ ඔක්සිකාරක ආතතිය මඟින් සිදු කරන පීඩාවලට එරෙහිව තම පටක ආරක්ෂා කර ගැනීම සඳහා, අපේ සිරුරට ස්වයං විශ්වාසී පද්ධතියක් තිබෙනවා. වර්තමාන ලෝකයේ, වේගවත් ජීවන රටාව, ආතතිය, සෞඛ්‍යමත් නොවන ආහාර පුරුදු සහ රෝගකාරක සඳහා නිරාවරණය වීම හේතුවෙන්, මේ පද්ධති නිරන්තරයෙන් අභියෝගයට ලක් වෙනවා. යෝග ආසන සහ ප්‍රාණයාම මඟින් ආතතිය අවම කරන අතර, ආසාදන සහ අසාත්මිකතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. යෝග අභ්‍යාස බොහෝ ප්‍රචලිත වන්නේ ප්‍රතිශක්තීකරණය වඩා වර්ධනය කිරීම සඳහා යි.

යෝග සහ ප්‍රතිශක්තීකරණය

මේ ප්‍රතිශක්තිය සුදුසු ආකාරයෙන් උස් පහත් කිරීමට යෝග උපකාර වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාමය වසංගත රෝග අතරතුර දී ජනගහණයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට යෝග උපකාර වන බව අධ්‍යයන මඟින් පෙන්වා දී තිබෙනවා. යෝග යනු එහි මුල් ඉන්දීය සම්ප්‍රදායන් සහ සංසකෘතිය තුළ තිබෙන, සාකල්‍ය ජීවන පද්ධතියක්. එය යමෙක් සතු උරුම ශක්තිය සමතුලිත ආකාරයකින් සංවර්ධනය කිරීමේ ශික්ෂණයක්. දැන් එය සෞඛ්‍යමත් ජීවන රටාවක කොටසක් ලෙස පුරුදු පුහුණු කෙරෙමින් පවතිනවා. යෝගවල තිබෙන ආධ්‍යාත්මික වටිනාකම්, චිකිත්සකාරක සාක්ෂි, රෝග වළක්වාලීමේ දී එහි කාර්යභාරය, සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ ජීවන රටාව ආශ්‍රිත අක්‍රමිකතා කළමනාකරණය හේතුවෙන්, යෝග යනු ගෝලීය වශයෙන් ජනප්‍රිය ශික්ෂණයකි. ආසන, ප්‍රාණයාම සහ මුද්‍රා යන සියල්ලෙහි ප්‍රතිලාභ එකට සපයන, වඩාත් ප්‍රයෝජනවත් සහ වඩාත් ජනප්‍රිය යෝග අභ්‍යාස ක්‍රම අතරින් එකක් වන්නේ සූර්ය නමස්කාරයයි. උදාවෙන හිරු දෙසට මුහුණලා හිමිදිරි උදෑසන සිදු කරන ඉරියව් 12ක පෙළකින් මෙය සමන්විත වනවා. එය නිතිපතා පුහුණු කිරීමෙන්, සිරුරේ සියලු පද්ධති ශක්තිමත් කරවන අතර, පද්ධති අතර කදිම සුසංයෝගයක් තහවුරු කරනවා. එමඟින් සිරුර නම්‍යශීලී කෙරෙන අතර, ප්‍රතිශක්තීකරණය ඉහළ නංවයි.

අපේ සිරුරට ඊටම ආවේණික වූ ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර කට්ටලයක් තිබෙනවා. ඒ අතර, ඉදිමුම සහිත දැවිල්ල ඉන් එකක් වනවා. තුවාල සහ ආසාදන සුව වීමේ දී බොහෝ වෙලාවට උපකාරී වන මෙය ස්වභාවික බාධා කිරීමක් වන අතර, නොකඩවා හට ගන්නා කායික සහ මානසික ආතති තත්ත්වය යටතේ මෙම ඉදිමුම සහිත දැවිල්ල උග්‍රබවට පත් වී අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරනවා. බොහෝ ආසනවලට ඉදිමුම සහිත දැවිල්ල සමනය කරන සහ නම්‍යශීලීත්වය වර්ධනය කරන ක්‍රමානුකූලව විහිදීම ඇතුළත් වනවා. මූලික යෝග අභ්‍යාසවල පවා ඇති ප්‍රතිශක්තීකරණ වර්ධන හැකියාවන් ශක්තිය, දැනුවත්බාවය සහ නම්‍යශීලීත්වයට සති 8 යි නම් වූ යෝග සඳහා හාවඩ් වෛද්‍ය පාසල් මාර්ගෝපදේශය සහ චර්යාත්මක වෛද්‍ය විද්‍යා ජර්නලයේ පළ කොට ඇති නව පර්යේෂණයේ ද සඳහන් කර තිබෙනවා.

නූතනයේ දී, යෝග සහ භාවනා වැඩීම වැනි අභ්‍යාසයන් අපගේ දින චර්යාවට එක් කර ගැනීම මඟින් වඩා සෞඛ්‍යමත්, සාකල්‍යමය සහ වැඩි අවදානයකින් යුතු ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට උපකාර කළ හැකි වනවා

ක්‍රියාව සමග පවිත්‍රතාවය

ක්‍රියා ලෙස හැඳින්වෙන පවිත්‍රකරණ ශිල්පක්‍රම අතිරික්ත සෙම ඉවත් කිරීමට උපකාරී වන අතර, ශ්ලේෂ්මය ප්‍රතිශක්තීකරණය යළි පිහිටුවනවා. ශත්ක්‍රියාස් යනු සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සහ පද්ධති විරේක කිරීමට යොදා ගන්නා යෝග පවිත්‍රකරණ ශිල්පක්‍රම කොටසකි. මේවා විෂහරණ ක්‍රියාවලියේ කොටසක් වන අතර, ගැඹුරු අභ්‍යන්තර දැනුවත්බාවයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්ද්‍රියයන්  පිරිසිදු කිරීමට, සක්‍රීය කිරීමට සහ යළි ප්‍රාණවත් කිරීමට දායක වනවා.

ප්‍රාණයාම යනු අශ්ඨාංග යෝගවල සිව්වන සංඝටකය වන අතර, දළ වශයෙන් පරිවර්තනය කරතොත්, හුස්ම ලෙස හඳුන්වන ප්‍රාණ සහ ශක්තිය එමඟින් පාලනය කෙරෙනවා. එය හුස්ම පාලනය කිරීම ඔස්සේ ජීව ශක්තීන් පාලනය කිරීමට උපකාරී වන අභ්‍යාසයක්. ප්‍රාණයාමවල මූලික අරමුණ වන්නේ ස්වායත්ත ස්නායු පද්ධතියේ පාලනය අත්පත් කර ගෙන, ඒ ඔස්සේ මානසික කාර්යයන්වලට බලපෑම් එල්ල කිරීමටයි.

හිරු බැස යන මොහොතේ වෙරළ මත පියුමක ඉරියව්වෙන් භාවනා වඩන ජනයා

යහපැවැත්ම උදෙසා භාවනා කිරීම

යමෙකුගේ අවධානය ධාරිත අවධාරණය සමඟ කිසියම් වස්තුවක් කෙරෙහි තබා ගැනීමේ ක්‍රියාවලිය පොදුවේ භාවනා වැඩීම ලෙස හඳුන්වනවා. එය යෝග අභ්‍යාසවල දැවැන්ත කොටසක් වන අතර, මානසික සහ ආධ්‍යාත්මික වර්ධනය සඳහා ප්‍රතිලාභදායක වනවා. වසර ගණනාවක් මුළුල්ලේ, නිතිපතා භාවනා වැඩීමේ ආතතිය සමනය කිරීමේ ප්‍රතිලාභ මඟින් පුද්ගලයෙකුගේ සෞඛ්‍යය කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කිරීම සහ සෞඛ්‍යමත් ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම උදෙසා සන්සුන්භාවයක් අත්පත් කර ගැනීමට උපකාර වන බවට පැවසෙනවා.

ආතතිය වළක්වා ගැනීම සඳහා භාවිත ඖෂධවලට ඇබ්බැහිවීම වළක්වා ගැනීමට, අධික රුධිර පීඩනය, නින්ද නොයාම, හිස රුදාව, විෂාදය, සාංකාව සහ වෙනත් මනෝදේහමය රෝග සඳහා වඩාත් ප්‍රයෝජනවත් බවට එය ප්‍රකටයි. එමඟින් මතකය සහ සාවධාන බව දියුණු කරන අතරම, මනස ස්ථාවර කිරීම, අවධානය සහ අවධාරණය ඉහළ නැංවීම සහ අධිෂ්ඨාන ශක්තිය ඉහළ නංවනවා. මනස, සිරුර සහ ආත්මය පුනර්ජීවනය කිරීම සඳහා එය සඵලදායී උපකරණයක් වන අතර, එදිනෙදා ජීවිතයේ ආතතියෙන් පිරුණු අවස්ථා සමඟ කටයුතු කිරීමට පවා උපකාර වනවා.

ආචාර්ය එන් වයි එස රාගවේන්ද

දිල්ලියේ ආයුශ් අමත්යාංශය යටතේ යෝග සහ ස්වභාව ධර්මය සම්බන්ධ පර්යේෂණ සඳහා පිහිටුවා ඇති මධ්යම සභාවේ අධ්යක්ෂවරයා වන, ආචාර්ය එන් වයි එස් රාගවේන්ද්ර රාවෝ. යෝග සහ ස්වභාව ධර්මයේ මැදිහත්වීම්වල භාවිතය පිළිබඳ පර්යේෂණ ව්යාපෘති කිහිපයක් ඔහු විසින් සම්පූර්ණ කරනු ලැබ තිබෙනවා.
error: Content is protected !!